නලීන්ද සිල්ව නවත්තල :(

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්නන්නේ හැම දෙයක් ම විද්‍යාත්මකව බලන්න.
    ඒත් ඒ "විද්‍යාව" බටහිර සංස්කෘතියක් යටතේ බටහිර බිහිවුන "බටහිර විද්‍යාවක්" කියලා අපි ඉගෙන ගත්තේ නලින්ද සිල්වා ආචාර්ය තුමාගෙන්.

    එතුමා ඒක විවේචනය කරන කොට ඒකට සැහෙන රිදුනේ මෙහෙ ඉන්න නොම්බර එකේ අනුකාරකයන්ට. ලංකාවේ ඉන්නේ බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කරගන්න බැරි හැම දෙයක්ම බටහිර විද්‍යාවෙන් explain කරන්න හදන බක පණ්ඩිත අනුකාරකයෝ. ඉතින් කාටද රිදෙන්නේ නැත්තේ?

    එතුමාට ඕන උනේ බටහිර විද්‍යාව බිහිවෙච්ච සංස්කෘතියක පදනමක් තිබ්බ බවත්, දැනුම කියන්නේ නිරපේක්ෂ පරම සත්‍යක් නොවෙන මිනිස්සු ම නිර්මාණය කරන කතන්දර බවත් අපිත් අපේ දැනුම අපේ සංස්කෘතියක් (සිංහල බවුද්ධ) යටතේ නිර්මාණය කරන්න ඕන කියන දේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න.

    ගොඩක් උන් එතුමා කියපු දේ තේරුන් ගත්තේ නෑ. බටහිර විද්‍යාව බිහිවෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක් යටතේ කියනකොට, අපි සිංහල බවුද්ධ සංස්කෘතියක් යටතේ දැනුම බිහි කරන්න ඕනේ කිව්වම, අනුකාරක බුද්ධිමතුන් ට ඕක දිරවා ගන්න බෑ. උන් හිතන් ඉන්නේ තියෙන්නේ එකම දැනුමක්. ඒක පරම සතයක් කියල.

    එතුමා ලිපි ලියන එක නවත්තපු එක ලොකු අවාසනාවක්. එතුමාගෙන් පස්සේ ඒ වගේ බුද්ධියක් තියෙන මනුස්සයෙක් ලංකාවේ ඉඳියි කියලා විස්වාස කරන්න අමාරුයි.

    :(:(:(

    ලංකාවේ මිනිස්සු ඉස්පිරිතාලවල ඉංග්‍රීසි බෙහෙත් විතරක්ම ගන්නවා කියලද හිතන්නෙ?
    උගත්කම මතවත් එහෙම සීමාවකට ලක්වෙලා නෑ...
    මේ එළකිරියෙම කීදෙනෙක් සිංහල වෙදකම හොයාගෙන ඈත පැතිවලට යනවද... අපිට ඕනේ කොහොමහරි හොඳ වෙන්න. සයිඩ් ඉෆෙක්ට් අඩු වෙන් හොඳ වෙන්න. නිට්ටාවට හොඳ වෙන්න.
    මිනිස්සුන්ට බටහිරද පෙරදිගද අදාල නැ.. ඔවුන්ගේ එක්ස්පීරියන්ස් සහ කැමැත්ත මත බෙහෙත් ගන්නවා.
    තමන් පිළිගන්න එක පිළිගන්නයි තියෙන්නේ
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    ඉංජිනියරින්ග් ෆීල්ඩ් එකේ අය එයාට කැමති නෑ කියන්නේ ඇයි?
    පදනමක් නෑ.

