සිංහබාහු (trailer) 🤣

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආ සිංහබාහු සීවලි දෙන්නා සහෝදරයො නෙවේ ඕකෙ. බලන පොඩි උන්ටයි අත්තම්මලටයි එන්න නියමිත ඕව්ක්වර්ඩ් හැඟීමෙන් බේරගන්න වෙන්ඩැති 🙂

    මහවන්සේට කලින් ලියපු එක පොතක වත් විජය කියල එකෙක් ගැන නැහැ , සමහර විටන් ඉන්දියාවෙන් එලවපු 2.50 අපරාධ කාරයෙක් ඇවිත් තම්බපන්නිය වෙරල හරියේ පොඩි ගමක size රාජධානියක් අටව ගන්න ඇති ,
    ඒක කාලයක් තින්නත් ඇති තව රජ පෙලපතටත් එකෙන් බලපෑම්ක් තින්න ඇති ,
    එත් සිංහල උන් අරුන් 700 කින් හැදුන තව බුදු හාමුදරුවෝ සක්රට විජය බලාගන්න කිව්වා වගේ (වැල් වටාරම් තින්නේ මහවන්සේ පටන් ගනිද්දී ) තව කුවේණි ගේ කතාව plot holes පිරිලා

    සමහර විට පොත ලියන කලෙත් එහෙම ජන කතාවක් තින්න ඇති , කොහොම හරි ලංකාවේ රජ පෙළපත සහ සිංහල කියන එක කොහෙවත් යන පිටුවහල් කරපු අපරාධ කාරයෝ සෙට් එකකට සෙට් කරලා තීනව මහවන්සේ .

    බුදු හාමුදුරුවෝ පිරිනිවන් මංචකයේ ඉන්දි කිව්වලු සක්‍රයට විජයව ආරක්ෂා කරන්න කියල , වෙන ආගම් ඇදහිලි දන්නේ නැහැ බුදු දහමට අනුව මේක පට්ට පල් බොරුවක් කියන්න බුදු ධහම ගැන පොඩ්ඩක් හරි දන්නා කෙනෙක්ට තේරෙනව.

    ඊට පස්සේ අවුරුදු 150-300 කට විතර කලින් හදපු නාඩගම් ,රූකඩ ,වන්නම් ලංකාවේ පාරම්පරික දේවල් ලු, ඒවා school වලත් උගන්නනවා සම්ප්‍රදායික දේවල් කියල , මේ විදිහට සම්ප්‍රදායික දේවල් කියල මෙගා නාට්ටි ,ඉරාජ් ,bns etc දේවල් තව අවරුදු 20ක් 30 කින් ස්චූල් වල උගන්නන ඕන

    මහාවංශය ඇත්ත කතාවක් විදිහට සාමාන්‍යෙන් පිළිගන්නෙ නෑ. ඒක යම් ලියවිල්ලක් ලංකා ඉතිහාසය ගැන තේරුම් ගන්න අපි පාවිච්චි කරන. ඒත් ඉන්ටරස්ටින්ග් ප්‍රශ්නෙ මේකයි, විජයගෙන් පැවත එනව කියන එක මදිපුංචි කමක් වගේද. ඒක ආතල් ප්‍රබන්ධ මිත්‍යාවක්නෙ.

    කොහොමත් සිංහල කියන කොටස හැදෙන්න දායකත්වය ඉන්දියාවෙන් ආපු කොලනිස්ට් ලගෙන් බව අපි දන්නවනෙ. ඉතින් මයිග්‍රෙෂන් එක චිත්‍රණය කරපු විදිහ තමා ඔය. මහාවංශ රචකයා තමන්ට අවුරුදු දාහකට එහා අතීත‍යෙ උන දෙයක් ගැනනෙ ලියන්නෙ. වෙනකක් තියා දුටුගැමුණු එක්කම මහානාම හාමුදුරුවන්ට අවුරු හයසීයක පරතරයක් තියෙනව. මේව බොහොමයක් ප්‍රබන්ධකරනයන් විය හැකි බව ජෙනරලි තේරුම් ගන්න ඕනෙ-- නමුත් මගෙ ට්විස්ට් එක ඒ ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මිස් කරගත යුතු නෑ කියන එක. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කැලේ අපේ කතාව එක්ක බලද්දි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    ආ සිංහබාහු සීවලි දෙන්නා සහෝදරයො නෙවේ ඕකෙ. බලන පොඩි උන්ටයි අත්තම්මලටයි එන්න නියමිත ඕව්ක්වර්ඩ් හැඟීමෙන් බේරගන්න වෙන්ඩැති 🙂

    මහාවංශය ඇත්ත කතාවක් විදිහට සාමාන්‍යෙන් පිළිගන්නෙ නෑ. ඒක යම් ලියවිල්ලක් ලංකා ඉතිහාසය ගැන තේරුම් ගන්න අපි පාවිච්චි කරන. ඒත් ඉන්ටරස්ටින්ග් ප්‍රශ්නෙ මේකයි, විජයගෙන් පැවත එනව කියන එක මදිපුංචි කමක් වගේද. ඒක ආතල් ප්‍රබන්ධ මිත්‍යාවක්නෙ.

    සමහර පුරාවිද්‍යාව මහචාර්යයලා දරුණුවට ඕක ෆලෝකරනවා. කැලණියේ සෙට් එකක් හිටියා(තාම ඉන්නවා ඇති) මහවංශයෙන් පිට තැනක කැනිමක් කරන්න වත් හිතන්නැ.

    කොහොමත් සිංහල කියන කොටස හැදෙන්න දායකත්වය ඉන්දියාවෙන් ආපු කොලනිස්ට් ලගෙන් බව අපි දන්නවනෙ.

    මේක තමා දැනට මුලික මතය. මාත් මේකේ ඉන්නවා. නමුත් ලංකාවෙන් දැනට හම්බවෙන නමුත් තවම නිසිආකාරව තහවුරුකර නොගත්(සමහරු පිලිගන්න අකමැති) සමහර පුරාවිද්‍යා නටබුන් මගින් ලංකාවේ සලකන ඉතිහාසය මයිල්ස්ටොන් එක තව ඈතට ගිහින්, ලංකාවෙන් ඉන්දියාවේ සමහර කොටස් වලට ගියා කියන අතුරු මතය එනවා. ඉදිරියේදි බලමු වෙන දේවල්. එතෙක් ඔකේම ඉමු.

    ඉතින් මයිග්‍රෙෂන් එක චිත්‍රණය කරපු විදිහ තමා ඔය. මහාවංශ රචකයා තමන්ට අවුරුදු දාහකට එහා අතීත‍යෙ උන දෙයක් ගැනනෙ ලියන්නෙ. වෙනකක් තියා දුටුගැමුණු එක්කම මහානාම හාමුදුරුවන්ට අවුරු හයසීයක පරතරයක් තියෙනව. මේව බොහොමයක් ප්‍රබන්ධකරනයන් විය හැකි බව ජෙනරලි තේරුම් ගන්න ඕනෙ-- නමුත් මගෙ ට්විස්ට් එක ඒ ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මිස් කරගත යුතු නෑ කියන එක. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කැලේ අපේ කතාව එක්ක බලද්දි.

    ඔව්. අනික කට්ටිය ඉතිහාසය නොදැනිම නිසා සමච්චල් කරාට GOT වගේම ප්ලොට් අපේ තියනවා. කිර්ති කුමාරයාගේ කතාව, පරාක්‍රමබාහු - සුගලා සටන හා එයින රුහුණට උන වින්නැහිය වගේ කතා සුපිරි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඇදුම් උදේ නෝලිමිට් එකෙන් ගත්ත වගේ
    බිත්ති හැමදාම උදේට පාට කරල වගේ
    :lol:

    සිදු වේව් යැයි සිතා අනතුරක්..
    පියානන් දමා ඇත නීතියක්..
    නීතියට මගේ නැහැ බීතියක්..

    Yo... Yo... :cool:
    Sanukayage haden ahanna one.
    ------ Post added on May 23, 2023 at 2:08 PM
     
    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    උබලා අඩලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා
    අන්න අරහේ සුගලා බැදලා
    දැන් දෙදෙනාට දෙදෙනා ඉබලා මට වැදලා පලයන්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක තමා දැනට මුලික මතය. මාත් මේකේ ඉන්නවා. නමුත් ලංකාවෙන් දැනට හම්බවෙන නමුත් තවම නිසිආකාරව තහවුරුකර නොගත්(සමහරු පිලිගන්න අකමැති) සමහර පුරාවිද්‍යා නටබුන් මගින් ලංකාවේ සලකන ඉතිහාසය මයිල්ස්ටොන් එක තව ඈතට ගිහින්, ලංකාවෙන් ඉන්දියාවේ සමහර කොටස් වලට ගියා කියන අතුරු මතය එනවා. ඉදිරියේදි බලමු වෙන දේවල්. එතෙක් ඔකේම ඉමු.

