මට අහන්න තියන එකම ප්රශ්නය මේ කියන වගේ අය දැන් නැද්ද?
මෛත්‍රීට ඉන්නේ භාග සහෝදයො කියන එක පැත්තක තියමු. නමුත් මේ සුසංයෝගය තියන අය ඉන්නව ද නැද්ද????
උත්තරය ඉන්නවා.
නමුත් ගෝඨාභය රාජපක්ෂ කරපු දෙයින් බළු මයිලක් තරම්වත් දෙයක් දැන් ඔවුන් අතින් නොකෙරෙන්නේ මොකද???? උත්තර නෑ නේද?
ඔය කවුරු මොනව කිව්වත්, ගෝඨාභය මේ රටට කරපු යහපත් දේවල්, මේ රටේ හිටපු කිසිම පාලකයෙක් කරලා නෑ. ඒක තමා ඇත්ත.
ඔහු ඡන්දෙන් ආව කෙනෙක් නෙවෙයි. අයිය ගෙ බලය පාවිච්චි කරල ඕන කරම් *ක උඩ තියං යටි මඩි ගහන්න තිබ්බා, වැඩක් නොකර ම. නමුත් අද මේ වන කොට අඩුම තරමේ මහින්ද ගේ කාලේ කලා කියල පෙන්වන්න පවා ඉතරි වෙලා තියෙන්නේ මේ මනුස්සයා කරපු දේවල් විතරයි.
ලොල්ස්. මැන්ඩෙලාට අපහාස කරනව නෙවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඔහු ඉවර කලාට තාම එහි දරිද්‍රතාවයෙන් කළු මිනිසුන් ගලව ගන්න ඔහුට පුළුවන් වුනේ නෑ. මැන්ඩෙලා විශිෂ්ටයෙකු වුනේ දීර්ඝ කාලීන කැප කිරීමක් හරහා. ගෝඨාභය කියන මේ මිනිහට එහෙම දිර්ඝ කාලයක් වැඩ කරන්න දුන්න නම් ඔහු ලංකාවේ ලී-ක්වාන්-යූ වෙනවා.
ඔබ කොතරම් *ක පොළවේ ගහගෙන කෑගැහුවත්, මේ රටේ මිනිසුන්ට අවස්ථාවක් ආවොත් ඔවුන් මේ රට ඉිදිරියට ගෙනියන්න ඔය මනුස්සයට අවස්ථාවක් දෙනවා.
ඔබේත්,මගේත් දැන් ඉන්නා දරුවන් සහ මතු උපදින දරුවන් වාසනාවන්ත නම්, ඔවු, මේ මිනිහා, ගෝඨාභය, මේ රටේ පාලකයා වේවි.
ඔහු යම් කිසි විදියකට ඉදිරිපත් වෙනව නම්, මම කොන්දේසි විරහිතව ම ඔහුට සහයෝගය දෙනවා.හේතු, බැසිල්,නාමල් වගේ කද පනුවන්, නිශාන්ත වික්‍රමසිංහ වගේ අම්බරුවන් මැද, මහින්ද රාජපක්ෂ වගේ නොකටයුතු වලට නොඇසූ දෙනෙත්ව ඉන්නා පාලකයෙක් ළග, මම ඔහු දකින්නේ නියම නායකයෙක්, නියම මිනිසෙක් සහ කොදු පෙල නුසුන් මිනිසෙක් විදියට.
කපන උන් රෙප් කපපල්ලා. නමුත් මගේ රටේ අවසන් බලාපොරොත්තුව ඔහු විතරයි. ඔහුව සිරගත කරන්න *ක හපාගෙන පොරවල් දගලන්නේත් ඒ නිසයි.



