~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    usawi wala inna ayath ekka oya age nadu kiyannath bee.

    මම නං පුද්ගලිකව එහෙම නඩුවක් අහලම නෑ..
    ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පහත් මානසිකතවත් එක්ක ගෑනු කෙනෙක්ට ඒ වගේ නඩුවක් කියන්න උසාවි එන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ නෑ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් අනිවාර්යයෙන්ම..
    රටේ ඕනම කාරණාවක් සම්බන්ධව ජනමත විචාරණයකට යන්න පුළුවන්..
    එක තමයි පරමාධිපත්‍යයේ ඉහලම තැන..

    එල! :)

    35++
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් අනිවාර්යයෙන්ම..
    රටේ ඕනම කාරණාවක් සම්බන්ධව ජනමත විචාරණයකට යන්න පුළුවන්..
    එක තමයි පරමාධිපත්‍යයේ ඉහලම තැන..

    තව දෙයක්, රටේ බහුතරය මේ වගේ ජනමත විචාරණයකින් ඡන්දයකට යන්න කැමැත්ත පළ කළොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරවන්න වෙනවද? නැත්නම් අර අවු 4 හමාරෙ කතාව ආයිත් ඇදෙයිද?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    පාර්ලිමේන්තුව ඇතුලට හොරෙන් බිත්තරයක් අරන් ගිහින් සභාව මැද්දට ගහල අහුවුනොත් දඩුවම මොකද්ද?
     
    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#
    පොඩි සිද්දියක් තියනවා ,හිත නතරවුනු තැනක්.

    මේ ඉරිදා රෑ 11 ට විතර ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකේ මමයි යාලුවයි ගෙදර යන ගමන් පම්ප් එකක් දාන්න පුත්තලම බස් ගහන පැත්තෙ කෙරවලේම ටොයිලට් එකට ගියා යාලුවව එලියෙන් තියලා.

    ටොයිලට් එක ඇතුලට යද්දි ඇතුලෙ ඉදන් එකෙක් ආවා මචන් ගිනිපෙට්ටියක් නැද්ද ගාගෙන,මම ඉතින් නෑ මචන් ගාගෙන ඇතුලට ගිහින් මගෙ වැඩේ අහවර කලා...

    ඔන්න ඉතින් වැඩේ ඉවර කරලා සිපර් එක වහද්දි දකුනු පැත්තෙන් ඩබලක් එනවා දැක්කා පොඩි අමුත්තකුත් හිතට දැනුනා.

    එකෙක් රතු පාට ටීෂර්ට් එකක් උඩින් දාලා කලු කලිසමකට බාට දෙකයි, රතුයි උසයි, උගෙ අතේ ඩී.වී.ඩී එකක් තිබුනා, වයස අවුරුදු 45 ක විතර ඩස්පි පෙරා ගත්තු එකෙක්,මූනෙ තිබුනෙ තැලිලා පොඩිවුනු පෙනුමක්. අනිකා වයස අවුරුදු 28 ක විතර තරුන කොල්ලෙක් ඌත් උසයි උසේ හැටියට ඇග, ඌ ඩිසයින් ෂර්ට් එකක් ඇදලා අත් දිගට උඩින් දාලා,දුඹුරු පාටට හුරු කලිසමක් ඇදලා බාට දෙක දාලා ,රැප් කැප් එකක් දාලා මූන දැක්කෙ නෑ උගෙ හරියට.අපේ කාලේ ඩයල් එකක් වගේ ඌ නම්.

    මුන් දෙන්නගෙන් එකෙක් එනවත් එක්කම ටොයිලට් එකක දොර ඇරලා බකට් එකකට ටැප් එක ඇරියා,මම ගනන් ගන්නෙ නැතිව එලියට යන්න හැරුනා, අනිත් එකා අතේ තිබුනු සීඩී එක ක්ෂණිකව පිටිපස්සෙ ඉනේ ගහ ගන්න ගමන් ලොකු වතුර ටැන්කියට අත දාලා බාස්කට් එකට වතුර එකක් අර ගන්නවා මම දැක්කා ඒත් එක්කම ඌ වහලා තිබුනු ටොයිලට් දොර යටින් හෙමීට වතුර පාරක් ගැහුවා පොලව දිගේ ඇතුලට යන විදියට ක්ෂනිකව,පට්ට සැකයි දැන් මට මුන් දෙන්නගෙ හැසීරීම..මම එහෙම්මම ඇතුලට කන් දීගන එලියට එන්න හදද්දිම දොරක් කඩන සද්දෙකුයි අර ෆිල්ම් වල වගේ මාන්චු වලින් එන සද්දයක් ඇහුනා.

