3 phase electric help.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    thope anaatha residential electricity wage nemei factory wage ewa KV ganatath gewanna ona..
    I understand we all have different ways of expressing ourselves, but since this is a public forum, it's helpful to keep the tone respectful and constructive. It ensures productive discussions and helps everyone benefit from the conversation.
    Regards.
    I hope you will understand.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113

    මේකෙ අය එහෙම තමා
    ගණන් ගන්න එපා
    පිස්සො පිහාට්ටො ඉන්නව ☺️

    මාත් වැඩිමල් කෙනෙක්

    මුං ටික මට කියල තියෙන කතා ටික දැක්කොත් 😅
     
    • Like
    Reactions: kinkon and pmmali

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656
    113
    ඕක ගැන ලොකු knowledge එකක් නැහැ බන්. ඔය වෙන වෙනම cap දාලා ඇත්තේ ඔතන එන power factor එක calculate කරලා එකට ඕන් value එක හදා ගන්න වෙන්න ඇති. ඕක ගැන හොඳට දන්නා එක්කේනෙක්ව අල්ල ගන්න. චාටර් ඉංජික් නම් වඩාත් හොදයි. මිනිහාගේ ගෝලයෙන් ළඟම contact එකක් වගේ ත්යා ගන්න ඕනේම හදිස්සියකට කතා කරලා විස්තර දැන ගන්න. අපි කරලා තියෙන්නේ theory part එක විතරයි practical application එක අහසයි පොලවයි වගේ. ඉගෙන ගන්න දෙයින් කෑල්ලක්වත් නැහෑ සමහර වෙලාවට.

    විදුලිබල. මණ්ඩලේ වැඩ්ඩෝටික ඔක්කෝම රට ගියා දැන් ඉන්නේ මෙලෝදදෙයක්නොදන්න උන්.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔය වෙන වෙනම cap දාලා ඇත්තේ ඔතන එන power factor එක calculate කරලා
    මෙන්න මේක තමා මට දනගන්න ඔනේ.කොහොමද අපේ ෆක්ටරියෙ පොවර් ෆක්ටර් එක මනින්නේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,715
    11,731
    113
    I understand we all have different ways of expressing ourselves, but since this is a public forum, it's helpful to keep the tone respectful and constructive. It ensures productive discussions and helps everyone benefit from the conversation.
    Regards.
    I hope you will understand.
    anaatha kiyanne elakiri eke classic word ekak insult ekak nemei... umba mekata aluth nam issella scurvy ge video tika balala wareng.. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    මෙන්න මේක තමා මට දනගන්න ඔනේ.කොහොමද අපේ ෆක්ටරියෙ පොවර් ෆක්ටර් එක මනින්නේ.
    එක අගයක් කියල නෑ.
    එක මෝටරයක් වැඩ කරනකොට එක අගයක්
    තව මෝටරයක් දැම්මම තව ටිකක් වැඩි වෙනව
    එහෙම වෙනස් වෙනව ඉතිං මොහොතින් මොහොත
    සමහරවිට විදුලි බල මණ්ඩලේ පැනල් එකෙත් වැටෙනව ඇති

    කොහොමත් පවර් ෆැක්ටර් රේන්ජ් එකටම හරියන්න තමා ඕකක් හයි කරනව ඇත්තෙ

    ඒ හින්ද ෆැක්ටරියෙන් ෆැක්ටරිය කියල ලොකු වෙනසක් නැතුව ඇති
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656
    113
    මෙන්න මේක තමා මට දනගන්න ඔනේ.කොහොමද අපේ ෆක්ටරියෙ පොවර් ෆක්ටර් එක මනින්නේ.
    එක ඉතින් තියන ඔක්කෝම ලොකු equipment වල induction valve s ටික දැනගන්න ඕනේ. ඊළගට formula ටිකක් තියනවා ඒවාට දාලා අගය හොයා ගන්න ඕනේ. නෙට් ඒකේ ඇති formula ටික් නම්. හැබයි ඉතින් අනුකළන අවකලන සමීකරණ තමා ඇත්තේ.
     