    මිථ්‍යා කතා හුඟක් ඇනලිටිකල් මයින්ඩ් තියෙන අය පිළිගන්න කැමති නෑ

    1.engineering කියල මම specify කලේ නැ මචන් මන් කිව්වේ වර්තමානයේ පොදුවේ බටහිර විද්‍යාව මත depend වෙන රැකියාවන් (doctor , engineer and etc )

    2.උබ ඔය analytical කියල කියන්නේ බටහිර චින්තනේට අනුව හිතන එක මිසක් වෙන එකක් නෙමේ මචන් . උබ ඔය කියන "analytical" පොරවල් වලට තම බැරි උනානේ එතුමා කියන දේවල් බොරුයි කියන්න ..:P උන් ඉතින් සුද්ද බොරු කිව්වොත් බොරු ඇත්තය කිව්වොත් ඇත්ත ඊට එහා දෙයක් නැ . හොදට බලහන් ඔය western science වල දේවල් අද ඇත්තය කියල කියන ඒවා කවුරු හරි සුද්දෙක් පස්සේ කාලෙක එක එහෙම නෙවෙයි කියනවා අර සුද්දෝම හදාගත්තු ක්‍රම පාවිච්චි කරලා.
    උබ කියන "analytical" පොරවල් අඩුම තරමේ සුද්දගේ ඔය "අද ඇත්ත පස්සේ කාලෙක බොරු " දේවල් වල පදනම වත් ප්‍රශ්න කරලා තියෙනවද ...ඇයි ඒවා අද ඇත්ත වෙලා පස්සේ බොරු වෙන්නේ කියල හොයල වත් තියෙනවද. නැහැ නේ බන් .
    ඒ අතින් නලින් ද සිල්වා මහත්මය ගොඩක් ඉස්සරහින් ඉන්නේ .ඔය උබ කියන "analytical" පොරවල් කියන්නේ අර සුද්දගේ දැනුමෙ වහල්ලු මිසක් real analytical පොරවල් නෙමේ .
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    :yes: මාක්ස්වාදය විද්‍යාත්මකද, මාක්ස්වාදයේ දරිද්‍රතාවය කියල ලියපු එව්වගෙන් මාක්ස්වාදීන්ට රිදුන :yes: සමසමාජ පක්ශෙන් එලියට ආවෙම මාක්ස්වාදය විද්‍යාත්මකද ලියාගෙන :yes:
    ඔව්. උන්ට අද වෙනකනුත් එතුමා ලියපුවට උත්තර දීගන්න බැ :no:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජාතිකවාදී දේශපාලනය මම මෙතුමාගෙන් ඉගෙන ගත්තා, ඒ ඉතිහාසය වෙන කවුරුත් කියලා දීලා නෑ. මට නම් කණගාටුයි මෙතුමගේ තීරණය ගැන.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    ලංකාවේ මිනිස්සු ඉස්පිරිතාලවල ඉංග්‍රීසි බෙහෙත් විතරක්ම ගන්නවා කියලද හිතන්නෙ?
    උගත්කම මතවත් එහෙම සීමාවකට ලක්වෙලා නෑ...

    එකග වෙන්න බැ මචන් . උබ බලපන් ලංකාවෙ බටහිර වෛද්‍යපීඨ හදුන්වන්නේ "වෛද්‍යපීඨ" නමින් නමුත් ආයුර්වේද වෛද්‍යපීඨ හදුන්වන්නේ "ආයුර්වේද වෛද්‍යපීඨ" නමින්. ඉතින් සම තැන නම් එහෙම වෙන්න විදියක් නැනේ .අනික් ඒවත් එහෙමය් . ඉතින් තව කවර කතාද "නිසි තැන " ගැන. ඕවට ඉතින් රටේ මිනිස්සුත් යම් කිසි ප්‍රමානෙකින් වග කියන්න ඕන ඉතින්.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ලංකාවේ මිනිස්සු ඉස්පිරිතාලවල ඉංග්‍රීසි බෙහෙත් විතරක්ම ගන්නවා කියලද හිතන්නෙ?
    උගත්කම මතවත් එහෙම සීමාවකට ලක්වෙලා නෑ...
    මේ එළකිරියෙම කීදෙනෙක් සිංහල වෙදකම හොයාගෙන ඈත පැතිවලට යනවද... අපිට ඕනේ කොහොමහරි හොඳ වෙන්න. සයිඩ් ඉෆෙක්ට් අඩු වෙන් හොඳ වෙන්න. නිට්ටාවට හොඳ වෙන්න.
    මිනිස්සුන්ට බටහිරද පෙරදිගද අදාල නැ.. ඔවුන්ගේ එක්ස්පීරියන්ස් සහ කැමැත්ත මත බෙහෙත් ගන්නවා.
    තමන් පිළිගන්න එක පිළිගන්නයි තියෙන්නේ

