මෙන්න මේක තමා මට දනගන්න ඔනේ.කොහොමද අපේ ෆක්ටරියෙ පොවර් ෆක්ටර් එක මනින්නේ.
පවර් ෆැක්ටර් එක මනින්න පේස් වල වෝල්ටේජ් ටිකයි කරන්ට් ටිකයි තිබ්බ නම් ඇති. ඒවා වලින් calculate කරගන්න පුළුවන් එවෙලේ PF එක. ඔය උබ දාල තියෙන JKW5C Control Panel කියන එකෙන් එක මොනිටර් කරන එක තම වෙනවා ඇත්තේ. ඒකට පෙස් 3 ඉන්පුට් කරලා, CT දාල ඒවා වල කරන්ට් ටිකත් ඉන්පුට් කලාම ඌ රියල් ටයිම් PF එක calculate කරගන්නවා. ඒක හරිනේ එතකොට.
ඊට පස්සේ electrical engineering වල තියරියක් තියෙනව (ඔය උඩ කට්ටිය විස්තර කරලා තියෙන එක) ඉන්ඩක්ටර් වලින් අඩු වෙන PF එක කැපසිටර් වලින් වැඩි කරනවා.
පවර් ෆැක්ටර් එක අඩු වුනාම අපි වැඩියෙන් සල්ලි ගෙවන්න ඕනේ කියන එක දන්නවනේ. ඉතින් එක හදාගන්න තමයි ඔය කපැසිටර් බෑන්ක් එක දාන්නේ.
PF එක 1ට කිට්ටුවෙන් තියාගන්න එක තමා කරන්න ඕනේ. 1 හෝ 1ට අඩු, කොයිම විදියකට වත් 1 ට වැඩි වෙන්න දෙන්නත් බෑ.
ඊට පස්සේ ඉතින් කතාව සරලයි, අර කොන්ට්‍රෝල් පැනල් එකට එක එක කැපසිටි වල 3ph කැපසිටර් සෙට් කරල තියෙනවා, ඌ රියල් ටයිම් PF බලන් ඉදල අඩු වෙන ටික රිකව වෙන්න අවශ්‍ය ප්‍රමාණයේ කැප් එක හෝ කීපයක එකතුවක් අපේ සිස්ටම් එකට පැරලලි කනෙක්ට් කරනවා. කොටින්ම කිව්වොත් අපේ මේන් පැනල් එකේ මේන් බස් බාර් වලට ඔය කැප් කනෙක්ට් කරනවා.
ඔච්චරමයි කතාව. ඕක ඔයිට වඩා පැහැදිලි කරන්න බෑ, ඔයාට ඒත් තේරෙන්නේ නැත්තන් ඉතින් ඉලෙක්ට්‍රිකල් කරන්න එපා ඕක අතරල දාන්න.
View attachment 238123
මෙකෙ 1 වෙනියට තියෙන Digital Panel Meter මොනවටද තියෙන්නෙ? එකෙන් කෙරෙන්නෙ මොනවාද?
2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?
JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?
පලවෙනි එක ඇම්පියර් ගානක්නේ මනින්නේ. එක කොහෙන් එනවද කියල කියන්න රූපේ බලල කියන්න මේකේ ඉන්න අයට දිවස් නැනේ, ඒ නිසා කම්මැලි නැතුව වයර් ට්‍රෙස් කරලා බලාගන්න.
//2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද?//
අර උඩ කියපු ටික තේරුණා නම් inductive ලෝඩ් ටිකක් on කර කර බලන්න ඕකෙන් PF එක පෙන්නනවද.. capacitor එකක් හරි contactor අල්ලලා බස්බාර් වලට කපල් වෙලාද කියල. වෙන විදියක් මන් හරියටම දන්නේ නැහැ .
තව දෙයක්. ඔය ෆැක්ටරි එකේ කලින් පාවිච්චි කරපු ෆුල් ලෝඩ් වලට හරියන්න තමයි ඕක ඩිසයින් කරලා තියෙන්නේ. කලින්ට වඩා වෙනස් ලෝඩ් නම් දැන් පාවිච්චි වෙන්නේ ඕකත් වෙනස් වෙන්න ඕන වෙන්න පුලුවන්.
//JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන සෙටින් එකක්ද තිබ්බෙ කිය දැනගන්න පුලුවඳ?//
ඒක ඉතින් ඕක ඔබලාම තමා බලාගන්න වෙන්නේ, වෙන විදියක් නෑනේ. ඔකේ මැනුවල් එක හොයාගන්න නෙට් එකෙන් පුළුවන් නම්. ඊට පස්සේ දැන් දාල තියෙන parameters ටික ගන්න. අලුත් එකට දාගන්න.
ගොඩක් විට ඕකෙ හදන්න ඕන ඇත්තේ වෝල්ටේජ් රේන්ජ් එක, CT ratio ටික, අපිට අවේලබල් තියෙන කැප් ගාන හා ඒ එකින් එකේ වැලිව් එක, delay ටයිම් එක, වගේ දේවල් තමා.
ඕක වැඩ නැතිව වෙන ජාතීයක එකක් දානවා නං ටිකක් හොයල බලල කරන්න ඕනේ ඉතින්..
ඔයා මේ අහල තියෙන ඒවා ගොඩක්ම, පොඩි ගූගල් සර්ච් එකකින් ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන් ජාතියේ ඒවා සහ ඉලෙක්ට්‍රිකල් සම්බන්ද ටෙක්නිශියන් කෙනෙක්ගේ සාමාන්‍ය දැනීම වගේ දේවල්. ඔයා ඒ දේවල් දන්නේ නෑ කියන්නේ මන් හිතන්නේ ඕකට අත ගහන්න ඕව ගැන දන්න කෙනෙක්ට දුන්න නම් හොදයි.. ජය . .