    • Like
    Reactions: pmmali

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    එක ඉතින් තියන ඔක්කෝම ලොකු equipment වල induction valve s ටික දැනගන්න ඕනේ. ඊළගට formula ටිකක් තියනවා ඒවාට දාලා අගය හොයා ගන්න ඕනේ. නෙට් ඒකේ ඇති formula ටික් නම්. හැබයි ඉතින් අනුකළන අවකලන සමීකරණ තමා ඇත්තේ.
    ඩිජිටල් මීටරයක් හයි කලානං හරිනෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    මෝටර් කියන්නෙ ඉන්ඩක්ටිව් ලෝඩ් නෙ. ලොකු වයින්ඩිං තියෙන්නෙ, තඩි යකඩ කෝර් එක්ක. ට්‍රාන්ස්ෆෝමර්, රිලේ කන්ටෑක්ටර් සොලෙනොයිඩ් කොයිල් ඔක්කොම ඔහොම තමයි. මේවා වැඩ කරන්නෙ වයින්ඩින් එක ඔස්සෙ කරන්ට් එක යනකොට හැදෙන මැග්නටික් ෆ්ලක්ස් එක නිසා. මේ මැග්නටික් ෆ්ලක්ස් එකේ ගුණයක් තමයි, මේකට ක්ෂණිකව වෙනස් වෙන්න තියෙන නොහැකියාව. මෝටරේ වෙන්නෙ ශක්ති පරිවර්තනයක් නෙ, විද්‍යුත් ශක්තිය > යාන්ත්‍රික ශක්තිය. මේක කරන්නෙ විදුලිය චුම්භක ශක්තිය බවට පරිවර්තනය කරල. (එන්ජිමක ඉන්ධන දහනය කරල යාන්ත්‍රික ශක්තිය උපදවද්දි දහනය කියන කොටස වගේ තමා මේකෙ චුම්භක ශක්තිය. ශක්ති හානියක් වෙනවා, නමුත් ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යයි.) ඉතින් මේ මෝටරේට දෙන විදුලිය චුම්භක ශක්තිය බවට පරිවර්තනය උනාම ඒ මුලින් ලබාදුන්න ශක්තියෙන් කොටසක් මේ චුම්භක ක්ෂේත්‍රයෙ ගබඩා වෙනව. මං කලින් කිව්වනෙ මෙයා ඉක්මනට වෙනස් වෙන්න අකමැතී කියල. අන්න ඒ හේතුව නිසා විදුලි සැපයුමේ ෆේස් එක වෙනස් වුනත් මාරු වුනත් මේ මැග්නටික් ෆ්ලක්ස් එක නැතුව යන්නෙ නෑ. එයා අනික් අතට ආයෙ විදුලිය බවට පරිවර්තනය වෙනව. පරිවර්තනය වෙලා එන ප්‍රධාන සප්ලයි එකට බාධා කරනවා. වෝල්ටීයතාවය තිබ්බට හරියට ධාරාව ගලන්න විදියක් නෑ මේ බාධාව නිසා. Current drags behind voltage. පේස් ඈංගල් වෙනස් වෙනව කියන්නෙ මේක. එක පාර ඔලුවට ගන්න අමාරුයි.. වෝල්ටීයතාවය සහ ධාරාව ප්‍රස්ථාරෙකට ගත්තොත් එකට වෙලා තියෙන සයින් වේව් දෙකක් වෙනුවට වෙනම තියෙන සයින් වේව් දෙකක් බලාගන්න පුළුවන්.

