රෙද්ද.....

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මේ ටිකේ කිරිය පැත්තෙ එන එක ටිකක් අඩුවුනා. ඉතින් මුකුත් ලියන්නවත් හම්බවුනේ නෑ....
    ඒ අඩුව පුරවන්නත් එක්ක පොඩි සයිස් එකේ පල් හෑල්ලක් ලියල දාන්න හිතුව...
    කස්ටිය උඩ දමාගෙන කියවන්න කලින් කියන්න ඕනෙ. මේ හෑල්ලෙ කිසිම වැදගත් කමක්නං නෑ.... නිකං හිතට ආපු බයිලයක් තියෙන්නෙ. ඒ නිසා අකමැති අය නොකියවා හිටියට පාඩුවක් නෑ....
    හැබැයි ආපු එකේ බම්ප් එකක් දාලම යන්න...

    රෙද්ද...

    රෙද්ද කියන්නෙ නෝන වාට්ටුවෙන් ජීවිතේ පටන්ගත්ත තැන ඉඳන් වැලිගම්පිටියෙන් කෙලවර වෙන තැන වෙනකල්ම ජීවිතයට නැතුවම බැරි මෙවුව එකක්...
    මානව සත්වයගෙ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ ලෝකයාගෙන් වහං කොරගෙන හංගල තියාගෙන ඉන්න රෙද්දෙන් කොරන කාර්යයභාරයනං සුලුපටු එකක් එහෙම නෙමෙයි...


    රෙද්ද කියල හෙඩිම දැම්මට මොකද ගොඩක්ම දුරට මට කියන්න තියෙන්නෙ සරම ගැන. මොකද මම සරමත් එක්ක ඇතිකරගත්ත ලොකු ආත්මීය බැඳීමක් තියෙනව.

    ඔය බැඳීම පටන්ගත්තෙ තාත්තගෙ ඩොක්කෙ වැටිල සරමෙන් ඔන්චිලි පැද්ද කාලෙ වෙන්න ඕනෙ කියලයි මගේ මතකෙ තියෙන්නෙ.
    ඊට පස්සෙ එළියට බැහැල තනියම චූකරන්න පුලුවන් කාලෙ ඉඳන්ම සාඩම්බර සරං කරුවෙකු වීමේ තද බල උවමනාවක් මට තිබුණ.

    සරම එක්ක තියෙන බැඳීම තරවෙන්න තවත් හේතු කීපයක්ම තියෙනව. ඒ කාලෙ අපේ ටීවී එකේ පෙනුනෙ අයි.ටී.එන්, රූපවාහිණි චැනල් දෙක විතරයි. ඔය චැනල් වලින් සුපර් මෑන්ලට බැට් මෑන්ලට ලොකු තැනක් ලැබුණෙ නෑ.
    ඉතින් මම පැංච කාලෙ අඳුනගත්ත වෙනම සුපිරි වීරයො සෙට් එකක් හිටිය...

    ඒ සෙට් එකෙන් එක්කෙනෙක් වුනේ
    අපේ පහල වත්තෙ පොල් කැඩුව සුජී අයිය කියන රුක්මන්.... මිනිහ ඇඳන් ඉන්න සරම පස්ස පැත්තෙ ගහගෙන පොල් ගස් බඩ ගාල පොල් කඩල, ඒ කැඩුව පොල් ගෙඩි විස්සක් තිහක් එක පාර මල්ලට දාගෙන කර ගහගෙන එන එක මට වීරකමක්....
    අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ.... ඉතින් සුජී ගස් යන දවසට කොල්ල ඉන්නෙ වත්ත මායිමේ...
    ඉතින් දියට ගොඩට දෙකටම අඳින සුජි අයියගෙ සරම මට සුපිරි වීර කිට් එකක්....

    ඉස්සර අපේ ගෙදර වහලෙ ගහන්න ආපු ටියුඩර් වඩු බාස් අනික් කෙනා.... සරම ගහගෙන මුදුන් බිත්තියෙ උඩ ඇණ තියාගෙන ඉඳන් උඩට යවන උළු කැට අල්ලන එක සුපිරි වීර වැඩක්.... මිනිහ දෙපොට දාල අඳින පිච්චුවට පිච්චෙන්නෙ නැති සරම මට සුපිරි වීර කිට් එකක්...

    ඉතින් මේ කිට් එක ගහන්න මටත් ආසාවක් ආව.... අපේ අම්ම, තාත්තගෙ සරමක් එහෙට මෙහෙට එඩිට් කරල මගෙ සයිස් එකට හරියන්න හදල දීල මගේ ආසාවට රුකුලක් දුන්න......

    ඒත් ඔය සරම කලඑළි බහින්න ගත්තෙ රාත්‍රියේ නින්දට යන වෙලාවට විතරයි....
    ඒකට හේතුව වුනේ, මම සරම අඳින්න පටන් ගත්තට ඒක දනෙන් පහලට වට්ට ගන්නෙ නැතුව අඩි දහයක්වත් ඇවිදගන්න අපොහොසත්වීම.... ඔය ගැටලුව යම් යම් ප්‍රමාණ වලින් තාමත් තියෙන නිසා දැනටත් මම සරම ගහන්නෙ නිදන වෙලාවට විතරයි....

    කෝඩුකාර සරං කාරයින්ට එන ලොකුම අවුල වෙන්නෙ උදේට ඇහැරෙනකොට සරම තමුන්ව හැරදමායාම.... හැබැයි මටනං ඕකෙ ලොකු අවුලක් වුනේ නෑ.... මොකද
    මගේ සරම ආවෙ කකුල් දෙකේ ඉඳන් උඩ පැත්තට විතරයි...

    උදේට නැගිටිනකොට පපු ප්‍රදේශය සරමෙන් ආරක්ශාවෙලා තිබුණ. බඩ ප්‍රදේශයේ ඉඳන් පහල කොටසට සරමෙ දිග මදි ගතියක් තිබුණ...
    ඒකට මම මගේ තාක්ශනික ශිල්ප ඥාණය යොදාගෙන පොඩි පිළියමක් යෙදුව....

    සරමෙ යට කොං දෙක අල්ලල කකුල් දෙක අතරට හිටින්න දානව ගැටයක්.... ඊටපස්සෙ බය නැතුව බුදියගන්නව. සරම උඩට ආවත්. කකුල මුල දෙබොක්කාවට සරමෙ ගැටේ හිරවෙලා එතනින් උඩට එන එක නවතිනව...... ගැටේ හිරවෙන අපහසුතාව නිසා නින්දෙන් ඇහැරිලා සරම හදාගන්නව.....
    හරිම සරලයි...

    ඕන්න ඔහොම තමයි මම හීලෑ නැති සරම ඇඟේ තියෙන විදිහට හීලෑ කරගත්තෙ....

    ....අවසන්...





     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,755
    2
    54,404
    113
    vnlPiUL.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,236
    13,123
    113
    33
    ෆින්ලන්ඩ්
    අක්කියෝ ඉස්සෙල්ලාම ගල් කෑපුවා කිවුවේ සුජී එක්ක නේ ද? සුජී කපන කාලේම ටියුඩර් උත් කෑපුවද?

    සරමට ගොඩක් කැමති ගල් කපන්න ලේසි නිසා කිවුවේ ඒ නිසාද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අක්කියෝ ඉස්සෙල්ලාම ගල් කෑපුවා කිවුවේ සුජී එක්ක නේ ද? සුජී කපන කාලේම ටියුඩර් උත් කෑපුවද?

    සරමට ගොඩක් කැමති ගල් කපන්න ලේසි නිසා කිවුවේ ඒ නිසාද?
    කපාපු ගල් ගෙඩියකින් ඔලුවට තඩි බාන්න හිතෙනව මට.... :angry:
    රෙද්ද දැන් බම්ප් දාන්න තහ්නම්
    රෙද්ද bump
    ඒකනෙ....😥
    මොනව කොරන්නද... රෙද්ද..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    සුපිරියට ලියල තියන ඉතින්.
    ඒ උනත අහන්න ඕන .
    සරම ගහගෙන මුදුන් බිත්තියෙ උඩ ඇණ තියාගෙන ඉඳන්
    ටියුඩර් බාස්ගේ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ දැක්කේ නැද්ද ඒ කාලේ??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    සුපිරියට ලියල තියන ඉතින්.
    ඒ උනත අහන්න ඕන .

    ටියුඩර් බාස්ගේ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ දැක්කේ නැද්ද ඒ කාලේ??
    අපේ ගෙයි මුදුන් බිත්තිය පිහිටෝල තියෙන්නෙ ඉර මුවාවත අල්ලල.....😂
    වහලට නැග්ගම
    කකුල්දෙක මැද්දෙන් ඉර සේවය බලන්න පුලුවන්...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    "අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ...."

    ඇයි සුජී අයියේ අපේ බාගිය ට මෙහෙම කරේ..... දැන් වැවර ගෙඩි හොය හොයා පිස්සෙක් වෙලා....