ජීවන සහකාරිය හම්බ වුනේ 26 වගේ... ඒත් එයාලගෙ ගෙදරින් ඒකට කැමති වුනේම නෑ. එකම හේතුව මට ගෙයක් නෑ කියලා. මගෙන් ඇහුවා ගෙයක් වත් නැතුව කොහෙද ඉන්නෙ කියලා. ාඅගියුමන්ට් සැරටම ගියා.. දවසක් එයාලගෙ අම්මා කෝල් කරපු වෙලේ මම ඇහුවා කසාද බැඳපු මිනිස්සු ගස් යට බස් හෝල්ට් වල පවුල් කනවා දැකලා තියෙනව ද කියලා. ගේ හදාගන්න වෙලාවක මම හදාගන්නම් කියලා බැන්නා.
පස්සෙ ඒ අම්මා ඒකට මල පැනලා මම එක්ක තියෙන සම්බන්දතා පවා නවත්තලාම දැම්ම.... එතනින් කෙල්ල එහෙමම මග ඇරුනා.
ලඟදි කෙල්ල නම් බැන්දා. ලස්සන කොල්ලෙක්... මමත් බැන්දා... මම බන්න්දිනකන් කෙල්ල මගේ ෆේස්බුක් එකේ හිටියා. බැන්දට පස්සෙ දවසක මට බැනලා මාව රිමූ කලා. ඒ ඉරිසියාවට.
දැන් මම - ගෙවල් හද හද රෙන්ට් එකට දෙනවා. ලොකු ගෙවල් නෙවෙයි බොහොම පොඩි ගෙවල්...

අහ් ඇයි මම එයාව සෝල් මේට් කියලා හිතන්නෙ කියන එක කියනවා නම්..
අදතත් මම විශ්වාස කරනවා ඒ කෙල්ල ලඟ මාරම කෙයාරින් එකක් ආදරයක් නිවිච්ච බවක් හරි පිලිවෙලක් තැන්පත් බවක් කලබල නැති ගතියක් ඇහුම් කන් දෙන ගතියක් හරි ලස්සන හිනාවක් ඇහි බැම දෙකක් හිනා වෙවී කතා කරන ගතිය..
සමා වෙන්න ඕන මගේ වයිෆ් ලඟ වත් එහෙම ගති මම දැකලා නෑ.. කම්පෙයාර් කලොත් වයිෆ් සහ එයා අතර ලොකු ගැප් එකක් තියෙනවා. නමුත් වයිෆ් කියන්නෙ මට දෙවි කෙනෙක් වගේ කෙනෙක්. මම වැටෙන හැම තැනකදිම උරහිස තිබ්බා උකුල දුන්නා සැනසෙන්න සහ නිවෙන්න.