    ටකස් ගාලා තිබ්බ අඩිය ආපස්සට අරගෙන එබිලා බැලුවා හුටා.. අර කොල්ලා දොර ගාව අනිත් රතු ෂර්ට් එක ඇදපු එකා ටොයිලට් එක ඇතුලෙ ඉදපු රැප් කැප් එකක් දාපු අවු: 47 ක විතර කලු මිටි නිල් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදලා බාට දෙක දාපු එකෙක්ව යට කරගෙන අත් දෙක පිටිපස්සට දාගෙන මාංචු දානවා.

    හරි රතු එකා දැන් අරූව දර මිටිය වගේ කෙලින් කරලා සුදු පාට කවරෙක අලු පාට කුඩු තිබුනු හරියට තේ කුඩු 50 පැකට් එකක් වගේ පැකට් එකක් අර මාංචු දාපු එකාගෙ සාක්කුවෙන් අරගෙන ඇහැව්වා මේ මොනවද කියලා....අරෑ කියපි හෙමීට දන්නෑ ගාලා..

    ඒ ක්ෂනිකවම අරෑ මම ජීවිතෙට දැකලා නැති තරම් හයියෙන් අරූගෙ කනට පාරක් ගහනවත් එක්කම හෙන හයියෙන් කෑ මොර දීලා "බබා වෙන්න හදන්න එපා තෝ තියනවා ඔලුව කුඩු වෙන්න" කියලා කෑ ගැහුවා.මම කට ඇරගෙන ඩිම් වෙලා මුකුත් හිතාගන්න බැරුව නලලත් රැලි කරන් බලාගෙන දැන්,අරුන් දෙන්නා මා එක්කත් හිනාවෙලා අරූවත් ඇදගෙන එතන තිබුනු සිගරටුත් සාක්කුවෙ දාගෙන, මචන් අර ටැප් එක වහගෙන වරෙන් කියලා කියාගෙන කෙරවලේ තියන පොලිස් බැරැක්කෙ පැත්තට ගියා...

    ටොයිලට් එකේ සල්ලි ගන්න එකා කියනවා මා එක්ක මිනිහලු ඔත්තතුව දුන්නෙ දවස් ගානක් බලන් ඉදලා.තව ඔහොම කුඩු ගහන්න එන ගෑනිකෙුත් ඉන්නවලු,ඒ ගෑනිව නම් පව් හින්දා අල්ලලා දෙන්නෙ නෑ කිව්වා.මං ඇහුවා සී අයි ඩී ද කියලා උ කියනවා නෑලූ.

    උබලට මේ වගේ අත්දැකීම් නැත්ද බං?

    තනුජක අයියා හිතන විදියට උන් දෙන්නා සී අයි ඩී නෙවෙයි නම් මොවුන්ද?
    ඔහොම අල්ලන්න ගියොත් ඒ වගේ උන්ට ජීවිත තර්ජන වෙනවානෙ අනිත් බජාර් සෙට් වලින්..
    ඒ වගේ උන්ට පවුල් පසුබිමක් නැත්ද? උන් දෙන්නගෙ පවුල් වල උන්වත් මරන්න පුලුවන්නෙ එක එක බජාර් සෙට් වලින් බැහැලා.
    අනික ඔහොම හැමදාම කුඩු කාරයො අල්ලන්න ගියොත් උන්ව අදුර ගන්නවනෙ.
    අනේ මංදා මට තේරෙන්නෙ නෑ.
    එතකොට මේ වගේ උන් කොහෙද ජීවත් වෙන්නෙ.?උන්ට දරුවො ඉන්නවා නම් උන්ව උස්සලා අරුන්ට වද දෙන්න පුලුවන් ඇතිනෙ.
    අම්මෙක් තාත්කේ නැති උන්ද?
    උන්ව පුහුණු කරලද ඉන්නෙ ඒ විදියට.
    උන් හැමවෙලේම ඉන්නෙ එතකොට ජීවිතේ අනතුරේ දාගනනෙ.
    තනුජක අයියෙ අවසසාන වශයෙන් ඒ වගේ උන්ගෙ ජීවිත මොන වගේද?
     
    thanujaka

    Well-known member

  • එහෙම ඒවට විනිසුරු කැමති නෑ නේද ?ඒ කිවුවෙ ලෝයර් කෙනෙක් නැතුව ඉදිරි පත්වෙනවට.. උපරිම දඩයක් ගහන්න පුලුවන් නේද ? එහෙම වෙලාවට විනිසුරු......

