විශේශයෙන් ලංකාවේ ගැහැණු අයට.මොකද ඔය කාලෙට ලංකාවේ ගැහැණු හිතන්නේ ළමයාගේ ගැන,ළමයාගේ වැඩ ගැන විතරයි.එතකොට එක මානසිකව බලපානවා.එයාට රෙස්ට් එකක් නැහැනේ ළමයාගේ වැඩ එක්ක.ළමයෙක් බලාගන්නවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි මචන්.ඒකටම කැප වෙලා ඉන්න ඕන..පව් ඉතින්.මේක දාපු කෙනාට කියන්නේ.එයාව තවත් මානසිකව වට්ටන්න එපා.උබ වැටෙන්නත් එපා..නිවාඩු දවසක කොහේ හරි යන්න.ගෙටම වෙලා ඉන්නත් එපා.වයිෆ්ව සතුටින් තියන්න නිතරම.උබත් ගෙදර වැඩ වලට උදව් වෙන්න.එහෙම කරලා බලන්න.එයා නිකන්ම උබට ලං වෙයි.ඕක මචන් මානසික ආතතිය නිසා ඇති වෙන දෙයක් මිසක් උබව ඕන නැති නිසා වෙන දෙයක් නෙමෙයි.උබ මේ වේලාවේ බුද්ධියෙන් වැඩ කරන්න ඕන.