    I sense you try to mince words here 😀. සිංහල අනන්‍යතාවය ඉන්දියාවෙ මිනිස්සුන්ගෙන් හැදුනය කියන එක කිව්වෙ ජානමය සාදකේ සලකල බලල පමණයි. ඒක මහාවංසයෙ අපේ සම්භවය ගැන ඉදිරිපත් කරන ප්‍රවාදයෙ යම් කොටස් එක්ක ගැලපෙන නිසා මහානාම ගෙ කාලෙ වෙද්දි තොරොම්බල් වෙලා තිබ්බෙ දළ වශයෙන් යම් ඇත්තක් බව මට විශ්වාසයි. ඒකෙන් කියන්නෙ නෑ ලංකාවෙ ඊනියා ප්‍රාථමික ජන කොටස් හිටියෙ නැහැ උන් ගෙන් සිංහල දේශපාලනික අනන්‍යතාවයට බලපෑමක් තිබුනෙ නැහැය කියන්න. විකල්ප අදහසක් සාක්ෂි එක්ක ඉහළට ආවාය කියල උපකල්පනය කරමු ඒත් ඒකටත් බයොලොජිකල් යථාර්තයට මුහුණ දෙන්න වෙනව නේද.

    දැනට වැඩියෙන්ම සෙට් කතාව මහාවංසෙ කියල හිතනව පමණයි මම.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇත්තටම මුන්ට නම් පුකේ ඉඳන් පිස්සු!
    යකෝ ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු අනාගතයක් නැහැ!
    සිංහල වගේ කීප දෙනෙක් කතා කරන භාෂාවකින් ෆිල්ම් හැදුවහම ලොකු ඕඩියන්ස් එකක් එන්නෙ නැහැ!
    අනික ඔය ස්වර්ණමය යුගය කියන එක තිබුණේ ඉන්ටනෙට් වගේ ලොකු චොයිස් එකක් නොතිබිච්ච කාලවල.
    ඕක හින්දමයි මම චිත්‍රපටි නිළියක් බඳින්නෙ නැත්තෙ!
    උන් හැමවෙලාවෙම frustrated! 🤕
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    I sense you try to mince words here 😀.

    විරෝධාකල්පයකට විරෝධාකල්පයකින් පබදන එක ආතල් නේ මචං. ඒ ආතල් එක ගමුකෝ සුදෝ...

    එනි⁣වේ, ලව් ගේ මතේ කිසිම අවුලක් නැ. ස්ටැන්ඩ් යුවර් ග්‍රවුන්ඩ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    ආ සිංහබාහු සීවලි දෙන්නා සහෝදරයො නෙවේ ඕකෙ. බලන පොඩි උන්ටයි අත්තම්මලටයි එන්න නියමිත ඕව්ක්වර්ඩ් හැඟීමෙන් බේරගන්න වෙන්ඩැති 🙂

    මහාවංශය ඇත්ත කතාවක් විදිහට සාමාන්‍යෙන් පිළිගන්නෙ නෑ. ඒක යම් ලියවිල්ලක් ලංකා ඉතිහාසය ගැන තේරුම් ගන්න අපි පාවිච්චි කරන. ඒත් ඉන්ටරස්ටින්ග් ප්‍රශ්නෙ මේකයි, විජයගෙන් පැවත එනව කියන එක මදිපුංචි කමක් වගේද. ඒක ආතල් ප්‍රබන්ධ මිත්‍යාවක්නෙ.
    මට ඔතන තියෙන ඉන්ටරෙස්ටින්ග් දේ තමා අවුරුදු ගාණක් යනකන් එක්කො මිනිස්සු මේ කතාව ඇත්ත කියල පිලිගත්ත එහෙම වෙන්න බෑ කියල දැනගෙන හෝ නොදැනගෙන. නැත්තන් ඒ කතාව ඇත්තටම මීට අවුරුදු 100කට 200කට කලින් බලෙන් ඔබ්බපු එකක් නිසා ඉබේම අයින් වෙලා යන්න පටන් අරගෙන.

    කොහොමත් සිංහල කියන කොටස හැදෙන්න දායකත්වය ඉන්දියාවෙන් ආපු කොලනිස්ට් ලගෙන් බව අපි දන්නවනෙ. ඉතින් මයිග්‍රෙෂන් එක චිත්‍රණය කරපු විදිහ තමා ඔය. මහාවංශ රචකයා තමන්ට අවුරුදු දාහකට එහා අතීත‍යෙ උන දෙයක් ගැනනෙ ලියන්නෙ. වෙනකක් තියා දුටුගැමුණු එක්කම මහානාම හාමුදුරුවන්ට අවුරු හයසීයක පරතරයක් තියෙනව. මේව බොහොමයක් ප්‍රබන්ධකරනයන් විය හැකි බව ජෙනරලි තේරුම් ගන්න ඕනෙ--

    ඕනිම බොරුවක ඇත්තෙන් යම් %ක් හරි තියෙන්න පුලුවන්. ඕනිම ඇත්තක බොරුවකින් යම් %ක් හරි තියෙන්න පුලුවන්.අපි දෙයක් අහපුවම අපි ඒක ඔලුවෙ තියාගන්නෙ මුල් වචන ටිකෙන් නෙවෙයි. එක්කො අපි දැකපු සිද්දියක් අපිට ප්‍රත්‍යක්ශ උන දෙයක් අපි එක්ස්ප්ලේන් කරන්නෙ අපිට තේරෙන හැගීමෙන්නෙ එතකොට ඒකට පොඩි කැටයම් ටිකක් එකතු වෙනව. මේක අවුරුදු ගාණක් ගියාම එක්කො ඒක බොරුවකට වඩාත්ම ලග වෙන්න තියෙන ඉඩ වැඩී.

    මහාවංශ රචකයා තමන්ට අවුරුදු දාහකට එහා අතීත‍යෙ උන දෙයක් ගැනනෙ ලියන්නෙ. වෙනකක් තියා දුටුගැමුණු එක්කම මහානාම හාමුදුරුවන්ට අවුරු හයසීයක පරතරයක් තියෙනව

    මහාවන්සයට කලින් අනිවා ලියවිලි තියෙන්න ඕනි. මොකද ඒ හාමුදුරුවන්ට එහෙම එකක් ලියන්න හිතුන හේතුව නිකම්ම නිකම් හේතුවක් උනත් අවුරුදු 600කට කලින් වෙච්ච සිද්දියක් ගැන උන්වහන්සෙගෙ කාලෙට වඩා පිටු ගොඩක් වෙන් කරන්න බේස් වෙච්ච දෙයක් තියෙන්න ඕනිනෙ.කොහොමත් තනක දෙකක මෙන්ශන් වෙනව ඒ කාලෙ වෙච්ච වන්ශකතා එකතු කරගෙන තමා ඕක හදන්නෙ කියන එක.

    නමුත් මගෙ ට්විස්ට් එක ඒ ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මිස් කරගත යුතු නෑ කියන එක. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කැලේ අපේ කතාව එක්ක බලද්දි.

    පරාක්‍රමභාහුගෙ කතා වෙන් TV සීරියස් ප්ලොට් එකට ඉන්ග්‍රීසි නලුවො දාල හරි කරන්න පුලුවන් නන් පට්ටම ත්‍රෝන් වලියක් බලාගන්න තිබ්බ.

    තව එකක් තමා අර මිනිස්සු 7 දෙනෙක් බැදපු රැජින. නිකමට හිතපන් ඒ වගේ ප්ලොට් එකකට දැනට උබට අනුව හොදටම මූණෙන් ඉම්ප්‍රෙශන්ස් පෙන්නන පුලුවන් නිලියක් දාල. බැක්ග්‍රවුන්ඩ් ඔක්කොම ඊයෙ උදේ හදපුව වගේ නොපෙනී තප්පර 2කක විශුවල් එකක් හිතෙන් මවාගෙන.

    සමහර පුරාවිද්‍යාව මහචාර්යයලා දරුණුවට ඕක ෆලෝකරනවා. කැලණියේ සෙට් එකක් හිටියා(තාම ඉන්නවා ඇති) මහවංශයෙන් පිට තැනක කැනිමක් කරන්න වත් හිතන්නැ.

    මේක තමා දැනට මුලික මතය. මාත් මේකේ ඉන්නවා. නමුත් ලංකාවෙන් දැනට හම්බවෙන නමුත් තවම නිසිආකාරව තහවුරුකර නොගත්(සමහරු පිලිගන්න අකමැති) සමහර පුරාවිද්‍යා නටබුන් මගින් ලංකාවේ සලකන ඉතිහාසය මයිල්ස්ටොන් එක තව ඈතට ගිහින්, ලංකාවෙන් ඉන්දියාවේ සමහර කොටස් වලට ගියා කියන අතුරු මතය එනවා. ඉදිරියේදි බලමු වෙන දේවල්. එතෙක් ඔකේම ඉමු.

    ඔව්. අනික කට්ටිය ඉතිහාසය නොදැනිම නිසා සමච්චල් කරාට GOT වගේම ප්ලොට් අපේ තියනවා. කිර්ති කුමාරයාගේ කතාව, පරාක්‍රමබාහු - සුගලා සටන හා එයින රුහුණට උන වින්නැහිය වගේ කතා සුපිරි
    කිර්ති කුමාරයාගේ කතාව, පරාක්‍රමබාහු - සුගලා

    මේ ටිකම තමා මගෙ ඔලුවෙත් තියන පට්ටම කතා ටික. ඔය වගේ කතාවකට අතගහන එකා පට්ට වැඩ්ඩෙක් උන් නැත්තන් කතාවල් ටික චොර වෙනව.
    ------ Post added on May 23, 2023 at 2:43 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පරාක්‍රමභාහුගෙ කතා වෙන් TV සීරියස් ප්ලොට් එකට ඉන්ග්‍රීසි නලුවො දාල හරි කරන්න පුලුවන් නන් පට්ටම ත්‍රෝන් වලියක් බලාගන්න තිබ්බ.