    x4hruqk2ezqb1.jpg

    උදාහරණයක් විදියට දෙපැත්තට පොම්ප දෙකක් හයි කරපු පයිප්පයක් තියෙනවා. මේ පයිප්පෙ ඇතුලෙ වතුර තියෙනවා. එක පොම්පයක් දිගටම පොම්ප කරද්දි අනික් කෙළවරේ පොඩි පොම්පෙ තත්පරයකට වතාවක් ඔන් වෙලා පම්ප් කරනවා. (පොඩි පොම්පෙ වැඩ නොකරද්දි ඒක හරහා වතුර ගලනවා) එතකොට ප්‍රධාන පොම්පෙන් එන වතුර ධාරාවට පොඩි පොම්පෙ දිහාට නිදහසේ ගලන්න බැහැ. පයිප්පෙ ඇතුලෙ පීඩනය සමාන වුනත් ධාරාව ගලන එකට බාධා වෙනකොට ලොකු පොම්පෙ පැත්තෙන් යම්කිසි ශක්ති හානියක් වෙනවා. ඔන්න ඕකමයි මෙතන වෙන්නේ. පොඩි පම්ප් එක මැග්නටික් ෆ්ලක්ස් එකට සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ, මේ මෝටර් මැග්නටික් ෆ්ලක්ස් එක නැතුව වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ බාධා උනත් ශක්ති හානි උනත් මේ කතන්දරේ මෝටරේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යයි. ලොකු පොම්පෙට ඒකක 1ක පවර් එකක් දුන්නම සිදුවෙලා තියෙන කාර්යය ඒකක 0.8යි. එතකොට මැග්නටික් ෆ්ලක්ස් එක නිසා ශක්තිය හානි වෙලා තියෙනවා. නමුත් අපිට අර ඒකක 1ටම වියදම් වෙලා තියෙනවා. අපි වියදම් කරන්නෙ 0.8 ට නෙමෙයි.

    කැපෑසිටර් කරන්නෙත් ශක්තිය ගබඩා කරගන්න එකනෙ. මැග්නටික් ෆ්ලක්ස් වගේ නෙමෙයි එයා ගබඩා කරගන්නෙ කෙලින්ම ඉලෙක්ට්‍රෝන. ෆ්ලක්ස් එක වගේ එහාට මෙහාට තල්ලු කරන කතන්දර නෑ, ගබඩා කරගෙන හිටියා, තමන්ට වඩා පොටෙන්ෂල් එක අඩු තැනක් සෙට් වුනාම ගබඩා කරන් ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමානය නිදහස් කලා. මෝටරේ අර විදියට සැපයුම් ධාරාවට බාධා කරද්දි, මේන් සර්කිට් එකේ සිදුවෙන වෙනස්කම් වලට කවුන්ටර් කරන්න තමයි කැපෑසිටර් දාන්නේ. කලින් කිව්ව "current drags behind voltage" අවස්ථාවෙදි කෑපෑසිටර් එකට තමන් පුරවගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන ටික නිදහස් කරන්න තමන්ට වඩා අඩු potential එකක ඉන්න අවස්ථාවක් හම්බ වෙනව. සර්කිට් එකට ඇතුල් වුන මේ අලුත් ඉලෙක්ට්‍රෝන ධාරාව නිසා මෝටරේ මැග්නටික් ෆ්ලක්ස් එකෙන් හැදුන විදුලියෙන් ඇති වුන බාධාව නිසා ගලන්න බැරිව තිබුන ධාරාව අර බාදාව මැඩගෙන ගලනවා.

    වතුර පොම්ප සීන් එකේදි මේක හරියට ප්‍රදාන පොම්පෙ එක්කම එයාට සපෝට් එකට ඉන්න තව පොඩි පොම්පයක් වගේ. එහා කෙළවරේ පොඩි පොම්පෙ ඔන් වෙලා බාදාව ඇති කරද්දිමෙ මේ කියන පොඩි පොම්පෙ ඔන් වෙලා ඒ හා සමාන ජල ප්‍රමාණයක් පයිප්පෙට තල්ලු කරලා අර පොඩි පොම්පෙන් ඇති වුන බාධාව කවුන්ටර් කරනවා. මේන් පොම්පෙන්මයි මේ දෙවැනියා වැඩ කරන්නෙත්. හැබැයි එයා ගන්න ශක්තිය බොහොම අඩුයි අර අනිත් පොඩි පොම්පෙන් වෙන බාධාව නිසා සිද්ද වෙන ශක්ති හානියට වඩා. එතකොට ඒකක 1ක් සපයපු ශක්තියට ඉතාමත් සමාන වැඩ කොටසක් කෙරිල තියෙනවා. පවර් ෆැක්ටර් එක 1 හෙවත් යුනිටි අවස්ථාවට ලං වෙනවා.

