ආදායම් බදු
2007 අංක 10, 2008 අංක 9, 2009 අංක 19, 2011 අංක 22, 2012 අංක 8, 2013 අංක 18 සහ 2014 අංක 8 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත් මගින් සංශෝධිත පරිදි, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන මත පදනම්ව ආදායම් බදු අයකරනු ලැබේ.
සෑම තැනැත්තෙකුගේ හෝ හවුල් ව්‍යාපාරයක, 2006 අප්‍රේල් 01 දින හෝ එදිනට පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම එම තැනැත්තාට ඉපැයූ හෝ උපයන ලාභ සහ ආදායම් මත ආදායම් බදු පනවා අයකර රැස්කිරීමට අවශ්‍ය නෛතික බලය සඳහා දේශීය ආදායම් පනත මගින් විධිවිධාන සලසයි.
ලාභ සහ ආදායම් ප්‍රභව
වෙළෙදාම, ව්‍යාපාර, වෘත්තිය හෝ රක්ෂාවකින් ලබන ලාභ
සේවා නියුක්තියකින් ලබන ලාභ
ශුද්ධ වාර්ෂික වටිනාකම
ලාභාංශ පොලී හෝ වට්ටම්
අයවිම් හෝ වාර්ෂිකයන්
කුලී, රාජ්‍ය භාග හෝ අධිමිළ
ලොතරැයියකින්, ඔට්ටු ඇල්ලීමෙන් හෝ සූදූ ක්‍රීඩාවකින් දිනුම් ලැබීම
රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධයෙන් වන විට ප්‍රදාන, පරිත්‍යාග හෝ දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් එම සංවිධානය වෙත ලැබෙන යම් මුදලක්
අනියම් හා අනාවර්ත ස්වභාවයක ලාභ හැර වෙනත් ප්‍රභවයකින් ලැබෙන ආදායම
ශ්‍රී ලංකාවේ වාසිකයෙකු ලෙස සැලකෙන තැනැත්තෙකු සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේ දී උපයන ආදායම හෝ ශ්‍රී ලංකාවෙන් පිට ඔහු විසින් උපයනු ලබන ආදායම සම්බන්ධයෙන් ආදායම් බදු අයකරනු ලැබේ. එබැවින් ආදායම් බදු වගකීම ඔහුගේ සමස්ත ආදායම දක්වා ව්‍යාප්ත වේ. ශ්‍රී ලංකාවේ වාසික නොවන බවට සැලකෙන යම් තැනැත්තෙකුගේ ශ්‍රී ලංකාවෙන් උපයන හෝ උද්ගතවන ලාභ සහ ආදායම සම්බන්ධයෙන් පමණක් ආදායම් බදු අයකරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන වාසිකයන් සදහා රු. 500,000 ක බදු නිදහස් දිමනාවකට හිමිකම් ඇත.
අණ පනත්
2006 අංක 10 දරන දේශීය ආදායම් පනත (2006 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2007 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන ) පනත (2007 මාර්තු 30 දින සහතික කරන ලදී.)
2008 අංක 9 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2008 පෙබරවාරි 29 දින සහතික කරන ලදී.)
2009 අංක 19 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2009 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2011 අංක 22 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2011 මාර්තු 31 දින සහතික කරන ලදී.)
2012 අංක 08 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2012 මාර්තු 30 දින සහතික කරන ලදී.)
2013 අංක 18 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2013 අප්‍රේල් 24 දින සහතික කරන ලදී.)
2014 අංක 8 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2014 අප්‍රේල් 24 දින සහතික කරන ලදී.)
2015 අංක 09 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත (2015 ඔක්තොබර් 30 දින සහතික කරන ලදී.)
ඒකාබද්ධ කල 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත (ඉංග්‍රීසියෙන් පමණි) (2015 අප්‍රේල් 30 දින දක්වා කරන ලද සංශෝධන සහිතව.)
බදු ගෙවීම
ආදායම් බදු ගෙවීම ස්වතක්සේරු පදනම මත වාරික 04 කින් සහ අවසාන ගෙවීමකින් සමන්විත වේ.
වාරිකය ගෙවීම් දිනය
පළමු වාරිකය අදාළ වර්ෂයේ අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර
දෙවන වාරිකය අදාළ වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර
තෙවන වාරිකය ඊළඟ වර්ෂයේ පෙබරවාරි මස 15 වන දින හෝ එදිනට පෙර
සිව්වන වාරිකය ඊළඟ වර්ෂයේ මැයි මස 15 වන දින හෝ එදිනට පෙර
අවසන් ගෙවීම ඊළඟ වර්ෂයේ සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර
පුද්ගලයන් විසින් ගෙවිය යුතු ආදායම් බදු මත වට්ටම්
නියමිත දිනට එක් මසකට පෙර යම් කාර්තුමය ස්වතක්සේරු ආදායම් බදු ගෙවීම් කරන පුද්ගලයන් එයින් 10% වට්ටමකට හිමිකම් කියනු ලැබේ. (ප්‍රවර්තන වර්ෂයේ ලාභ මත පදනම්ව වාරික මත එම ප්‍රතිශතය නොඉක්මවන)
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම
නියමිත දිනය:
ආදායම් බදු වාර්තාව අදාළ තක්සේරු වර්ෂය අවසාන වන වර්ෂයේ නොවැම්බර් මස30 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
ඉදිරිපත් කළ යුත්තේ:
ලිපිගොනුව සම්බන්ධව කටයුතු කරන අදාළ අංශය වෙතය.
http://www.ird.gov.lk/si/Type of Taxes/SitePages/Income Tax (IT).aspx?menuid=1201

ගිය මාසේ මගේ ගේක ෆොටෝ හිටන් ගහන් ගිහින් ලියුම් එව්ව! පොඩි ක්‍රමේකින් වැඩේ ගොඩ ද ගත්ත. අල්ලස් නම් දෙන්න හිතන්නවත් එපා මචෝ. උන් සල්ලි අරන් ෆයිල් එක යට ගහනව ඊට පස්සේ අවුරුදු 5කින් මිනිහ පැන්ෂන් ගියපු ගමන්, ඒ සීටි එකට අපු එකා ලස්සනට ෆයිල් ටික ඇදල ගන්නවා. ඊට පස්සේ ගෙවපන්කෝ අවුරුදු පහට දඩත් එක්ක. හොද බොක්ක වගේ ඔඩිට කෙනෙක් සෙට් කරගන්න. එතොකොට හරි - ජය