    තව එකක් තමා අර මිනිස්සු 7 දෙනෙක් බැදපු රැජින. නිකමට හිතපන් ඒ වගේ ප්ලොට් එකකට දැනට උබට අනුව හොදටම මූණෙන් ඉම්ප්‍රෙශන්ස් පෙන්නන පුලුවන් නිලියක් දාල. බැක්ග්‍රවුන්ඩ් ඔක්කොම ඊයෙ උදේ හදපුව වගේ නොපෙනී තප්පර 2කක විශුවල් එකක් හිතෙන් මවාගෙන.

    කිර්ති කුමාරයාගේ කතාව, පරාක්‍රමබාහු - සුගලා

    මේ ටිකම තමා මගෙ ඔලුවෙත් තියන පට්ටම කතා ටික. ඔය වගේ කතාවකට අතගහන එකා පට්ට වැඩ්ඩෙක් උන් නැත්තන් කතාවල් ටික චොර වෙනව.
    ------ Post added on May 23, 2023 at 2:43 PM

    මන් නම් කියන්නෙ හයිකන්සෙප්ට් ඒව ඕනෙත් නෑ අඩුම අවර ගණයෙන් හරි ක්‍රියෙටිව් විදිහට කරන්න පුලුවන් නීති රීති ටිකක් කඩන්න කැමති නම්. මේ සබුද්ධික ප්‍රේක්ශකයා කියන උන්ට හදන ඒව උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.

    ඇත්තටම අපි රජකතා සිනමාව හරියට පටන් ඇරන් නෑ. කාශ්‍යප ගල උඩ හිටපු එකෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද. කෙනෙක්ට කොමඩියක් පවා කරත හැකි ආයෙ නියම ෆක්බෝයි.

    අර සුජිත් අක්කරවත්තය හයර් කරල ස්ක්‍රිප්ට් එකක් ලියවගනින්. ඌ ලියල දෙයි සුපිරි ඓතිහාසික වැලක්. පච තමා බොහෝ විට ඉට්ස් ඕකෙ සිනමාව නෙ. ජන්ද කැම්පේන් වලට චිත්‍රපටි කරනවට වඩා ඒක නම්බුයි.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    කිර්ති කුමාරයාගේ කතාව, පරාක්‍රමබාහු - සුගලා

    මේ ටිකම තමා මගෙ ඔලුවෙත් තියන පට්ටම කතා ටික. ඔය වගේ කතාවකට අතගහන එකා පට්ට වැඩ්ඩෙක් උන් නැත්තන් කතාවල් ටික චොර වෙනව.
    ------ Post added on May 23, 2023 at 2:43 PM

    HBO, netflix වගේ කම්පැණි හෝ රාජ්මෝලි වගේ ඩිරෙක්ටර් කෙනෙක් කරොත් මිසක් අපේ අය කරලා හරියන්නැ. අපේ අයට බජට් නැ ඕය වගේ එකක් කරන්න.

    හැබැයි මට ලොවෙත් විස්වාසයි නුදුරු අනාගතේ අපේ එකෙක් ඔය ප්ලොට් දෙකම ලෙසට හානවා කතාවක් ගහලා.

    ඇත්තටම අපි රජකතා සිනමාව හරියට පටන් ඇරන් නෑ. කාශ්‍යප ගල උඩ හිටපු එකෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද. කෙනෙක්ට කොමඩියක් කරත හැකි ආයෙ නියම ෆක්බෝයි.
    කාශ්‍යප කියන්නේ සුපිරි වැඩ්ඩෙක්. හිතාමාතාම ඉතිහාසයෙන් මිනිහව මකන්න හදනවා.
    ------ Post added on May 23, 2023 at 2:58 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    මන් නම් කියන්නෙ හයිකන්සෙප්ට් ඒව ඕනෙත් නෑ අඩුම අවර ගණයෙන් හරි ක්‍රියෙටිව් විදිහට කරන්න පුලුවන් නීති රීති ටිකක් කඩන්න කැමති නම්. මේ සබුද්ධික ප්‍රේක්ශකයා කියන උන්ට හදන ඒව උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.

    ඇත්තටම අපි රජකතා සිනමාව හරියට පටන් ඇරන් නෑ. කාශ්‍යප ගල උඩ හිටපු එකෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද. කෙනෙක්ට කොමඩියක් පවා කරත හැකි ආයෙ නියම ෆක්බෝයි.

