බාස් Guide. සමහර බාස්ලා කරන අවුල් වැඩ , හරි බාස්ලා හොයා ගැනීම, බාස් tricks and tips

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    බාස්ලට වැඩේ බාරදීල ඉන්න එපා උන් බාස්ලානේ වැඩේ හරියට කරයි කියල හිතන්න එපා. continuously monitor කරන්න. විශේෂයෙන්ම තමන්ට ඕනෙ මොන වගේ වැඩක්ද, කොහොමද වෙන්න ඕනේ කියල හරියට හොයල බලල තීරණය කරලා බාස්ට කියන්න ඕනෙ. නෑදෑ වෙන, හිතවත් අය වැඩට ගන්න එක අවාසියක්. උන් serious ගන්නේ නෑ වැඩිය. අනිවාර්යෙන්ම කලින් වැඩ කරලා තියන තැන් බලල වැඩේ බාරදෙන්න.
     
    • Like
    Reactions: shenat and B.Chat

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    bass la ekka weda karana eka thamai lokuma awula.pelak unta okkoma api gihin denna oni.unta mathak wena wena welawata araka oni,meka oni kiyanawa,okunta kade yanna wenama ekek api hire karanna oni pelak welawata.pelak unge kisima professional gathiyak na.koi weleth nathi banemai.pelak tools pawa api denna oni rent ekata aran.ahuwama ekko wena wedapalaka amathaka wela awith kiyanawa,nattan kadila kiyanawa.man nam kiyanne gana tikak wedi wunath porfesional set ekakata wede bara denna.karadarayak na.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,597
    15,156
    113
    New Zealand
    ෆචුන් ඩේෂන් , ස්ලැබ්, කණු වගේ ස්ට්‍රක්ච එක හදනකොටවත් ළගින් හිටියේ නැත්නම් බිල්ඩීම ඉවරයි. ඕකුන් හිතුනු හිතුනු විදියටකම් බි බැදලා කො න් ක්‍රීට් එකට් හිතුනුවීදියට අනලා දානවා.
     
    • Sad
    Reactions: B.Chat

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    අපෙ ගෙදර ඉස්සරha හුඩ් එකක් තියෙනව පරන කාලෙ ගෙයක්. මෙක ස්ලැබ් එක දාන්නෙ නැතුව උඩ පූල් එක වගේ ගහල බටයක් දාල වතුර බහින්න.
    1980 ගනන් වල හදපු ගෙයක් දැන් බිත්ති පෙගෙනව ටහිකෙන්න. බාස් ල තමයි කියල තියෙන්නෙ එහෙම හදන්න ලස්සනයි කියල. දැන් සොරි ඩොට් කොම් වෙලා තියෙන්නෙ. බර ගානක් යනව උඩ කඩල ෆ්ලැට් කරල හදන්න.
    Itin hood udin Aith concrete karapan. Bara wedi nam kanuwak dahan pvc pipe eka athule concrete dala.
     
    • Like
    Reactions: B.Chat

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    සැලැබ් එක එක පාර දාන්න සල්ලි නැති නිසා දෙපරකට දැම්මා. එතන තමා කෙල උනේ. Joint එක ලික්.
    ඊළඟට තිබ්බ හදිස්සිය නිසා වඩු බස් කෙනෙක් වෙනවා. ඌ තමා ඔක්කොම කෑ වේ. එතනින් පස්සේ එපා උනා. ගෙදර හදන එක අත ඇරලා දාලා. ඔහේ කකා බිබී ඉන්නවා.. :ROFLMAO: :ROFLMAO:
    sira, mta mulin ma epa una. design eka dekala
     
