රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකින් නම් දැක්කා ලංකාවෙ වගෙම ලොකෙටම ඉන්නෙ එකම එක කුරු අලියයි කියලාකුරු අලි කියල ජාතියක් ඉන්නවද?
කවුරු හරි එකෙක් දැකල තියෙනවද?
කටකතා සින් නැතුව ඇස් දෙකට දැකපු එකෙක් කියපන් / ෆොටෝ දාපන් බලන්න.
ගුගල් එකේ ෆොටෝ 2-3 ක් වගේ තියෙනවා, මටනම් හිතෙන්නේ උන්ට මොනාහරි ලෙඩක් හැදිලා වෙන්න ඇති
![]()
රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකින් නම් දැක්කා ලංකාවෙ වගෙම ලොකෙටම ඉන්නෙ එකම එක කුරු අලියයි කියලා
ඒ ඔය ෆොටො එකෙ ඉන්න එකා .
අර සප්ත කන්‍යා කඳුවක කුරු අලි බලන්න ගිහින් කියලා අතරමං උන සෙට් එකක් ඉන්නව නෙ ? එහෙම ගිය උනුත් කුරු අලි දැකලා නැහැ. ඒ කියන්නෙ ඒ කුරු අලි කතාව බොරු.
එකම එකයි ඉන්නෙ ලොකෙටම ඒ අපෙ රටෙ. තැන හරියට මතක නැහැ.
ඌව ලේසියෙන් ස්පොට් කරගන්න අමාරුයි.
මෙම කුරු අලියා වයසින් අවුරුදු 20-30 ත් අතර ප්‍රමාණයේ යෑයි සැලකෙන අතර වැඩුණු පිරිමි සතෙකි. උස අඩි 5 ක් පමණ වේ. සාමාන්‍ය පරිදි වැඩුණු සිරුරක් මෙම අලියාගේ උඩු කයෙහි දක්නට ඇති අතර පාද ඉතා කෙටි සහ පුළුල්ය. හිස, හොඬය හා හොඬ මූලය (හක්ක ප්‍රදේශය) වැඩුණු අලියකුට සමානය
මෙම අලියා ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කර ඇති රොහාන් විඡේසිංහ මහතා පවසන පරිදි ඔහුට කුරු අලියා මුණගැසී ඇත්තේ උඩවලව වනෝද්‍යානයේ ප්රවිශ්ඨ දොරටුවට මඳක් ආසන්නයේ පිහිටා ඇති තේක්ක වැව අසල මාර්ගයේදීය.
ඒ අනුව කුරු අලියා පිළිබඳ ඡායාරූප තොරතුරු ඇතුළත් වාර්තාව මෙවර ගජ විද්‍යාත්මක සඟරාවේ පළකර ඇත්තේ විද්‍යාත්මක හඳුනා ගැනීමක් ලෙසිනි. එය ලෝකයේ ප්‍රථම කුරු අලියා හඳුනා ගැනීමේ වාර්තාව බවට ඒ අනුව පත්වෙයි.අලින් පිළිබඳ ප්‍රකට පර්යේෂක වෛද්‍ය පෘතිවිරාඡ් ප්‍රනාන්දු මහතා මෙය මෙතෙක් හ\qනාගත් ප්‍රථම කුරු අලි වාර්තාව බවට සනාථ කරයි. අදාළ ජර්නලයේ මේ අනුව රොහාන් විඡේසිංහ, නදීක හපුආරච්චි, ඩ්‍රැඩ් ඇබොට්, ජෙනිµර් පැස්ටෝ රිනි සහ පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් අදාල පර්යේෂණ වාර්තාව පළවී ඇත.

නෑ බං. මං කැකිරාව පැත්තේ ඉද්දි දැකලා තියෙනවා.
රංචු පිටින් ඉන්නවා. සමහර වෙලාවට ලොකු උන් එක්කත් මුන් ඉන්නවා.
ශ්‍රී ලංකාවේ අලි අයත් වනුයේ ආසියානු අලින්ට ය. ශ්‍රී ලංකාවේ අලින්ගේ විද්‍යාත්මක නාමය එලිපාස්ථ මැක්සිමස්, මැක්සිමස් ය. ලංකාවේ අලි ගැන පී. ඊ. පී. දැරණියගල ලියූ ග්‍රන්ථයේ, ලංකාවේ අලින්ගේ උප ප්‍රභේද දෙකක් දක්වයි. ඒ, රජරට විල්ලු ආශ්‍රිතව සිටින විල්ලු අලි හා කුරු අලි යනුවෙනි. ඉන් වඩාත් දුර්ලභ කුරු අලි ය. වනජීවී භාරය පළකර ඇති ‘ද එලිෆන්ට් ඉන් ශ්‍රී ලංකා’ හා තෙරීසා කැනන් හා පීටර් සේපී ඔස්ට්‍රේලියාවේදී පළකර ඇති ‘අලියා’ නමැති ග්‍රන්ථයේ දී සම්ප්‍රදායානුකූලව ලංකාවේ අලි කුල දහයකට බෙදයි.
මහාචාර්ය පී. ඊ. පී. දැරණයගල ලියූ ශාස්ත්‍රීය ලිපියක උන් “කුරු පර්වා” යන නමින් දක්වයි. කුරු අලි කුඩාවට වැඩීමට හේතුව පෝෂණ ඌනතාව බව ආචාර්ය සරත් කොටගම කියයි. ආහාර ඌනතාව නිසා මේ කුඩා සිරුරු උන්ට උපතින් හිමි වෙයි.
කුරු අලි නෙවෙයි ඔය නෝමල් අලි ඇවිදලම දනිස් පොල් කට්ට ගෙවිල![]()

