පච්ච කොටපු එකෙක් මහන උනාම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම හිතන්නේ නෑ එලකිරියේ හාමුදුරුවරු ඇති කියලා... අඩුමගානේ පන්සලේ හාමුදුරුවන්ටවත් කියපන් :lol::lol::lol:

    ඒක තමයි උඹත් වැරදි ත්‍රෙඞ් එකකට ගොඩවෙලා තියෙන්නේ.... :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha

    දෙකක් පටලවගෙන.

    සංඝ සමාජයේ අරමුණ පෞද්ගලික සුඛ විහරණය නොවෙනවා කියන එක පැහැදිලියිනේ.
    ඒ වගෙම තමා තනිව නිවන් මගේ යාමත් නෙවෙයි. එහෙම යන්න ඕනෙනම් ගිහියෙක් විදියට කලැකි. උපස්ම්පදා ලද භික්ෂුවක් කියන්නේ ධර්මය ප්‍රචාරනය සඳහා ලැබුණු සහතිකය. සාමණේර වී සිටින කාලය ප්‍රොබේශන් පීරියඩ්.
    හරියට ක්‍රියාත්මක නොවීම ගැන නෙවෙයි මම කියන්නේ. ඒකයි ක්‍රමය. ප්‍රොබේශන් පීරියඩ් එකක් ඇයි කියලා තේරු ගත්තොත් ඇති
    මේකට තව පොඩ්ඩක් එකතු කරන්නම්.. අවාසනාවකට දැන් ධර්මය වැඩිය නැවත් මතක් කිරීමක් වෙන්නෙ නැති නිසා මට සූත්‍රය අමතකයි. එක් සූත්‍රයක බුද්ද දේශනාවේ පැහැදිලිවම තියෙනව අනාගත සංඝයා වහනසේලා ගැන පැහැදිලි කිරීමක්.. ඒකට අනුව

    වම් අතෙහි පැළදි නූලක් (මේකට වෙන වචනයක් තියෙනව) මගින් විතරයි හදුනා ගන්න පුලුවන්.. ඔවුන් සාමාන්‍ය පරිදි ගිහි ජීවිතය ගත කරමින් අඹු දරුවන් එක්ක වාසය කරන්නෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මහන්තත්තකම මහමුදලිකමටත් වඩා උසයි බන්.:P
    සංඝ සමාජයේ අඩුපාඩුව විසඳන්න නෙවෙයි සාක්ච්ඡා කරන්න පටන් ගන්න තමන්ගේ පන්සලෙන්.

    අපේ පන්සලේ හාමුදුරුවන් එක්ක කතා කරන්න බැරි උඹල වගේ හාමුදුරුවන්ට එහෙයි කියන, පන්සලෙන් යැපෙන් ඇම්බැට්ටයින් වැහි වැහැලා.... :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,351
    6,778
    113
    හෙල බිමේ

    දෙකක් පටලවගෙන.

    සංඝ සමාජයේ අරමුණ පෞද්ගලික සුඛ විහරණය නොවෙනවා කියන එක පැහැදිලියිනේ.
    ඒ වගෙම තමා තනිව නිවන් මගේ යාමත් නෙවෙයි. එහෙම යන්න ඕනෙනම් ගිහියෙක් විදියට කලැකි. උපස්ම්පදා ලද භික්ෂුවක් කියන්නේ ධර්මය ප්‍රචාරනය සඳහා ලැබුණු සහතිකය. සාමණේර වී සිටින කාලය ප්‍රොබේශන් පීරියඩ්.
    හරියට ක්‍රියාත්මක නොවීම ගැන නෙවෙයි මම කියන්නේ. ඒකයි ක්‍රමය. ප්‍රොබේශන් පීරියඩ් එකක් ඇයි කියලා තේරු ගත්තොත් ඇති

    මොකද නැත්තේ වර්ථමාන සංඝ සමාජයේ අරමුණ තමයි පෞද්ගලික සුඛ විහරණය. මල්වත් අස්ගිරි තමයි ඔ්කේ හොඳම සෙට් එක. උන් දන්ත ධාතුව විකුණල සල්ලි හම්බ කරන ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ

    ගිහියෙක් විදියට නිවන් යන්න පුවන් අපි මේ සම්පත් අතහැරලා දාන්න ලැස්ති නම්, අපි කවුරුත් මේවා අතහැරලා දාන්න ලැස්ති නැ. ඇලීම, ආසාව,අල්ලා ගැනීම නැත් කරන්න ඔ්න. ඒක කරන්න තමයි සිවුරක් දාගෙන සියලු සැප සම්පත් අතහැරලා අල්පේජ්්‍යය ජීවිතයකට හුරු වෙන්නේ

    උපසම්පදාව කියන එක ධර්මප්‍රචාරණයට ලැබිච්ච සහතිකය නම් බුද්හාමුදුරුවොන්ට ඒ සහතිකය දුන්නේ කව්ද දන්නේ නැ.
    බුද්හාමුදුරුවෝ උපසම්පදා කරන්න ඇත්තේ කව්ද දන්නේ නැ...? මහා බ්‍රහ්මයා වෙන්න ඇති...

    උපසම්පදා වෙච්ච එවුනුත් කරන්නේ කවි බණ, කොටුවේ බණ කිය කිය සල්ලි හම්බ කරන එකන. බුදුහාමුදුරුවෝ ධර්ම කරුනු කියල දීල සල්ලි ගත්තේ කොහෙද දන්නේ නැ නේ....?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ පන්සලේ හාමුදුරුවන් එක්ක කතා කරන්න බැරි උඹල වගේ හාමුදුරුවන්ට එහෙයි කියන, පන්සලෙන් යැපෙන් ඇම්බැට්ටයින් වැහි වැහැලා.... :lol:

    ඉතින් මෝඩකම ප්‍රදර්ශනය කලානේ.:baffled:

    තව මොනා කියන්නද. ඕක තමා මේ මුලු සමාජෙටම වෙලා තියෙන නස්පැත්තිය.
    ජජින්ග්:baffled:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,351
    6,778
    113
    හෙල බිමේ
    අපේ පන්සලේ හාමුදුරුවන් එක්ක කතා කරන්න බැරි උඹල වගේ හාමුදුරුවන්ට එහෙයි කියන, පන්සලෙන් යැපෙන් ඇම්බැට්ටයින් වැහි වැහැලා.... :lol:

    අනිවා බං. මේ දවස් වල යන්නේ කඨින ආතල් එක. ගමෙන් රු 1000 ගානේ එකතු කරල සිවුරක් ගම වටේ අරන් යනවා.
    සල්ලි ටික හාමුදුරුවෝ සාක්කුවේ දාමාගන්නවා (සමාවෙන්න සිවුර අස්සේ හංග ගන්නවා) අපි ඔ්වට කථා කරහම ඇම්බැට්ටයෝ එනවා අපට නෙලන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    එහෙයි.... :rolleyes:
    අපිට නම් කියල නෑ උබට කියල තියෙනවද දන්නෙ නෑ කියල මන් අදහස් කලේ..
    තිසරණයෙ නොමැති අය මුලික කරගෙන තමා ඔය කියන කාලාම සූත්‍රය දේශනා වෙන්නෙ. ඒ නිස තිසරණයේ ඉන්නෙ අපිට ඔය කරුනු අදාල නෑ. උබ තිසරණයේ නැත්නම් උබට අදාලයි.. :P

    http://www.thripitakaya.org/tipitakaya/Index/441?s=22263
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:

    ඕක අපි පනවපු දෙයක් නෙමෙයි බන්. සාසනේ චිරස්ත්තිතිය උදෙසා පනවපු දේවල්. බුදුරජාන වහන්සේ පනවපු දෙයක්ද කියල බලන්න ඉතින් විනය පිටකය බලන්න ඕනෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද නැත්තේ වර්ථමාන සංඝ සමාජයේ අරමුණ තමයි පෞද්ගලික සුඛ විහරණය. මල්වත් අස්ගිරි තමයි ඔ්කේ හොඳම සෙට් එක. උන් දන්ත ධාතුව විකුණල සල්ලි හම්බ කරන ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ

    ගිහියෙක් විදියට නිවන් යන්න පුවන් අපි මේ සම්පත් අතහැරලා දාන්න ලැස්ති නම්, අපි කවුරුත් මේවා අතහැරලා දාන්න ලැස්ති නැ. ඇලීම, ආසාව,අල්ලා ගැනීම නැත් කරන්න ඔ්න. ඒක කරන්න තමයි සිවුරක් දාගෙන සියලු සැප සම්පත් අතහැරලා අල්පේජ්්‍යය ජීවිතයකට හුරු වෙන්නේ

    උපසම්පදාව කියන එක ධර්මප්‍රචාරණයට ලැබිච්ච සහතිකය නම් බුද්හාමුදුරුවොන්ට ඒ සහතිකය දුන්නේ කව්ද දන්නේ නැ.
    බුද්හාමුදුරුවෝ උපසම්පදා කරන්න ඇත්තේ කව්ද දන්නේ නැ...? මහා බ්‍රහ්මයා වෙන්න ඇති...