    එක මෝටරයක් නෙමෙයි ෆැක්ටරියක මෝටර් ගොඩක් තියේනව. තව ඉන්ඩක්ටිව් ලෝඩ් ජාති ගොඩක් තියෙනව. ඔය හැම එකෙන්ම මේ සංසිද්ධිය අඩු වැඩි වශයෙන් සිදු වෙලා සමස්ථ ෆැක්ටරි එකේ පවර් ෆැක්ටර් එක උඩුකුරුඥ්ඥං වෙලා යන්න පුළුවන්. අන්න ඒක වලක්වන්න තමා ඔටෝමැටිකලි පවර් ෆැක්ටර් එක රෙගියුලේට් කරන සිස්ටම් එකක් දාන්නෙ. ඔය තියෙන එකෙන් කරන්නේ ඒ වැඩේ. එයා හැම තිස්සෙම එක කැල්කියුලේට් කරල බල බල ඒක යුනිටි එකට උපරිම ආසන්නව තියාගන්න උත්සාහ කරන්වා. කන්ටෑක්ටර් පහෙන් විවිධ අගයන් තියෙන කැපෑසිටර් අවශ්‍යතාවය පරිදි සර්කිට් එකට එකතු කරමින් ඉවත් කරමින් තමයි මේ වැඩේ කරන්නේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    (y)
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    මෙන්න මේක තමා මට දනගන්න ඔනේ.කොහොමද අපේ ෆක්ටරියෙ පොවර් ෆක්ටර් එක මනින්නේ.

    පවර් ෆැක්ටර් එක මනින්න පේස් වල වෝල්ටේජ් ටිකයි කරන්ට් ටිකයි තිබ්බ නම් ඇති. ඒවා වලින් calculate කරගන්න පුළුවන් එවෙලේ PF එක. ඔය උබ දාල තියෙන JKW5C Control Panel කියන එකෙන් එක මොනිටර් කරන එක තම වෙනවා ඇත්තේ. ඒකට පෙස් 3 ඉන්පුට් කරලා, CT දාල ඒවා වල කරන්ට් ටිකත් ඉන්පුට් කලාම ඌ රියල් ටයිම් PF එක calculate කරගන්නවා. ඒක හරිනේ එතකොට.
    ඊට පස්සේ electrical engineering වල තියරියක් තියෙනව (ඔය උඩ කට්ටිය විස්තර කරලා තියෙන එක) ඉන්ඩක්ටර් වලින් අඩු වෙන PF එක කැපසිටර් වලින් වැඩි කරනවා.
    පවර් ෆැක්ටර් එක අඩු වුනාම අපි වැඩියෙන් සල්ලි ගෙවන්න ඕනේ කියන එක දන්නවනේ. ඉතින් එක හදාගන්න තමයි ඔය කපැසිටර් බෑන්ක් එක දාන්නේ.
    PF එක 1ට කිට්ටුවෙන් තියාගන්න එක තමා කරන්න ඕනේ. 1 හෝ 1ට අඩු, කොයිම විදියකට වත් 1 ට වැඩි වෙන්න දෙන්නත් බෑ.
    ඊට පස්සේ ඉතින් කතාව සරලයි, අර කොන්ට්‍රෝල් පැනල් එකට එක එක කැපසිටි වල 3ph කැපසිටර් සෙට් කරල තියෙනවා, ඌ රියල් ටයිම් PF බලන් ඉදල අඩු වෙන ටික රිකව වෙන්න අවශ්‍ය ප්‍රමාණයේ කැප් එක හෝ කීපයක එකතුවක් අපේ සිස්ටම් එකට පැරලලි කනෙක්ට් කරනවා. කොටින්ම කිව්වොත් අපේ මේන් පැනල් එකේ මේන් බස් බාර් වලට ඔය කැප් කනෙක්ට් කරනවා.
    ඔච්චරමයි කතාව. ඕක ඔයිට වඩා පැහැදිලි කරන්න බෑ, ඔයාට ඒත් තේරෙන්නේ නැත්තන් ඉතින් ඉලෙක්ට්‍රිකල් කරන්න එපා ඕක අතරල දාන්න.

    View attachment 238123
    මෙකෙ 1 වෙනියට තියෙන Digital Panel Meter මොනවටද තියෙන්නෙ? එකෙන් කෙරෙන්නෙ මොනවාද?
    2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?

    JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?
    පලවෙනි එක ඇම්පියර් ගානක්නේ මනින්නේ. එක කොහෙන් එනවද කියල කියන්න රූපේ බලල කියන්න මේකේ ඉන්න අයට දිවස් නැනේ, ඒ නිසා කම්මැලි නැතුව වයර් ට්‍රෙස් කරලා බලාගන්න.

