අයුර්වේදෙට අනුව වමන කරම ක්‍රියාවලිය කොටස් තුනකට බෙදනව . පූර්ව, ප්‍රධාන , පශ්චාත් කියල. පූර්ව කර්ම වලින් කරන්නෙ ඇගේ තැන් තැන් වල තියෙන දෝෂ මෘදු බවට පත්ව කරලා ඉවත් කරන්න පුළුවන් ස්ථානයකට අරගෙන එක. ඒකට දීපන, පාචන, ස්නේහ, ස්වේද වගේ ක්‍රම භාවිත කරනව. ප්‍රධාන කර්මයෙන් කරන්නෙ ඒ අරගෙන ආපු දෝෂ මුඛ මාර්ගයෙන් ඉවත් කරන එක. වමනේ කරාට පස්සෙ කරන දේවල් තමයි පශ්චාත් කර්ම කියන්නේ. වමන කර්මය ප්‍රධානව කරන්නෙ කඵ දෝෂය ප්‍රධාන රෝග වලට. කුකුරුමාන් (Emetic Nut -
Randia dumetorum) තමයි ප්‍රදානව ගන්න වමන කාරක ද්‍රව්‍ය. ඊට අමතරව, සහිඳ ලුණු, එළකිරි, වැල්මී, වගේ දේවල් ගන්නවා.