Migrate To New Zealand

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ළමායි සුබ දවසක් :love:,

    ආයෙත් උබලගෙ උදවු හොයන් ආවෙ මේ. :yes:
    New Zealand වලට Migrate වෙන්න හිතන් ඉන්නෙ. දැනට BEng(Hons) තියනව. මේවෙද්දි වසර 2කක Software Engineering Working Experience තියනව. මගෙ අදහසක් තියනව Business Management ඉගෙනගන්නත් :nerd:.

    මට තාම අදහසක් නෑ මම පටන් ගන්න ඕන කොතනින්ද කියල. :confused:
    මෙහෙ consulting ගන්න හොද කෙනෙක් හෝ ආයතනයක් හරි දන්නවනම් කියන්න. ගිය කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න මෙතන හරි PM හරි කරන්න
    :yes:

    සුබ දවසක් කස්ටියටම. :love: :rolleyes:
     
    • Like
    Reactions: tha123

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Bump. Web eken balala thaniyama dapan ban. Agentsla gawata yanna epa. Thaniyen web eka study karala indapan
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    New Zealand rata tiyenne gini kandak uda....
    Meka witin wita sakriya wenawa

    Meka koi wele pupurala yaida danne nehe lu...

    Lankwata wela hitu


    Lankawen igenagattanam, nidahas adyapanen iskole giyanam, lankawata sewayak karapiya
     
    Jun 15, 2017
    269
    29
    0
    Lankawen igenagattanam, nidahas adyapanen iskole giyanam, lankawata sewayak karapiya

    මේකට උත්තරේ දීපන්

    පහ වසරේ ශිෂයත්ව විභාගේ පාස් උනාම හො O ලෙවල් පාස් උනාම ඇයි ගොඩක් එවුන් වෙන ලොකු ඉස්කෝල හොයන් යන්නේ? ඉගෙන ගත්තේ එ ඉස්කෝලෙන් නම් එකටම වෙලා ඉන්නේ නැතුව?
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    deyak karanna kalin balapan e rate job tiyenawada kiyala .IT filed eke jobs godak adui NZ wala . linkedin eke balapanko
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    https://www.facebook.com/groups/804276106323782?view=permalink&id=1848564855228230

    ය පහල තියන ලින්ක් එකට අදාල news එක මේ දවස් වල නවසීලන්තයේ ටීවි, රේඩියො, පත්තර වගේ ඒවගෙ ටිකක් පේන්න තියනවා. රට ගැන මාර සතුටක් එනවා නේ 'Sri Lankan student visa scam' කියලා කියපුවාම. මෙච්චර කල් අපේ අල්ලපු රටෙ අය තමා ඔය වගෙ ජිල්මාට් වලට නම්දරල තිබ්බේ. එහෙම කොහොමද උන්ට චාන්ස් එකක් දෙන්නෙ කියල ඔන්න අපිත් දැන් කරට කර ඉන්නවා. ආඩම්බරයි අප්පා.

    මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නෙ?
    නවසීලන්තයට ඉගෙන ගන්න එද්දී අනිවාර්යයෙන්ම පලවෙනි අවුරුද්දෙ course fee එක ගෙවන්න ඔනේ. මේක බොහො විට NZD 17000 ඉදන් ඉහල ගානක් වෙනවා (ලන්කාවෙ සල්ලි වලින් නම් ලක්ශ 18ක් වගේ). University එකෙන් offer letter එක ආවාම ඔය ගස්තුව ගෙවල රිසිට් එක immigration එකට දෙන්න ඔනේ විසා එක approve වෙන්න. මීට අමතරව වීසා එක වැදෙන්න නම් NZD 15000 ක් වගේ ගානක් තමන්ගේ නමට හෝ දෙමව්පියන්ගේ/සහොදරයන්ගෙ නමට (එයාල sponsor කරනවා කියල පිලිගන්නවා නම්) බැන්කු පොතෙ තියෙන්න ඔනේ. එයාල මේ deposit එක බලන්නෙ සාදාරන හේතුවක් ඇතිව. Student visa අරන් එන කෙනෙක්ට සතියකට වැඩ කරන්න පුලුවන් පැය 20යි. (shape එකේ හිටියොත් මේ ගාන එක්ක්නෙක්ගෙ සතියෙ වියදමට ඇති) ඒත් සමහර විට ආපු ගමන් රස්සා හොයා ගන්න අමාරුයි. හැබැයි වීස වැදිලා තියන කෙනාට බැන්කුවේ සල්ලි තියනවා. ඒ හින්දා ජොබ් එකක් නැති උනත් මේ රටේ ජිවත් වෙන්න පුලුවන්. ඔන්න ඔහොම හිතල තමා මේ deposit එක අනිවාර්‍ය කරල තියෙන්නෙ. Couple එකක් එනවා නම් මේ deposit එක වැඩී. මේ සල්ලි බැන්කුවේ මාස 6ක් හෝ වැඩි ගානක් account එකේ තියෙන්න ඔනේ කියන එක අනෙක් කාරනාව. ඒ condition එක වැටෙන්න ඇත්තේ deposit පෙන්නන්න විතරක් අතමාරුවට සල්ලි බැන්කුවට දාල bank statement පෙන්නන එක වලක්වන්න වෙන්න ඔනේ. සමහර අවස්තා වල immigration එකෙන් කියනවා ඔය පෙන්නපු සල්ලි NZ bank account එකකට දාන්න කියලා.හැබැයි අපිට ඔනේ විදියට සල්ලි ගන්න බෑ. ඊට පස්සෙ එයාල ඒ සල්ලි සතියකට සෑහෙන ප්‍රමානයක් අයිතිකාරයාගෙ වියදම් වලට ලබා දෙනවා. මේ හැම දෙයින්ම එයාල පෙන්නන්න හදන්නෙ students ල එන්නෙ ඉගෙන ගන්න මිසක් සල්ලි හම්බ කරන්න නෙවෙයි කියන එක.

    ඔය කියන විදියට දැන් වෙලා තියෙන්නෙ ලන්කාවෙ එක්තරා මූල්‍ය ආයතනයක් විසින් bank accounts මාස 6ක් පරනයි කියල වන්චනික bank statements දීලා තියනවා වීසා වලට දාන්න. (මේක ලන්කාවෙ ප්‍රසිද්ද මූලය ආයතනයක්) තේරෙන විදියට ඔය කතාවට agentsලත් සම්බන්දයි. එයාල තමා ඔය මූල්‍ය ආයතනයට ලමයි යොමු කරල තියෙන්නෙ. සමහර අය එයාලගෙ දෙමව්පියන්ගෙ නමට තියන සල්ලි පෙන්නනන හදදී මේ agents කියන්නෙ, 'ඕක අමාරුය, අපි අහවල් තැන ඔයාගෙ නමටම සල්ලි දාල account එකක් හදමු. එයාල මාස 6ක් backdate කරල account එක හදයි, අනෙක හොර වැඩක් නෙවේ නේ ඔයගෙම සල්ලි නේ'. අනේ ඉටින් මේ agent කියන සකල සබ්බ මනාවම හරි කියල හිතන කට්ටිය ඔය ගැටේට අහු වෙනවා. සල්ලි නම් තමන්ගේ තමා, ඒත් bank statements විතරක් ටිකක් විතර බොරු ඒවා, ඔක ඉතින් අව්ලක් ද නේ?? කොහොමෙන් කොහොම හරි කව්රු හරි මේ ගැන ඔත්තුවක් දීලා තියෙනවා. ඒකෙන් මේකෙන් උනේ අයදුම් කරල තිබ්බ වීස 83ක් reject වුන එක හා, විසා approve වෙලා තියන 900 කගෙ විතර documents නැවත immigration එකෙන් check කරන්න යන එක. මේ 900 කියන්නෙ දැනටත් මෙහෙ ඇවිත් ඉන්න අය. වන්චනික ලියවිලි දීලා ආව කියල අහු උනොත් ඉටින් මේ අයට වෙන්නෙ ආපහු ලන්කාවටම යන්න තමා. සෑහෙන අපරදයක්

    නවසීලන්තයට ආපු සහ ඇවිත් ඉන්න ගොඩක් දෙනෙක් ඇවිත් ඉන්නෙ student visa අරගෙන. බහුතරය ඇවිත් තියෙන්නෙ agents ල හරහා. හැබැයි ගොඩක් දෙනෙක් මෙහෙ එනකල් දන්නෙ ඔය agents ල මවල තියන ලස්සන රූපෙ ඉන්නෙ නවසීලන්තයෙ තණ බිම් ටික විතරයි. එතනින් එහාට කිසි අවබොදයක් නෑ. මොනවා නැතත් ඇපල් කාලා කිරී බීල ඉන්න පුලුවන් කියලා තමා agents එවන්නෙ. මේක කියවන කවුරු හරි, ඔයාල දන්න කවුරු නවසීලන්තයට ඉගෙන ගන්න යනවා නම් පොඩ්ඩක් පහත කරුනු ගැන සැලකිලිමත් උනොත් අතුරු ආබද ටිකක් අවම කර ගන්න පුලුවන් වෙයි.