    //2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?//
    අර උඩ කියපු ටික තේරුණා නම් inductive ලෝඩ් ටිකක් on කර කර බලන්න ඕකෙන් PF එක පෙන්නනවද.. capacitor එකක් හරි contactor අල්ලලා බස්බාර් වලට කපල් වෙලාද කියල. වෙන විදියක් මන් හරියටම දන්නේ නැහැ .
    තව දෙයක්. ඔය ෆැක්ටරි එකේ කලින් පාවිච්චි කරපු ෆුල් ලෝඩ් වලට හරියන්න තමයි ඕක ඩිසයින් කරලා තියෙන්නේ. කලින්ට වඩා වෙනස් ලෝඩ් නම් දැන් පාවිච්චි වෙන්නේ ඕකත් වෙනස් වෙන්න ඕන වෙන්න පුලුවන්.

    //JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?//

    ඒක ඉතින් ඕක ඔබලාම තමා බලාගන්න වෙන්නේ, වෙන විදියක් නෑනේ. ඔකේ මැනුවල් එක හොයාගන්න නෙට් එකෙන් පුළුවන් නම්. ඊට පස්සේ දැන් දාල තියෙන parameters ටික ගන්න. අලුත් එකට දාගන්න.
    ගොඩක් විට ඕකෙ හදන්න ඕන ඇත්තේ වෝල්ටේජ් රේන්ජ් එක, CT ratio ටික, අපිට අවේලබල් තියෙන කැප් ගාන හා ඒ එකින් එකේ වැලිව් එක, delay ටයිම් එක, වගේ දේවල් තමා.
    ඕක වැඩ නැතිව වෙන ජාතීයක එකක් දානවා නං ටිකක් හොයල බලල කරන්න ඕනේ ඉතින්..

    ඔයා මේ අහල තියෙන ඒවා ගොඩක්ම, පොඩි ගූගල් සර්ච් එකකින් ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන් ජාතියේ ඒවා සහ ඉලෙක්ට්‍රිකල් සම්බන්ද ටෙක්නිශියන් කෙනෙක්ගේ සාමාන්‍ය දැනීම වගේ දේවල්. ඔයා ඒ දේවල් දන්නේ නෑ කියන්නේ මන් හිතන්නේ ඕකට අත ගහන්න ඕව ගැන දන්න කෙනෙක්ට දුන්න නම් හොදයි.. ජය . .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    පවර් ෆැක්ටර් එක මනින්න පේස් වල වෝල්ටේජ් ටිකයි කරන්ට් ටිකයි තිබ්බ නම් ඇති. ඒවා වලින් calculate කරගන්න පුළුවන් එවෙලේ PF එක. ඔය උබ දාල තියෙන JKW5C Control Panel කියන එකෙන් එක මොනිටර් කරන එක තම වෙනවා ඇත්තේ. ඒකට පෙස් 3 ඉන්පුට් කරලා, CT දාල ඒවා වල කරන්ට් ටිකත් ඉන්පුට් කලාම ඌ රියල් ටයිම් PF එක calculate කරගන්නවා. ඒක හරිනේ එතකොට.
    ඊට පස්සේ electrical engineering වල තියරියක් තියෙනව (ඔය උඩ කට්ටිය විස්තර කරලා තියෙන එක) ඉන්ඩක්ටර් වලින් අඩු වෙන PF එක කැපසිටර් වලින් වැඩි කරනවා.
    පවර් ෆැක්ටර් එක අඩු වුනාම අපි වැඩියෙන් සල්ලි ගෙවන්න ඕනේ කියන එක දන්නවනේ. ඉතින් එක හදාගන්න තමයි ඔය කපැසිටර් බෑන්ක් එක දාන්නේ.
    PF එක 1ට කිට්ටුවෙන් තියාගන්න එක තමා කරන්න ඕනේ. 1 හෝ 1ට අඩු, කොයිම විදියකට වත් 1 ට වැඩි වෙන්න දෙන්නත් බෑ.
    ඊට පස්සේ ඉතින් කතාව සරලයි, අර කොන්ට්‍රෝල් පැනල් එකට එක එක කැපසිටි වල 3ph කැපසිටර් සෙට් කරල තියෙනවා, ඌ රියල් ටයිම් PF බලන් ඉදල අඩු වෙන ටික රිකව වෙන්න අවශ්‍ය ප්‍රමාණයේ කැප් එක හෝ කීපයක එකතුවක් අපේ සිස්ටම් එකට පැරලලි කනෙක්ට් කරනවා. කොටින්ම කිව්වොත් අපේ මේන් පැනල් එකේ මේන් බස් බාර් වලට ඔය කැප් කනෙක්ට් කරනවා.
    ඔච්චරමයි කතාව. ඕක ඔයිට වඩා පැහැදිලි කරන්න බෑ, ඔයාට ඒත් තේරෙන්නේ නැත්තන් ඉතින් ඉලෙක්ට්‍රිකල් කරන්න එපා ඕක අතරල දාන්න.

