First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Singaa

    machanla marina bay eka laga thiena light show ekai wings of the time eke thiena show ekai athara thiena wenasa mokakda?
    klook eken book karana kota book karana dawasta yanna bari unot eka cancel wenawada?
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda

    1 .marina bay light show eka mama balala ne. mama hithannea eka laser light show ekak. anika eka free. hamotama penawa langata giyama godak usa nisaa.
    wings of times kiyanne senthosa island eke muhuda ayine pennana water light show ekak. water eka project karala ekata light project karala gahanne. marama lassanai. mal wedi ehemath thiyenawa. nikan story ekak wage yanne. singa yanawanm balanna onima ekak. attractions gana wenama wistharayak dannam bro!

    2. mehemai. samahara tickets open dated. samahara ewa fixed tickets. eka daala thiyenawa site eke. fixed dated ekak gaththoth edama yanna oni. habai anith athata fixed date ewaye ganan adui. open dated ganan wedi. e nisa hondata plan karagena fixed datema ganna. ehe transport anan manan aul nathi nisa plan ekata weda karanna bari nee.
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    ela ela bn uba thama singa gihin awilla hodama post 1 damme elakiri eka

    thanx bro. mama kawadawath ratakara gihin thibba ekek newei. meke thibba thread kiyawala thamai e asawa athi une. ithin gihin awama mama danagaththu dewal saha mata yanakanma prasna wela thibba dewal elakiri yaluwoth ekka bedagaththanm hondai kiyala hithuna. eakai mama mage trip eke wisthara nathuwa general idea ekak enna podi guide 1k wage damme. :yes:

    thawa tikak thiyenawaa danna. mama norechcholei work karanne. free time tikak madi. hemeeta dannam.
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    සින්ගා ගිහින් බලන්නෙ මොනාද? (Attractions)

    හරි. මම හිතන්නේ ගොඩක් දේවල් ඔයාලට තේරුම් යන්නැති මේ දාපු කරුණුත් එක්ක. සින්ගප්පූරු යන්න සූදානම් වෙන්නේ කොහොමද, එහෙ ගිහිල්ලා කන්නේ බොන්නේ කොහොමද, එහෙ ගිහින් travel කරන්නේ කොහොමද කියන කරුණු මම කතා කරල ඉවරයි. දැන් අපිට ඉතුරු වෙන ප්‍රස්නෙ තමයි අපි එහෙ ගිහින් කරන්නේ මොනවද කියන එක.
    ඇත්තටම සින්ගප්පූරුව කියන්නේ මම කලිනුත් කිව්වා වගේ touristsලටම හදපු රටක්. ඉතින් මේ රටේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. කිසිම දෙයක් බලන්නෙ නැතුව පාරේ ඇවිද්දත් නියමයි ඉතින්. මම මෙහෙ තියෙන places ගැන ලොකුවට විස්තර කරනවට වඩා ඔයාලගේ දවස් manage කොහොමද කරගන්නේ කියන එකට පොඩි help එකක් දෙන්නම්.
    ඊට කලින් අපි බලමු එහෙ ගියාම බලන්න යන්න තියෙන තැන් මොනාද කියලා කෙටියෙන්. මෙහෙමයි. මේ ඕන එකක විස්තර අපිට internet එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ලේසි වෙන්න අපි යන්නම ඕන තැන් ටික කොටස් 3කට බෙදන්නම්.

    1. ලස්සන බලන්න
    2. විනෝද වෙන්න
    3. shopping කරන්න

    හැබැයි මේ මගේ විදිහ. මීට වඩා වෙනස් විදිහට දකින යාළුවො ඇති. අනික හැමදේම ගැන නෙවේ, ප්‍රධාන දේවල් විතරක් කෙටියෙන් දාන්නෙ. ප්‍රස්න තියෙනවනම් අහන්න.

