කුරු අලි

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කුරු අලි කියල ජාතියක් ඉන්නවද?
    කවුරු හරි එකෙක් දැකල තියෙනවද?
    කටකතා සින් නැතුව ඇස් දෙකට දැකපු එකෙක් කියපන් / ෆොටෝ දාපන් බලන්න.
    ගුගල් එකේ ෆොටෝ 2-3 ක් වගේ තියෙනවා, මටනම් හිතෙන්නේ උන්ට මොනාහරි ලෙඩක් හැදිලා වෙන්න ඇති


    image_344fbb7673.jpg
     
    • Like
    Reactions: dark92b

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කුරු අලි කියල ජාතියක් ඉන්නවද?
    කවුරු හරි එකෙක් දැකල තියෙනවද?
    කටකතා සින් නැතුව ඇස් දෙකට දැකපු එකෙක් කියපන් / ෆොටෝ දාපන් බලන්න.
    ගුගල් එකේ ෆොටෝ 2-3 ක් වගේ තියෙනවා, මටනම් හිතෙන්නේ උන්ට මොනාහරි ලෙඩක් හැදිලා වෙන්න ඇති


    image_344fbb7673.jpg
    රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකින් නම් දැක්කා ලංකාවෙ වගෙම ලොකෙටම ඉන්නෙ එකම එක කුරු අලියයි කියලා
    ඒ ඔය ෆොටො එකෙ ඉන්න එකා .

    අර සප්ත කන්‍යා කඳුවක කුරු අලි බලන්න ගිහින් කියලා අතරමං උන සෙට් එකක් ඉන්නව නෙ ? එහෙම ගිය උනුත් කුරු අලි දැකලා නැහැ. ඒ කියන්නෙ ඒ කුරු අලි කතාව බොරු.
    එකම එකයි ඉන්නෙ ලොකෙටම ඒ අපෙ රටෙ. තැන හරියට මතක නැහැ.
    ඌව ලේසියෙන් ස්පොට් කරගන්න අමාරුයි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ඔව් බන්, මෙහෙම abnormal විදියට ඉපදෙන්න පුළුවන්, මම අහන්නේ ඔය මිනිස්සු කියන්නේ සප්තකන්‍යා කදුවල කුරු අලි ඉන්නවා කියන එක.

    උබ දාල තිබ්බ අලියා ගැන නම් දිනමිණ ආටිකල් එකකුත් ගියා
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකින් නම් දැක්කා ලංකාවෙ වගෙම ලොකෙටම ඉන්නෙ එකම එක කුරු අලියයි කියලා
    ඒ ඔය ෆොටො එකෙ ඉන්න එකා .

    අර සප්ත කන්‍යා කඳුවක කුරු අලි බලන්න ගිහින් කියලා අතරමං උන සෙට් එකක් ඉන්නව නෙ ? එහෙම ගිය උනුත් කුරු අලි දැකලා නැහැ. ඒ කියන්නෙ ඒ කුරු අලි කතාව බොරු.
    එකම එකයි ඉන්නෙ ලොකෙටම ඒ අපෙ රටෙ. තැන හරියට මතක නැහැ.
    ඌව ලේසියෙන් ස්පොට් කරගන්න අමාරුයි.

    අන්න හරි, ඕක තමයි මමත් කියන්නේ. අර කුරු අලි එකෙක් ඉන්න එක ගැන දිනමිණ එකේ කියල තිබ්බේ මෙහෙම