    පලවෙනි එක ඇම්පියර් ගානක්නේ මනින්නේ. එක කොහෙන් එනවද කියල කියන්න රූපේ බලල කියන්න මේකේ ඉන්න අයට දිවස් නැනේ, ඒ නිසා කම්මැලි නැතුව වයර් ට්‍රෙස් කරලා බලාගන්න.

    //2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?//
    අර උඩ කියපු ටික තේරුණා නම් inductive ලෝඩ් ටිකක් on කර කර බලන්න ඕකෙන් PF එක පෙන්නනවද.. capacitor එකක් හරි contactor අල්ලලා බස්බාර් වලට කපල් වෙලාද කියල. වෙන විදියක් මන් හරියටම දන්නේ නැහැ .
    තව දෙයක්. ඔය ෆැක්ටරි එකේ කලින් පාවිච්චි කරපු ෆුල් ලෝඩ් වලට හරියන්න තමයි ඕක ඩිසයින් කරලා තියෙන්නේ. කලින්ට වඩා වෙනස් ලෝඩ් නම් දැන් පාවිච්චි වෙන්නේ ඕකත් වෙනස් වෙන්න ඕන වෙන්න පුලුවන්.

    //JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?//

    ඒක ඉතින් ඕක ඔබලාම තමා බලාගන්න වෙන්නේ, වෙන විදියක් නෑනේ. ඔකේ මැනුවල් එක හොයාගන්න නෙට් එකෙන් පුළුවන් නම්. ඊට පස්සේ දැන් දාල තියෙන parameters ටික ගන්න. අලුත් එකට දාගන්න.
    ගොඩක් විට ඕකෙ හදන්න ඕන ඇත්තේ වෝල්ටේජ් රේන්ජ් එක, CT ratio ටික, අපිට අවේලබල් තියෙන කැප් ගාන හා ඒ එකින් එකේ වැලිව් එක, delay ටයිම් එක, වගේ දේවල් තමා.
    ඕක වැඩ නැතිව වෙන ජාතීයක එකක් දානවා නං ටිකක් හොයල බලල කරන්න ඕනේ ඉතින්..

    ඔයා මේ අහල තියෙන ඒවා ගොඩක්ම, පොඩි ගූගල් සර්ච් එකකින් ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන් ජාතියේ ඒවා සහ ඉලෙක්ට්‍රිකල් සම්බන්ද ටෙක්නිශියන් කෙනෙක්ගේ සාමාන්‍ය දැනීම වගේ දේවල්. ඔයා ඒ දේවල් දන්නේ නෑ කියන්නේ මන් හිතන්නේ ඕකට අත ගහන්න ඕව ගැන දන්න කෙනෙක්ට දුන්න නම් හොදයි.. ජය . .
    තැන්කියු වේවා (y)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    @ Pissu Kanna
    මේ විස්තර ට්කනම් සෑහෙන ලෙහෙසි විදිහට වටහගන්න පුලුවන් ආකාරයේ කියලා තිබුනේ.

    ඔයා මේ අහල තියෙන ඒවා ගොඩක්ම, පොඩි ගූගල් සර්ච් එකකින් ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන් ජාතියේ ඒවා සහ ඉලෙක්ට්‍රිකල් සම්බන්ද ටෙක්නිශියන් කෙනෙක්ගේ සාමාන්‍ය දැනීම වගේ දේවල්.
    ඔව් මෙතන අහන්න කලින් නෙට් එකේ හොයලා බලලා අපේ කට්ටියගෙනුත් දනුමක් ලබාගන්න (තියරි වගේ නෙමේනෙ ප්‍රක්ටිකල් එ‍ක්ස්පෙරියන්ස්!) ඒ හිඳයි මෙතන ඇහුවේ හැමදෙයක්ම.

    මෙතන වටිනාම දෙයනම් අපි කිසිකෙනෙක් කිසි කෙනෙක්ව දැකලා නැහැ. හැබයි කෙනෙක් ජෙනුයින් ප්‍රස්ණයක් අහනකොට දන්න කට්ටිය කිසි පැකිලීමක් නැතුව තමන් ගේ කාලය අරන් උත්තර දුන්නු එක.

    Special Thanks to:

    AnuradhaRa​

    Rukaef​

    TonyMontana83

    S.GUNE​

    Pissu Kanna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    @ Pissu Kanna
    මේ විස්තර ට්කනම් සෑහෙන ලෙහෙසි විදිහට වටහගන්න පුලුවන් ආකාරයේ කියලා තිබුනේ.

    ඔව් මෙතන අහන්න කලින් නෙට් එකේ හොයලා බලලා අපේ කට්ටියගෙනුත් දනුමක් ලබාගන්න (තියරි වගේ නෙමේනෙ ප්‍රක්ටිකල් එ‍ක්ස්පෙරියන්ස්!) ඒ හිඳයි මෙතන ඇහුවේ හැමදෙයක්ම.

    මෙතන වටිනාම දෙයනම් අපි කිසිකෙනෙක් කිසි කෙනෙක්ව දැකලා නැහැ. හැබයි කෙනෙක් ජෙනුයින් ප්‍රස්ණයක් අහනකොට දන්න කට්ටිය කිසි පැකිලීමක් නැතුව තමන් ගේ කාලය අරන් උත්තර දුන්නු එක.

    Special Thanks to:

    AnuradhaRa​

    Rukaef​

    TonyMontana83

    S.GUNE​

    Pissu Kanna
    කරන්ට් වද්දගන්න එපා පරිස්සමින් (y)
    පළවෙනි පාර ටෙක්නීෂියෙන් කෙනෙක් ලව්ව කරගන්න
    එතකොට ඔයාටත් හරි විදිය ඉගෙන ගන්න පුලුවන් :)

    මාත් ඔය වගේ ලොකු වැඩකට එකපාර අතගහන්න බයයි. පළපුරුද්දක් නෑනෙ අපිට
    වෝල්ට් 230 වගේ නෙමේ

    ත්‍රීපේස් වල වෝල්ට් 400 වදිනව කියන්නෙ හරිම භයානකයි
     
    • Like
    Reactions: pmmali

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    MCCB එක ඕෆ් කරලා MCB ටිකත් ඕෆ් කරලා තමා ඔය වැඩේ මන් කරන්නේ.
    පළවෙනි පාර ටෙක්නීෂියෙන් කෙනෙක් ලව්ව කරගන්න
    වැඩකට අන්ඩ ගැහුවොත් උන් ගෙ ගෙම්බර්! ඒවා බලන්න් බැරි හින්දයි එපේ වැඩ අපිම ඉගෙන ගනිමු කියල හිතන්නේ.
    සමහර වෙලාවට මේ වැඩ කරන කට්ටියව වැඩකට එන්න කිව්වොත් Rocket engineer කෙනෙක් වගේ කථා කරන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    MCCB එක ඕෆ් කරලා MCB ටිකත් ඕෆ් කරලා තමා ඔය වැඩේ මන් කරන්නේ.

    වැඩකට අන්ඩ ගැහුවොත් උන් ගෙ ගෙම්බර්! ඒවා බලන්න් බැරි හින්දයි එපේ වැඩ අපිම ඉගෙන ගනිමු කියල හිතන්නේ.
    සමහර වෙලාවට මේ වැඩ කරන කට්ටියව වැඩකට එන්න කිව්වොත් Rocket engineer කෙනෙක් වගේ කථා කරන්නේ.
    Ehemai kiyala thaniyen karanna yanna epa experience natnm, eka parak waradunath ati.