    අසරණ වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ අසනීපෙට කොහෙන් හරි බෙහෙත් ගන්න එකයි දැනුම නිර්මාණයයි අතර ලොකු වෙනසක් තියෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1.engineering කියල මම specify කලේ නැ මචන් මන් කිව්වේ වර්තමානයේ පොදුවේ බටහිර විද්‍යාව මත depend වෙන රැකියාවන් (doctor , engineer and etc )

    2.උබ ඔය analytical කියල කියන්නේ බටහිර චින්තනේට අනුව හිතන එක මිසක් වෙන එකක් නෙමේ මචන් . උබ ඔය කියන "analytical" පොරවල් වලට තම බැරි උනානේ එතුමා කියන දේවල් බොරුයි කියන්න ..:P උන් ඉතින් සුද්ද බොරු කිව්වොත් බොරු ඇත්තය කිව්වොත් ඇත්ත ඊට එහා දෙයක් නැ . හොදට බලහන් ඔය western science වල දේවල් අද ඇත්තය කියල කියන ඒවා කවුරු හරි සුද්දෙක් පස්සේ කාලෙක එක එහෙම නෙවෙයි කියනවා අර සුද්දෝම හදාගත්තු ක්‍රම පාවිච්චි කරලා.
    උබ කියන "analytical" පොරවල් අඩුම තරමේ සුද්දගේ ඔය "අද ඇත්ත පස්සේ කාලෙක බොරු " දේවල් වල පදනම වත් ප්‍රශ්න කරලා තියෙනවද ...ඇයි ඒවා අද ඇත්ත වෙලා පස්සේ බොරු වෙන්නේ කියල හොයල වත් තියෙනවද. නැහැ නේ බන් .
    ඒ අතින් නලින් ද සිල්වා මහත්මය ගොඩක් ඉස්සරහින් ඉන්නේ .ඔය උබ කියන "analytical" පොරවල් කියන්නේ අර සුද්දගේ දැනුමෙ වහල්ලු මිසක් real analytical පොරවල් නෙමේ .

    මචන්,,,

    1. උගත්කම කියන්නේ එක අංශයක් පමණයි. එක ක්ෂේත්‍රයක් ඉගෙනගත් පමණින් ඔහු/ඇය ඒ ක්ෂේත්‍රයට ෆ්‍රේම් කරන එක කරන්න එපා.
    උදා:- අදටත් ලංකාවේ කකුල කැඩුන දොස්තරලා සමහරුත් යනවා අනුරාධපුරේ. :)
    දෙයක් ඉගෙනගත්තම උගතා වෙනවා. යතාර්තවාදී බුද්ධිමත්තු නොදන්නා දේ ඉගෙනගන්නවා මිසක තමා පමණයි හරි එකම එකා කියලා හිතන්නේ නෑ

    2. නලින්ද සිල්වාව ෆිලොසොපිකාරයෙක්ගේ ගානට දානවා ඔය ලියලා තියෙන කතාවෙන්.
    ඇනලිටිකල් මයින්ඩ් එක බටහිර කියල දෙයක් නෙවෙයි මචන්.
    තර්කනමය සිතුවිල්ල උපරිමයෙන් භාවිතා කරලනේ නලින් ද සිල්වා තමන්ගේ අදහස් දක්වන්නේ.
    ඒකෙ තර්කනය තියෙන නිසාමනේ හුඟක් ගණිතමය බුද්ධිය තියෙන අය වැඩිපුර එයාට යොමුවෙන්නේ :)
    ඒකයි මම ඉංජිනියරින් ෆීල්ඩ් එක ගැන විශේශෙන් කිව්වේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසරණ වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ අසනීපෙට කොහෙන් හරි බෙහෙත් ගන්න එකයි දැනුම නිර්මාණයයි අතර ලොකු වෙනසක් තියෙනවා
    ඔය කියන පෙරදිග දැනුම නිර්මාණය කරන ක්‍රමේ මොකද්ද හැබෑට. ඒක වෙනස් වෙන්නේ කොහොමද බටහිර ක්‍රමයෙන් :oo: පොඩි උදාහරණයක් දෙන්නකෝ
     
