@ OP,
මචන්, මේකේ reputed members ලා කියල ඉන්න පිරිස බොහොම සුළු ප්‍රමාණයක්, නිල් කොටු තිබ්බට එයාල reputed නැහැ, වැඩි දෙනෙක් Rep. ඉල්ලන්නේ forum එකේ කාන්තාවන්ගේ අඩ නිරුවත් චායාරූප දාල, අපේ අයත් එව්ව බලල +Rep දෙනවා.. ඒ වගේ මානසික මට්ටම් වල ඉන්න අයට reputed members ලා කියන්න බැහැනේ..
අනික මෙහෙම tags දාල කව්රු උනත් පොඩි හරි ආතල් එකක් ගන්නවා ඇතිනේ..
අපිට මිනිස්සුන්ගේ ජන්ම ගති/පුරුදු වෙනස් කරන්න අමාරුයි මචං. Forum Admin ට complain කලා කියල එයත් මෙව්වට සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වයි කියල මම නම් හිතන්නේ නැහැ.
තමන්ගේ ආගමට, පූජනීය පාර්ශවයන්ට නිග්‍රහ කරන විට අපිට ටිකක් රිදෙනව තමයි, නමුත් වර්තමාන පරම්පරාව ඒවා ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ මචන්, පින , පව අඳුරන්නේ නැති, අනුත් ගැන හිතන්නේ නැති පිරිසක් තවමත් මේ සමාජය තුල ජීවත් වෙනවා. අපි එයාල හැම දෙනාම ගැන උපේක්ෂාවෙන් බලමු යාලුවනේ..