    1 ලස්සන බලන්න

    සින්ගප්පූරුවේ ලස්සන බලන්න නම් ඔයාල යන්න ඕන අග නගරයට. ඔය කිට්ටුව තියෙනවා ප්‍රසිද්ධ මුහුදු බොක්කක්. Marina Bay කියලා අහල ඇති ඔයාලා. 'Bay' කියන්නේ 'බොක්ක' කියන එකනෙ. ඉතින් මේ ප්‍රසිද්ධ Marina Bay එක වටේටම බොහොම වටින කියන attractions කිහිපයක්ම තියෙනවා. සින්ගප්පූරු ගියා කියල add එක දාන්න නම් මේවා ඉස්සරහ photo එකක් දෙකක් ගන්නම වෙනවා. :cool:

    Merlion Statue

    සින්ගප්පූරුවේ සංකේතය විදිහට හැඳින්වෙන්නේ මේ Merlion . කටින් වතුර විදින සිංහ මූණක් සහ කිඳුරු ඇඟක් සහිත ප්‍රතිමාවක්. touristsලා ගොඩක් ඔතනට එනවා. ඔතන ඉඳන් Marina bay එක වටේටම ඇවිදින්න පුළුවන්. ඕක ඉස්සරහ selfie එකක් ගන්න අමතක කරන්න එපා.
    Nearest MRT : Raffles Place
    Ticket Cost: Free
    Preferred time: Morning
    Time duration: 1/2 hour

    Marina Bay Sands

    මේක ලෝකේ තියෙන සුපිරිම hotels වලින් එකක්. මේකේ උඩ තියෙනවා sky park එකක්. එතනට ගියාම ගොඩක් ලස්සනට රටම පේනවලු. මට නම් යන්න බැරි උනා. මේකේ casino එකක් එහෙමත් තියෙනවලු. free ඇතුල් වෙන්න පුළුවන් passport එක පෙන්නලා. හැබැයි shorts සහ slippers දාගෙන නම් යන්න දෙන්නෙ නෑ. රෑ වෙද්දි light show එකකුත් බලන්න පුලුවන් ලු. මම මෙතනට ගියෙ නෑ. ඉතින් ලොකු විස්තරයක් කියන්න දන්නෙ නෑ. ඒකයි 'ලු 'දැම්මේ. :rofl:
    Nearest MRT : Bayfront
    Ticket Cost: 15 USD (skypark ticket)
    Preferred time: Evening
    Time duration: 2-3 hours

    Gardens by the bay

    මේක මම හිතන්නේ ලස්සන මල් වත්තක් වගේ එකක්. ගොඩක් කට්ටිය කියන්නේ කෙල්ලෙක් හරි wife එක්ක හරි යනවානම් යන්නම ඕන තැනක් කියලා. මට යන්න උනේ නෑ. ගිහින් බලන්න.
    Nearest MRT : Bayfront
    Ticket Cost: 17 USD
    Preferred time: Morning
    Time duration: 3-4 hours

    Singapore Flyer

    මේක ලෝකේ තියෙන ලොකුම කතුරු ඔන්චිල්ලාවක්. යන ගමන් dinner එකක් උනත් arrange කරගන්න පුළුවන්(expensive). ලස්සනට වටේ බලාගෙන රවුමක් ගිහින් එන්න.
    Nearest MRT : Promenade
    Ticket Cost: 25 USD (without dinner)
    Preferred time: Evening
    Time duration: 3-4 hours

    මීට අමතරව night safari එකක් ගිහින් සත්තු බලන්න, බෝට්ටුවක ගඟේ රවුමක් යන්න(river cruise) වගේ දේවල් කරන්න පුළුවන්. මේවයේ tickets වල ගණන් Klook site එකෙන් බලාගන්න.
    බහින්න ඕන MRT එක google එකෙන් search කරගන්න. වෙලාව තියෙන විදිහට ගිහිල්ලා enjoy කරලා එන්න.

    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2. විනෝද වෙන්න

    විනෝද වෙන්න ඉතින් සින්ගප්පූරුව තරම් වෙන රටක් නෑ. ඔයාලට ඕන මොන විදිහේ විනෝදයක්ද අන්න ඒ හැම විදිහේ විනෝදයක්ම මේ රටෙන් හොයාගන්න පුළුවන්.
    ඉතින් සින්ගප්පූරුවට එන touristsලා විනෝද වෙන්න නම් යන්නම ඕන තැන තමයි SENTHOSA ISLAND කියන්නේ. මේක හරියට fun ලෝකයක් වගේ කිව්වොත් හරි.
    සින්ගප්පූරුවේ කොනක තියෙන පුංචි දූපතක් තමා සෙන්තොසා කියන්නේ. මේකෙ අපිට විනෝද වෙන්න තැනින් තැන එක එක විදිහේ attractions හදලා තියෙනවා. ලස්සන මුහුදු වෙරළවල් පවා තියෙනවා.

