Duga Radar - The Russian Woodpecker
යුක්‍රේනයේ පිහිටල තියෙන duga නමින් හැඳින්වෙන මේ OTH රේඩාර් පද්ධතිය සීතල යුධ සමයේ සෝවියට් සමූහාණ්ඩුව විසින් ඇමරිකානු මිසයිල අනතුරු කලින්ම හඳුනාගැනීම සඳහා හදපු එකක්. යුක්‍රේනයේ චර්නෝබිල් බලාගාරයට කිලෝමීටර් 9ක් වගේ දුරක් ඇතුලත තමයි මේක පිහිටල තියෙන්නේ. 1976 ඉඳන් 1989 වෙනකන් මේක ක්‍රියාකාරී මට්ටමේ පැවතිල තියෙනවා. තවත් duga රේඩාර් පද්ධතියක් සයිබීරියාවෙ පිහිටල තිබුනත් ඒක මේ තරම් බලවත් නෑ.
මේ රේඩාර් පද්ධතිය සඳහා පාවිච්චි වුන ට්‍රාන්ස්මීටරය සහ රිසීවරය එකිනෙකට කිලෝමීටර් 60ක් ඈතින් පිහිටල තියෙන්නේ. චර්නෝබිල් බලාගාරෙ කිට්ටුව තියෙන්නේ රිසීවරය. තාප්පයක් හැඩයට පිහිටල තියෙන මේ ඇන්ටනා වලින් උසම එක අඩි 480ක් උසයි. අඩි 2,400ක් දිගයි.
මේ රේඩාර් පද්ධතියෙ තියෙන විශේෂත්වය තමා, මේක පෘථිවි ගෝලයෙ වක්‍රතාව නොසලකා භාවිතා කිරීමට ඇති හැකියාව. OTH - over the horizon කියන්නෙ ඒකයි. ක්ෂිතිජය උඩින් කෙළින්ම ගමන් කරන රේඩාර් තරංගය අයන ගෝලයේ වැදිලා නැවත පෘථිවියට පරාවර්තනය වෙනවා. ඊට පස්සෙ පෘථිවි පෘෂ්ඨයෙ වැදිල පරාවර්තනය වෙන
තරංගය නැවත අයන ගෝලයෙන් පරාවර්තනය වෙලා රීසීවරයට යනවා.
මේ රේඩාර් පද්ධතියෙ භාවිතා වුන සංඛ්‍යාතය සහ එහි බලවත්කම නිසා ලෝකය පුරා කෙටි තරංග (short wave) රේඩියෝ ට්‍රාන්ස්මිෂන් වලට මේකෙ interference එක දැනුනා. සමහර රේඩියෝ චැනල් මේ interference එක ෆිල්ටර් කරන්න වෙනම උපකරණ පවා පාවිච්චි කලා. මේ interference එක රුසියාවෙ පාවිච්චි වුණ රේඩියෝ වලටත් දැනුනා. මේක අහන්න ලැබුනෙ 10Hz සංඛ්‍යාතයකින් නිකුත් වෙන ටක් ටක් සද්දයක් විදියට. කොට්ටෝරුවෙක් කොටන සද්දෙට මේ සද්දෙ සමාන නිසා මේක The Russian woodpecker කියන නමින් හැඳින්වුවා. මේ interference එක එන්නේ සෝවියට් සමූහාණ්ඩුවෙ යුක්‍රේනයෙන් බව ඒ වෙනකොට හොයාගෙන තිබුනා. හමුදා ක්‍රියාකාරකමක්, කාලගුණය පාලනය කිරීම ගන පරීක්ෂණයක්, මිනිස්සුන්ගෙ මනස පාලනය කිරීම සම්බන්ධ පරීක්ෂණයක් වගේ එක එක උප්පැන්න මේ සිග්නල් එකට දීල තිබුනා.
1960 දශකයේ ඉඳන්ම short wave radios ඔස්සේ විටින් විට මේ ටක් ටක් ශබ්දය අහන්න ලැබුනා. මේ ව්‍යාපෘතියට කලින් ඉඳන්ම සෝවියට් රුසියාව මේ රේඩාර් තාක්ෂණය පාවිච්චි කරල තියෙනවා.
1980 දශකයේ මැද භාගය වෙනකොට විටින් විට මේ ටක් ටක් සද්දෙ ෂෝට් වේව් රේඩියෝ ඔස්සේ ඇහෙන්නෙ නැතුව ගියා. 1989 අවුරුද්දෙ මේක සම්පූර්ණයෙන්ම නතර වුණා. 1980 දශකයේ සෝවියට් surveillance satellites කක්ෂගත කිරීමත් එක්ක මේ වගේ රේඩාර් පද්ධතියක අවශ්‍යතාවය නැතුව ගියා. ඒ නිසා Duga radar ව්‍යාපෘතිය අතෑරල දැම්මා. සෝවියට් සංගමය බිඳ වැටීමත් එක්ක මේ කතන්දරය ලෝකයට නිරාවරණය වුනා.




