මොකෝ බන් මුන් කියන ඒවා ගැන කියන්නේ. මට නං විශ්වාස කරන්න අමාරුයි වගේ එක පාරටම.
මුන් කියන්නේ ලංකාවේ සිංහල උන්ගෙන් වැඩි හරියක් පස්සේ කාලෙක සිංහල අනන්‍යතාවයක් ගත්ත දෙමල උන් කියල.
උදාහරණ විදියට මුන් කියනවා කරාව, දුරාව , සලාගම කියන කුල වල කට්ටිය පැවතගෙන එන්නේ පෘතුගීසි කාලේ දකුණු ඉන්දියාවෙන් ආපු උන්ගෙන් කියල. මීගමු, හලාවත පැත්තේ කතෝලිකයෝ වැඩි හරියක් පස්සේ සිංහල වෙච්ච දෙමල අය කියලා. JR ජයවර්දන, බණ්ඩාරනායක වගේ අය පැවතගෙන එන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු අයගෙන් කියලා. "හෙට්ටි " කෑල්ල තියෙන නම් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු හෙට්ටින්ගෙන් පැවතගෙන එන උන් කියලා.
විශ්වාස කරන්නත් අමාරුයි. මොකද හිතන්නේ?


