මම හිතන්නේ මම මේ ගැන උනන්දුයි කියලා තැන් කීපෙක කියලා තියෙනවා, ඔය විද්යාත්මකයි කියලා කෑ ගහන ගොඩක් උන්ට වඩා මම විද්යාත්මකයි සහ ඔය ගොඩක් උන්ට වඩා මම මේ subjects ගැන හොයලා තියෙනවා කියලා මට ලොවෙත් ෂුවර්. අනිවාර්යෙන්ම බාවනාවෙන් මනස දියුණු වෙනවා. දියුණු කරපු මනසකින් ගොඩක් දේවල් කරන්නත් පුළුවන්. කවුරුහරි නෑ කියනවනම් මම ඔප්පු කරලා පෙන්නනවා භාවනා කරන මනුස්සයෙක්ගේ සහ නොකරන මනුස්සයෙක්ගේ ආශ්රයෙන් කරපු විද්‍යාත්මක පරීක්ෂණ පවා.
නිකමට මම මේ උදාහරනේ දෙන්නම්, Wim hof කියන්නේ ගිනස් වාර්තා ගොඩක් තිබ්බ මනුස්සයෙක්. විශේෂයෙන්ම සීතල අයිස්වල පැය ගණන් බැහැලා ඉඳලා තියපු ගිනස් වාර්ථා විශේෂයි. Wim hof ට පුළුවන් තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් නොවී තියාගන්න අනිත් මිනිස්සු විනාඩි ගානකින් මැරෙන සීතලේ පවා. මේක Wimhof විතරක් නෙවෙයි, Wim hof ගේ ගෝලයෝ පවා කරනවා. විශේෂ බාවනා ක්‍රමයකින්, ඒකට කියන්නේ Wim hof breathing technique එක කියලා(මම පෞද්ගලිකවම මේක කරලා තියෙනව) කොටින්ම උන් තමන්ගේ ඇඟට වයිරස් වගේ දේවල් inject කරගෙන පැය ගානකින් recover වෙලා පෙන්නුවා. මේවා කවුරුවත් ගොතපු කතන්දර නෙවෙයි, තනි විද්‍යාත්මක පරීක්ෂණ. Wim hof ගේ Youtube channel එකේ මේ හැමදේම ගැන විඩියෝස් තියෙනවා. පුක් විද්‍යාඥයෝ ලංකාවේ ගොඩක් ඉන්නවා ජීවිතේට පොතක්වත් කියවලා නැති උනත් හෙන පොරවල් වෙන්න දඟලන. ඔය යටින් තියෙන්නේ ලෝකප්‍රසිද්ධ Yes Theory උන් Wim Hof එක්ක කරපු වීඩියෝ එකක්.