බ්ෲම් එකක් ගන්න ඕනා.
ලීසින් එකක් දාලා ගන්න ඉන්නේ. දැන් තියෙන එක ලක්ශයකට වගේ දීගන්න පුලුවන් වෙයි. ඒ නිසා අලුත් එක ගන්නේ පොඩ්ඩක්වත් අතින් නොදා කෙලින්ම ලීසින් එකෙන්.
මේවා තමා දැනට හිත ගිය ඔප්ශන්ස්:
1) Suzuki Gixxer Moto GP
2) Honda Hornet 160R
ජපන් එකක් ගන්න පට්ට ආසයි නමුත් පහුගිය අවුරුදු 1,2 ඇතුලත හදපු එකක් වෙන්න ඕනා. මොකෝ මගේ අතේ සත පහක් නෑ වැඩිපුර දාලා ගන්න. ඔයාලාගේ අදහස් කියන්න ෆ්‍රෙන්ස්. ස්පෙයාර් පාර්ට්ස් වැඩි, මේන්ටේනන්ස් කොස්ට් එහෙම අඩු, සර්විස් ස්ටේශන් එහෙම බහුලව තියෙන වර්ගය මොකක්ද? ආ උපරිම බජට් එක ඇවිත් 485,000ක් වගේ.
gixxer එකයි hornet 160 එකයි හොද ඇති මචන් ඕවගෙ reviews හරි පදින කෙනෙක්ගෙන්ම අහල පොඩ්ඩක් බලන එක තමා හොද. අවුරුදු දෙකකට මෙහා ජපන් බයික් එකකටනම් ලොකු ගානක් කියයි මන් හිතන්නෙ. Hornet 250එක උනත් production 2006යෙන් ඉවරයිනෙ. ඒකනම් හොදයි

service station කියල Honda authorized Japanese bikes විතරක් කරන කට්ටියම නෑ මන් දන්න තරමින්. Agent නම් ඉන්නව Stafford Motors. බඩු ඕන එකක් ඒ ගොල්ලො හරහ එනව. නැත්නම් කිව්වම උනත් ගෙන්නල දෙනව ටිකක් කල් යනව
Hornet, Jade, CBR වලට බඩුනම් තියෙනව ඒක ඉතින් වාසියක්. cost එකනම් ඉතින් ඉන්දියන් ඒවත් එක්ක බලද්දි වැඩී. හරියට සර්විස් එකක් කරද්දි උනත් genuine parts දාල කරද්දි දැනෙන ගානක් යනව
හැබැයි ඒවගෙ changing/replacing intervals එහෙම ලොකුයි. ඒ හින්ද ලොකුම අවුලකුත් නෑ
එහෙම නොකර වැඩකුත් නෑ ඒකයි වැඩේ. මොක ගත්තත් තමනුත් ටිකක් හරි දැනුවත් වෙලා condition එක බලල ගන්න 


කෙල්ලත් ඉන්න නිසා ඩබල් දාලා යන්න පුලුවන් එකක් බැලුවේ.
සෝ පොඩි එකකට ලිමිට් වෙන එක මට හොදා.. TW125 එකක් උනත් හොදයි. කොහොමත් මම සර්විස් වලදි ජෙනුයින් පාර්ට්ස් දාන්නේ මචන්. කොම්පැනි රබර් වොශර් එක 150ක් වෙනවා කිව්වත් මම ඒක තමා දාන්නේ. නැත්නම් මේ ඉන්දියන් ලඩිය අවුරුදු 10ක් අදියි.. 