    අර සුජිත් අක්කරවත්තය හයර් කරල ස්ක්‍රිප්ට් එකක් ලියවගනින්. ඌ ලියල දෙයි සුපිරි ඓතිහාසික වැලක්. පච තමා බොහෝ විට ඉට්ස් ඕකෙ සිනමාව නෙ. ජන්ද කැම්පේන් වලට චිත්‍රපටි කරනවට වඩා ඒක නම්බුයි.
    අන්න ඩයල්. ඌයි ධර්මදාසයි ප්ලොට් ලියන්නෙ පෝන්හබ් බලාගෙන

    එල්ටීටී උන් දිනුවන් වගේ ෆිල්ම් එකක් බලන්න ආසාවක් නැද්ද? උන්ගෙ එකෙක් වීරයෙක් වෙලා අපේ උන් දුෂ්ටයො වෙන ෆිල්ම්. දැන් එහෙම ඒව හැදුවත් බහුතරයක් ලන්කාවෙ මිනිස්සුන්ට ඕක ෆිල්ම් එකක් විතරයි. අවුල යන්නෙ එහෙම ඕක ෆිල්ම් එකක් විතරයි කියල හිතන උන් ටිකක් ඉන්න එක අවුල් කියල හිතන පාලකයො ටිකක් ඉන්න එක.

    HBO, netflix වගේ කම්පැණි හෝ රාජ්මෝලි වගේ ඩිරෙක්ටර් කෙනෙක් කරොත් මිසක් අපේ අය කරලා හරියන්නැ. අපේ අයට බජට් නැ ඕය වගේ එකක් කරන්න.

    හැබැයි මට ලොවෙත් විස්වාසයි නුදුරු අනාගතේ අපේ එකෙක් ඔය ප්ලොට් දෙකම ලෙසට හානවා කතාවක් ගහලා.

    කාශ්‍යප කියන්නේ සුපිරි වැඩ්ඩෙක්. හිතාමාතාම ඉතිහාසයෙන් මිනිහව මකන්න හදනවා.
    ------ Post added on May 23, 2023 at 2:58 PM
    ලග ලගම මේ ප්‍රසිද්ධ පවුලම උනත් ඉඩ තියෙනව. මුන් රගපානව අවුල් නෑ ඒත් ඒ චරිතවල ප්‍රදාන චරිතය හරි යන්නෙ නෑ.

    ෆිල්ම් එක හරි ටීවී සීරියස් එක හරි ලොකු වෙන්න ඕනි රගපාන අයට වඩා කොටින්ම හදපු එකාටත් වඩා.
    එහෙම නැති වෙච්ච ගමන් තමා ඔය අවුල යන්නෙ. අපි යන්නෙ ෆිල්ම් එකක් බලන්න මිසක් කාගෙවත් දක්ෂකමක් තනියම බලන්න නෙවෙයිනෙ. දැන් වෙන්නෙ අපි ෆිල්ම් එකක් බලන්න ගිහින් මෙයාල දෙන එකක් බලල එන එකනෙ.
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    විජයගෙන් පැවත එනව කියන එක මදිපුංචි කමක් වගේද.
    ඒ මොකටද ,එහෙම අයත් ඇති , මට තීන ප්‍රශ්නේ අද කලේ ඉස්සර උන් නිසා වැරදි නොකියන එක , අපරාධකරයෝන්ටත් .
    ලංකවේ western රටවල තරම් පහත් තත්වෙට වැටිලා නම් නැහැ උන් great කියන්නේ වෙන රටක් ආක්‍රමණය කරපු 2.50 අපරාධකරයෝන්ට. මෙහෙ හරක් එහෙමත් (හොඳම jokers ල ටික 1920-1960 වෙනකන් හිටපු සෙට් එක ) මහා පරාක්‍රමබාහු කියනව චෝල ත්‍රස්තවාදියෝ 4 (එකට සමහර දකුණු ඉන්දියන් උනුත් අපරාධකරයෝ වීරයෝ කරන්නේ )දෙනා මැරුවම උන් අල්ලන් හිටපු අනිත් රටවල් ටික කාලෙකට ලංකාව ඇඩ්මින්ස්ට්‍රටේ කරපු නිසා .

    මට මහවන්සේ තීන මුල් කතාවේ(එක ඒ කලේ තිබ්බ legend එකක් වෙන්න ඇති ) අවුල බුදු හමුරුවෝ ත් එකට ගාව ගන්න එක ,නිකන් ජෝතියෂ්‍ය කරන උන් scope එක වැඩි කර ගන්න බුදු ගුණෙන් ආරක්ෂා දානවා, බෝධි පූජා වගේ ගාව ගන්න එක වගේම . ඒක කතාව කලින් හදපු බොරු කාරයාගේ වැරැද්ද ,රචකයා කරල තින්නේ ඒක ඒ කලේ තිබ්බ කතාවක් නිසා එක අරම්බයට යොදා ගත්ත එක.
    ඉන්දියාවේ ලෙන් චිත්‍ර වල තිනවා විජය story එක , කොහෙද මතක නැහැ දැන් .

    තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ පරම්පරාවේ උන් අපරාධ කාරයෝ උන කියල ඒ පරම්පරාවේ අනිත් උන් පලි නැහැ .

    කොහොමත් සිංහල කියන කොටස හැදෙන්න දායකත්වය ඉන්දියාවෙන් ආපු කොලනිස්ට් ලගෙන් බව අපි දන්නවනෙ. ඉතින් මයිග්‍රෙෂන් එක චිත්‍රණය කරපු විදිහ තමා ඔය. මහාවංශ රචකයා තමන්ට අවුරුදු දාහකට එහා අතීත‍යෙ උන දෙයක් ගැනනෙ ලියන්නෙ. වෙනකක් තියා දුටුගැමුණු එක්කම මහානාම හාමුදුරුවන්ට අවුරු හයසීයක පරතරයක් තියෙනව. මේව බොහොමයක් ප්‍රබන්ධකරනයන් විය හැකි බව ජෙනරලි තේරුම් ගන්න ඕනෙ-- නමුත් මගෙ ට්විස්ට් එක ඒ ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මිස් කරගත යුතු නෑ කියන එක. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කැලේ අපේ කතාව එක්ක බලද්දි.
    ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මහවන්සේ අනිත් ලංකවේ chronicles වලට වඩා වැඩි ඒ නිසා තමයි ඒක market කරේ 1900 මුල් කලේ ,
    අනිවාර්යෙන් මහවන්සේ ලංකවේ ඉතිහාසය අධ්‍යන කරන්න තීන හොඳම පොතක් ,ලංකවේ national treasure එකක් වෙන පොතක් එකේ විවාදයක් නැහැ .
    සිංහල භාෂාව හැදිලා තින්නේ සංස්කෘත + පාලි වැඩියෙන්ම තව prakrit(ඉන්දියාවේ මැද හරියේ ද්‍රවිඩ ,සංස්කෘත දෙකේම ආබෂ
    තීනවා.) තව දෙමළ (ද්‍රවිඩ වලින් හැදුන භාෂාවක් ) වලින් ගත්ත වචනත් තිනවා . මිනිස්සුත් ඒ ටිකම තමයි , ඉන්දියාවේ දැන් odisha වල ඉඳිං ලංකාවට අවුරදු 3000 කට කලිනුත් නැවු ඇවිත් ඇති . මාතරට පොඩ්ඩක් එහා මුහුදේදී හම්බ උන shipwrek එක carbon දටෙඩ් අප්රොෂ් 2000 years greek made එකක් . මිනිස්සු කවලම් වෙලා තිනවා ගොඩක් ,
    පාලි කියන්නෙත් සංස්කෘත වලින්ම හැදුන එකක් හෝ ඒ සමාන එකක් එක එක මත තිනවා . විජය විතරක් නෙමේ අනිවා තව ඕන තරම් සෙට් එන්න ඇති ඒව legend වෙලා නැති උනාට අනිවා සිංහල උන් (සිංහල කියල අපි කියන දේවල් මිනිස්සු නම් ඉතින් ඊට කලින් ඉඳන් ලංකවේ හිටිය සමහර විට 4000 කලිනුත් උතුරු india වලින් අපු අය ඉන්න ඇති )උතුරු ඉන්දීය හරියෙන් ඇවිත් තීන්නේ එකේ විවාදයක් නැහැ . ඔවම තමයි කොටි එහෙම රට බෙදන්න දඩ මඉමා කරන් දන්ගලන්නේ , අපේ පැති වල පළාත් සභා හොඳයි උතුර එක්ක බැලුවම උන් මුකුත්ම නොකර චන්ද ගන්නේ ජාති වැඩේ 99% චන්ද වලට use කරන්නේ .

    මහනුවර රාජධානියේ ඔත්තු බලන්න සිගිරිය පාවිච්චි කරලා තිනවා එත් , England වලින් අපු ත්‍රස්තවාදියෙක් අත ඇරලා මිනිස්සු අවුරදු සිය ගානක් අමතක වෙලා තිබ්බ සිගිරිය හොයාගෙන තීන්න පොතේ විදිහට . ගුරුල සිංහයා දන්නේ නැති jokers ල ලංකවේ ඉතිහාසය ලිව්වේ මෑත කාලේදී , සුද්ද ලංකාව දාල යද්දී පිනට ඇවිත් උන්ම ජාතික වීරයෝ කියා ගත්ත උන්

    මේකෙ මුල් තත්පර 40 විතරක් බලන්න

    quote-and-some-things-that-should-not-have-been-forgotten-were-lost-history-became-legend-j-r-r-tolkien-44-14-40.jpg

    ------ Post added on May 23, 2023 at 3:29 PM
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ මොකටද ,එහෙම අයත් ඇති , මට තීන ප්‍රශ්නේ අද කලේ ඉස්සර උන් නිසා වැරදි නොකියන එක

    අපරාධකාරය, ත්‍රස්තවාදියො, කොහෙන්වත් ආපු උන්- මේ වගෙ ඒව කියවෙන්නෙ අහම්බෙන් නෙමේ නේද. පොඩි මැදපාන්තික ජජ්මන්ට් එකක් දැනුන... ඒකයි මන් ඇහුවෙ 🙂

    මට මහවන්සේ තීන මුල් කතාවේ(එක ඒ කලේ තිබ්බ legend එකක් වෙන්න ඇති ) අවුල බුදු හමුරුවෝ ත් එකට ගාව ගන්න එක ,නිකන් ජෝතියෂ්‍ය කරන උන් scope එක වැඩි කර ගන්න බුදු ගුණෙන් ආරක්ෂා දානවා, බෝධි පූජා වගේ ගාව ගන්න එක වගේම . ඒක කතාව කලින් හදපු බොරු කාරයාගේ වැරැද්ද ,රචකයා කරල තින්නේ ඒක ඒ කලේ තිබ්බ කතාවක් නිසා එක අරම්බයට යොදා ගත්ත එක.

    මහාවංශය කියන්නෙ සිංහල මිනිස්සුන්ගෙ මැනිෆෙස්ටෝ එක නිසා අපේ පැවැත්ම අභියෝග කල නොහැකි මට්ටමට ඇරන් එන්න, සුජාතකරණය කරගන්න තියෙන හොඳම විදිහ ඒ බව බුදුන්ගෙ කටින් කියවන එක. පරණ තෙස්තමේන්තුවෙත් තියෙන්නෙ පොරොන්දු වූ දේශය වගේ ඒව. මේ තියෙන්නෙ දෘශ්ඨිවාදය...ඕව ඉතින් අපි සිරා ගත යුතු නෑ.

    ඉතිහාස රචකයා ඕව හිතල ලියන දේවලුත් නෙමේනෙ. නිකන් මැකියවෙල්ලියන් විදිහට ගේමක් ගහන්න ලියන ඒව නෙමේ තමන් ඉන්න පොලිටිකල් යථාර්තය අනුව තමන්ගෙ ජන කන්ඩායමට ඇති අලීජන්ස් එක අනුව ලියවෙන දේවල්. ඒකයි මහාවංශය සෑහෙන illuminating වෙන්නෙ- අපිට ඒ කාලෙ මිනිස්සු හිතූ පැතූ දේවල් පෙන්වන නිසා.

    legend වෙලා නැති උනාට අනිවා සිංහල උන් (සිංහල කියල අපි කියන දේවල් මිනිස්සු නම් ඉතින් ඊට කලින් ඉඳන් ලංකවේ හිටිය සමහර විට 4000 කලිනුත් උතුරු india වලින් අපු අය ඉන්න ඇති )උතුරු ඉන්දීය හරියෙන් ඇවිත් තීන්නේ එකේ විවාදයක් නැහැ . ඔවම තමයි කොටි එහෙම රට බෙදන්න දඩ මඉමා කරන් දන්ගලන්නේ , අපේ පැති වල පළාත් සභා හොඳයි උතුර එක්ක බැලුවම උන් මුකුත්ම නොකර චන්ද ගන්නේ ජාති වැඩේ 99% චන්ද වලට use කරන්නේ .

    මුල් සෙට්ල්මන්ට්ස් දිහා බැලුවොත් නම්, මං කියන්නෙ ප්‍රීහිස්ටොරික් ඒව, වඩා ඉඩ තියෙන්නෙ ද්‍රාවිඩියන් ප්‍රිමිටිව් කල්චර් එකක් ලංකාවට හේත්තු වෙලා ඉඳීම කියල තමයි හිතන්නෙ. භූගෝලීය ආසන්න බව සළකල. මට ෂුවර් නෑ, මේව නම් සැර ගෙස්ටිමේෂන්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    ලංකාවේ ඉන්නෙ පවුල් තුනයි
    එකක් මහින්ත මාත්තයාගේ පවුල
    එකක් ප්‍රියසාද් පවුල
    අනික ජැක්සන් ඇන්තනි පවුල
    :lol: :lol: :lol:

    සිරා කතාව බන්. මුන් හෙන සාපයක්. ඒ අස්සේ තව ජෝඩු කීපයකුත් ඉන්නවා නේද? සංගීත් දිනිති, මේනක නෙහාරා කියලා