    මේකට යන්න මම අර මුලින් කියපු MRT වලින් බෑ. අපි කරන්න ඕන Harbourfront කියන MRT station එකට යන්න ඕන. මේ station එක Vivo City කියන ලොකුම ලොකු shopping mall එකක් එක්ක connect වෙලා තමා තියෙන්නේ. මේකෙම තමා Senthosa station එකත් තියෙන්නේ. මට මතක හැටියට 7 වෙනි තට්ටුවෙද කොහෙද. අවුලක් නෑ. ඊතල ගහල තියෙනවා හැම තැනම. shape එකේ හොයාගෙන යන්න.

    හරි. සෙන්තොසා Station එකට ගියාට පස්සේ අපි එතනින් සෙන්තොසා දූපතට යන Senthosa Express එකට නගින්න ඕන. සෙන්තොසා Express කියන්නේ සෙන්තොසා දූපත වටේ යන Monorail එකක්. මේක stations 3ක නවත්තනවා. අපිට බලන්න යන්න ඕන attractions තියෙන්නේ මේ stations කිට්ටුව concentrate වෙලා. අර මම මුලින් කිව්ව වගේම මේ train එකත් අපි ඒ අදාළ station එකට ළං වෙද්දි ඒ station එකෙන් යන්න පුළුවන් attractions announce කරලා කියනවා. ඒ වගේම train එකෙත් ගහල තියෙනවා. ඉතින් බයවෙන්න දෙයක් නෑ. අපි tickets ගත්තු ඒවා මොනාද බලලා අදාළ තැනින් බැහැලා ගිහින් එන්නයි තියෙන්නේ. මේ train එකත් විනාඩි 10න් 10ට වගේ තියෙනවා මට මතක හැටියට. තමන් tickets ගත්තු attraction එක තියෙන්නේ මොන station එකේ ද කියල දන්නේ නැත්නම් ඕනම නිලධාරියෙක්ගෙන් අහන්න. එයාලා කියයි.
    තව දෙයක්. මම මේ කිව්වේ සෙන්තොසා දූපතට යන එක ක්‍රමයක් විතරයි. මම මේ thread එක පටන් ගත්තෙම අඩුවට සින්ගප්පූරු යන්න කියලනේ. ඉතින් එහෙම යන්න නම් Senthosa express තමා ලාබම ක්‍රමය. 4 SGD වගේ තමා කැපෙන්නේ. මේකේ යන්නත් අපිට අර ez-link card එකම use කරන්න පුළුවන්. Cable cars කියල උඩින් යන ක්‍රමයකුත් තියෙනවා. ඒකත් ආතල් ඇති. ඒකේ ticket එකක් 14 USD වගේ වෙනවා.

    ඉතින් මම මුලින් කිව්වා වගේ සෙන්තොසා Island එකේ ගොඩාක් attractions තියෙනවා. ඔය හැම එකම බලන්න ඉතින් අපිට වෙලාවක් එන එකක් නෑ. මම ඒ නිසා කෙටි විස්තරයක් දාන්නම් වැදගත්ම ටික පිළිබඳව. යන time එක cost එක බලලා ඔයාලා manage කරගන්න බලන්න යන්නේ මොනාද කියලා. මට මේ attractions අයිති වෙන station එක නම් මතක නෑ. ඒක ඉතින් senthosa express එකේ යද්දි announce කරලා කියනවනේ. ඒ නිසා අවුලක් නෑ. අනික මම නොගියපු සමහර තැන් වල time durations වගේ විස්තර දන්නේ නෑ. දන්න යාලුවො ඉන්නවනම් ඒ විස්තරත් බෙදාගන්න.

