මම දැකලා තියෙනවා සමහර ගෙවල්, බාස්ලා හරියට හදලා නැතුව ලොකු අවුල් තියෙනවා. සමහර ගෙවල් හැමදාම repair වගේ තමයි. එක්කෝ ස්ලැබ් අවුල් නැත්තං වෙන වෙන අවුල්, බිත්ති පුපුරනවා වගේ දේවලුත් සමහර තැන්වල දැකලා තියෙනවා. මම ඉතින් ඕවා ගැන වැඩිය දන්නෙ නැති හින්දා වැඩිය හොයලා බලලා නෑ. හැබැයි ලංකාවේ සමහර බාස්ලා හරියට වැඩේ කරන්නේ නෑ වගේ දෙයක් තියෙනවා පේන හැටියට. අයිතිකාරයා නිතර දෙවේලේ එන්නේ නැත්තං ඉතින් සමහර බාස්ලා කොහොමත් වැඩේ හරියට කරන්නේ නෑ. අන්තිමට සෑහෙන කාලේකට ලොකු කට්ටක් සෙට් වෙන්නත් පුළුවන්.
ඉතින් මේකේ ගෙවල් හදන්න ගිහින් කටු කාපු අය සහ හරි බාස්ලා හොයා ගත්තා නම් ඒ ගැන අවුල් බාස්ලා කරපු අවුල් වැඩ වගේ දේවල් මේ thread එකේ දාන්න. බාස් වැඩේ කරන අය construction කරන අය ඉන්නවා නම් එයාලත් මේකට අදහස් එකතු කරයි කියලා හිතනවා. කාට හරි ප්‍රයෝජනයක් වෙයි.
Thread එක ඔයාලට බාරයි.
පොඩි ටිප්ස් ටිකක් කියන්නම් .
1. උබට අවශ්‍ය මොකක්ද කියල ඉස්සෙල්ල හරියට තීරණය කරපන් . තාප්පේ බදිනවද , බිත්ති ගඩොල්ද , නැත්තම් බ්ලොක් ගල්ද , ටයිල් දානවද අරකයි මේකයි .
2. නිකම් හාර්ඩ් වෙයාර් දෙක දුන්කින් ඔව්වගේ ගනම් නිකම් අයිඩියා එකක් ගනින් . අනික ඔව්ව වල ගේජ් තියෙනවා .
- මනම්පිටිය වැලි , මයියංගන වැලි , කපරාදු වැලි ඔහොම , 9X4 කළු ගල් , 3/4 කළු ගල් ඔහොම . කියුබ් එක කීයද , කියුබ් 3 ලොරිය කීයද , ලෑන් මාස්ටරේ කීයද ඔන්න ඔය වගේ .
3. වැඩේ කරන්න ඉන්න විදිහ බාස්ල දෙතුන් දෙනෙක් එක්ක කියල , බලහන් උන්ගේ ගණන් කොහොමද කියල .
4. අනික , ලොරි ටෝක් දෙයි අනිවා උන් . මේක ඔහොම කරලා හරියන් නෑ , අරහෙමයි , මෙහෙමයි කියල .
5. වැඩේ උබේ නම් , උබට ඕන විදිහට හදන්න පුළුවන් එකෙක් හොයපන් . බාස්ට ඕන විදිහට නෙවෙයි නේ බන් වැඩේ වෙන්න ඕන .
6. අලුතෙන් ගෙයක් හරි, කෑල්ලක් හරි හදනවා නම් , ප්ලානක් අන්ද ගනින් කීයක් හරි දීල , එත් එක්කම BOQ එකක් හදා ගනින් ඌටම කියල . මේක කම්පෙයා කරහන් බාසා දාන බඩු ලිස්ට් එකත් එක්ක .
අනිතිමට බාසා තෝරගත්ත කියහන්කෝ ,
- උගෙන් හරියට සම්පුර්ණ වැඩේට දවස් ගාන , වැඩ කුලිය , ගනින් . ලියල අත්සන් කරපන් . කොන්තරාත්තු විදිහට වැඩේ කතා කරගනින් . එතකොට දවස් ගණන් ඇද ඇද ඉන්නේ නැහැ .
- ඌට ගණන් බේරන කොට අත්සන් කරගනින් .
- කරපු වැඩ වලට වඩා ගෙවන්න එපා , ඇඩ්වාන්ස් දෙන්න එපා , ගෙදර ගිහින් එන්න අතමාරු කොහෙත්ම එපා , ගෙදර උන්දැට බෙහෙත් ගන්න කීයක් හරි , අම්මෝ එපා . ඕන නම් දොස්තර ගාවට අරන් ගිහින් නම් , උබ බිල් එක බලල මොනවා හරි සාදාරණයක් කරපන් සිරා සිද්දි නම් .
- වැඩ කරන දවස් ගානට පඩි නෙවෙයි , වැඩේ ස්ටෙප් වලට පේමන්ට් කරහන් .
- වැඩේ අල වෙලා වගේ නම් , උගේ කෝස්ට් එකෙන් අඩු කරහන් . ගලවල අලුතෙන් හදන්න කියහන් . ප්ලාස්ටර් ගහල ශේප් කරන්න හදනවා සමහරු , ඒකට එකග වෙන්න එපා . ඇදයි නම් , ආපහු ගලවල මුල ඉදල හදොපන් . උබ හරියට ප්ලාන දීලනේ තියෙන්නේ , උන්ට ඒකට හදන්න බැරි උනාම අපි පරිප්පු කන්නේ මොකටද .?
- උන් බඩු දානවා නම් , බිල් ගනින් , ගත්ත තැනින් මිල චෙක් කරපන් . අනික කොලිටි එක චෙක් කරපන් .
( වැලි එහෙම ගෙනැල්ල බාල නම් , වැලි ටිකක් උරේක දාගෙන ගිහින් අහපන් වෙනින් හර්ද්වෙයාර් එකකින් මේ වරිගේ තියෙනවද , කීයද කියල . ).
-බඩු එන හැමවෙලේම්ම උබට ඉන්න පුළුවන් නම් හොදයි , ලොරිය බලහන් ඔක්කොම බාලද කියල . උබ නැත්තන් , කොටහක් බාල , කොටහක් ආපහු යාවල හවසට සම්තින් ගන්න බාසල ඉන්නවා .
හරියට වැඩේ වෙලා නම් විතරක් පඩි බෙරහන් . හෙට ඇවිත් කරලා දෙන්නම් , ලබන සතියේ කරලා දෙන්නම් කතා විස්වාස කරන්න එපා . ඒවා වෙන්නේ නෑ . උන් වෙන වැඩකට ගියාම , අයෙ ඕව මතක නෑ .
උන්ගේ කන්කෙදිරිය වැඩි නම් , වෙන බාස් කෙනෙක් සෙට් කරගනින් . නැත්තන් කොන්ත්‍රාත් දියන් කොම්පැනියකට .
ඕනවට වඩා කරට ගන්න එපා , උන්ට බුලත් විටෙ , අරක්කු කාල උබ ගෙනත් දෙන්න මහන්සි වෙන්න ඕන නෑ , ඒවා උන්ගේ පඩියෙන් කරගැනී . තේකක් බිස්කට් එකක් එහෙම දියන් . මොනවා උනත් මිනිස්සුනේ .
තව මතක් උනොත් දාන්නම් .