කේන්දරේ බලාගන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    කේන්දරේ බලාගන්න

    කේන්දරේ බලාගන්න කොහෙද බන් හොද ප්ලේස් එකක් තියෙන්නේ.මම ඉන්නේ පානදුරේ,වැඩ කරන්නේ කොලබ.උබලා දන්න කේන්දරේ බලවගත්ත හොද ප්ලේස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්.

    පුලුවන්නම් කීයක් විතර ගන්නවද කියලත් කියපන්.
     
    • Like
    Reactions: sudathmadusanka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර නම් සපෝට් එකක් තියෙනව හොදයි කියනවා ඉතින් කට්ටිය. මිනිහා අනෙක් උන්ගේ හදන් බලලා ආරක්ෂා එහෙම දාල දෙනවා. උදේ ඉදන් හෙන පෝලිම එතන නම්. හැබැයි මිනිහාගේ පුතා ලගදී හැප්පිලා මැරුණා.:yes: අනික් උන්ගේ අපල පෙන මිනිහට තමන්ගේ පුතාගේ අපලේ පෙනුනේ නැති එක ප්‍රශ්නයක් බන් මට නම්. 90%ක් ම කියන ඒවා බොරු. 10%ක් ඇත්ත හදහන් නම්.
     
    • Like
    Reactions: craabeysinghe

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    අනිත් උන්ගෙ බලන නිසා ගෙදර අයගෙ උගෙ එ්වා බලන්න වෙලාවක් නැතිව ඇති:yes:
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    නුවර නම් සපෝට් එකක් තියෙනව හොදයි කියනවා ඉතින් කට්ටිය. මිනිහා අනෙක් උන්ගේ හදන් බලලා ආරක්ෂා එහෙම දාල දෙනවා. උදේ ඉදන් හෙන පෝලිම එතන නම්. හැබැයි මිනිහාගේ පුතා ලගදී හැප්පිලා මැරුණා.:yes: අනික් උන්ගේ අපල පෙන මිනිහට තමන්ගේ පුතාගේ අපලේ පෙනුනේ නැති එක ප්‍රශ්නයක් බන් මට නම්. 90%ක් ම කියන ඒවා බොරු. 10%ක් ඇත්ත හදහන් නම්.

    බොරු කරන උනුත් ඉන්නවා බන්.rep 10 +
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හැබැයි මිනිහාගේ පුතා ලගදී හැප්පිලා මැරුණා.:yes: අනික් උන්ගේ අපල පෙන මිනිහට තමන්ගේ පුතාගේ අපලේ පෙනුනේ නැති එක ප්‍රශ්නයක් බන් මට නම්.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    • මමත් කේන්දරේ පස්සේ එල්ලීගෙන ඉන්න කෙනෙක් නෙමෙයි බන්.ඒ උනාට උපන් වේලාව හරියටම හරි නම් කෙනෙකුගේ අනාගතය ගැන පොඩි අවබෝධයක් කේන්දරෙන් ගන්න පුලුවන්.කොහොම උනත් කර්මය කියලා එකක් තියෙනවා නේ.අදුරේ යනවට වැඩිය පොඩි හරි අවබෝදයක් අපිට තියෙනවා නම් ඒ අනුව අපිට අපේ අනාගතය ප්ලෑන් කරගන්න පුලුවන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිත් උන්ගෙ බලන නිසා ගෙදර අයගෙ උගෙ එ්වා බලන්න වෙලාවක් නැතිව ඇති:yes:

    අනික් උන්ගේ බලන්න කලින් ගෙදර උන්ගේ නේ බන් බලන්නේ.අනෙක උන් සරදියල්ගේ යන්තර සෙට් එක වගේ බෙල්ලේ එල්ලන් ඉන්නේ. හෙන රාජ තයිලෙත් තියන් ඉන්නේ කියන්නේ.වෙඩි වදින්නේත් නෑ ලු නේ උට.පට්ට පෝලිම් බන් සදුදා එහෙම ඉදන්.

    බොරු කරන උනුත් ඉන්නවා බන්.rep 10 +

    බොරු කාරයෙක් වෙන්න පුලුවන්ද බන්. අසු ගණන් වල ඉදන්ම ලු බලන්නේ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    • අනික් උන්ගේ බලන්න කලින් ගෙදර උන්ගේ නේ බන් බලන්නේ.අනෙක උන් සරදියල්ගේ යන්තර සෙට් එක වගේ බෙල්ලේ එල්ලන් ඉන්නේ. හෙන රාජ තයිලෙත් තියන් ඉන්නේ කියන්නේ.වෙඩි වදින්නේත් නෑ ලු නේ උට.පට්ට පෝලිම් බන් සදුදා එහෙම ඉදන්.