    ඔව් එහෙම කැමති නෑ සමහරු..
    සමහර විනිසුරුවරු උපරිම දඩේ ගහනවා ඒ වෙලාවට..
    හැමෝම නෑ ඉතිං
     
    thanujaka

    Well-known member

  • මේකයි ප්‍රශ්නෙ අපි කසාද බැදලා නැතුව ළමයෙක් ඉදලා ළමයගෙ උප්පැන්න සහතිකේට අම්මයි තාත්තයි දෙන්නම නම් දීලා තියන අවස්ථාවක අම්මයි තාත්තයි මැරුනොත් ළමයට අම්මාගෙ තාත්තගෙ දේපල අයිතිවෙනව ද නැද්ද?

    දෙක අපි අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබිලා .. ඒක ආයි ලෝයර්ට කියලා අහෝසි කරලා වෙන එකක් ලියලා නැතුව ඉදලා මැරුනොත් ලෝයර් ලඟ කලින් ලියපු එකේ කොපියක් තිබ්බොත් ඒක වලංගුද? අහොසි කලාම අහෝසි කලා කියලා මොනවා හරි ඩොකියුමන්ට් එකක් හම්බ වෙනවාද?..........

    1. අම්මගේ දේපොල අයිති වෙනවා ..තාත්තගේ දේපොල වල අයිතියක් නැති වෙනවා

    2.අන්තිම කැමති පත්‍රයක කොපි කියල එකක් නෑ එකයි තියෙන්නේ..
    දෙවන පිටපත් කියල එහෙම කොපීස් වලංගු නෑ.. නියම අත්සන සහිත අවසන් කැමැත්ත විතරයි වලංගු.
    අයිතිකාරය ඒක අරං ඉරලා හෝ පුච්චල දැම්මම අවසන් කැමැත්ත අහෝසි වෙලා යනවා..
     
    thanujaka

    Well-known member
  • අය්යා කිව්වා usd -> LKR ( තමන් උපයා ගත්ත ඒවා උනත් ) කලොත් 15,000 හෝ අවුරුදු 2ක හිර දඩුවම් ලැබෙනවා කියලා
    මේකේ පලවෙනි පාරට අවවාද කරන්නේ නැතුව කෙලින්ම හිරේ දාන්න පුලුවන්ද ?

    emoney හොයන අය තමන්ට එන USD වලට එතකොට මොකක්ද කරන්න ඕනි ? ඒවා රුපියල් කරන එක තහනම් වෙන එක අසාදාන නැද්ද ? පිට රටවල් වලට services දීල කෝටි දාස් ගානක් තනි තනියෙන් අපේ කොල්ලෝ ගේනවා..ඒවා LKR කරන්න බැරි නම් ලංකාවේ ජිවත් වෙලත් වැඩක් නෑනේ අයය :(

    ----------------------------------------------------------

    ගෙයක් ගන්නකොට අහු වෙන්නේ නැතුව ගන්න තියෙන safe ම විදිහ මොකක්ද ?
    ලෝයර් කෙනෙක්ට කියල කච්චේරියේ තියෙන ඔප්පු හෙම බලල අරනුත් පස්සේ අයිතිවාසිකම් කියාගෙන ඇවිල්ලා කෙල උන අවස්ථා තියෙනවනේ
    අපේ පැත්තේ අන්තිම අයිතිකාරයන්ට අවුරුදු 30 කට වඩා පරණ ඉඩම් ටිකකට එකෙක් ඇවිල්ලා අයිතිවාසිකම් කිව්වා..මේ කලින් අයිතිකාරයෝ හොදට හොයල බලල ගත්තු ඉඩම් මොකඩ හැම ඉඩමක්ම කොටි 1.5න් උඩ...උට පරණ ඔප්පු ටිකකුත් තියෙනවා..කට්ටිය නම් කියන්නේ උ ඒවා හොරෙන් හදාගෙන කියල..
    ප්‍රශ්න නම් එන්න පුළුවන් තමා..එත් safe ම විදිහ මොකක්ද අයය දන්නා විදිහට ? බැංකුවෙන් පොඩි හරි නයක් දාල ගත්තම safe da?