    උපසම්පදා වෙච්ච එවුනුත් කරන්නේ කවි බණ, කොටුවේ බණ කිය කිය සල්ලි හම්බ කරන එකන. බුදුහාමුදුරුවෝ ධර්ම කරුනු කියල දීල සල්ලි ගත්තේ කොහෙද දන්නේ නැ නේ....?

    අහපන්. මම කතා කරන්නේ සංඝ සමාජයේ පිරිහීම ගැන නෙවෙයි. ඒක නොදකින්න mama අන්ධ නෑනේ.

    මම කිව්වේ සංඝ සමාජයක් බිහිකල අරමුණ ගැන. ඒ අරමුණ කරා යන්න අවශ්‍ය සුදුසුකම් ටික මුලින් කිව්වා. ඒවා ඕනේ නෑ කියලා අංගොඩ ඉන්න ඔක්කොම හරි හාම්දුරුවරු කරන්න ඕනෙනම් එහෙම යෝජනා කරපන්. ඒ වගේ පිස්සොත් ඉන්නවා තමා.
    ධර්මය ප්‍රචාරණයට සුදුසුකම් තිබීම නිර්වාණයට බාධාවක් වෙන විදියේ කතාවටයි මම විරුද්ධ.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඉතින් මෝඩකම ප්‍රදර්ශනය කලානේ.:baffled:

    තව මොනා කියන්නද. ඕක තමා මේ මුලු සමාජෙටම වෙලා තියෙන නස්පැත්තිය.
    ජජින්ග්:baffled:

    මොකක්ද මෝඩකම.... අපේ පන්සලේ සෙට් එකක් ඉන්නවා... උන් හැමදාම හැන්දෑවට පන්සලට යනවා... බාබුල් කනවා, කැරම් ගහනවා, ෆිල්ම් බලනවා.. හාමුදුරුවෝ ඒ අයට කැමතියි... ඒ අයත් හාමුදුරුවන්ට කැමතිය... අන්‍යොන්‍ය පිට කසා ගැනීම.... යථාවබෝධය තියෙන බහුතරය ඒ දිහා බලාගෙන ඉන්නවා... මොකද අන්තිමට වලියකින් කෙළිය ඉවර වෙන නිසයි.... අපි අවංකවම කතා කළොත් අද ලංකාවේ තියෙන්නේ සිටු මැදුරු වගේ පන්සල්... ඒ පන්සලේ හාමුදුරුවරු උපරිම දෙනමයි තුන් නමයි වැඩ ඉන්නේ... හැබැයි හාමුදුරුවෝ තවමත් සම්මාදමේ යනවා පන්සලේ සංවර්ධනය උදෙසා... හැබැයි පන්සලට සිව් පසයෙන් උපකාර කරන මිනිසුන් පැල්පතක ජීවත් වෙලා එදා වේල නොකා හරි තමන්ට කරන්න පුලූවන් සත්කාරය කරනවා.. මොන හාමුදුරුවෝද ගමේ පන්සලේ එක දුප්පත් පවුලක් ගොඩ දාන්න උදව් කරල තියෙන්නේ.... දැන් ගොඩක් අය හාමුදුරුවෝ දැක්කම හැංගෙනවා... මොකච කීයක් හරි කඩා ගන්න තමයි එන්නේ කියලා... තිත්තයි ඒ වුණාට ඇත්ත ඒක තමයි සහෝදරයා.... ඔය නිකං සූත‍්‍රය දිග හැරගෙන මන්ත‍්‍ර ජප කලාට වැඩක් නෑ... භික්ෂුවකට තියෙනවා මහා සමාජ කාර්යභාරයක්.... ඒක නැතිව නිවන් උදෙසාම කි‍්‍රයා කරනවා නම් පන්සලෙන් නික්මිලා අල්පේච්ච ජීවිතයක් ගත කරන්න ඕන... පච්චය කැළල නෙවෙයි ප‍්‍රශ්නය... භික්ෂුවගේ කි‍්‍රයා කලාපය....
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    26834553c9eb92fd052856fe2603a41fa493c826cb18c089386ee68fbf3bdd918464dbc6.jpg

    හේතුව මේකයි බ්‍රෝස්ල. ඉස්සර ටැටූස් ගැහුවෙ විලාසිතාවකට නෙමෙයි. අපරාදකාරයින්ටයි ටැටූස් ගැහුවෙ.

    ලංකාවෙත් ඉස්සර එහෙමයි.

    :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අහපන්. මම කතා කරන්නේ සංඝ සමාජයේ පිරිහීම ගැන නෙවෙයි. ඒක නොදකින්න mama අන්ධ නෑනේ.

    මම කිව්වේ සංඝ සමාජයක් බිහිකල අරමුණ ගැන. ඒ අරමුණ කරා යන්න අවශ්‍ය සුදුසුකම් ටික මුලින් කිව්වා. ඒවා ඕනේ නෑ කියලා අංගොඩ ඉන්න ඔක්කොම හරි හාම්දුරුවරු කරන්න ඕනෙනම් එහෙම යෝජනා කරපන්. ඒ වගේ පිස්සොත් ඉන්නවා තමා.
    ධර්මය ප්‍රචාරණයට සුදුසුකම් තිබීම නිර්වාණයට බාධාවක් වෙන විදියේ කතාවටයි මම විරුද්ධ.

    කොතනකවත් නිර්වාණයට බාධාවක් මම කියල නෑනේ...
    ඔයා වලිගේ පාගාගෙන වගේ නෙහ්.... මම පැහැදිලිව කිව්වේ මහණකමට බැලිය යුතු ශරීර අංග ලක්ෂණ උපසම්පදාවේ ද බලන එක බුද්ධි ගෝචරද කියලයි.... පස්සට ගිහිල්ල මුල්ම පේජ් එක බලන්න...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල විනය දේශනාව ඕවාද ප්‍රාතිමෝක්‍ෂය සහ ආණා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත.

    සම්බුදු පියාණන් වහන්සේ විනය නීති සම්පාදනය කොට ඇත්තේ ප්‍රස්තුත කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

    රජවරුන්ගේ හෝ වෙනත් ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත මහජන උද්ඝෝෂණයන් නිසා සහ සමකාලීන ආගමික සම්ප්‍රධායන් පිළිබඳ අවධානය යොමු කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගැනී. මේ අනුව විනය නීති පැනවීම මගින් බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කළ කරුණු දහයක් පිළිබඳ පාරාජිකා පාලියෙහි සඳහන් වේ.

    1. සංඝ සමාජයේ අභිවෘද්ධිය
    2. සංඝ සමාජයේ පහසුව
    3. තක්‌කඩියන් මැඩීම
    4. යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත
    5. ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම
    6. ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම
    7. තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම
    8. පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම
    9. ආර්ය ධර්මයාගේ චිරජීවනය
    10. විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම

    දැන් ඔය එකක්වත් සංඝ සමාජයේ තියෙනවද...
    පච්චය තමයි ගැටලුව වෙලා තියෙන්නේ.... :rolleyes:
     
    උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය.

    1. මෛථුන ධම්ම පාරාජිකාව ( ලිංගික සේවනය)
    2. මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)
    3. අදත්තාදාන පාරාජිකාව ( සොරකම )
    4. උත්තරීතර මනුෂ්‍ය ධම්ම (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)
    මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    දැන් ඔය එකක්වත් සංඝ සමාජයේ තියෙනවද...
    පච්චය තමයි ගැටලුව වෙලා තියෙන්නේ.... :rolleyes:
    පිලි නොගන්න එකාට ඔලුවෙන් හිටන් කිව්වත් පිලිගන්නෙ නෑනෙ. උබටත් ඒවගේ තමා ධර්ම කරුනු අවබෝධ කරගන්නත් පිනක් තියෙන්නෙ ඕනෙය කියන්නෙ ඒකනෙ.. :lol: