Harmonized System - HS Code ✈️🚢⚓

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    අපි අද පොඩ්ඩක් කතාකරමු "Harmonized System" එහෙම නැත්නම් HS Code ගැන.

    අන්තරජාතික වෙළදාමට සම්බන්දවන ඕනෑම රටක රේගු අදිකාරිය, ලෝක රේගු සංවිධානය (WCO) සමග සම්බන්ද වියයුතු අතර ලෝක රේගු සංවිධානය (WCO) පනවා ඇති නීතීන්ට සහ රෙගුලාසි වලට යටත්ව තම රාජකාරීන් ක්‍රියාත්මක කල යුතුය.

    රටකින් රටකට භාණ්ඩ ආනයනය සහ අපනයන සිදුවෙනකොට එම අදාළ භාණ්ඩය හදුනාගන්න බාවිතාකරන පොදු සංකේත ක්‍රමයට අපි කියන්නේ "Harmonized System" එහෙම නැත්නම් HS Code කියලා.

    එහිදී අන්තර්ජාතික භාණ්ඩ හුමරුවේදී යම් භාණ්ඩයක් ප්‍රමිතිගත ආකාරයට වර්ගීකරණ කරනු ලබන සංකේත ක්‍රමය "Harmonized System" ලෙස හදුන්වනු ලැබේ.
    තීරු බදු සහ බදු තක්සේරු කිරීමේදී සහ සංඛ්‍යාලේඛන රැස් කිරීමේදී අදාල නිෂ්පාදන භාණ්ඩය පහසුවෙන් සහ සැම රටකටම පොදුවේ පිළිගත හැකි ලෙස හඳුනා ගැනීමට මෙම "Harmonized" ක්‍රමය මගින් සිදුකෙරේ.
    තවත් සරලවම පැහැදිලිකරහොත් ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සහ අන්තර්ජාතික වෙළදාමට සම්බන්දවන සියලුම භාණ්ඩ ක්‍රමානුකුලව සහ හදුනගතහැකි ලෙස සිදුකරනු ලබන සංකේත වර්ගීකරණය "Harmonized System" නම් වේ.

    pt8nmiA.png


    ලොව පුරා වර්ධනය වූ විවිධ වර්ගීකරණ පද්ධති අතර ඒකාකාරිත්වය නොමැතිකම හේතුවෙන් ආනයන සහ අපනයන ක්‍රියාවලින් සදහා ඇතිවී තිබු ගැටළු නිරාකරණයට සදහා 1988 දී, ලෝක රේගු සංවිධානයේ WTO සාමාජිකයින් Harmonized System HS කේතය සම්මත කර ගත්හ.
    මෙම Harmonized System ලෙස හදුන්වනු ලබන සංකේත ක්‍රමය ලෝක රේගු සංවිධානය (WCO) විසින් පරිපාලනය කරනු ලබන අතර සෑම වසර පහකට වරක් යම් යම් කරුණු මත පදනම්ව යාවත්කාලීන වේ.
    එහිදී Harmonized System ලෝක රේගු සංවිධානය (WCO) හරහා ආනයන සහ අපනයන වර්ගීකරණ පද්ධති සඳහා පදනම ලෙස යොදාගනිනු ලබයි. "Harmonized System" සරල ලෙස "HS" ලෙස හදුන්වනු ලැබේ.

    භාණ්ඩ සදහා අදාළ රට තුලදී සහ රටින් පිටතට යාමේදී රේග බදු අදාල වන්නේද? නැතහොත් අදාල නොවන්නේද වගේම, අදාල වන්නේනම් කුමන ප්‍රතිෂතයකින්ද යන්න තීරණය කරනුලබන්නේ මෙම සංකේත වර්ගීකරණය අනුවය.
    එලෙසම යම් භාණ්ඩයක් රටක ආනයනය කල හැකිද සහ රටකින් තව රටකට අපනයන කල හැකිද යන්න තීරණය කරන අදික්‍ෂණ මිනුම් දණ්ඩ Harmonized ක්‍රමයයි.

    vj1baiY.jpg


    තවද HS කේතය විවිධ භාණ්ඩ ආනයනය සහ අපනයනය නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සඳහා රටවල රේගු බලධාරීන්, විවිධ සංඛ්‍යාන ආයතන, වෙළඳපල පර්යේෂණ ආයතන සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන විසින් භාවිතා කරනු ලැබේ.

    භාණ්ඩයක් සංකේතව හදුනාගැනීමේ HS කේතය නිශ්චිත ඉලක්කම් හයක කේතයක් ලෙස ප්‍රථමයෙන් බවිතාකරයි. නමුත් රටකින් රටකට හෝ කලාප අනුව තවදුරටත් වර්ගීකරණය සඳහා පළමු ඉලක්කම් හයට අමතරව දිගු කේත එක් කිරීමට රටවල්වලට අවසර ඇත.

    Eysf09e.png


    MAslxkK.png


    Harmonized System වර්ගීකරණය ප්‍රදාන 21 සංවිධානය කර ඇති අතර ඒවා පරිච්ඡේද 99 කට බෙදා ඇත. HS පරිච්ඡේද 99 තවදුරටත් ශීර්ෂ 1,244කට සහ උපමාතෘකා 5224කට බෙදා ඇත.

    7g4NaUX.png


    moOqzYO.png


    සටහන - Walter White
    චායාරුප - අන්තර්ජාලය ඇසුරින්
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    ඕක ලේසියෙන් හොයාගන්න system එකක් නැද්ද? නිකං product එක gahuwama code එක එන, or code එක gahuwama product එක එන වගෙ - මන් කියන්නේ මෙහෙ tax එකත් එක්ක
    තියෙනවා.
    Customs tariff eka free download karaganna puluwan site eken.
    Nathnam item eka hari, name eka hari deela search karanna puluwan.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    ඕක ලේසියෙන් හොයාගන්න system එකක් නැද්ද? නිකං product එක gahuwama code එක එන, or code එක gahuwama product එක එන වගෙ - මන් කියන්නේ මෙහෙ tax එකත් එක්ක
    Google එකේ item එක ගහලා HS එක හොයාගන්න. ඒකට අදාල section එකේ PDF එක කස්ටම් සයිට් එකෙන් ගන්න. Item එකට හොයාගන්න ලේසී.
    Eg: google search "HS code for mobile phone"
    Google result:
    Screenshot (96).png


    8517 ට අදාල section එක ගන්න කස්ටම් සයිට් එකෙන්
    https://www.customs.gov.lk/customs-tariff/import-tariff/
    ඒ කියන්නේ chapter 85 open කරගන්න ඕන
    Screenshot (97).png



    ඔය තියෙන්නෙ විස්තරේ

    එහෙම නෑත්නම් මෙතනිනුත් හොයාගන්න පුලුවන්. වෙලාවකට හොයන එකම සර්ච් වෙන්නෙ නෑ

    https://services.customs.gov.lk/hsfinder/