    ජාවාරමක් විදිහට කලොත් තමයි හිරේ දාන්නේ නැතුව කොල්ලො පොඩි පොඩි සල්ලි හුවමාරු කලාට හිරේ දාන්නේ නෑ අවවාද කරල අරිනවා.

    රුපියල් කරන එක තහනම් නෑ ඒ මුදල් පිලිගත් බැංකු ගිණුමකට මාරු කරලා මුදල් ගන්න පුළුවන්..

    හරියට පත්තිරු පරීක්ශා කරගන්න..
    මැද්දෙන් බදු ඔප්පු දීල තියෙනවද, බැංකු වලට දීල සල්ලි අරන්ද කියල එහෙම.. පත්තිරුවේ ප්‍රශ්නයක් නැත්තං ගැටළුවක් නා..
     
    thanujaka

    Well-known member
  • 1.වෙන රටක පුරවැසි කමක් තියන ශ්‍රී ලාංකිකයෙකුට (මෙහෙත් පුරවැසි කම තියන) කෙනෙකුට මෙහෙ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද ?
    2.එයා ඒ රටට ගියොත් කරන්න දෙයක් නෑ නේද?

    3.වෙන රටක පුරවැසි කමක් තියන ශ්‍රී ලාංකිකයෙකුට (මෙහෙත් පුරවැසි කම තියන) මෙහෙ පොලීසිය හිරිහැර කලා කියලා එයා තානාපති කාර්යාලයට කිවුවොත් මොකද වෙන්නෙ?
    පොලිස් අත්තඩංගුවේ සිටියත් නිදහස් කරනවා ද?
    අත්තඩංගුවේ නොසිටි අවස්ථාවකදි මොකද වෙන්නෙ?

    4.තානාපති කාර්යාලයක වැඩකරන කෙනෙකුට මෙහෙ නීතිය අනුව දඩුවම් කරන්න පුලුවන්ද?
    ලේකම් වගේ තනතුරක් දරන අයෙකුට ...

    1.මෙහෙත් පුරවැසි භාවය තියෙනවනං නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්..

    2. ඒ රටට ගියත් පුළුවන්..

    3. ද්විත්ව පුරවැසිභාවය තිබ්බ කියල කිසිම වෙනසක් නෑ..
    මේ රටට අඩිය තිබ්බ ගමන් සාමාන්‍ය පුරවැසියෙක්ම තමයි..

    4. තානාපති කාර්‍යාලයට තියෙන භූමිය ලංකාවට අයිති නෑ..
    ඒ බිම් කොටස අයිති ඒ රටට..
    ඒ නිසා ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ඒ රටේ නීතිය..
     
    thanujaka

    Well-known member

  • වෙන රටකදි විශේෂයෙන් මැදපෙරදිග රටක ජාතිකයෙක් බාල විවාහයක් කරගත් කෙනෙක්ට ඔහුගේ භාර්යාව හො භාර්යාවන් සමග ලංකාවට පැමිණිය හැකිද එවිට ඔහුට මෙහෙ නීතියෙන් ප්‍රශ්නයක් සිදුවෙයිද? මෙහෙ බාල විවාහ තහනම් බැවින් ...

    ඔහුට මෙහෙ පුරවැසි කම ලබාගත හැකිද ? මෙහෙ බාල විවාහ තහනම් බැවින් ...

    එහෙම කිසිම ගැටළුවක් නෑ..
    ඒ රටේ නීතියෙන් හරියා බැදලා ඇවිල්ල නං කිසි ගැටලුවක් නෑ..
     
    thanujaka

    Well-known member
  • තව දෙයක්, රටේ බහුතරය මේ වගේ ජනමත විචාරණයකින් ඡන්දයකට යන්න කැමැත්ත පළ කළොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරවන්න වෙනවද? නැත්නම් අර අවු 4 හමාරෙ කතාව ආයිත් ඇදෙයිද?

    ජනමත විචාරණයකින් කැමැත්ත ගත්තොත් උසාවියට කිසිම බලයක් නෑ ඒක නවත්වන්න..
    පරමාධිපත්‍යයේ හිනිපෙත්ත තමයි ජනමත විචාරණයක් කියන්නේ..
    ඒකට සේරම යටයි..
     
    thanujaka

    Well-known member

  • පාර්ලිමේන්තුව ඇතුලට හොරෙන් බිත්තරයක් අරන් ගිහින් සභාව මැද්දට ගහල අහුවුනොත් දඩුවම මොකද්ද?

