Research කරා එන්නත විදිනවද නැද්ද කියලා. අන්තිමට එන්නත විදගත්තා. සයිනෝෆාම් තමයි විද්දේ. කට්ට පොඩියි කඩියෙක් කනවා වගේ. සාමාන්‍ය ඉන්ජෙක්සන් එකක වේදනාවවත් නෑ. දැනට විදලා පැය 8ක් වගේ වෙනවා. අපේ පවුලේ තව 5කට විද්දා. ඒ අයටත් ගැටළුවක් නෑ. ගොඩක් අය එක එක කතන්දර කියලා තිබුණා. විදිනවද නැද්ද කියලා confuse වෙලා ඉන්න අයට කියන්නේ බය නැතුව ගිහින් විදගන්න කියලා තමයි. විදින්න ඉන්න අය පහුවදා හෝ එදා උදේ නාලම යන්න දවස් දෙකක් නාන්න හොද නෑ කියනවා. අනිත් එක හොදට වතුර බොන්න විද්ද අය, බර වැඩ කරන්නත් එපා කිව්වා ටික දවසකට. ඇලජික් වෙන කෑම කිසිවක් කන්න එපා කියලත් උපදෙස් දුන්නා. විදපු තැන තෙමන්නත් හොද නෑ කිව්වා. හෙටත් අප්ඩේට් එකක් දෙන්නම් 

Last edited:
