Ashen Motors Dealer Bajaj Kalubowila - වංචාකාර කාලකන්නි ගැන කියන්න යන්නේ

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    නා බන්,ආතල් එකට දැම්මේ..දැන් මොනා වුනත් අරගලෙයි,මාලිමාවයිනේ වග කියන්න ඕනි.
    Hmmm... ee paththeth hoda minissu innawa..
    Eth 90% dena rallata yana eka waradiy... hoda ho naraka paththata

    Minissu buddimath wicharasheele wela hitiyoth misak Anura tiya Sakkaraya awath meka hadanna baha
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    පංචිකාවත්තට අරන් ගිහින් හදන් ආවත් ලාබයිනේ බන්. ඩේවිඩ් පිරිස් එකට ( බජාජ් කම්පැනියටත්) ඊමෙල් එකක් දාපන්.

    එන් ජින් හදනවා කියලාත් වවගෙන කෑමක් කරන්නෙ. මගේ යාළුවෙක් අපේ පැත්තේ බජජ එකට එන්ජිමක් හදන්න දුන්නා. ඕකුන් මාසයක් තිස්සේ අත ගෑවා. අන්තිමට හදලත් නැ. ගණත් 40000ක් විතර යනවා කියලා. අන්තිමට බයික් එක අරගෙන පංචිකාවත්තේ බජාජ් එකට ගියා. එහෙට ගියේ මොකක් හරි කෑල්ලක් ඕනි උනත් අවටින් හොයා ගන්නත් ලේසි නිසා. අන්තිමට එන්ජිමේ හදන්න දෙයක් නැ. රු 5000ක රෙපයාර් එකක් තිබුනෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    img-20230309-wa0015-jpg.200264


    dealer :lol: :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,392
    6,046
    113
    Ashen Motors Dealer Bajaj - No 8 ,Kadawatha Road , Kalubowila , Dehiwala . 0114 369 469

    View attachment 200263


    View attachment 200264



    මෙන්න මේ අශේන් මෝටර්ස් එකේ උන් , මිනිස්සුන්ව හුරන් කන විදිය කියන්නයි මම මේ පොස්ට් එක දාන්නේ , අපිට කරපු සක්කිලි වැඩේ . තව මනුස්සයෙක්ට මේකම කළා , ඒ මනුස්සයා (206 විල් එකක් ) පොලියට 60000ක් අරන් ඇවිත් මුට අහු උන නිසා ,වැඩේ කරගන්න , හෙන දුකෙන් කතාව කිව්වා . මේක දන්නා හැමෝටම දැනුවත් කරන්න .

    අපේ බජාජ් ත්‍රිවිල් එකේ කරස් ගාලා සද්දයක් එනවා , යන්න බැහැ . අපි අපේ විල් එක ඇදගෙන අශේන් ගරාජ් කියන එකට ගියා ( කළුබෝවිල ) . අමිල කියලා බාස් කෙනෙක් . මිනිහත් අර අශේන් මෝටර්ස් එකේ එකා එක්ක , මේ වංචාව කරන්නේ සෙට් වෙලා . මු ලෙඩේ බලන්නෙත් නැතුව ,

    එන්ජින් එකක් ගලවන්න රු 4000යි කිව්වා / ඩිපරන්සල් එකත් එක්ක ගලවලනවා නම් රු 5000යි කිව්වා . මු ගෝලයව දාලා වාහනේ ගලවාගෙන ගියා . පස්සේ එන්ජින් පලු හොදන් එන්න අපිව යැව්වා ( ඒකත් මු කියන තැනින් කරගන්න ඕන , මුට ගානක් එනවා )

    පට්ටලේට යවන්න පොරේ ( පිළියන්දල මිරිස් වත්තේ තැනක් ) - මුට එකෙනුත් කමිෂන් එනවා . අපි කිව්වා අපි දන්නා කෙනෙක් ඉන්නවා බොරලෙස්ගමුව පට්ටලේ . මු කියනවා වෙන තැන වලින් කරගෙන අවොත් මම වගකියන්නේ නැහැලු ( කොහොමද ගසා කෑම )