    • Like
    Reactions: B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    මම දැකලා තියෙනවා සමහර ගෙවල්, බාස්ලා හරියට හදලා නැතුව ලොකු අවුල් තියෙනවා. සමහර ගෙවල් හැමදාම repair වගේ තමයි. එක්කෝ ස්ලැබ් අවුල් නැත්තං වෙන වෙන අවුල්, බිත්ති පුපුරනවා වගේ දේවලුත් සමහර තැන්වල දැකලා තියෙනවා. මම ඉතින් ඕවා ගැන වැඩිය දන්නෙ නැති හින්දා වැඩිය හොයලා බලලා නෑ. හැබැයි ලංකාවේ සමහර බාස්ලා හරියට වැඩේ කරන්නේ නෑ වගේ දෙයක් තියෙනවා පේන හැටියට. අයිතිකාරයා නිතර දෙවේලේ එන්නේ නැත්තං ඉතින් සමහර බාස්ලා කොහොමත් වැඩේ හරියට කරන්නේ නෑ. අන්තිමට සෑහෙන කාලේකට ලොකු කට්ටක් සෙට් වෙන්නත් පුළුවන්.

    ඉතින් මේකේ ගෙවල් හදන්න ගිහින් කටු කාපු අය සහ හරි බාස්ලා හොයා ගත්තා නම් ඒ ගැන අවුල් බාස්ලා කරපු අවුල් වැඩ වගේ දේවල් මේ thread එකේ දාන්න. බාස් වැඩේ කරන අය construction කරන අය ඉන්නවා නම් එයාලත් මේකට අදහස් එකතු කරයි කියලා හිතනවා. කාට හරි ප්‍රයෝජනයක් වෙයි.

    Thread එක ඔයාලට බාරයි.

    මේ දවස්වල මගේ මෙඩිකල් සෙන්ටර් කිහිපයක් හදන ප්‍රොජෙක්ට් එකක් යනවා. දැන් නම් අවසන් අදියරේ.

    මොනා හොද බාසා උනත් බලන් හිටියේ නැත්තම් වැඩ කරන්නේ නැ. ගහලා දානවා ඔහේ. හැමදාම කවුරුහරි මැරිල. නැත්තම් දානයක්.

    බලන් හිටියේ නැත්තම් පැන්නා.

    ලංකාවේ එහෙම සදාචාරයක් නැ. කම්පැනියකට දුන්නත් එකයි. බාසෙක් කලත් එකයි. බාසලා උපදෙසක් ගන්න කැමති නැ. ප්ලැන හරියට කියවන්න කැමති නැ. උන්ගේ පෙර මිමි වලට සිමෙන්ති හලන් කැමති.

    වැඩ කලා නැතා මුලින්ම හට් එක නම් ගහගනන්නව 30000ක් බිල දාලා.

    කම්පැනි ලාබය උපරිම කරගන්න අනුපාත එහෙමෙහ කරනවා. පෙර වැරදි වහනවා ෆිනිෂින් වලින්. අන්තිමෙදි හබක්.

    එකෙක්ට එකෙක් නැ. ඉන්ජිනේරුවෝ ඊට හපන්. උන් සයිට්ආපු ගමන් බාස්ව කපනවා. බාසා ඉන්ජිනේරුවාගේ වැරදි කියනවා. උගත් උනත් ගොඩක් ඉන්ජිනේරුවො වෘත්තියව ප්‍රශ්න බැලන්ස් කරගන්න දැනුම අවමයි.

    ඒ නිසා බලන් ඉන්නම ඕනා.

    කාට බාර දුන්නත්, ගෙඩිය පිටින් ඔක්කොම දෙන්න එපා. බිත්ති බදින්න කෙනෙක්ට, වහලා ගහන්න තව කෙනෙක්ට, අමානො වැහිපිලි තව කෙනෙක්ට, පොටි තව කෙනෙක්ට, ටයිල් ෆිනිෂින් තව කෙනෙක්ට දෙන්න. එතකොට ලාබයි හා අපේ ගනනුත් බාසලට තේරෙනවා. මංඥං ලොන්තයෝ වගේ හිටියොත් බාසාල කරේ නගින්න එනවා.

