ට්‍රාන්සර් කරද්දි නම්බර් ප්ලේට් යවන්න ඕන නෑ
අලුත් නම්බර්ප්ලේට් ආවම පරණ ප්ලේට් දෙක දීලා ගන්න ඕන
තව විස්තර ඕන නම් මේ ලින්ක් එක බලන්න
මම ට්‍රාන්සර් ගැන වෙන බුවෙක්ට කියලා දුන්න පෝස්ට් එකක්![]()
ෆිනැන්ස් ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරයි කියලා දෙන ලියුම තිබ්බහම ඇති මචං
හැබැයි ඒක කම්පැනි ලෙටර් හෙඩ් එකෙන්ම තියෙන්න ඕන.
බයික් එකේ නම්බර් එකත් ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන
ඊට අමතරව බයික් එකේ ඔරිජිනල් පොත (පොත උඹේ නමට තියෙන්න ඕන)
VIC තියනවානම් ඒකත් ඕන
තව උඹේ NIC කොපියක්, ඒක සත්‍ය පිටපතක් කියල ග්‍රා.නි. හරි සාමාදාන විනිසුරුවෙක් හරි සතහික කරලා තියෙන්න ඕන.
ඔය ටිකත් එක්ක CMT 72 (මේ ලින්ක් එකෙන් ගන්න) ෆෝම් එක පුරවලා බාර දෙන්න. ඒ ෆෝම් එක ප්‍රා.ලේ කාර්යාලනේ හරි RMV හරි ගන්නත් පුළුවන් නොමිලෙ
ඒකෙ අනෙකුත් සංශෝධන කියන කොටසෙ "පරම අයිතිය අවලංගු කිරීම" කියලා ලියලා දෙන්න.
අහ්.. වැඩේට රු.500.00ක් යනවා ඒක සරප්ට ගෙවලා රිසිට් එකේ කොපියක් ලඟ තියාගෙන
අර ලියවිලිත් එක්ක උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට බාර දෙන්න. (අනිත් ඒවගෙත් කොපි ලඟ තබා ගැනීම කෝකටත් හොඳය)
මාස 3ක් 4ක් යනවා වැඩේ කෙරිලා එන්න.
RMV One Day කරගන්නවා නම් උඩ ටික එහෙමම කරලා දවල් 12ට කලින් බාර දෙන්න.
එච්චරයි
සුපිරියි


මගෙත් හරව ගන්න ඕන බං ළගදිම. මගෙ sp තියෙන්නේ



එළකිරි එකට අලුත් නොවනට මේ tread එකට අලුත්. 