      [*]

      [*]බොරු කාරයෙක් වෙන්න පුලුවන්ද බන්. අසු ගණන් වල ඉදන්ම ලු බලන්නේ
    • යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නම් බොරු වැඩ.අද කාලේ ඔය වගේ දේවල් පස්සේ දුවන මිනිස්සු කොච්චර ඉන්නවද?.ඒ නිසානේ මේ වගේ දේවල් කරන උන්ට මාර්කට් එකක් අද රටේ හැදිලා තියෙන්නේ.වාලම්පුරි,ෆෙන්ශුයි අරවයි මේවයි කොච්චර තියෙනවද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නම් බොරු වැඩ.අද කාලේ ඔය වගේ දේවල් පස්සේ දුවන මිනිස්සු කොච්චර ඉන්නවද?.ඒ නිසානේ මේ වගේ දේවල් කරන උන්ට මාර්කට් එකක් අද රටේ හැදිලා තියෙන්නේ.වාලම්පුරි,ෆෙන්ශුයි අරවයි මේවයි කොච්චර තියෙනවද?

    කියන්න බෑ බන් ඉතින් ඕවාගැන හරියටම මොනවා උනත්. අපි උපන් වෙලාව හරියටම හරි කියලා කියන්නත් බෑ නේ බන්. ඉස්පිරිතාලේ වෙලාව එක වෙලාවක් , අපේ ගෙවල් වල තව වෙලාවක් , තව තැන් වල තව වෙලාවල් තියෙද්දී බන්. උපන් වෙලාව විනාඩි ගානකින් හරි එහා මෙහා වෙනවා නේ. එතකොට අපිට හරියටම හරි හදහනක් එන්නේත් නැති එකේ.මම කියන්නේ නම් හදහන් වලින් අනාගතේ මනින්න එපා.නිකම් ඔලුව අවුල් වෙන වැඩක්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනික් උන්ගේ බලන්න කලින් ගෙදර උන්ගේ නේ බන් බලන්නේ.අනෙක උන් සරදියල්ගේ යන්තර සෙට් එක වගේ බෙල්ලේ එල්ලන් ඉන්නේ. හෙන රාජ තයිලෙත් තියන් ඉන්නේ කියන්නේ.වෙඩි වදින්නේත් නෑ ලු නේ උට.පට්ට පෝලිම් බන් සදුදා එහෙම ඉදන්.

    බොරු කාරයෙක් වෙන්න පුලුවන්ද බන්. අසු ගණන් වල ඉදන්ම ලු බලන්නේ

    :eek::eek:බොරු ගන් එකක් අරගෙන ගියා නම් බලන්න තිබුනා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජ්‍යෝතිෂ.com

    මම නම් ඕවා ගැන විශ්වාසයක් නෑ. එත් මේ ලංකාවේ කෙනෙක් කරන සයිට් එකක්. හොඳ විස්තරයක් දෙනවාලු.
    බුදු හාමුදුරුවෝ නම් ඔවා සියල්ල ගර්හිත විද්‍යා කියා අනුමත කලේ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    Owa boru ban. Baya karala yanthara danna kiyanawa/pooja karanna kiyanawa. Un apen salli kada gannawa.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ජ්‍යෝතිෂ.com

    මම නම් ඕවා ගැන විශ්වාසයක් නෑ. එත් මේ ලංකාවේ කෙනෙක් කරන සයිට් එකක්. හොඳ විස්තරයක් දෙනවාලු.
    බුදු හාමුදුරුවෝ නම් ඔවා සියල්ල ගර්හිත විද්‍යා කියා අනුමත කලේ නැහැ.

    මමත් බෞද්ධ තමයි බන්.

    Life is a journey. Horoscope is the map. So why do not you read the map ?. It is always better to know what lies ahead and what will happen to, your health, wealth and relationships in the coming years
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනික් උන්ගේ අපල පෙන මිනිහට තමන්ගේ පුතාගේ අපලේ පෙනුනේ නැති එක ප්‍රශ්නයක් බන් මට නම්. 90%ක් ම කියන ඒවා බොරු. 10%ක් ඇත්ත හදහන් නම්.

