මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    දැන් මේ තියන තත්වේ එක්ක ගිනිපෙට්ටියෙ ඉදලා ගනන් ගිහිල්ලා තියෙන්නෙ.ගන්න පඩිය ගෙදර බඩුටික බිල් ටිකට ඉවරයි.පොඩි බබාලා ඉන්න ගෙවල් වල මීට වඩා අන්තයි .පිටකොටුවෙන් ගත්තම ලාබ ගැන මේකේ කතාකරමු.

    Xl ගාබේජ් බෑග් 10 කීල්ස් එකේ 400+
    පිටකොටුවෙ xl බෑග් 100 ම 2100යි.
    den 3000/= XL
    https://www.google.com/maps/@6.9396...ch=0&thumbfov=100!7i16384!8i8192!9m2!1b1!2i38

    Noor Plastic
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    Titus Stores
    077 738 4671
    https://maps.app.goo.gl/eDfSHARPECY92GY59

    කුස්සි බඩු ඕනෙ දෙයක් මෙතන තියෙනව.

    තව චයින ස්ට්‍රීට් එකේ තැන් කීපෙක තුනපහ බෝතල් වගේ දේවල් තියෙනව... ටයිටස් එකෙත් තියෙනව...
    Meke nam patta ganan dan badu
     
    • Wow
    Reactions: PHBhagya

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    පාසල් අයිටම් (පොත්, පෑන්, පැන්සල්, A4) වගේ ඒවා ගන්න තියෙනවද පිටකොටුවේ අඩුවට?? ඒ වගේම කොහෙන්ද ගන්න පුලුවන් කියල කියනවද දන්න කෙනෙක්
    ------ Post added on Nov 6, 2022 at 8:41 AM
     
    Last edited:
    • Like
    Reactions: usa_nihaal

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,439
    1
    51,060
    113
    ප*යාගල
    sorry.com
    ඉලෙක්ට්‍රිකල් බඩුනං කොටුවෙ දැන් ගණං. ඉස්සර ගොඩක් අඩුයි. ඩේ ටුඩේ ප්‍රයිස් අප්ඩේට් වෙන නිසා ගණං වැඩියි. පිට තැන් වලින් ගොඩක් ඉලෙක්ට්‍රිකල් බඩු අඩු මිළට ගන්න පුලුවන්....
    කොටුවෙ තොග කඩවල 5500ට තිබුණ රයිස් කුකර් එකක් මම 4500ට ගත්ත කොළඹින් පිට කඩේකින්...

    බයිසිකල් පාට්සුත් එහෙමයි. ශීට් බාර් එක කොටුවෙ 700යි, ගමේ විංකලේ 450යි...



    අනික් දේවල්නං කොටුවෙ ලාබයි.
    රසකැවිලි වර්ග, රට ඉඳි වගේ කෑම, පළතුරු වර්ග එහෙම සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ තියෙනව.
    තව බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ කෙලවරට වෙන්නත් කඩ තියෙනව...
    ඒ හරියෙම චයින ස්ට්‍රීට් එකේ තමයි, ඩිශ්වොශර් වර්ග, පේපර් සර්වියට් වගේ දේවල් තියෙන්නෙ.

    එතනම තොග කඩවල් වල පරිප්පු, අල ලූණු, කරවල කඩ එහෙමත් තියෙනව. ඒවයෙනං ගණං කොහොමද දන්නෙ නෑ...

    ළමයින්ගෙ බේබි ක්‍රීම්, ශැම්පු වගේ අයිටම් එහෙමත් සෙකන්ඩ් ස්ට්‍රීට් එකෙන්ම කඩවල් වලින් ගන්න පුලුවන්.
    සෙල්ලම්බඩු ගන්නවනං, ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ ඩච් මියුසියම් එක ඉස්සරහ ඇතුලෙ කඩවල් වල බලන්න..
    Loop pile carpet ganna thank dnnwda miss?
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Loop pile carpet ganna thank dnnwda miss?
    හරියටම මතකයක් නෑ මචං.
    තර්ඩ් ස්ට්‍රීට් එකයි, සෙකන්ඩ් ස්ට්‍රීට් එකයි අතර ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ රෙක්සින් වර්ග විකුණන තැන් වල තමයි බලන්න ඕනෙ...
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    දැන් මේ තියන තත්වේ එක්ක ගිනිපෙට්ටියෙ ඉදලා ගනන් ගිහිල්ලා තියෙන්නෙ.ගන්න පඩිය ගෙදර බඩුටික බිල් ටිකට ඉවරයි.පොඩි බබාලා ඉන්න ගෙවල් වල මීට වඩා අන්තයි .පිටකොටුවෙන් ගත්තම ලාබ ගැන මේකේ කතාකරමු.

    Xl ගාබේජ් බෑග් 10 කීල්ස් එකේ 400+
    පිටකොටුවෙ xl බෑග් 100 ම 2100යි.

    හෑන්ඩ් ටිශු එක පැකට් එකක් කීල්ස් කාගීල්ස් වල 250ක් දැන්.පිටකොටුවේ පැකට් 20 ගන්න පුළුවන් 3000යි.

    ඉටිපන්දම් පැකට් එකක් දැන් කඩේ 1000යි.පිටකොටුවෙන් පැක් එකක් 600 ගානෙ ගන්න පුළුවන්

    එතන තියනවා ඩිශ් වොශ් ලික්විඩ් ලීටර් ගනන් කෑන්.එකක් ගත්තනම් බය නැතුව මාස 6+ පාවිච්චි කරන්න පුළුවන් .දැන් විම් ඩිශ්වොශ් එකක් 500යි.

