2. විනෝද වෙන්න
විනෝද වෙන්න ඉතින් සින්ගප්පූරුව තරම් වෙන රටක් නෑ. ඔයාලට ඕන මොන විදිහේ විනෝදයක්ද අන්න ඒ හැම විදිහේ විනෝදයක්ම මේ රටෙන් හොයාගන්න පුළුවන්.
ඉතින් සින්ගප්පූරුවට එන touristsලා විනෝද වෙන්න නම් යන්නම ඕන තැන තමයි SENTHOSA ISLAND කියන්නේ. මේක හරියට fun ලෝකයක් වගේ කිව්වොත් හරි.
සින්ගප්පූරුවේ කොනක තියෙන පුංචි දූපතක් තමා සෙන්තොසා කියන්නේ. මේකෙ අපිට විනෝද වෙන්න තැනින් තැන එක එක විදිහේ attractions හදලා තියෙනවා. ලස්සන මුහුදු වෙරළවල් පවා තියෙනවා.
මේකට යන්න මම අර මුලින් කියපු MRT වලින් බෑ. අපි කරන්න ඕන Harbourfront කියන MRT station එකට යන්න ඕන. මේ station එක Vivo City කියන ලොකුම ලොකු shopping mall එකක් එක්ක connect වෙලා තමා තියෙන්නේ. මේකෙම තමා Senthosa station එකත් තියෙන්නේ. මට මතක හැටියට 7 වෙනි තට්ටුවෙද කොහෙද. අවුලක් නෑ. ඊතල ගහල තියෙනවා හැම තැනම. shape එකේ හොයාගෙන යන්න.
හරි. සෙන්තොසා Station එකට ගියාට පස්සේ අපි එතනින් සෙන්තොසා දූපතට යන Senthosa Express එකට නගින්න ඕන. සෙන්තොසා Express කියන්නේ සෙන්තොසා දූපත වටේ යන Monorail එකක්. මේක stations 3ක නවත්තනවා. අපිට බලන්න යන්න ඕන attractions තියෙන්නේ මේ stations කිට්ටුව concentrate වෙලා. අර මම මුලින් කිව්ව වගේම මේ train එකත් අපි ඒ අදාළ station එකට ළං වෙද්දි ඒ station එකෙන් යන්න පුළුවන් attractions announce කරලා කියනවා. ඒ වගේම train එකෙත් ගහල තියෙනවා. ඉතින් බයවෙන්න දෙයක් නෑ. අපි tickets ගත්තු ඒවා මොනාද බලලා අදාළ තැනින් බැහැලා ගිහින් එන්නයි තියෙන්නේ. මේ train එකත් විනාඩි 10න් 10ට වගේ තියෙනවා මට මතක හැටියට. තමන් tickets ගත්තු attraction එක තියෙන්නේ මොන station එකේ ද කියල දන්නේ නැත්නම් ඕනම නිලධාරියෙක්ගෙන් අහන්න. එයාලා කියයි.
තව දෙයක්. මම මේ කිව්වේ සෙන්තොසා දූපතට යන එක ක්රමයක් විතරයි. මම මේ thread එක පටන් ගත්තෙම අඩුවට සින්ගප්පූරු යන්න කියලනේ. ඉතින් එහෙම යන්න නම් Senthosa express තමා ලාබම ක්රමය. 4 SGD වගේ තමා කැපෙන්නේ. මේකේ යන්නත් අපිට අර ez-link card එකම use කරන්න පුළුවන්. Cable cars කියල උඩින් යන ක්රමයකුත් තියෙනවා. ඒකත් ආතල් ඇති. ඒකේ ticket එකක් 14 USD වගේ වෙනවා.
ඉතින් මම මුලින් කිව්වා වගේ සෙන්තොසා Island එකේ ගොඩාක් attractions තියෙනවා. ඔය හැම එකම බලන්න ඉතින් අපිට වෙලාවක් එන එකක් නෑ. මම ඒ නිසා කෙටි විස්තරයක් දාන්නම් වැදගත්ම ටික පිළිබඳව. යන time එක cost එක බලලා ඔයාලා manage කරගන්න බලන්න යන්නේ මොනාද කියලා. මට මේ attractions අයිති වෙන station එක නම් මතක නෑ. ඒක ඉතින් senthosa express එකේ යද්දි announce කරලා කියනවනේ. ඒ නිසා අවුලක් නෑ. අනික මම නොගියපු සමහර තැන් වල time durations වගේ විස්තර දන්නේ නෑ. දන්න යාලුවො ඉන්නවනම් ඒ විස්තරත් බෙදාගන්න.
Universal Studio
සින්ගප්පූරු යනවානම් මේකට නොගිහින් ආවොත් අපරාදයක්. මොකද මේ වගේ තැනක් ලංකාවට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ. ඉතින් මම කියන්නේ ඔයාල සින්ගා යනවනම් සෙන්තොසා island එකේ වෙන කිසිම තැනකට නොගියත් මෙතනට යන්න.
Universal Studio කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම live film studio එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි ආසාවෙන් බලපු films වල locations ඇත්තටම හදලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ film එකේ අපිත් ජීවත් වෙනවා වගේ වැඩක් වෙන්නේ. එක එක film location එකට අදාලව එක එක ජාතියේ rides තියෙනවා. මෙහෙම හිතන්නකෝ. Madagascar film location එකේ කැළෑවේ boat ride එකක් තියෙනවා. Shrek film එකේ මාලිගාව ඇත්තටම හදලා තියෙනවා. ඒක ඇතුලේ 4D film එකක් පෙන්නනවා. Jurassic park film එකේ කැලේ floating boat ride එකක් තියෙනවා. ගඟ දිගේ පාවෙන බෝට්ටුවක යන්න තියෙන්නේ. යද්දි dinosaursලා එහෙම ඔලුව දානවා. අපි සමහර තැන් වල වතුරෙන් නෑවෙනවා. පැද්දෙනවා ගැස්සෙනවා. ඒ වගේ තව films locations තියෙනවා. ඕවයේ roller coasters, stage dramas, live action films, rides හැමදේම තියෙනවා. සමහර තැන් වල ඒ movie characters එක්ක photos ගන්න පුළුවන්. එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ඔක්කොම rides වල යන්න නම් පුතේ දවසකුත් මදි.හැබැයි මෙහෙමයි. ride එකේ ස්වභාවය යන්න කලින් ගහල තියෙනවා. ඒ කියන්නේ high speed moving, tilting, reverse moving, elevation changes, twisting, upside down කිය කියා. ඉතින් ඒක බලලා අපිට බය හිතෙනවා නම් අපි යන්නේ නෑනේ. එහෙම ඉතින් තෝරගෙන ගියාම උදේ 9ට ගියොත් හවස 3-4 වෙද්දි ඔක්කොම වගේ කරගන්න පුලුවන් වෙයි. ගිහින්ම බලන්න ආතල් එක.
Ticket Cost: 54 USD
Preferred time: Day time
Time duration: 6-8 hours (Starting 9 am)
S.E.A. Aquarium
මේක water world එකක්. මාරම ලස්සනයි ඉතින්. ලංකාවේ තියෙන්නේ මාලුන්ව ටැංකි වලට දාල අපිට පෙන්නනවනේ. මේක හරියට අපි ටැංකි වල ඉඳන් මාළුන්ව බලනවා වගේ. ඒ තරම් විශාල area එකක් තියෙනවා. ගිහින් බලන්න
Ticket Cost: 26 USD
Preferred time: evening
Time duration: 2-3 hours (Starting 2 pm)
Wings of Time
අපේ ඇස් පින් කරලා තියෙනවා කියල දැනෙන්න නම් මේක බලන්නම ඕන. wings of time කියන්නේ මුහුද අයිනේ arrange කරලා තියෙන light show එකක්. light show එකක් කිව්වට සජීවී චරිත, මල් වෙඩි, වතුර මල්, LED Screen එකක් හැමදේම කරලා ලස්සන කතාවක් පෙන්නනවා stage drama එකක් වගේ. වතුර උඩට project කරලා ඒකට තමා lights ගහන්නේ. මේක විස්තර කරන්න තේරෙන්නේ නෑ මට. හැබැයි ජීවිතේ මම දැකපු ලස්සනම දසුන් වලින් එකක්. දවසම universal studio එකේ ඇවිදලා මහන්සිය නිවාගන්න කියාපු place එක. රෑ 7.40 සහ 8.40 shows 2ක් තියෙනවා.
Ticket Cost: 7-10 USD
Preferred time: night
Time duration: 20mins (Starting 7.40 & 8.40 pm)
Madame Tussauds Singapore
මේක VAX museum එකක්. තනියෙන් යනවානම් යන එක එච්චර සුදුසු නෑ. මොකද photos ගන්න කෙනෙක් නෑනේ. නැත්නම් හොඳයි.
Ticket Cost: 15 USD
Preferred time: any
Time duration: 1-2 hours
Trick Eye Museum
මේකත් 3D arts තියෙන museum එකක්. අර අපේ දියත උයනේ තියෙන්නෙ බන්. ඒ වගේ ඊට වඩා සිරා place එකක්. මේකටත් තනියෙන් යන්න එපා. photos ගන්න කෙනෙක් ඉන්නවනම් යන්න.
Ticket Cost: 14 USD
Preferred time: any
Time duration: 1-2hours
මීට අමතරව ඉතින් තව ගොඩාක් ඒවා තියෙනවා. i-flyer කියලා space එකේ ඉන්නවා වගේ vacuum එකක පාවෙන සීන් එකකුත් තියෙනවා. මට නම් යන්න බැරි උනා. පහළ තියෙන්නේ සෙන්තොසා එකේ තියෙන ඒ වගේ attractions වලින් කිහිපයක්. Internet එකේ search පාරක් දාලා තමන්ට ආස හිතෙනවනම් යන්න. Klook site එකේ මේවයෙන් කැමති කිහිපයක් තෝරගෙන යන්න පුළුවන් pass පවා තියෙනවා. එහෙම එකක් ගත්තොත් ටිකක් ලාබයි.
4D AdventureLand: Desperados in 4D
4D AdventureLand: Extreme Log Ride
4D AdventureLand: Journey 2: The Mysterious Island
AJ Hackett (Skybridge)
Bi-Pedal Bicycle
Butterfly Park & Insect Kingdom
Fort Siloso Combat Skirmish: Indoor Maze
KidZania Singapore
Megabounce or Parajump
Royal Albatross
Segway Fun Ride
Sentosa Merlion
Tiger Sky Tower
Wave House Sentosa