....................................
අච්චු බටේ/උන බට තුවක්කුව/බට කිරිල්ල
උණ පඳුරක් හොයාගෙන,
එකෙන් එක ගහක් කපල දාගන්න ඕනේ.
ඒ ගහ ඇද නැති එකක් වීම අනිවාර්යයි.
මේකේ ඉහලම කොටස තමා තුවක්කුවට ගන්න වෙන්නේ.
ඒ කියන්නේ ඇතුලේ තියන බටේ හීනි වෙන තරමට හොඳයි.
සාමාන්යෙන් පැන්සලක මහතට වගේ තියෙන්න තිබ්බ නම් ගානයි.
දැන් ඔන්න ඔය හරියෙන්, ගැටෙත් එක්කම කපාගන්න ඕනේ සෙන්ටිමීටර් 15ක් 20ක් දිග කෙලින් කෑල්ලක්. ඊට පස්සේ, ගැට දෙක මුලින්ම වගේ කපල අයින් කරගන්න, හැබැයි මේ වැඩේ කරනකොට බටේ පලාගන්න එපා..
රයිට්. ඊළඟට වෙඩි තියන කොටස, නැත්තම් ට්‍රිගර් එක කිව්වා නම් හරි යයි..
මේකට, අර ගහේම, ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලට ලඟම පුරුකෙන් වගේ, සෙන්ටිමීටර් 5ක් විතර දිග කෑල්ලක් කපාගන්න,
හැබැයි, ගැටේකුත් අහු වෙන්න. එකරලා, කිතුල් කෝටුවක් හරි ඒ වගේ නැවෙන්නේ නැති, හයිය තියන, අර ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලේ බටේ ඇතුලෙන් ලේසියෙන් යවන්න පුළුවන්, ඒ බටේට වඩා සෙන්ටිමීටර් 5ක් වගේ වැඩියෙන් තියන කෝටුවක් කපාගන්න. පරණ හයිය හැඳි මිටක් තියනවා නම් සුද්ද කරලා ගත්තත් කමක් නෑ. ඔය කෝටුව, අර ගත්ත පොඩි උණ කෑල්ලේ ඇතුලට යවාගන්න. මේක හොඳට හිරවෙන තරමට හොඳයි.. ගැටේ තියන්න කිව්වේ, වෙඩි තියනකොට ඔය කෝටුව අනික් පැත්තෙන් එන එක වලක්වන්න.
එතකොට කෝ උණ්ඩ??
මේකට දාන ඔරිජිනල් උණ්ඩ තමා කුඩුදවුල ඇට, කිරිල්ල ගෙඩි
දැන් කට්ටිය අහයිද දන්නේ නෑ ඒ මොන කුනුහරපයක්ද කියල.
නෑ නෑ බයවෙන්න ඕනේ නෑ.
මේකට තව උණ්ඩ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.
එකතු කරගන්න මෙන්න මේ ටික-
පරණ පත්තර පිටු දෙක තුනක්,
ටිකක් ලොකු කෝප්පයක්,
කෝප්පෙන් භාගයක් තරමට වතුර.
ඔය ටිකෙන් උණ්ඩයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි.
මුලින්ම පත්තර පිටුවක් ඔය වතුර ටිකේ හොඳට පොඟවගන්න.
ඊට පස්සේ ඒක ඔය තුවක්කුවට දාගන්න පුළුවන් තරමක කෑලි වලට කඩල ගුලි කරගන්න.
අච්චු කූ අරගෙන, ඕක දිග බටේ එක පැත්තකට යවාගන්න. දැන් තව එකක් අරගෙන අනික් පැත්තෙන් තියල හෙමීට කූරෙන් ඇතුලට තල්ලු කරන්න. කූරෙන් අඟල් භාගයක් තරම ඇතුල් කරන්න පුළුවන් තරමට කොළ ගුලිය ඇතුලට ගියහම, කූර බටේට ඇතුල් කරලා, වෙර දාල තල්ලු කරන එකයි තියන්නේ.
බටේ පිපුරුවේ නැත්තම්, අර කලින් තියපු ගුලිය ඩෝන් ගාල එලියට විසික් වේවි.
-අඟහරු අඩවිය
,https://www.desertcart.lk/search/Paintball Gun
...................