    • Like
    Reactions: Lexcoc

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔය කියන පෙරදිග දැනුම නිර්මාණය කරන ක්‍රමේ මොකද්ද හැබෑට. ඒක වෙනස් වෙන්නේ කොහොමද බටහිර ක්‍රමයෙන් :oo: පොඩි උදාහරණයක් දෙන්නකෝ

    උඹ අහන ප්‍රශ්නෙට උත්තරයක් මට මේ forum එකේ පැහැදිලි කරන්න බැහැ. හොඳම දේ නලින්ද සිල්වා ලියපු අපේ ප්‍රවාද පොත කියවපන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අසරණ වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ අසනීපෙට කොහෙන් හරි බෙහෙත් ගන්න එකයි දැනුම නිර්මාණයයි අතර ලොකු වෙනසක් තියෙනවා

    පැහැදිලිවම.

    බුද්ධිමතා බිහිවෙන්නේ මේ සමාජතලයෙන්මනේ.
    මිනිස්සු නොදැනුවත්ව සිදුකරන විවිධාකාරයේ ක්‍රියාකාරකම් (වෛද්‍ය විද්‍යාව එකක් පමණි ) අධ්‍යනය කරලා ඒවා තර්ක මත පදනම්ව හදපු න්‍යායක් විදියටයි මම නලින් ද සිල්වාge darshanaya දකින්නේ.

    ඒ තුල බොහෝ තර්ක තියෙනවා. ඉතින් නොදැනුවත්ව අසරණකමට විව්ධ මාර්ග තෝරාගත්තු අයව ගන්නෙපා නලින් ද සිල්වාගේ මතයට ඔලුව වනන අය ගොඩට.
    අනිත් එක ඔය හොස්පිටල් එකට යන්නෙත් අසරණ කමට මිස සියල්ල දැනගෙන නෙවෙයි බටහිර විද්‍යාව.

    හැබැයි බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙනගත්තු කෙනෙකුත් ඒකේ සීමාවන් හැඳිනගෙන සිංහල වෙද්දු හොයන්න යන එකේ නම් තර්කයක් තියෙනවා
    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ අහන ප්‍රශ්නෙට උත්තරයක් මට මේ forum එකේ පැහැදිලි කරන්න බැහැ. හොඳම දේ නලින්ද සිල්වා ලියපු අපේ ප්‍රවාද පොත කියවපන්.
    එහෙනං ඒ ක්‍රමේට නිර්මාණය කරපු දැනුමක නමක් මොකක්හරි :baffled: එතකොට ඒක හොයාගත්තේ කොහොමද කියල මට පුළුවන් හොයල බලන්න. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං ඒ ක්‍රමේට නිර්මාණය කරපු දැනුමක නමක් මොකක්හරි :baffled: එතකොට ඒක හොයාගත්තේ කොහොමද කියල මට පුළුවන් හොයල බලන්න. :yes:

    නාථ දෙයියෝ ගැනනම් අහන්න එපා :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නාථ දෙයියෝ ගැනනම් අහන්න එපා :no:
    නාථ දෙයියෝන්ගෙන් දැනුම ගත්ත එකේ ඉතින් අමුතු විශේෂයක් නෑ පාරේ යන මිනිහෙක් නවත්තල වෙලාව අහනවා වගේ වැඩක්නේ ඒක :baffled: කාගෙන්හරි අහගෙන කියන එක දැනුම හොයන ක්‍රමයක් නං ගමේ ආච්චිලා තමා ඒ ක්‍රමේ හොඳටම ප්‍රගුණ කරපු අය :P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙනං ඒ ක්‍රමේට නිර්මාණය කරපු දැනුමක නමක් මොකක්හරි :baffled: එතකොට ඒක හොයාගත්තේ කොහොමද කියල මට පුළුවන් හොයල බලන්න. :yes:

    පණ්ඩිත වෙන්නේ නැතුව පොත හොයාගෙන කියෝපන් ඉස්සෙල්ල. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නාථ දෙයියෝන්ගෙන් දැනුම ගත්ත එකේ ඉතින් අමුතු විශේෂයක් නෑ පාරේ යන මිනිහෙක් නවත්තල වෙලාව අහනවා වගේ වැඩක්නේ ඒක :baffled: කාගෙන්හරි අහගෙන කියන එක දැනුම හොයන ක්‍රමයක් නං ගමේ ආච්චිලා තමා ඒ ක්‍රමේ හොඳටම ප්‍රගුණ කරපු අය :P

    reveal karanna kemati natiwada manda deyiyo kiwwa kiyanne kiyala hituna.
    eya nam kuyanne danuma nirmanaya kala kiyanne ehema deyiyongen ahana language eka path eka link eka danagattu ekalu.
    hariyata kiyanne nea manussayata mala paninawane kata karanakota :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පණ්ඩිත වෙන්නේ නැතුව පොත හොයාගෙන කියෝපන් ඉස්සෙල්ල. :P
    පල පල :P පෙරදිග දැනුම කියල පොඩි උන්ට උගන්නනවත් විදිහක් නෑ හැමෝටම නලින්ගේ පොත කියවන්න වෙනවා මේවා ඉගෙනගන්න. ඉතින් ප්‍රායෝගිකද කියල හිතපන්කෝ. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය නිමානාත්මක සාපේක්ශතාවාදෙ ගැන ලියල තියෙන්නෙ කොහෙද බන්.>?

    මගේ ලෝකය කියන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය සමාජගත කරන්න ලියපු පලවෙනි පොත ඒක බලපං :yes: objective reality එක නැතුව, true false දෙක විතරක් තියෙන ඇරිස්ටෝටලියානු ද්වීකෝටික තර්කනය නැතුව, පද්ධති කෑලි වලට කඩල අධ්‍යනය කරල පද්ධතිය තේරුම් ගන්න reductionism නැතුව ලෝකය තේරුම් ගන්න හැටි මං හිතන්නෙ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය කියන්නෙ :yes:

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්නන්නේ හැම දෙයක් ම විද්‍යාත්මකව බලන්න.
    ඒත් ඒ "විද්‍යාව" බටහිර සංස්කෘතියක් යටතේ බටහිර බිහිවුන "බටහිර විද්‍යාවක්" කියලා අපි ඉගෙන ගත්තේ නලින්ද සිල්වා ආචාර්ය තුමාගෙන්.

    එතුමා ඒක විවේචනය කරන කොට ඒකට සැහෙන රිදුනේ මෙහෙ ඉන්න නොම්බර එකේ අනුකාරකයන්ට. ලංකාවේ ඉන්නේ බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කරගන්න බැරි හැම දෙයක්ම බටහිර විද්‍යාවෙන් explain කරන්න හදන බක පණ්ඩිත අනුකාරකයෝ. ඉතින් කාටද රිදෙන්නේ නැත්තේ?

    එතුමාට ඕන උනේ බටහිර විද්‍යාව බිහිවෙච්ච සංස්කෘතියක පදනමක් තිබ්බ බවත්, දැනුම කියන්නේ නිරපේක්ෂ පරම සත්‍යක් නොවෙන මිනිස්සු ම නිර්මාණය කරන කතන්දර බවත් අපිත් අපේ දැනුම අපේ සංස්කෘතියක් (සිංහල බවුද්ධ) යටතේ නිර්මාණය කරන්න ඕන කියන දේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න.

    ගොඩක් උන් එතුමා කියපු දේ තේරුන් ගත්තේ නෑ. බටහිර විද්‍යාව බිහිවෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක් යටතේ කියනකොට, අපි සිංහල බවුද්ධ සංස්කෘතියක් යටතේ දැනුම බිහි කරන්න ඕනේ කිව්වම, අනුකාරක බුද්ධිමතුන් ට ඕක දිරවා ගන්න බෑ. උන් හිතන් ඉන්නේ තියෙන්නේ එකම දැනුමක්. ඒක පරම සතයක් කියල.

    එතුමා ලිපි ලියන එක නවත්තපු එක ලොකු අවාසනාවක්. එතුමාගෙන් පස්සේ ඒ වගේ බුද්ධියක් තියෙන මනුස්සයෙක් ලංකාවේ ඉඳියි කියලා විස්වාස කරන්න අමාරුයි.