    මෙම කුරු අලියා වයසින් අවුරුදු 20-30 ත් අතර ප්‍රමාණයේ යෑයි සැලකෙන අතර වැඩුණු පිරිමි සතෙකි. උස අඩි 5 ක්‌ පමණ වේ. සාමාන්‍ය පරිදි වැඩුණු සිරුරක්‌ මෙම අලියාගේ උඩු කයෙහි දක්‌නට ඇති අතර පාද ඉතා කෙටි සහ පුළුල්ය. හිස, හොඬය හා හොඬ මූලය (හක්‌ක ප්‍රදේශය) වැඩුණු අලියකුට සමානය
    මෙම අලියා ප්‍රථමයෙන්ම නිරීක්‍ෂණය කර ඇති රොහාන් විඡේසිංහ මහතා පවසන පරිදි ඔහුට කුරු අලියා මුණගැසී ඇත්තේ උඩවලව වනෝද්‍යානයේ ප්‍රවිශ්ඨ දොරටුවට මඳක්‌ ආසන්නයේ පිහිටා ඇති තේක්‌ක වැව අසල මාර්ගයේදීය.
    ඒ අනුව කුරු අලියා පිළිබඳ ඡායාරූප තොරතුරු ඇතුළත් වාර්තාව මෙවර ගජ විද්‍යාත්මක සඟරාවේ පළකර ඇත්තේ විද්‍යාත්මක හඳුනා ගැනීමක්‌ ලෙසිනි. එය ලෝකයේ ප්‍රථම කුරු අලියා හඳුනා ගැනීමේ වාර්තාව බවට ඒ අනුව පත්වෙයි.අලින් පිළිබඳ ප්‍රකට පර්යේෂක වෛද්‍ය පෘතිවිරාඡ් ප්‍රනාන්දු මහතා මෙය මෙතෙක්‌ හ\qනාගත් ප්‍රථම කුරු අලි වාර්තාව බවට සනාථ කරයි. අදාළ ජර්නලයේ මේ අනුව රොහාන් විඡේසිංහ, නදීක හපුආරච්චි, ඩ්‍රැඩ් ඇබොට්‌, ජෙනිµර් පැස්‌ටෝ රිනි සහ පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් අදාල පර්යේෂණ වාර්තාව පළවී ඇත.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නෑ බං. මං කැකිරාව පැත්තේ ඉද්දි දැකලා තියෙනවා.
    රංචු පිටින් ඉන්නවා. සමහර වෙලාවට ලොකු උන් එක්කත් මුන් ඉන්නවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    මු උඩවලවේ ඉන්නේ, හැමදාම දකින්න නෑලු...
    ඉස්සර හෝටන් තැන්නේ එහෙම හිටිය කියනවා, උන්ව දඩයම් කරලම නැති වෙලා ගිහින්.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පිග්මි අලි කියලා ජාතියක් ඉන්නවා. උන් ඔය කුරුමිටි අලින්ට වඩා වෙනස්. කුරුමිටි අලි කියන්නෙ මන් හිතන්නෙ අර මිනිස්සු කුරුමිට්ටෝ වෙන විදිහට හැදෙන ජාතියක්. එතකොට පිග්මි9 අලි කියන්නෙ. අලියගෙම පොඩි සයිස් එක උන්ගෙ අත පය ඔක්කොම ලොකු අලින්ට සාපේශව කුඩයි.. එතකොට අලියත් කුඩයි:yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    kuru ali innawa lahugala kale, mama one tharam dekala thiyanawa
    mama danna wediyata kuru ali lankawata awenikaida koheda
    lankawenma inne lahugala, kumana(ampara, monaragala) kittuwa

    un anith alinta wada darunui, nitharama elawanawa
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නෑ බං. මං කැකිරාව පැත්තේ ඉද්දි දැකලා තියෙනවා.
    රංචු පිටින් ඉන්නවා. සමහර වෙලාවට ලොකු උන් එක්කත් මුන් ඉන්නවා.

    මේ කැකිරාවේ වල් අලි රංචුව ගැන දාපු නිවුස් එකක්, මෙතනනම් ඉන්නේ කැරි සයිස් අලි

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රුහුණු ගැටව් කියන නමින් හඳුන්වපු කුඩා අලි විශේෂයක් ඉඳලා තියනවා. දැන් නම් ඉන්නවද දන්නෙ නැහැ. උන් කුරු නෙමෙයි. කුඩා අලි විශේෂයක්.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ශ්‍රී ලංකාවේ අලි අයත් වනුයේ ආසියානු අලින්ට ය. ශ්‍රී ලංකාවේ අලින්ගේ විද්‍යාත්මක නාමය එලිපාස්ථ මැක්සිමස්, මැක්සිමස් ය. ලංකාවේ අලි ගැන පී. ඊ. පී. දැරණියගල ලියූ ග්‍රන්ථයේ, ලංකාවේ අලින්ගේ උප ප්‍රභේද දෙකක් දක්වයි. ඒ, රජරට විල්ලු ආශ්‍රිතව සිටින විල්ලු අලි හා කුරු අලි යනුවෙනි. ඉන් වඩාත් දුර්ලභ කුරු අලි ය. වනජීවී භාරය පළකර ඇති ‘ද එලිෆන්ට් ඉන් ශ්‍රී ලංකා’ හා තෙරීසා කැනන් හා පීටර් සේපී ඔස්ට්‍රේලියාවේදී පළකර ඇති ‘අලියා’ නමැති ග්‍රන්ථයේ දී සම්ප්‍රදායානුකූලව ලංකාවේ අලි කුල දහයකට බෙදයි.

