ඔතන 1යි 3යි කියන්නේ ෆුඩ්සිටි 2ක්. . 2යි 4යි කියන්නේ ප්‍රදාන තොග බඩු කඩ දෙක. .
වාහනෙන් එන මනුස්සයා විතරයි ෆුඩ්සිටි දෙකට යන්නේ ඒ බිස්නස් එකෙන් අපිට වැඩක් නෑ. .
තොග බඩු කඩ දෙකට තමයි ගොඩක්ම මිනිස්සු යන්නේ. . ෆුඩ්සිටි දෙක 25% බිස්නස් එකක් නම් කරන්නේ තොගබඩු කඩ දෙක 75% බිස්නස් එකක් කරනවා. .
ඔය 4 තමයි ප්‍රදානව තියෙන්නේ. . මේකයි ප්‍රශ්නේ මම "?" ලකුනෙන් සදහන් කරන තැන තියෙනවා. . හැබැයි එතනට එන්න ටිකක් ඇතුලට එන්න ඕනේ. . ඒ පාර ඩෙඩ් එන්ඩ් එකක් අන්තිමේට ගෙවල් ටිකකින් ඉවරවෙන්නේ. . මට දැනගන්න ඕනේ මෙතන තොග බඩු කඩයක් දැම්මොත් වැඩේ සාර්තක වෙයිද කියලා. . මෙතන මෙහෙම දෙයක් තියෙනවා මගෙම තැනක් නිස රෙන්ට් ගෙවන්න ඕනේ නෑ. . රාක්කවල බඩු අහුරන ඒවා කඩේ වහපු වෙලේට මට කරගන්න පුලුවන් ඒ නිසා එක්කෙනෙක්ට හරි දෙන පඩිය ඉතුරුවෙනවා. . මට 3 දෙනෙක්ගෙන් වගේ කඩේ රන් කරන්න පුලුවන් එතනින් එක්කෙනවයි පිටින් පඩියට ගන්න ඕනේ. . ඒ නිසා අනිත අයට වඩා අඩුවෙන් බඩු දෙන්න පුලුවන්. .
මැප් එකත් බලලා ඔතන දැම්මොත් මොකද වෙන්නේ කියලා හැමෝගෙම අදහස් දෙන්න. .
අනිත් දේ තොග බඩු කඩයක් කරන කෙනෙක්ගෙන් උදව් ඕනා. . එක එක භාණ්ඩ වලට ලැබෙන ලාබ ප්‍රතිශත දැනගන්නත් ඕනා. .