    :(:(:(

    ගොඩක් කල් යයි බං. සේනක බිබලේට වෙච්ච දේ තමයි මේ මනුස්සයටත් වෙන්නේ. අපරාදේ ඉතිං.

    :yes: :yes:

    ඔය කියන පෙරදිග දැනුම නිර්මාණය කරන ක්‍රමේ මොකද්ද හැබෑට. ඒක වෙනස් වෙන්නේ කොහොමද බටහිර ක්‍රමයෙන් :oo: පොඩි උදාහරණයක් දෙන්නකෝ

    නාථ දෙයියෝන්ගෙන් දැනුම ගත්ත එකේ ඉතින් අමුතු විශේෂයක් නෑ පාරේ යන මිනිහෙක් නවත්තල වෙලාව අහනවා වගේ වැඩක්නේ ඒක :baffled: කාගෙන්හරි අහගෙන කියන එක දැනුම හොයන ක්‍රමයක් නං ගමේ ආච්චිලා තමා ඒ ක්‍රමේ හොඳටම ප්‍රගුණ කරපු අය :P

    ආධ්‍යාත්මය දියුණු කිරීම :yes: බටහිර විද්‍යාවෙ තියෙන්නෙ තර්කය විශ්ලේෂණය පාවිච්චි කරල පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් සංසිද්ධි තේරුම් ගැනීම :yes: ඕකට අමතරව මනස දියුණු කරල ලෝකය දැක්කෑකි එතකොට පංචේන්ද්‍රියන්ගෙන් ගන්න දැනුමට වඩා දෙයක් දැනගත්තෑකි. අපි එහෙම තමා සිංහල වෙදකම ජ්‍යෝතිශය වැව් දාගැබ් හදන ක්‍රම වගේ දේවල් දැනගත්තෙ. ඒත් බටහිර විද්‍යාව නිසා ඒව අභාවයට ගියා. නලීන් ද සිල්වා කියන්නෙ බටහිර විද්‍යාවට වඩා දෙයක් ඒ ක්‍රමේට අපිට ගත්තෑකි අපි ආයෙ ඒ ක්‍රමේට දැනුම ගන්න යොමු වෙන්න ඕනෙ කියල. නැතුව වාහන පාවිච්චි කරන්නැතුව ගොං කරත්ත වල යන්න කියල නෙමේ :no:
     
    • Like
    Reactions: ForgottenSand

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පල පල :P පෙරදිග දැනුම කියල පොඩි උන්ට උගන්නනවත් විදිහක් නෑ හැමෝටම නලින්ගේ පොත කියවන්න වෙනවා මේවා ඉගෙනගන්න. ඉතින් ප්‍රායෝගිකද කියල හිතපන්කෝ. :baffled:

    උඹ ගුරුත්වාකර්ෂණය ඉගෙන ගත්තේ ඉස්කෝලෙන්ද ? නැත්තන් එළකිරි forum එකෙන්ද?
    උඹ ඉස්කෝලේ ගිහිල්ල ගුරුත්වාකර්ෂණය ඉගෙන ගෙන, මට කියනවා එළකිරි එකෙන් පෙරදිග දැනුම උගන්නන්න කියල.
    උඹල හිතන් ඉන්නේ මම මොකක් හරි දෙයක් මෙතන paste කලාම උඹට ඒක ටක් ගාල තේරෙයි කියලා.

    උඹලට තියෙන්නේ බක පණ්ඩිත මානසිකත්වයක් බන්. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතපන් ඉස්සර කාලේ මිනිස්සු දාගැබ් හැදුවේ කොහොමද කියලා. යෝධ ඇල හැදුවේ කොහොමද කියලා. දැනුම තිබ්බේ බටහිර විතරක් නෙමේ.

    බටහිර මිනිස්සු දැනුම නිර්මාණය කරලා ඒ මාර්ගයෙන් වෙන රටවල් වල ලේ සංහාර කරලා ආක්‍රමණය කරනකොට චීන්නු වෙඩි බෙහෙත් හදල කලේ මල් වෙඩි පත්තු කරපු එක.

    ආයෙත් කියන්නේ පොත අරන් කියෝපන්.