මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.

    ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.

    වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
    පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.

    මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...

    වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.

    කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....



    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465
    View attachment 133466

    මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...

    View attachment 133469

    View attachment 133471
    View attachment 133472
    View attachment 133473
    View attachment 133474


    මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
    මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.

    View attachment 133475

    වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
    කලර් එක ටිකක් ඩාක් මදි වගේ...

    * මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.

    * මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.

    * බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
    බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
    ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.




    තව දෙයක්..,
    ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....

    මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...






    මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/

    අඩෝ සුපිරි වැඩේ නම් :love2::love2::love2:
     
    • Love
    Reactions: PHBhagya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura


    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465

    මෙහෙම විදල ස්ක්‍රෘ එක පේනවට ලීවලින් කපපු රවුමක් බස්සනවද?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මෙහෙම විදල ස්ක්‍රෘ එක පේනවට ලීවලින් කපපු රවුමක් බස්සනවද?
    ඕකනං මචං, යටි පැත්තට සෙට්වෙන නිසා පේන්නෙ නෑ. ඒ හින්ද ඔය සිදුරු වහල නෑ....
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕකනං මචං, යටි පැත්තට සෙට්වෙන නිසා පේන්නෙ නෑ. ඒ හින්ද ඔය සිදුරු වහල නෑ....
    එතකොට ස්කෲ හෙඩ් එක සිදුර ඇතුලෙද තියෙන්නෙ
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එතකොට ස්කෲ හෙඩ් එක සිදුර ඇතුලෙද තියෙන්නෙ

    මේ තියෙන්නෙ ලී වැද්දුම.
    උඩ තියෙන මේස ලීයට වටේ යන බෝඩරේ තමයි ඔය විදිහට ස්කෘ කරල තියෙන්නෙ.

    මේ රතු පාටින් ඇඳල පෙන්නල තියෙන්නෙ සිදුර තියෙන විදිහ. .. ඒ කෙලින්ම යටින් සිදුර තියෙනව පේනවනෙ...

    එතකොට ඊ තලෙන් පෙන්නල තියෙන්නෙ ඇණේ....
    මෙතනදි ඊ හිස ඇණේ ඔලුව කියල හිතන්න...




    මේ පළවෙනි වැඩේ නිසා මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරේ....
    මේකෙන් පස්සෙ කරපු අනෙක් වැඩ වලටනං කෙලින්ම ලී ඇණ තමයි ගැහුවෙ...
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ තියෙන්නෙ ලී වැද්දුම.
    උඩ තියෙන මේස ලීයට වටේ යන බෝඩරේ තමයි ඔය විදිහට ස්කෘ කරල තියෙන්නෙ.

    මේ රතු පාටින් ඇඳල පෙන්නල තියෙන්නෙ සිදුර තියෙන විදිහ. .. ඒ කෙලින්ම යටින් සිදුර තියෙනව පේනවනෙ...

    එතකොට ඊ තලෙන් පෙන්නල තියෙන්නෙ ඇණේ....
    මෙතනදි ඊ හිස ඇණේ ඔලුව කියල හිතන්න...




    මේ පළවෙනි වැඩේ නිසා මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරේ....
    මේකෙන් පස්සෙ කරපු අනෙක් වැඩ වලටනං කෙලින්ම ලී ඇණ තමයි ගැහුවෙ...
    Mmm thanks machan theruna
     
    • Like
    Reactions: PHBhagya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    img_20210701_222015-jpg.133465

    View attachment 133465
    හරිම ලස්සනයි අත.. කෙල්ලෙක්ගෙ වගේ..