    හැමදේම ගනන් තියාගන්න. හාඩ්වෙයා පොතට බඩු පැනලා දෙන්න එනවා. ඒක බිස්නස් ගැටයක්.

    ෂිට් ගද්දි බලලා ගන්න. කලවමේ දානවා. මම ඔක්කොටම එකපාර අලියා සිට් බර ගානක් ගත්තා. කලවං දාලා, පළුදු දාලා තිබ්බා හිතාමතාම වගේ.

    ලියතැහැකි ගමකට. හිටහං ටිකකින් තව ලියන් එන්න
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මම දැකලා තියෙනවා සමහර ගෙවල්, බාස්ලා හරියට හදලා නැතුව ලොකු අවුල් තියෙනවා. සමහර ගෙවල් හැමදාම repair වගේ තමයි. එක්කෝ ස්ලැබ් අවුල් නැත්තං වෙන වෙන අවුල්, බිත්ති පුපුරනවා වගේ දේවලුත් සමහර තැන්වල දැකලා තියෙනවා. මම ඉතින් ඕවා ගැන වැඩිය දන්නෙ නැති හින්දා වැඩිය හොයලා බලලා නෑ. හැබැයි ලංකාවේ සමහර බාස්ලා හරියට වැඩේ කරන්නේ නෑ වගේ දෙයක් තියෙනවා පේන හැටියට. අයිතිකාරයා නිතර දෙවේලේ එන්නේ නැත්තං ඉතින් සමහර බාස්ලා කොහොමත් වැඩේ හරියට කරන්නේ නෑ. අන්තිමට සෑහෙන කාලේකට ලොකු කට්ටක් සෙට් වෙන්නත් පුළුවන්.

    ඉතින් මේකේ ගෙවල් හදන්න ගිහින් කටු කාපු අය සහ හරි බාස්ලා හොයා ගත්තා නම් ඒ ගැන අවුල් බාස්ලා කරපු අවුල් වැඩ වගේ දේවල් මේ thread එකේ දාන්න. බාස් වැඩේ කරන අය construction කරන අය ඉන්නවා නම් එයාලත් මේකට අදහස් එකතු කරයි කියලා හිතනවා. කාට හරි ප්‍රයෝජනයක් වෙයි.

    Thread එක ඔයාලට බාරයි.
    පොඩි ටිප්ස් ටිකක් කියන්නම් .

    1. උබට අවශ්‍ය මොකක්ද කියල ඉස්සෙල්ල හරියට තීරණය කරපන් . තාප්පේ බදිනවද , බිත්ති ගඩොල්ද , නැත්තම් බ්ලොක් ගල්ද , ටයිල් දානවද අරකයි මේකයි .
    2. නිකම් හාර්ඩ් වෙයාර් දෙක දුන්කින් ඔව්වගේ ගනම් නිකම් අයිඩියා එකක් ගනින් . අනික ඔව්ව වල ගේජ් තියෙනවා .
    - මනම්පිටිය වැලි , මයියංගන වැලි , කපරාදු වැලි ඔහොම , 9X4 කළු ගල් , 3/4 කළු ගල් ඔහොම . කියුබ් එක කීයද , කියුබ් 3 ලොරිය කීයද , ලෑන් මාස්ටරේ කීයද ඔන්න ඔය වගේ .
    3. වැඩේ කරන්න ඉන්න විදිහ බාස්ල දෙතුන් දෙනෙක් එක්ක කියල , බලහන් උන්ගේ ගණන් කොහොමද කියල .
    4. අනික , ලොරි ටෝක් දෙයි අනිවා උන් . මේක ඔහොම කරලා හරියන් නෑ , අරහෙමයි , මෙහෙමයි කියල .
    5. වැඩේ උබේ නම් , උබට ඕන විදිහට හදන්න පුළුවන් එකෙක් හොයපන් . බාස්ට ඕන විදිහට නෙවෙයි නේ බන් වැඩේ වෙන්න ඕන .
    6. අලුතෙන් ගෙයක් හරි, කෑල්ලක් හරි හදනවා නම් , ප්ලානක් අන්ද ගනින් කීයක් හරි දීල , එත් එක්කම BOQ එකක් හදා ගනින් ඌටම කියල . මේක කම්පෙයා කරහන් බාසා දාන බඩු ලිස්ට් එකත් එක්ක .

