මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයු අපේක්ශාව ක්‍රමයෙන් අඩු වෙනවනෙ බං. ඒ අඩු වෙලා අඩු වෙලා ගිහින් අවුරුදු 10ට වගෙ අඩු වෙලා , මිනිසුන්ගෙ යහපත් ගති නැතිවෙලා යද්දි මුරුගසන් වරුසාව කියලා එකක් එනවාලු. ඒක එන්න කලින් සුරයෝ යහපත් මිනිස්සුන්ට ඒ බව දැනුම් දෙනවලු සහ එයාලා ගුහා වලට ගිහින් සැගවෙනවලු. ඕකට තෙමෙන අයට අනික් කෙනෙක්ව මුවෙක් වගේ පෙනෙන්න ගන්නවලු. දවස් ගානක් දිගට වැහැලා බඩගින්නත් එක්ක මුවෝ කියලා හිතන් මිනිස්සු මරාගන්නවලු. වැස්ස පෑයුවම ගුහා වලින් එලියට එන අයට පෙන්නෙ එකා එකා මරාගත්තු මිනුස්සුන්ගෙ මිනී ගොඩවල් ලු. පස්සෙ ආයෙ ඒ අය පිනට ලැදි වෙද්දො ආයි අපේක්ශාව ටික ටික වැඩිවෙන්න අරන් අවුරුදු ලක්ශෙ දක්වා වැඩි උනාමලු මෛත්‍රී බුදුන් පහල වෙන්නෙ.
මේ මහා භද්‍ර කල්පය මේක විනාස වෙන්නෙ ගින්නෙන් ඉරවල් 7 ක් පායලා කියලා කියනවා.