    මෙන්න මු අපිට වාහනේ අවුල මොකද්ද කියලවත් කියන්නේ නැතුව , හෙන බඩු ලිස්ට් එකක් දුන්නා . : මුගේ බඩුත් අශේන් මෝටර්ස් එකෙන් විතරයි ගන්න ඕන" . වෙන තැන වලින් ගෙනාවොත් අපි හයි කරන්නේ නැහැ ලු . මු වගකියන්නේ නැහැ කතාව ...දැන් තමයි සුපිරිම සින් ටික එන්නේ ,

    දැන් ගරාජ් එකේ එකා දුන්න ලිස්ට් එකේ බඩූ වල ගණන් අපි අහද්දී " Ashen Motors Dealer Bajaj Kalubowila" මු ගණන් කියන්නේ නැහැ . එක එක අයිටම් එකේ ගණන් අහද්දී අශේන් එකේ අයිතිකාරයට මල පැනලා අපි එක්ක ගේම . ඔහොම බැහැ , එහෙනම් වෙන තැනකින් බලන්න ගානවා . උ මුළු බිල් එකටම තමයි ගාන කියන්නේ , අපෙන් තෙල් / ග්‍රීස් දාලා 57000ක් වගේ . මුගේ තව කපටි කමක් තමයි , අපි ගණන් අහද්දී බඩු වල , අපිට මුගේ ගණන් අඩුයි කියලා අගවෙන්න මු සමහර බඩු අනිත් කඩේට වඩා අඩුවෙන් 600ක් කියනවා , මුළු බිල් එකෙන් දෙනවා ෂොට් එක. බජාජ් sale එක යන්නේ ඔහොමයි මුන්ගේ .

    මුන් ඔක්කොම කැලි මාරු කරනවා අලුතෙන් දාන්න කියලා , මොන පොඩි repair එකට ගියත් . අශේන් කාරයා කඩේ sale එක කරගන්න , ත්‍රිවිල් එකක් කැඩිලා ගියාම , මුළු ඔක්කොම අලුතෙන් දම්මනවා . මු ගලවලා ගෙන්න කියනවා , සල්ලි නැත්තම් කඩේ බඩු උන්ම දාලා හයි කරනවා . පස්සේ සල්ලි ගෙවලා අරන් යන්න විල් එක කියලා ( අර 206 විල් එකේ අන්කල් රු 60000ක් පොලියට අරන් ආවේ , මුගෙන් විල් එක ගිනියන්න , )

    අපිට මු ගහන ගෙන තේරුණා නිසා , අපි කිව්වා හදන්න එපා , අපි කබයක් දාලා විල් එක ඇදගෙන ගෙදර ගෙනාවා .

    දැන් අපි මරදානේ හයි කරන බාස් ගෙන්නුවා . පොර ඇවිත් දැන් හයි කරලා ගියා . මේක පොස්ට් එක දාන්නේ අපි හදාගත්තට පස්සේ . වාහනේ ලෙඩේ , රිවස් විල් එකක් කැපිලා තිබුනා . බාස් අහනවා එන්ජින් එක ගැලෙව්වේ ඇයි කියලා ?? Ashen Motors එකේ එකා , ගරාජ් එකත් එක්ක සෙට් වෙලා මේ ගේම ගහන්නේ . අහිංසක මිනිස්සු රු 2000 න් ( රිවස් විල් එකට ගියේ රු 800යි ) කරගන්න පුළුවන් වැඩේ , රු 70000ක් වෙනකන් වවාගෙන කනවා . අපි ඇදගෙන ආපු නිසා ටිකක් බේරුනා . නමුත් අශේන් එකේ කාලකන්නි මේක ගැලව්වා නිසා , එක දෙක උනා .