    Universal Studio

    සින්ගප්පූරු යනවානම් මේකට නොගිහින් ආවොත් අපරාදයක්. මොකද මේ වගේ තැනක් ලංකාවට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ. ඉතින් මම කියන්නේ ඔයාල සින්ගා යනවනම් සෙන්තොසා island එකේ වෙන කිසිම තැනකට නොගියත් මෙතනට යන්න.
    Universal Studio කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම live film studio එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි ආසාවෙන් බලපු films වල locations ඇත්තටම හදලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ film එකේ අපිත් ජීවත් වෙනවා වගේ වැඩක් වෙන්නේ. එක එක film location එකට අදාලව එක එක ජාතියේ rides තියෙනවා. මෙහෙම හිතන්නකෝ. Madagascar film location එකේ කැළෑවේ boat ride එකක් තියෙනවා. Shrek film එකේ මාලිගාව ඇත්තටම හදලා තියෙනවා. ඒක ඇතුලේ 4D film එකක් පෙන්නනවා. Jurassic park film එකේ කැලේ floating boat ride එකක් තියෙනවා. ගඟ දිගේ පාවෙන බෝට්ටුවක යන්න තියෙන්නේ. යද්දි dinosaursලා එහෙම ඔලුව දානවා. අපි සමහර තැන් වල වතුරෙන් නෑවෙනවා. පැද්දෙනවා ගැස්සෙනවා. ඒ වගේ තව films locations තියෙනවා. ඕවයේ roller coasters, stage dramas, live action films, rides හැමදේම තියෙනවා. සමහර තැන් වල ඒ movie characters එක්ක photos ගන්න පුළුවන්. එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ඔක්කොම rides වල යන්න නම් පුතේ දවසකුත් මදි.හැබැයි මෙහෙමයි. ride එකේ ස්වභාවය යන්න කලින් ගහල තියෙනවා. ඒ කියන්නේ high speed moving, tilting, reverse moving, elevation changes, twisting, upside down කිය කියා. ඉතින් ඒක බලලා අපිට බය හිතෙනවා නම් අපි යන්නේ නෑනේ. එහෙම ඉතින් තෝරගෙන ගියාම උදේ 9ට ගියොත් හවස 3-4 වෙද්දි ඔක්කොම වගේ කරගන්න පුලුවන් වෙයි. ගිහින්ම බලන්න ආතල් එක.
    Ticket Cost: 54 USD
    Preferred time: Day time
    Time duration: 6-8 hours (Starting 9 am)

    S.E.A. Aquarium

    මේක water world එකක්. මාරම ලස්සනයි ඉතින්. ලංකාවේ තියෙන්නේ මාලුන්ව ටැංකි වලට දාල අපිට පෙන්නනවනේ. මේක හරියට අපි ටැංකි වල ඉඳන් මාළුන්ව බලනවා වගේ. ඒ තරම් විශාල area එකක් තියෙනවා. ගිහින් බලන්න
    Ticket Cost: 26 USD
    Preferred time: evening
    Time duration: 2-3 hours (Starting 2 pm)

    Wings of Time

    අපේ ඇස් පින් කරලා තියෙනවා කියල දැනෙන්න නම් මේක බලන්නම ඕන. wings of time කියන්නේ මුහුද අයිනේ arrange කරලා තියෙන light show එකක්. light show එකක් කිව්වට සජීවී චරිත, මල් වෙඩි, වතුර මල්, LED Screen එකක් හැමදේම කරලා ලස්සන කතාවක් පෙන්නනවා stage drama එකක් වගේ. වතුර උඩට project කරලා ඒකට තමා lights ගහන්නේ. මේක විස්තර කරන්න තේරෙන්නේ නෑ මට. හැබැයි ජීවිතේ මම දැකපු ලස්සනම දසුන් වලින් එකක්. දවසම universal studio එකේ ඇවිදලා මහන්සිය නිවාගන්න කියාපු place එක. රෑ 7.40 සහ 8.40 shows 2ක් තියෙනවා.
    Ticket Cost: 7-10 USD
    Preferred time: night
    Time duration: 20mins (Starting 7.40 & 8.40 pm)

    Madame Tussauds Singapore

    මේක VAX museum එකක්. තනියෙන් යනවානම් යන එක එච්චර සුදුසු නෑ. මොකද photos ගන්න කෙනෙක් නෑනේ. නැත්නම් හොඳයි.
    Ticket Cost: 15 USD
    Preferred time: any
    Time duration: 1-2 hours

    Trick Eye Museum

    මේකත් 3D arts තියෙන museum එකක්. අර අපේ දියත උයනේ තියෙන්නෙ බන්. ඒ වගේ ඊට වඩා සිරා place එකක්. මේකටත් තනියෙන් යන්න එපා. photos ගන්න කෙනෙක් ඉන්නවනම් යන්න.
    Ticket Cost: 14 USD
    Preferred time: any
    Time duration: 1-2hours

    මීට අමතරව ඉතින් තව ගොඩාක් ඒවා තියෙනවා. i-flyer කියලා space එකේ ඉන්නවා වගේ vacuum එකක පාවෙන සීන් එකකුත් තියෙනවා. මට නම් යන්න බැරි උනා. පහළ තියෙන්නේ සෙන්තොසා එකේ තියෙන ඒ වගේ attractions වලින් කිහිපයක්. Internet එකේ search පාරක් දාලා තමන්ට ආස හිතෙනවනම් යන්න. Klook site එකේ මේවයෙන් කැමති කිහිපයක් තෝරගෙන යන්න පුළුවන් pass පවා තියෙනවා. එහෙම එකක් ගත්තොත් ටිකක් ලාබයි.

    4D AdventureLand: Desperados in 4D
    4D AdventureLand: Extreme Log Ride
    4D AdventureLand: Journey 2: The Mysterious Island
    AJ Hackett (Skybridge)
    Bi-Pedal Bicycle
    Butterfly Park & Insect Kingdom
    Fort Siloso Combat Skirmish: Indoor Maze
    KidZania Singapore
    Megabounce or Parajump
    Royal Albatross
    Segway Fun Ride
    Sentosa Merlion
    Tiger Sky Tower
    Wave House Sentosa

    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113

    machan sentosa eke okkoma attraction walata eka para ticket ekak ganna nemei da thiyenne?wena wenama ticket ganna oni da?i mean api kemathi ride ekak gawata gihin a wele ticket aran yannada thiyenne?sentosa island ekai universal studio ekatai 2days ahak karanna oni da?universal yanna day ekai.senthosa walata day ekai?
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    machan sentosa eke okkoma attraction walata eka para ticket ekak ganna nemei da thiyenne?wena wenama ticket ganna oni da?i mean api kemathi ride ekak gawata gihin a wele ticket aran yannada thiyenne?sentosa island ekai universal studio ekatai 2days ahak karanna oni da?universal yanna day ekai.senthosa walata day ekai?

    1. මෙහෙමයි මචන්. සෙන්තොසා එකේ attractions 20ක් විතර තියෙනවනේ. ඉතින් ඔක්කොම include කරලා tickets නම් නෑ මම දන්න විදිහට. එහෙම අරගෙන වැඩකුත් නෑ. මොකද අපිට හැම එකම set වෙන්නේ නෑනේ.
    හැබැයි සමහර offers එනවා bundle offers කියලා. ඒවා එන්නේ 3 attractions, 5 attractions, 8 attractions fun pass කිය කියා. උදාරහණයක් විදිහට අපි 5 attractions fun pass එකක් ගත්තොත් ticket එකේ mention කරලා තියෙන attractions වලින් ඔයා කැමති තැන් 5කට යන්න පුළුවන්. ඒ වගේ. ඒක ටිකක් ලාබයි. හැබැයි separate tickets එක්ක ගණන් compare කරලා ගන්න.

    2. ඕනම attraction එකකට tickets එතනින් ගන්න පුළුවන්. හැබැයි බන් ගණන්. ඒකයි කිව්වේ. plan කරලා මෙහෙන් book කරලා යන්න කියලා. plan කරගන්න උදව්වක් විදිහට තමා attraction එකකට යන time duration එක දැම්මේ.

    3. Universal studio යන්න නම් වෙනම ticket එකක් ගන්න වෙනවා. හැබැයි ඒ ticket එකෙන් එකේ තියෙන ඕනම ride එකකට යන්න පුළුවන්. Universal Studio කියන්නේ සෙන්තොසා island එකේ තියෙන එක attraction එකක් විතරයි. හැබැයි ඒකේ බලන්න දේවල් (rides) ගොඩක් තියෙනවා. ඉතින් ඒකට උදේ 9 ඉඳන් හවස 3-4 වගේ වෙනකන් වෙන් කරන්න වෙනවා. එදාම හවස wings of time බලන්න පුළුවන්. wings of time පටන් ගන්නේ 7.40ට නිසා තව එක attraction එකකට වගේ යන්න වෙලාව තියෙයි. ඊට වඩා බැරි වෙයි.
     
    Last edited: