නිශ්පාදිත දිනයේ ඉඳලා බලලා වාහන අයින් කරන්න මේක එච්චර දියුණු රටක්ද? වාහනේ නඩත්තුව හොඳයි නම්, මාර්ගයේ ධාවනයට සුදුසු තත්වෙ තියෙනව නම් ඒකට ලයිෂන් දෙනවා. බර වාහන නම් යෝග්‍යතා සහතිකය ගන්න ඕන. මේ විදිය තමයි ලංකාව වගේ රටකට සුදුසු. ඉස්සර වගේ කෑලි එල්ලගෙන පාරෙ යන වාහන දැන් අඩු පොලීසියෙන් ලියන නිසා. දුමත් බලන නිසා ඉස්සර ගිණි අරන් වගේ දුම දාගෙන යන වාහන පාරෙ නෑ එහෙමට දැන්ඇත්තටම ඒක හොඳයි. මොඩිෆයි වත් ඕනෙට වඩා කරන්න දෙන්න හොඳ නෑ.
වාහන වල ගණන් අඩු වෙන්න නම් තෙල් නැත්තටම නැති වෙලා වාහන තියාගෙන කිසිම වැඩක් නැති වෙන්න ඕන. එහෙම වුනාම වාහන ගන්න එවුන්ටත් වැඩක් නෑ තෙල් නැතුව මොක දාල දුවන්නද. කොහොමත් 2021න් වගේ පස්සෙ වාහන විකුණන්නෙ එක්කො මරාලයක් නිසා, නැත්තම් ලීසිං ගෙවාගන්න බැරිව, නැත්තම් වැඩකටම නැතිව ගෙදර තියෙන නිසා වගේ තවත්සීමිත කාරණා කීපයකට විතරයි. මොන තර්ක දැම්මත් වාහන ගේන්න පුළුවන් කාලෙ තිබ්බ මිල අහලකටවත් ආයෙ වාහන මිල එන්නෙ නෑ. අනික මිල වැඩි වෙන එකමයි හොඳ. ඒ මුල් කාලෙ ගත්ත උන්ට එතකොට හොඳයි. විකුණන්න නෙවෙයි, මිල අඩු වෙනකම් හිටිය උන්ට ආයෙ ගන්න වෙන්නෙ වැඩි මිලට වෙන්න. ආයෝජන කියන්නෙ ඒවට. මොන රජයක් ආවත් වාහන මිල පාලනයක් දාන්න බෑ. බයිසිකලයක් හරි කලින් ගත්ත එකා දිනුම්. අඩු වෙනකම් හිටි උන්ට මැරෙනකම්වත් ආයෙ ඒ බලන් ඉන්න කාලෙ තිබ්බ මිලට වඩා අඩුවෙන් ලංකාවෙන් වාහන ගන්න වෙන්නේ නැත. ඒක තමයි වෙන්නත් ඕන.