    1. immigration rules තද වැඩී තමයි. කවුරු හරි මෙහෙ ඉන්න යාලුවෙක් එහෙම කිව්වොත් කියන්නෙ ඔයාල එනවට ඇති ර්‍ර්රිසියාවට නොවන බව කරුනාවෙන් සලකන්න. හැබැයි එහෙම උනත් ඔයාල ඉගෙන ගන්න යන දේට අදාල රස්සා skill shortage list එකේ තියනවා නම් ඔයාට ගොඩ යන්න අවස්තාවක් තියනවා. පහල තියන ලින්ක් එකෙන් long-term skill shortage list සහ short term skill shortage list එක බලා ගන්න පුලුවන්. මේ ලිස්ට් වල තියෙනෙ මේ රටට අවශ්‍ය වන සේවාවන් වලට අදාල රස්සාවල්. ඔය ලිස්ට් එකෙ තියන රස්සා වලට අදාල වෙන විදියේ course එකක් කරගත්තොත් ලේසි. මෙයාල කියන්නෙ එයලට ඔනේ skill මිසක් labour නෙවේ කියල නේ. හරි skill එක තියනවා නම් සේරම ගොඩ
    http://skillshortages.immigration.govt.nz/immediate-skill-s…
    http://skillshortages.immigration.govt.nz/long-term-skill-s…

    2. ඔය agents ල කියන දේවල් විතරක් අහලා තීරන ගන්න එපා. එයාල කරන්න බිස්නස් එකක්. එයාලට වැඩි පුර commission හම්බ වෙන university හරි course එකක් හරි promote කරන්න එයාල බලන්නෙ. ඔයාල එයාලට අවශය දේ නෙවේ ඔයාලට අවශය දේ හොය ගන්න. ඒකට ඔයාලයට මෙහෙ ඉන්න අයගෙන් හරි, ඉන්ටෙර්නෙට් එකෙන් හරි විස්තර හොයා ගන්න පුලුවන්. කම්මැලි නොවී පුලුවන් තරම් research කරල විස්තර හොයා ගන්න.

    3. සමහර course වලට spouse visa දෙන්නේ නෑ. partner කෙනෙක් එක්ක එනවා නම් ඒ ගැන හොන්දට හොයලා බලලා එන්න. සමහර agents ල partner එවනවා visitor visa අරන් දීලා. එයල කියන්නෙ ගිහින් රස්සාවක් හොයා ගෙන visa දාන්න පුලුවන් කියලා. ඒ වැඩේ ඇත්තටම අමාරු දෙයක්. visitor visa අරන් ආවම කිසිම රස්සාවක් කරන්න බෑ. ඉගෙන ගන්න එන කෙනාට පැය 20යි වැඩ කරන්න පුලුවන්, එකෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි

    4.හොර සුදුසුකම් හදාගෙන එන එක සෑහෙන අවදානම්. අහු උනොත් ඉටින් deport තමා.

    5. මෙහෙ studies ඉවර කලාම open job serch visa එකක් දෙනවා. ඒ කාලෙ ඇතුලත ජොබ් එකක් හොයා ගන්න ඔනේ. ජොබ් එකට හම්බ උනාම work visa එකක් දෙනවා අව්රුදු 2කට හො 3කට, ඒ අතරතුර permenant residency එක ගොඩ දා ගන්න වෙනවා. සමහර course වලට ඔය open job serch visa එක දෙන්නෙ නෑ. ඒ හින්දා ඒ ගැන කලින්ම හොයලා දැන ගන්න.

    මන් ඔය උඩ කියල තියන්න හරිම පොඩි විස්තර ප්‍රමානයක්. කියන්න තියන එකම දේ තමා දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.
     
    • Like
    Reactions: CGW