    මහාචාර්ය පී. ඊ. පී. දැරණයගල ලියූ ශාස්ත්‍රීය ලිපියක උන් “කුරු පර්වා” යන නමින් දක්වයි. කුරු අලි කුඩාවට වැඩීමට හේතුව පෝෂණ ඌනතාව බව ආචාර්ය සරත් කොටගම කියයි. ආහාර ඌනතාව නිසා මේ කුඩා සිරුරු උන්ට උපතින් හිමි වෙයි.


    http://www.divaina.com/2010/12/24/feature01.html
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    845 “සිලෝන්” ග්‍රන්ථය ලියූ ටෙනන්ට්, ලංකාවේ සිටි කුරු අලි ගැන සඳහන් කරයි. 1880 අල්ලා ගත් කුරු අලියකුගේ උස අඩි හතරයි අඟල් දහයක් ලෙස වාර්තා වී ඇත. මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල විස්තර අනුව මඩවල දිසාව සතු අවුරුදු විස්සක් වයස කුරු අලියකුගේ උස අඩි පහකි. 1900 පමණ වනතුරු තෙත් කලාපයට අයත් හෝර්ටන්තැන්නේ කුරු අලි ජීවත් වූහ. 1953 – 1958 අතර රුහුණේ කටගමුව වැවට නිතර දිය බීමට ආ කුරු අලියෙක්, කෙක් - කෙක් යන හඬ නිතර නැඟූ නිසා, ඌ කෙක් අලියා නමින් ගැමියන් අතර ප්‍රකට විය. 1958න් පසු කෙක් අලියා ගැන තොරතුරු නැත. ඌ බිහිරි කුරු අලියකු බව හෙළිවෙයි.

    වනජීවී දෙපාර්තමේන්තුව පළකළ “වනදිවි පුවත්” සඟරාවේ හයවැනි කලාපය අනුව, යාල වන උයනේ දහතුන් දෙනකුගෙන් යුත් කුරු අලි රංචුවක් ජීවත් වී ඇත. උන් ආහාර සොයා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය දක්වා කැළෑවේ ඇවිද්දාහ. කුරු අලින්ගේ හැසිරීම් රටාව සාමාන්‍ය අලින්ගේ හැසිරීම් රටාවට සමාන ය. එක ම වෙනස කුඩා සිරුරු තිබීම ය. දැනටත් රුහුණේ යාල ප්‍රදේශයේ විරල ලෙස කුරු අලි ඇත. උතුරු හා උතුරුමැද ද, රුහුණු ගැටව් දැන් විරල ය. ශ්‍රීපාදය වන්දනා කාලය එළැඹෙන විට, ශ්‍රීපාද සීමාවේ සිටින දහතුන්දෙනකුගෙන් පමණ යුතු කුරු අලි රංචුවක් ශ්‍රී පාද සීමාව අත්හැර මිනිසුන් නොගැවසෙන ශ්‍රීපාද රක්ෂිතයේ එක් කෙළවරක් වූ ලක්ෂපාන, සප්තකන්‍යා කඳු අවට සැරිසරන බව 1985 වසර වනවිට ප්‍රකට විය.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ජාතික පශු සම්පත් ගොවිපොළ 1982 අල්ලාගත් මාලී නමැති කුරු ඇතින්න, 1983 පින්නවල අලි නිවහනට බාරදී ඇත. මාලී වයස අවුරුදු තුනේදී ඇගේ උස අඩි තුනකි. ඇගේ පාද කෙටි විය. උදරය එල්ලා වැටුණි. අනෙක් අලි රංචුව සමඟ යාමට ඇයට බැරි විය. හේතුව හෝමෝන ඌනතාවක් හෝ ශාරීරික විකෘතිතාවක් විය. මාලී පින්නවල සිට පසුකල දෙහිවල සත්තු වත්තට මාරුකර යවා ඇත. 1983 අල්ලා ගත් කුරු අලියකුගේ උස අඩි හතරක් බව දියදම සඟරාවේ 37 කලාපයේ පළ විය. 1992 ජූලි ගල්නෑවේ දී අඩි හතරක් උස “ඔත්තුවා” නම් කුරු අලියා අල්ලාගෙන ඇත. 1995 අග මාතලේ රත්තොට ඕවලදී කුරු අලියෙක් ගම්වැදී මිනිසකු පොළොවේ ගසා මරා දමා ඇත. 1996 අගෝස්තු මසදී, මිනිසුන් දහසයදෙනකු මරා දැමූ කුරු අලියකු ගැන ගිරාඳුරුකෝට්ටෙන් වාර්තා විය. 1998 ජනවාරි වවුනියා මඬුකන්දෙන් ඇල්ලූ “කුමරා” නම් කුරු අලි පැටවා පින්නවලට බාරදී ඇත. 1999 පෙබරවාරි මසදී, හොඬවැලේ ඇඟිල්ලක් නැති, වෙඩි වැදී ඇඟ පුරා තුවාල පිරුණු “ඇඟිලි කොටා” නමැති කුරු අලියා, නොච්චියාගම අන්දරවැවදී අල්ලාගෙන ඇත.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    කුරු අලි නෙවෙයි ඔය නෝමල් අලි ඇවිදලම දනිස් පොල් කට්ට ගෙවිල :lol:

    :yes::yes:
    මේක තමයි ඇත්ත, එහෙම නැත්නම් අර තරම් ලොකු අලි කුරුවෙන්න පුලුවන් කියලා හිතන්නෙ කවුද