    අනිතිමට බාසා තෝරගත්ත කියහන්කෝ ,

    - උගෙන් හරියට සම්පුර්ණ වැඩේට දවස් ගාන , වැඩ කුලිය , ගනින් . ලියල අත්සන් කරපන් . කොන්තරාත්තු විදිහට වැඩේ කතා කරගනින් . එතකොට දවස් ගණන් ඇද ඇද ඉන්නේ නැහැ .
    - ඌට ගණන් බේරන කොට අත්සන් කරගනින් .
    - කරපු වැඩ වලට වඩා ගෙවන්න එපා , ඇඩ්වාන්ස් දෙන්න එපා , ගෙදර ගිහින් එන්න අතමාරු කොහෙත්ම එපා , ගෙදර උන්දැට බෙහෙත් ගන්න කීයක් හරි , අම්මෝ එපා . ඕන නම් දොස්තර ගාවට අරන් ගිහින් නම් , උබ බිල් එක බලල මොනවා හරි සාදාරණයක් කරපන් සිරා සිද්දි නම් .
    - වැඩ කරන දවස් ගානට පඩි නෙවෙයි , වැඩේ ස්ටෙප් වලට පේමන්ට් කරහන් .
    - වැඩේ අල වෙලා වගේ නම් , උගේ කෝස්ට් එකෙන් අඩු කරහන් . ගලවල අලුතෙන් හදන්න කියහන් . ප්ලාස්ටර් ගහල ශේප් කරන්න හදනවා සමහරු , ඒකට එකග වෙන්න එපා . ඇදයි නම් , ආපහු ගලවල මුල ඉදල හදොපන් . උබ හරියට ප්ලාන දීලනේ තියෙන්නේ , උන්ට ඒකට හදන්න බැරි උනාම අපි පරිප්පු කන්නේ මොකටද .?
    - උන් බඩු දානවා නම් , බිල් ගනින් , ගත්ත තැනින් මිල චෙක් කරපන් . අනික කොලිටි එක චෙක් කරපන් .
    ( වැලි එහෙම ගෙනැල්ල බාල නම් , වැලි ටිකක් උරේක දාගෙන ගිහින් අහපන් වෙනින් හර්ද්වෙයාර් එකකින් මේ වරිගේ තියෙනවද , කීයද කියල . ).
    -බඩු එන හැමවෙලේම්ම උබට ඉන්න පුළුවන් නම් හොදයි , ලොරිය බලහන් ඔක්කොම බාලද කියල . උබ නැත්තන් , කොටහක් බාල , කොටහක් ආපහු යාවල හවසට සම්තින් ගන්න බාසල ඉන්නවා .

    හරියට වැඩේ වෙලා නම් විතරක් පඩි බෙරහන් . හෙට ඇවිත් කරලා දෙන්නම් , ලබන සතියේ කරලා දෙන්නම් කතා විස්වාස කරන්න එපා . ඒවා වෙන්නේ නෑ . උන් වෙන වැඩකට ගියාම , අයෙ ඕව මතක නෑ .

    උන්ගේ කන්කෙදිරිය වැඩි නම් , වෙන බාස් කෙනෙක් සෙට් කරගනින් . නැත්තන් කොන්ත්‍රාත් දියන් කොම්පැනියකට .

    ඕනවට වඩා කරට ගන්න එපා , උන්ට බුලත් විටෙ , අරක්කු කාල උබ ගෙනත් දෙන්න මහන්සි වෙන්න ඕන නෑ , ඒවා උන්ගේ පඩියෙන් කරගැනී . තේකක් බිස්කට් එකක් එහෙම දියන් . මොනවා උනත් මිනිස්සුනේ .

