GTRZ Please See this man!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය tag දාපු එකා ban කරා කියලා ආගම බේරා ගන්න බැහැ බං. කොච්චර තියෙනවද ආගම් වලට අපහාස කරලා. සෙරෙප්පු වල print කරං යන ඒවා බුදු පින්තූරෙ. Online YouTube වල ම කොච්චර තියෙනවද?

    අරූ අම්මට බැන්නා කියලා report කරා කියලා Zuckerberg ට report කරා කියලා උං බලනව ද? නෑ නේ..

    Policeyata එන්ට්‍රි එකක් දාලා උසාවි නියෝගයක් අරගෙන ආවනම් ඔන්න වුව හොයලා ගන්න තිබ්බ IP එක TRC එකට දීල. එහෙම කරන දේවල් අනන්තවත් ඇති.. ඕවා ඇගට ගන්නේ නැතුව ඕවට trigger වෙන්නේ නැතුව ඉන්න බලන එකයි කරන්න ඕන.(නියම බෞද්ධයෙක් නම් ඕවට සැලෙන්නේ නෑ. බුදු හාමුදුරුවො උනත් දේශනා කරලා තියෙන්නේ එහෙම) එහෙම බැරි නම් online එන්නේ නැතිව ජීවත් වෙන්න වෙනවා. මොකද internet එකේ හැම තැනම ඔහොම තමයි. එළකිරි විතරක් නෙමෙයි social හැම site එකකම මිනිස්සුන්ට content post කරන්න පුළුවන් places වල ඕක තියෙනව. Elakiri කියන්නේ රහත් වෙච්චි හිත් දියුණු මිනිස්සු කොටසක් ඉන්න තැනක් නෙමෙයි, ලංකාවේ ඉන්න මිනිස්සු ම ඉන්න තැනක්. උන් පුළුවන් ක්‍රමයකට ඒවා control කරනවා නේ බං
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේකේ තියෙන දේවල් පුද්ගලිකව ගන්න එපා වැඩක් නෑ අනික උබ වෙනුවෙන් ඇඩ්මින් ලා සාධාරණයක් ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා . උබේ පුද්ගලික තොරතුරු එළකිරි එකේ කොහෙවත් නැත්තම් තනිකරම fake නම් උබට කැමති අදහසක් ඕනෑම කුණුහරපයක් කියන්න ඉඩ මේකේ තියෙනවා. උබට කැමති නම් උබ ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනින්.

    හැබැයි ගොඩක් වෙලාවට අසභ්‍ය වදන් පවසන්නේ මානසික අසහනය හෝ යම් මානසික ලෙඩක් තියෙනවනම්. ටිකක් හොයලා බලන්න කුණුහරප සහ අසභ්‍ය වදන් භාවිතා කරන්නේ මානසික පීඩනය වැඩි සහ ඉහල ආතතියකින් පෙලෙන අය බව කියලා පුද්ගලිකව හොයලා බැලුවොත් තේරෙයි. තව තමා අවට සමාජයෙන් කොන් වුන පුද්ගලයින් අන් අයගේ අවධානය යොමු කරගැනීමටත් කුණුහරප කියනවා

    උබේ පෞද්ගලික තොරතුරු එළකිරියේ අය දන්නවනම් අසභ්‍ය වදන් භාවිතා කරන්න එපා ඒක ඔබේ නමට හොද නැ.

    අනිත් කාරණය ek තුල කුණුහරප රස විදින පිරිසකුත් ඉන්නවා. ඒකත් අමුතුම ආතල් එකක් වෙලා තියෙන්නේ

    මේකත් වැදගත් වෙයි - කිසිම හේතුවකට වෙන එකෙක් හදන්න යන්න එපා. අවවාද දෙන්න යන්න එපා.