    කේන්දරේ බලාගන්න කොහෙද බන් හොද ප්ලේස් එකක් තියෙන්නේ.මම ඉන්නේ පානදුරේ,වැඩ කරන්නේ කොලබ.උබලා දන්න කේන්දරේ බලවගත්ත හොද ප්ලේස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්.

    පුලුවන්නම් කීයක් විතර ගන්නවද කියලත් කියපන්.

    Umbala 2 ge birth time/date eka pm karahan umbala gena podi wistharayak kiyanna.
     
    • Like
    Reactions: craabeysinghe

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බුදු හාමුදුරුවෝ නම් ඔවා සියල්ල ගර්හිත විද්‍යා කියා අනුමත කලේ නැහැ.

    බුදුහිමියන් විසින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කරන බවට තර්ක කරන උගතුන් ඒ සඳහා ඉදිරිපත් කරන ගාථාවක්‌ තිබේ. එය ජාතකපාලියේ නක්‌ඛන්ත ජාතකයේ සඳහන් ගාථාවකි. ඒ මෙසේය.

    නක්‌ඛත්තං පතිමානෙත්තං

    අත්ථෝ බාලං උපච්ජගා

    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං

    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?" යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක්‌ කැඳවාගෙන ඒම සඳහා එක්‌තරා තරුණයෙකු නැකත් බලයි. ඒ සඳහා දිනයක්‌ නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක්‌ නියම කරයි. ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. නක්‌ඛන්ත ජාතකයේ එන මේ සිදුවීම මෙකල වුවද සිදුවීමට ඉඩ තිබේ. මේ කතාව මගින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර නොමැත.

    ජ්‍යෙdතිෂය තිරශ්චීන විද්‍යාවක්‌ වශයෙන් ප්‍රතික්‌ෂේප කර ඇති බව සමහර උගතුන්ගේ මතයකි. තිරශ්චීන යනු තිරිසන් යන අර්ථයයි. තිරිසනුන්ගේ කොඳු ඇට පෙළ පිහිටා ඇත්තේ තිරස්‌ව වන අතර මනුෂ්‍යයින්ගේ එය සිරස්‌ව පිහිටා ඇත. තිරශ්චීන විද්‍යා යන නම පටබැඳී ඇත්තේ මේ අනුවය. ධර්මයේ තිරස්‌චීන විද්‍යා ලෙස හඳුන්වා ඇත්තේ මොනවාට දැයි විමසා බලමු.

    දීඝ නිකායේ ශීලස්‌ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්‌තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනෙකු ආරක්‍ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්‌තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යා වලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය. මේ බව දකින සමහරු බුදු දහමින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර ඇති බවට තර්ක කරති.

    එහෙත් මෙම සූත්‍රවල තිරශ්චීන විද්‍යා වශයෙන් සඳහන් වන්නේ ජ්‍යෙdතිෂය පමණක්‌ නොවේ. එහි මෙසේද සඳහන් වෙයි. "යම්සේ වනාහි ඇතැම් පින්වත් මහන බමුණෝ සැඳෑහැයෙන් මුත් බොජුන් වළ¹ ශාන්ති කර්ම ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, වස්‌ති කිරීම, ගිහියනට නස්‍යදීම ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, කාය චිකිත්සාව ආදී වූ හෝ මෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් වැලැක්‌කේ වෙයි..." (දීඝ නිකාය 123 සිට) මෙයින් අදහස්‌ කරන්නේ කිමෙක්‌ද? ජ්‍යෙdතිෂය පමණක්‌ නොව වෛද්‍ය විද්‍යාවද තිරශ්චීන විද්‍යා ගණයට ඇතුළත් බවය. එහෙත් යම් ධර්ම ග්‍රන්ථයක එක කොටසක්‌ පමණක්‌ රැගෙන තම මතය තහවුරු කරන්නට යැම සමාජය නොමඟ යෑවීමකි. මෙම සූත්‍ර වලදී මහණ බමුණන් විසින් ගිහියන් කරන බොහෝ දේ ප්‍රතික්‌ෂේප කර තිබේ. එහෙත් ඒ පැවිද්දන් සමූහ මිස ගිහියන් සඳහා නොවන්නේය.
     
    • Like
    Reactions: Pessimist