    තව මතක් උනොත් දාන්නම් .
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Mama kalakanni set akak elawala denma benala..mama unta burula dunna wedi..dannam wena set akak dala weda karanawa unnam shape wage.nitara alert inna ona yanna anna ona nethnam mokath narak wenawa..


    Project aka lokunam taman job aken ain wela wede iwara wenakan hitapan nethnam ita wada loss
     
    • Wow
    Reactions: B.Chat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ලියතැහැකි ගමකට.
    1. බාස්ලාව හුරතල් කරන්න යන්න එපා. උඹ කොච්චර හොඳට සැළකුවත් කොච්චර හොඳ කෑම බීම දුන්නත් උඹට අරින නොඅරින එක ඒකෙන් තීරණය වෙන්නෙ නෑ. 90% එවුන් අරිනවා.

    2. ටිකක් ගණන් උනත් වැඩ හොඳ එවුන් ඉන්නවා. පොඩි ලාභෙට වැඩ නොදන්න එකෙක්ට අහු උනොත් ලාභෙ දෙපිටින් යවන්නෙ.

    3.සමහර එවුන්ට උගත්කමක් නැතිකම්. සමහර එවුන්ගෙ මෝඩකම. කොන්ත්‍රාත් එවුන් මනින්නෙ උන්ගෙම රූල් වලට. අන්තිමේ මනිද්දි එක එක කන්ඩිශන්. ඒක නිසා කොන්ත්‍රාත් දෙනවා නම් අඩියට මෙච්චරයි කියලා පොරොන්දු වෙන්නෙ නැතුව මුලු එකම මැනලා ගානක් අහන්න ඕනෙ. එතකොට වැඩේට කලින් නිසා උන් කියන ගණන් පොඩ්ඩක් අඩුයි.

    4. මනිනකොට හොරට මනින්නෙ.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බාස්ලාගෙන් කිසිම රෙද්දකට උපදෙස් ගන්න යන්න එපා හොද reputable construction company තියෙනවා තමන්ගේ වැඩේට හරියන ලෙවල් එකක එකක් බලල වැඩේ බාර දියන්. ඔහොම හදනවට වඩා පාඩු නෑ ලක්ෂ ගානක් ලාබයි. ඔහොම කරන්න ගියාම වෙන්න පුලුවන් පාඩු මෙච්චරයි කියන්න බෑ. රිස්ක් වැඩි.
    ඔක්කොටම වඩා හිසරදේ වැඩි. හරි තැනකට දුන්න නම් agreement එකේ හැටියට payment ටික යනවා නම් වැඩේ වෙනවා. යාලුවෙක් stage බලලා pass දුන්නා ඌත් එක්ක හවසට සෙට් උනා ඔච්චරයි වැඩිපුර වියදම් උනේ
     
    • Like
    Reactions: vito and B.Chat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    reputable construction company
    මම ඔහොම කරන්න ගිහිනුත් කෙළ උනා බන්. මොන කම්පැනි එකේ උනත් අන්තිමට බිත්තිය බඳින්නෙ බාස්ලා. මම හැමදාම හවසට සයිට් එකට යද්දි සුපර්වයිසර් හුත්තා ෆෝන් එක ඔබ ඔබ බුදි. එතන වැරදි බලලා කම්පැනියෙ අයිතිකාරයට බනින්න ඕනෙ. ඌත් අහගෙන ඉඳලා 'මම් එහෙම කරන්න එපා කියන්නම්' කිය කිය කියනවා මිසක් වෙන දෙයක් නෑ. ඌත් බාස්ලාට බයයි. වෙන එකක් ඕනෙ නෑ දවසක් මම යද්දි එතන කම්පැනියෙ එකත් ඇවිල්ලා හිටියා බාස්ලා කාමරයක් හදලා කියපන්කො දොරක් නොතියා.
    අරූ ඒත් මොකුත් කිව්වෙ නෑ.