Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

-333-

Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    2022/23 වසර සඳහා ලබා දීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කොන්ත්‍රාත්තුවේ ඉහළම කාණ්ඩයට (A1) ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා ඇතුලත් කිරීමට සූදානම් කර තිබෙන බව Sunday Times පුවත්පත වාර්තා කර සිටිනවා.

    මේ යෝජිත ජාතික කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් 19 දෙනෙක් ඇතුළත් කිරීමට නියමිත අතර ඊට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙක් සඳහා දේශීය කොන්ත්‍රාත්තු ලබා දීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.

    ඒ අනුව A1, A2, B1, B2, C1 සහ C2 යන කාණ්ඩ යටතේ මේ ක්‍රීඩකයින් වර්ගීකරණය කිරීමට නියමිත නමුත්, A2 කාණ්ඩයට (US$ 80,000) ක්‍රීඩකයින් කිසිවෙක් සුදුසුකම් ලබාගෙන නැහැ.

    පසුගිය මාස 12ක කාලය තුල වඩාත්ම සාර්ථක සහ කැපී පෙනෙන ක්‍රීඩකයින් බවට පත්වුණු වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයින් හට ජාතික කොන්ත්‍රාත්තුවේ උසස් වීමක් ලබා දෙමින් ඔවුන්ව A1 කාණ්ඩයට (US$ 100,000) ඇතුලත් කිරීමට යෝජනා වී තිබෙන අතර ධනංජය ද සිල්වා තවදුරටත් ඔහුගේ A1 කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව රැකගැනීමට සමත් වී තිබෙනවා.

    අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙපලක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරාගේ කොන්ත්‍රාත්තු පහළ දමමින් ඔවුන්ව A2 කාණ්ඩයේ සිට B1 කාණ්ඩය (US$ 65,000) යටතේ කාණ්ඩගත කර තිබෙනවා.

    එසේම ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක, යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න ගියවර ඔවුන්ගේ B1 කොන්ත්‍රාත්තු කාණ්ඩගත කිරීම් රැකගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් C2 කාණ්ඩයේ සිට B1 කාණ්ඩය දක්වා උසස් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ප්‍රධාන ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සිය B2 කොන්ත්‍රාත්තුගත කාණ්ඩය ($55,000) රැකගනිද්දී, චරිත් අසලංක සහ D1 කාණ්ඩයේ සිටි රමේෂ් මෙන්ඩිස්ගේ කොන්ත්‍රාත්තු කාණ්ඩය B2 කාණ්ඩය දක්වා උසස් කර තිබෙනවා.

    කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ කොන්ත්‍රාත්තුව A1 කාණ්ඩයේ සිට ($100,000) විශාල ලෙස පහත දමමින්, C2 ($35,000) කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. එසේම ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ද C2 කොන්ත්‍රාත්තු කාණ්ඩයට ඇතුලත්. මෙන්ඩිස් ගියවර ජාතික කොන්ත්‍රාත්තුවේ දී A3 කාණ්ඩයේ සිටි නමුත් මෙවර යෝජිත කොන්ත්‍රාත්තුව අනුව ඔහුගේ කොන්ත්‍රාත්තුව ද පහත දමා තිබෙනවා.

    ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ ප්‍රවීන් ජයවික්‍රම යන නිතර ජාතික සංචිත සඳහා ඇතුල්වන ක්‍රීඩකයින් හට ප්‍රධාන කොන්ත්‍රාත්තු ලබා නොදී ඔවුන් තිදෙනාට සහ තවත් ක්‍රීඩකයින් 7කට දේශීය කොන්ත්‍රාත්තු ලබාදීමට යෝජිත වී තිබෙනවා.

    යෝජිත නව කොන්ත්‍රාත්තුගත කාණ්ඩයන් මෙසේයි,

    A1 කාණ්ඩය ($100,000 අවම මුදල)
    දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග

    A2 කාණ්ඩය ($80,000)
    කිසිඳු ක්‍රීඩකයෙක් නැහැ.

    B1 ($65,000)
    ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා.

    B2 ($55,000)
    ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක

    C1 ($45,000)
    විශ්ව ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු

    C2 ($35,000)
    චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්

    දේශීය කොන්ත්‍රාත්තු ලැබුණු ක්‍රීඩකයින්,

    ප්‍රවීන් ජයවික්‍රම (US$20,000), ඕෂද ප්‍රනාන්දු (US$15,000), භානුක රාජපක්ෂ (US$25,000), ලක්ෂාන් සඳකැන් (US$30,000), මහීෂ් තීක්ෂණ (US$30,000), නුවන් ප්‍රදීප් (US$20,000), බිනුර ප්‍රනාන්දු (US$15,000), ලහිරු කුමාර (US$30,000), මිනෝද් භානුක (US$15,000), කමිඳු මෙන්ඩිස් (US$15,000)

    Sunday Times ඇසුරෙනි.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    IMG_20220214_104217_781.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Gautam: "When Nissanka comes back, Sri Lanka need to get rid of Thirimanne. He was very good last year, but he's not going to be the guy that consistently wins you big games. Both he and Mendis have disappointing records, but Mendis is 5 years younger, and his average still is significantly better

    mun danne na apita inneth mechcharai kiyala 🤭🤭🤭