    බ‍ර්ත්ඩේ අයිටම් ලයිට් එහෙමත් සෑහෙන අඩුවට ගන්න පුළුවන් .
    Location - https://goo.gl/maps/ib5V7xfWMmHxnKgf6



    පොඩිම අය ඉන්න අයට බඩු ගන්නත් හොද තැනක් තමා පිටකොටුව කියන්නෙ.කඩවල් වල රස්තියාදු උනොත් සෑහෙන්න අඩුවට බඩු ගන්න පුළුවන්

    මාවල් වෙට් ටිශු පැකට් එකක් කීල්ස් ආපිකෝ එකේ 850යි.පිටකොටුවෙ 550යි.සතියකට කලින් ගත්තෙ එකක් 500යි

    වෙලෝනා ඊසි පැන්ට්ස් කෑලි 54 ලාජ් එක නම් අඩුවක් නෑ 7500යි.ඒත් දැන් champs කියලා ඉන්දියන් පෑන්ට්ස් වගයක් එනවා අපේ ක්ලයිමෙට් එකට මැච් වෙන ඒකේ කෑලි 38 පැකට් එකක් 2750යි.මේ වගේ ඒවා ගනිද්දි කඩවල් දෙක තුනකට ගිහින් බලන්න ඔනෙ.එතකොට සමහර තැන් වලින් ඩිස්කව්න්ට් එහෙම හම්බෙනවා.
    Location -Main Street



    ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවනම්.පාරේ අයිනේ කඩවල් පේම්න්ට් එකෙන් ගන්න එපා.ඇතුලේ තියන පොට් වල ඒක ගනන් අඩුයි.පේමන්ට් එකේ ගාන වැඩී.

    කඩවල් ලොකුවට තියබ්බට බය නතුව ගිහින් බඩු වල ගනන් අහන්න.ඒවා වල ගනන් අඩුයි.මන් පේමන්ට් එකෙන් ෆෝන් එකට වෝට පෲෆ් ෆෝන් කවරයක් ඇහුවම 350ක් කිව්ව.ඊට වඩා කොලිටි එකක් මන් ට්‍රාන්ස් ඒශියා එකෙන් 150ට ගත්තා.
    Location - 1st Cross St



    වෙඩින් කාඩ් කේක් බොක්ස් ප්‍රින්ට් කරන්නත් මරු තැන පිටකොටුව සෑහෙන අඩුවට කරගන්න පුළුවන් .වේරියේශන් ගොඩකුත් තියනවා.
    Location - https://goo.gl/maps/ou553WLqtkg1bhCDA


    අනික පර්ස් ලෙදර් අයිටම් පේමන්ට් එකෙන් නම් ගන්න එපා .මම ගන්න තැනක් තියනවා ඩච් මියුසියම් එක එහා පැත්තෙ රෙක්සින් ලෙදර් ඕන තරම් අඩුවට ගන්න පුළුවන් .

    පොඩි අයට සෙල්ලම් බඩු නම් ඒත් ඩච් මියුසියම් එක ලග තියන කඩ තමා.ලැජ්ජ බය පැත්තක තියල ගියොත් අඩුවට හොද බඩු ගන්න පුළුවන් .එතන ඉන්න මින්ස්සු උබ ගනන් ඇහුවා කියලා තර්හ වෙන්නෙ නෑ.
    Location - https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8


    මතක තියාගන්න පිටකොටුවට බඩු ගන්න යනකොට ශෝටක් දාගෙන යන්න.සමහර තැන් වල ඇදුම බලල ගාන කියන්නෙ.කාර් පාක් එකේ වාහනේ දාල යන්න පුළුවන් . මාස්ක් දාගෙන යන්න.මොකද කඩවල් වල එකෙක්වත් මාස්ක් දාන්නෙ නෑ.පිටකොටුවෙ කඩවල් වලින් නොකා ඉන්න තරමට හොදයි.බඩ හයිය නැත්නම් බඩ ලෙෆ්ට්.


    පිටකොටුව ඇතුලෙත් හොද පිරිසිදු ටොයිලට් තියනවා.හොයාගන්න පුළුවන් .මට මතක නෑ.බොකක් දාන්න කාර් පාක් එක ලගටම යන්න ඕණෙ නෑ.


    නෝලිමිට් වගේ ශොප් වල තියන ජොක්කු බ්‍රෑන්ඩ් එකට පිටකොටුවෙ තියනවා දෙකක් 750යි.අරකේ එකක් 1250යි.දැන්නම් වැඩිත් ඇති.


    ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න.
    Location - https://goo.gl/maps/wACXQbLUtY7idbBn6



    පිටකොටුවෙන් ගන්න හොද නැත්තෙ මේ වෙනකම් බැට්‍රි සුපර් ග්ලූ පේමන්ට් එකේ විකුනන සෙකන්ඩ් හෑන්ඩ් ලයිට් කම්පියුටර් පාට්ස් වගේ ඒවා තමා.

    ගෙදර කොස්ස සව්ත්තුයි නම් 400ක් දීලා කොස්සක් ගන්නෙ නැතුව පිටකොටුවෙ ආපු වෙලාවට කොස්සෙ යට කෑල්ල විතරක් ගන්න පුළුවන් 150යි එකක්.දෙක තුනක් අරන් තියාගත්තනම් එකම කොසුමිටට හයි කරගන්න පුළුවන්

    https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8


    තව දන්නවනම් යටින් දාගෙන යන්න.
    ඔය තම්බි කඩවල් වල හෙන ගනන් බන්.. BOI zone vala factory valata katha කරලා ගනින්