    මුන් මේ කරන වංචාව ,

    1) මුන් වාහනේ ගලවාගෙන ගියා මුළු එන්ජින් එකේම කැලි ගෙන්න කියනවා , ( ලෙඩේ කියන්නෙත් නැහැ , ඔක්කොම බඩු දාන්න ඕන )
    2) බඩු ගන්න ඕන Ashen Motors එකෙන් විතරයි. වෙන තැන වලින් ගෙන ඒවා අපි දන්නේ නැහැ ( මේ ගැන ගරාජ් එකේ වත් කොහෙවත් සදහන් කරලා නැහැ , අපි වෙන තැන වලින් බඩු ගේන්නම් කියද්දී , බාස් කියන්නේ )
    3) Ashen Motors එකේ උන් බඩු වල මිල ගණන් කියන්නේ නැහැ , අයිතිකාරයට ගොඩක් තරහා යනවා එකින් එක ගණන් අහද්දී )
    4) මිරිස් වත්ත - පිළියන්දල පට්ටලෙන් විතරයි වැඩේ කරගන්න ඕන ( මු වගකියන්නේ )
    5) Ashen Motors එකේ අයිතිකාරයා කියනවා , 2 strock එකක් නම් ගැලෙව්වොත් 60000+ එහා යනවලු , 4 strock එකක් නම් 120000කට එහා අතේ තියාගෙන ඕනලු ඔයා රෙපයාර් එකකට එන්න ඕන .( මු මොන පොඩි ලෙඩේට ගියත් යන මනුස්සයට ෂොට් එක දෙනවා ඔක්කොම බඩු ටික දම්මලා , ඉතින් කතාව හරි )

    මම දැන් පාරිබෝගික අදිකරියට මේ ගැන පැමිණිලි කරනවා , රු 800ක් යන වැඩේ අපිව වවාගෙන කන්න හැදුවට . අහිංසක මනුස්සයෙක්ගේ සල්ලි මෙහෙම හුරන් කන එක නැති කරන්න , ඔයාලත් fb , දන්නා තැන් වල මේක share කරන්න . මිනිස්සු දැනුවත් උනාම මෙහෙම වැඩ අයි කරන්න යන්නේ නැහැ . මෙහෙම සල්ලි හම්බකරලා මිනිස්සුන්ට යා දෙනවද කියන එක ප්‍රශ්නයක් . කොහෙන් හරි මේ අසාදාරණ සල්ලි නැති වෙනවා සක්කිලි
    Bump
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    දැන් කාලේ කිසිම ගරාජ් බාස් කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. තමන්ට වාහනේ ගැන අවබෝධයක් නැත්තම් ඒ ගැන අවබෝධයක් තියෙන යාලුවෙක්ට හරි, අඳුරන මිකැනික් කෙනෙක්ට හරි කතා කරලා ලෙඩේ විස්තර කියලා කොහේ වගේද ලෙඩේ තියෙන්නේ කියලා අනුමාන කරගන්න ඕනේ. ඊට පස්සේ ගරාජ් එකට ගිහින් ඒකේ පොරට ලෙඩේ කියලා මෙන්න මෙතන වගේ ලෙඩේ තියෙන්නේ කියලා අඟවපුවම පොර දැනගන්නවා මූට ටිකක් අවබෝධයක් තියෙනව කියලා. එතකොට ඌත් ටිකක් බැක් ඕෆ් වෙනවා හූරන් කන සීන් වලින්. කිසිම දෙයක් නොදැන ගියොත් වෙන්නේ කියන කියන එකට අහුවෙලා හත්පොලේ ගාගන්න එක. නැත්තම් ජෙනුයින් පොරක් හොයාගෙන තියාගන්න එක කලින්ම රෙකමන්ඩේශන් වලින්.
     

    New Plus

    Junior member
  • Feb 10, 2023
    18
    42
    13
    අද උන දේ :-

    අද 2023/03/20 අශේන් එකේ ගරාජ් එකේ චන්ඩි 3න දෙනෙක් ආවා උදේ 9.20ට වගේ . මු ඇවිත් පොස්ට් දාලා තියෙනවා . මම කිව්වා ඔව් , ඔයාලා කරන වංචාව මම පාරිබෝගික අදිකරියටත් දැම්මා කිව්වා . ඔය කොන්ඩෙ වවපු මී හරකා , අපේ ගෙදර ඇතුලට ඇවිත් කුණුහරුපෙන් බැනල , පොස්ට් අයින් කරපන් ගාලා තර්ජනය කළා . මම එවලේම 119 dial කළා . උන් පට ගාලා මාරු උනා .