    ඒ වගේ සුළු දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලයක් තියෙන්නේ කතානායකවරයට..
    ඒක එතුමා තීරණය කරන්න ඕනේ..
     
    thanujaka

    Well-known member
  • පොඩි සිද්දියක් තියනවා ,හිත නතරවුනු තැනක්.

    මේ ඉරිදා රෑ 11 ට විතර ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකේ මමයි යාලුවයි ගෙදර යන ගමන් පම්ප් එකක් දාන්න පුත්තලම බස් ගහන පැත්තෙ කෙරවලේම ටොයිලට් එකට ගියා යාලුවව එලියෙන් තියලා.

    ටොයිලට් එක ඇතුලට යද්දි ඇතුලෙ ඉදන් එකෙක් ආවා මචන් ගිනිපෙට්ටියක් නැද්ද ගාගෙන,මම ඉතින් නෑ මචන් ගාගෙන ඇතුලට ගිහින් මගෙ වැඩේ අහවර කලා...

    ඔන්න ඉතින් වැඩේ ඉවර කරලා සිපර් එක වහද්දි දකුනු පැත්තෙන් ඩබලක් එනවා දැක්කා පොඩි අමුත්තකුත් හිතට දැනුනා.

    එකෙක් රතු පාට ටීෂර්ට් එකක් උඩින් දාලා කලු කලිසමකට බාට දෙකයි, රතුයි උසයි, උගෙ අතේ ඩී.වී.ඩී එකක් තිබුනා, වයස අවුරුදු 45 ක විතර ඩස්පි පෙරා ගත්තු එකෙක්,මූනෙ තිබුනෙ තැලිලා පොඩිවුනු පෙනුමක්. අනිකා වයස අවුරුදු 28 ක විතර තරුන කොල්ලෙක් ඌත් උසයි උසේ හැටියට ඇග, ඌ ඩිසයින් ෂර්ට් එකක් ඇදලා අත් දිගට උඩින් දාලා,දුඹුරු පාටට හුරු කලිසමක් ඇදලා බාට දෙක දාලා ,රැප් කැප් එකක් දාලා මූන දැක්කෙ නෑ උගෙ හරියට.අපේ කාලේ ඩයල් එකක් වගේ ඌ නම්.

    මුන් දෙන්නගෙන් එකෙක් එනවත් එක්කම ටොයිලට් එකක දොර ඇරලා බකට් එකකට ටැප් එක ඇරියා,මම ගනන් ගන්නෙ නැතිව එලියට යන්න හැරුනා, අනිත් එකා අතේ තිබුනු සීඩී එක ක්ෂණිකව පිටිපස්සෙ ඉනේ ගහ ගන්න ගමන් ලොකු වතුර ටැන්කියට අත දාලා බාස්කට් එකට වතුර එකක් අර ගන්නවා මම දැක්කා ඒත් එක්කම ඌ වහලා තිබුනු ටොයිලට් දොර යටින් හෙමීට වතුර පාරක් ගැහුවා පොලව දිගේ ඇතුලට යන විදියට ක්ෂනිකව,පට්ට සැකයි දැන් මට මුන් දෙන්නගෙ හැසීරීම..මම එහෙම්මම ඇතුලට කන් දීගන එලියට එන්න හදද්දිම දොරක් කඩන සද්දෙකුයි අර ෆිල්ම් වල වගේ මාන්චු වලින් එන සද්දයක් ඇහුනා.

    ටකස් ගාලා තිබ්බ අඩිය ආපස්සට අරගෙන එබිලා බැලුවා හුටා.. අර කොල්ලා දොර ගාව අනිත් රතු ෂර්ට් එක ඇදපු එකා ටොයිලට් එක ඇතුලෙ ඉදපු රැප් කැප් එකක් දාපු අවු: 47 ක විතර කලු මිටි නිල් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදලා බාට දෙක දාපු එකෙක්ව යට කරගෙන අත් දෙක පිටිපස්සට දාගෙන මාංචු දානවා.

    හරි රතු එකා දැන් අරූව දර මිටිය වගේ කෙලින් කරලා සුදු පාට කවරෙක අලු පාට කුඩු තිබුනු හරියට තේ කුඩු 50 පැකට් එකක් වගේ පැකට් එකක් අර මාංචු දාපු එකාගෙ සාක්කුවෙන් අරගෙන ඇහැව්වා මේ මොනවද කියලා....අරෑ කියපි හෙමීට දන්නෑ ගාලා..

