ඔබතුමා ගේ ඉල්ලීම මත මෙන්න මම දකින දේ........
මෙන්න මේ points තමා major...
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - ආයේ දෙකක් නෑ ඔහු හැමදාම කිව්වේ/කියන්නේ ජාතික ආරක්ෂාව අංක එක කියලා. එක තර්කානුකුලව ඇත්ත. රටේ ජාතික ආරක්ෂාව මකබාල ගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය කඩා වැටුනේ බලන් ඉන්දෙද්දී. ව්‍යාපාර, අධ්‍යාපන, මේ හැම සෙක්ටර් එකක්ම දුවන්න රටක ආරක්ෂාව තහවුරුවෙලා තියනකන් විතරයි.
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - ඔහු දැනටත් මේ කතිකාව පටන් අරන් ඉවරයි. එලිය සහ වියත් මග හරහා මේ ගැන විද්වත් සහ බුද්ධිමත් මිනිසුන් අතර ඔහු සංවාදය පටන් ගත්තේ වසර ගණනකට කලින්. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආවාම මේ ගැන ඔබට තේරෙයි ඔහු කියන්නේ මහපොලව මත කරන්න පුළුවන් තිෂය සහ සාත්ශය ප්‍රායෝගික දෙයක් කියලා.
3. නීතිය හා ස්වාදිපත්‍ය - රටට එක නීතියක් ගෙන්න ඔහු කටයුතු කරයි කියන එක ගැන සහ රටේ ස්වාධිපත්‍ය රකියි කියන බලාපොරොත්තුව ඔහු සම්බන්ධව අපිට තියනවා. වුද්ධය යන කාලේ ඔහු වෙන රටවල බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරලා එක ප්‍රයෝගිකව ඔප්පු කළා.
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්- ඔහු නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙයවපු කාලේ සද්ද නැතුව වැඩ කළා. ඔහු ඕන කරන කෙනා ඕන කරන තැනට පත්කර ගන්නවා කියන එකට හොදම නිදසුන ෆීල්ඩ් මාර්ෂල සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත්කර ගැනීම. ඔහු තද පාලකයෙක් උනත් ශ්රමයට සරිලන ගෙවීමක් කරපු කෙනෙක් ඒ කාලෙදිත්....
5. වංචාව දුෂණය - ඔහු තද පාලකයෙක්. ඔහුට ඕන කරන මිනිසුන් අපි ඊලග මැතිවරණයෙන් සැපයුවහොත් ඔහු වංචාව සහ දුෂණය නම් අනිවා නැති කරනවා. ඔහුට විරුද්ධව කෙරෙන නඩු වල තීරණ ආවාම ඔහු ඔය කියන විදියේ මිනිහෙක් නොවන බව පෙනෙයි. දිල්රුක්ෂි නෝනා ගේ හඩ පටය සිහි කර ගන්න.
6. අධ්‍යාපනය and health - මේ රටේ අධ්‍යාපන ක්රමයම වෙනස් කරන්න ඕනේ කියල ඔහු කියල තියනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඒ ගැන බලමු. සෞඛ්‍ය ගැනත් ඔහු ලොකු වෙනසක් කරයි.
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - මේක අනිවා ඔහු දියුණු කරනවා. ඔය කවුරුවත් දන්නේ නැති උනාට ඔහුට තාක්ෂනය සම්බන්ධව ලොකු දැනුමක් සහ අවබොධයක තියනවා. කොටින්ම ගල් යුගේ ආයුද වලින් කොටින් එක්ක ඇර ගත්ත අපේ හමුදා වලට නවීන තාක්ෂණික අවි ලැබුනේ ඔහු ආරක්ෂක ලේකම් උනාට පස්සේ. (මේ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් මෙහි පල කල නොහැකි බව කරුනාවෙන සලකන්න. ඒවා දන්නෝ දනිති)