    මම අශේන් morters කාලකන්නින්ගේ 011 4 369 469 අරන් කිව්වා , උබලගේ චන්ඩි ආවා . මම මේවත් පොස්ට් දානවා . නීතියෙන් මම මේවා විසදගන්නවා කළුකඩ කාරයෝ කියලා .

    අහිංසක මිනිහෙක් කොහොමද මුන් එක්ක ගනු දෙනු කරන්නේ . මුන් ඒ මිහිහට ගහන්න එන්නේ . මගේ ජිවිතයට මොනා හරි උනොත් ashen morters අයිතිකරු , සියලු වගකීම් බාරගතයුතුයි .

    මේ ගැන ඔබේ fb පිටුවේ පලකරලා සහයෝගයක් දෙන්න මේ වගේ අසාදාරන වලට තිත තියන්න .

    2023-03-20_111007.jpg


    2023-03-20_110950.jpg


    2023-03-20_110928.jpg


    2023-03-20_110859.jpg


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    දෙහිවල හන්දියෙන් කොළඹ පැත්තට වෙන්න, spare parts ශොප් එක පිටිඕස්සේ පට්ටලේ සුපිරි වැඩ කාරයෝ ටිකක් ඉන්නේ....නාකි අන්කල් කෙනෙක් ඉන්නවා ලේත් කරන සුපිරි..

    දැන් නම් වහලද දන්නේ නැහැ, කාළෙකින් ගියේ නැහැ.

    ඕනෙම බෝල් ජොඉන්ට් එකක් කපලා හදලා දෙනවා. ශොක් මවුන්ට් කරලා දෙනවා, බෙයාරින් වලට රින් ගහනවා.....වැඩ කෝටියයි. ගාණත් පට්ට අඩුයි.
     
    • Like
    Reactions: Asmodeus

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    අද උන දේ :-

    අද 2023/03/20 අශේන් එකේ ගරාජ් එකේ චන්ඩි 3න දෙනෙක් ආවා උදේ 9.20ට වගේ . මු ඇවිත් පොස්ට් දාලා තියෙනවා . මම කිව්වා ඔව් , ඔයාලා කරන වංචාව මම පාරිබෝගික අදිකරියටත් දැම්මා කිව්වා . ඔය කොන්ඩෙ වවපු මී හරකා , අපේ ගෙදර ඇතුලට ඇවිත් කුණුහරුපෙන් බැනල , පොස්ට් අයින් කරපන් ගාලා තර්ජනය කළා . මම එවලේම 119 dial කළා . උන් පට ගාලා මාරු උනා .

    මම අශේන් morters කාලකන්නින්ගේ 011 4 369 469 අරන් කිව්වා , උබලගේ චන්ඩි ආවා . මම මේවත් පොස්ට් දානවා . නීතියෙන් මම මේවා විසදගන්නවා කළුකඩ කාරයෝ කියලා .

    අහිංසක මිනිහෙක් කොහොමද මුන් එක්ක ගනු දෙනු කරන්නේ . මුන් ඒ මිහිහට ගහන්න එන්නේ . මගේ ජිවිතයට මොනා හරි උනොත් ashen morters අයිතිකරු , සියලු වගකීම් බාරගතයුතුයි .

    මේ ගැන ඔබේ fb පිටුවේ පලකරලා සහයෝගයක් දෙන්න මේ වගේ අසාදාරන වලට තිත තියන්න .

    View attachment 200331


    View attachment 200332

    View attachment 200333

    View attachment 200334
    make a police complaint as well. buggers like these should not go unpunished
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගූගල් මැප් ලින්ක් දාපන් රිවීවු දාමු හමන්නල යන්න.