    ඒ ක්ෂනිකවම අරෑ මම ජීවිතෙට දැකලා නැති තරම් හයියෙන් අරූගෙ කනට පාරක් ගහනවත් එක්කම හෙන හයියෙන් කෑ මොර දීලා "බබා වෙන්න හදන්න එපා තෝ තියනවා ඔලුව කුඩු වෙන්න" කියලා කෑ ගැහුවා.මම කට ඇරගෙන ඩිම් වෙලා මුකුත් හිතාගන්න බැරුව නලලත් රැලි කරන් බලාගෙන දැන්,අරුන් දෙන්නා මා එක්කත් හිනාවෙලා අරූවත් ඇදගෙන එතන තිබුනු සිගරටුත් සාක්කුවෙ දාගෙන, මචන් අර ටැප් එක වහගෙන වරෙන් කියලා කියාගෙන කෙරවලේ තියන පොලිස් බැරැක්කෙ පැත්තට ගියා...

    ටොයිලට් එකේ සල්ලි ගන්න එකා කියනවා මා එක්ක මිනිහලු ඔත්තතුව දුන්නෙ දවස් ගානක් බලන් ඉදලා.තව ඔහොම කුඩු ගහන්න එන ගෑනිකෙුත් ඉන්නවලු,ඒ ගෑනිව නම් පව් හින්දා අල්ලලා දෙන්නෙ නෑ කිව්වා.මං ඇහුවා සී අයි ඩී ද කියලා උ කියනවා නෑලූ.

    උබලට මේ වගේ අත්දැකීම් නැත්ද බං?

    තනුජක අයියා හිතන විදියට උන් දෙන්නා සී අයි ඩී නෙවෙයි නම් මොවුන්ද?
    ඔහොම අල්ලන්න ගියොත් ඒ වගේ උන්ට ජීවිත තර්ජන වෙනවානෙ අනිත් බජාර් සෙට් වලින්..
    ඒ වගේ උන්ට පවුල් පසුබිමක් නැත්ද? උන් දෙන්නගෙ පවුල් වල උන්වත් මරන්න පුලුවන්නෙ එක එක බජාර් සෙට් වලින් බැහැලා.
    අනික ඔහොම හැමදාම කුඩු කාරයො අල්ලන්න ගියොත් උන්ව අදුර ගන්නවනෙ.
    අනේ මංදා මට තේරෙන්නෙ නෑ.
    එතකොට මේ වගේ උන් කොහෙද ජීවත් වෙන්නෙ.?උන්ට දරුවො ඉන්නවා නම් උන්ව උස්සලා අරුන්ට වද දෙන්න පුලුවන් ඇතිනෙ.
    අම්මෙක් තාත්කේ නැති උන්ද?
    උන්ව පුහුණු කරලද ඉන්නෙ ඒ විදියට.
    උන් හැමවෙලේම ඉන්නෙ එතකොට ජීවිතේ අනතුරේ දාගනනෙ.
    තනුජක අයියෙ අවසසාන වශයෙන් ඒ වගේ උන්ගෙ ජීවිත මොන වගේද?

    ආ ඒ cid නෙමෙයි ඒ නාකොටික් එක..
    ඒ ගොල්ලො තමයි මත්ද්‍රව්‍ය වැටලීම් කරන්නේ..
    ලොකු අවදානමක් සහ පූර්ණ සුදානමක් ඇතුව තමයි එයාල යන්නේ.. ටොයිලට් එක ඇතුලට එනකොට කෙනෙක් දෙන්නෙක් ඇතුලට ආවට ඕවට යුනිට් එකක්ම යනවා...
    ඒක විශේෂ අංශයක්..
    වෙනනම පුහුණුවක් සහිත කොට්ඨාශයක් තමයි මේ නිලධාරීන්..
    සාමාන්‍ය පොලිස් නිලධාරීන් වගේම තමයි ඉතිං නමුත් ඒ ගොල්ලො හෙලි කරන්නේ නෑ ඒ ගොල්ලො නාකොටික් එකෙන් කියල..

    thanujaka

    Well-known member
  • ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ? ඊයේ ගැසට් එකකින් අද පාර්ලිමේන්තුව කල් නොදැම්මේ ඇයි?

    ඒක නං ඉතිං ජනාධිපති ගෙන්ම තමයි අහන්න ඕනේ..
    ඒක ඉතිං එයාට අයිති රාජකාරියක් නේ..