Corona 2nd wave (Megathread)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    119 වගේ උනා නම් හොදයි කියලා හිතෙනවා..
    ලංකාවේ නම්බරේ නේ.. :lol:
    69 තමා සෙට් වෙන්නේ. 🤣🤣🤣


    සබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවා තිබෙනවා.
    #AdminSachi #Team #WeareKegalle
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තවත් කොරෝනා රෝගීන් 132 ක් වාර්තා වෙයි 😔 05 දෙනෙකු Brandix සේවකයින් වන අතර කනගාටුවට කරුණ නම් ඉතිරි 127 දෙනාම ඔවුන්ගේ ආශ්‍රිතයින් වීමයි ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තවත් කොරෝනා රෝගීන් 132 ක් වාර්තා වෙයි 😔 05 දෙනෙකු Brandix සේවකයින් වන අතර කනගාටුවට කරුණ නම් ඉතිරි 127 දෙනාම ඔවුන්ගේ ආශ්‍රිතයින් වීමයි ..
    ea kiyanne dawasakata hambawena corona rogón ganana 200 pannawa wage
    ? :dull:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තවත් කොරෝනා රෝගීන් 132 ක් වාර්තා වෙයි 😔 05 දෙනෙකු Brandix සේවකයින් වන අතර කනගාටුවට කරුණ නම් ඉතිරි 127 දෙනාම ඔවුන්ගේ ආශ්‍රිතයින් වීමයි ..

    ඊයේ අර ඩොකා කිව්වෙ තාම වයිරස් එක සමාජයට ගිහින් නැහැයි කියලා. :eek: :lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 කොළඹ මහ නගර සභා සේවකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු කිසිවෙකුට පැමිණීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන ලෙස වසා දමා ඇති බව වාර්තා වෙනවා ..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    කොරලවැල්ලේ රන්දිය හෝටලය තාවකාලිකව වසාදමා තිබෙනවා.
    ඒ, මේ මස පලුවනදින හෝටලයට පැමිණි අමුත්තකු COVID 19 ආසාදිතයකු බවට තහවුරුවීමත් සමගයි.
    ආරංචි මාර්ග සඳහන් කරේ එම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතිරිව ඇත්තේ ඇදන් 170ක් පමණයි : උතුරේ තවත් ඇදන් 100ක රෝහලක් ඉදිකරන්න යයි

    අද උදෑසන 5.00 වන විට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 13 තුළ ඉතිරිව ඇත්තේ ඇදන් 170ක් පමණක් බව කොවිඩ්- 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
    මෙම රෝහල් 13 තුළ ඇදන් ධාරිතාව 1712 ක් වන අතර ඉන් ඇදන් 1542 ක මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.
    මෙලෙස ප්‍රතිකාර ලබන පිරිසෙන් 127 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණීමෙන් පසු කොරෝනා වෛරසයට ආසාදනය වූ පුද්ගලයින් වන අතර සෙසු රෝගීන් 1415 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ රෝගීන් වනවා.
    මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා උතුර ප්‍රදේශයේ ඇදන් 100 ක ධාරිතාවයකින් යුත් රෝහලක් ඉදිකිරීමට කටයුතු කරන බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ පැවති සාකච්ජාවකදී උපදෙස් ලබාදී තිබෙනවා.

    Source: http://nethnews.lk/article/80906
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    කොරලවැල්ලේ රන්දිය හෝටලය තාවකාලිකව වසාදමා තිබෙනවා.
    ඒ, මේ මස පලුවනදින හෝටලයට පැමිණි අමුත්තකු COVID 19 ආසාදිතයකු බවට තහවුරුවීමත් සමගයි.
    ආරංචි මාර්ග සඳහන් කරේ එම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
    Mewa nam gon wada. 1st indan adata 15 days. Lede hadila nam hotel eke eunta dan positive wenna ona. PCR negative nam apahu arinna denna ona.
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    121162527_197845101776938_3215078335289115965_n.png
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නිරෝධායනයෙන් පැනගොස් බොරු කියා රෝහල්ගත වෙලා – කොරෝනා වැළඳිලා..රෝහලත් අමාරුවේ



    නිරෝධායනය කර සිටි තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයෙකු රහසිගතව හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු වී තිබේ.

    අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 කක පමණ පුද්ගලයෙකු වෙයි.

    ඔහු පසුගිය 12වනදා දින ස්වයං නොරෝධායනයට ලක්කිරීමෙන් පසු 13වනදා PCR පරීක්ෂණය සදහා අවශ්‍ය නියදිද ලබාගෙන සිටි පුද්ගලයෙකු වෙයි.

    උදරයේ අමාරුවක් ඇතිවී ඇති බව පවසමින් 1990 ගිලන් රථයක් මගින් 13වනදා රාත්‍රී හම්බන්තොට මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී අදාල රෝගියා 18 වැනි වාට්ටුව ඇතුලත්කර තිබේ.

    අදාල තැනැත්තා ඊයේ(14)දින කොවිඩ් අසදිතයෙකු බවට PCR පරීක්ෂණ මගින්ද තහවුරු වී තිබේ.

    ඔහු පිලිබදව සෙවීමේදී අදාල රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට තුලත්වී ඇතිබවට කරුණු අනාවරණය වී ඇත.

    අදාල ආසාදිතයා යාල ජාතිකවනෝද්‍යානය ආසන්නයේ ඇති හෝටලක සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර තිබෙන අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකින් පැමිණි අය සදහා මොහු විසින් මඟ පෙන්වා තිබේ.

    කෙසේ නමුත් අදාල ආයතනයේ මොහු සමඟ සේවය කළසේවකයින් 61 ක් හා පිටත සේවකයින් 61 දෙනෙකු සිටින අතර යතනය ඇතුලත සේවකයින් ඒ තුලම මෙන්ම අනෙකුත් සේවකයින් ඔවුන්ගේ නිවෙස් තුලම නිරෝධායනයට ලක්කර තිබේ.

    හම්බන්තොට මහ රෝහලේ ඔහුට ප්‍රතිකාර කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

    අදාල කොරෝනා අසාදිත රෝගියා මේ වනවිට හම්බන්තොට පැරණි රෝහලතුල ස්ථාපිත කර තිබෙන කොරෝන රෝගී ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත්කර තිබේ.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පො*න ආන්ඩුවක් කියල ඇට නම ලස්සෙන්ම කියන කාලෙ වෑඩි ඈතක් නෑ වගේ. මට දුක අපේ වයසක අයගැන තමා. කොල්ලනේ උබල අම්මල තාත්තල ගැන හිතල පරිස්සමෙන් හිටපල්ල. මොන ආන්ඩුවටත් වාසියි අපෙ වැඩිහිටි අය මැරන එක.:-(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී


    මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ.

    ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයේ නිරෝධායනය වෙමින් සිටි 3 ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 58 දෙනකු ඒ අතර වේ. මේ දක්වා වාර්තා වී තිබු ආසාදිත සංඛ්‍යාව 1789 දෙනකු වූ අතර මෙම 61 දෙනා සමඟ මේ වන විට වාර්තා වී ඇති මුළු අසාදිත සංඛ්‍යාව 1850 කි.


    Source: www.lankadeepa.lk
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී


    මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ.

    ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයේ නිරෝධායනය වෙමින් සිටි 3 ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 58 දෙනකු ඒ අතර වේ. මේ දක්වා වාර්තා වී තිබු ආසාදිත සංඛ්‍යාව 1789 දෙනකු වූ අතර මෙම 61 දෙනා සමඟ මේ වන විට වාර්තා වී ඇති මුළු අසාදිත සංඛ්‍යාව 1850 කි.


    Source: www.lankadeepa.lk
    Loardstar එකෙත් ඉන්නවද. තාම හරියට දන්නේ නෑ
     
    • Like
    Reactions: Kolama

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 මතුගමින් තවත් කොරොනා ආසාදිතයන් 7 ක්.

    මතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.