බබාල නැති ප්‍රශ්නයක්

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    ඇග ඌෂ්ණයි නම් බබාලා හැදෙන්නේ නැත. උෂ්ණ කෑම අඩු කරන්න. සිංහල වෙද මහතෙකුගෙන් බෙහෙත් ගන්නවානම් හොදයි.
    කළල පිහිටන මුල් කාලයේ (මුල් මාස 03) දැඩි ගැස්සීම් සමහරුන්ට හොද නැත, මේ ගැන සොයා බලන්න.
    වාසනාවන්ත දරුවන් ලැබේවා කියලා අපි හිතනවා.
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ඇග ඌෂ්ණයි නම් බබාලා හැදෙන්නේ නැත. උෂ්ණ කෑම අඩු කරන්න. සිංහල වෙද මහතෙකුගෙන් බෙහෙත් ගන්නවානම් හොදයි.
    කළල පිහිටන මුල් කාලයේ (මුල් මාස 03) දැඩි ගැස්සීම් සමහරුන්ට හොද නැත, මේ ගැන සොයා බලන්න.
    වාසනාවන්ත දරුවන් ලැබේවා කියලා අපි හිතනවා.
    100% True...
    ඇග ඌෂ්ණයි නම් බබාලා හැදෙන්නේ නැත - Meka thama lankawe Subfertility (මද සරුභාවය) walata main reson eka
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    Thanks a lot all

    දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)


    සාමාන්‍ය පිළිසිඳ ගැනීමක දී ඩිම්බ කෝෂ වලින් පිටවෙන ඩිම්බය පැලෝපීය නාලය තුල දී ශුක්‍රාණුවක් සමග එකතු වෙනව. මෙම සංසේචන ක්‍රියාවලියෙන් පසුව ඇතිවෙන යුක්තාණුව ගර්භාෂය තුලට ගමන් කර එහි තැන්පත් වෙනව. නමුත් විවිධ හේතු නිසා මෙලෙස සාමාන්‍ය සංසේචනයක් සිදු නොවී දරුඵල පමා වන යුවලකට දරු සම්පත් ලබා ගැනීමට උපකාර වන නවීන තාක්ෂණික ක්‍රමයක් තමයි IVF නැතිනම් නල දරු උපතක් කියල කියන්නේ.

    GWP44Yr.png


    ලොව ප්‍රථම නල දරු උපත ලෙස 1978 ජුලි මස 25 වන දින එන්ගලන්තයේ මැන්චෙස්ටර් හිදී ලුවිස් බ්‍රවුන් නමැති දැරිය උපත ලැබුව. ඉන් පසු දස දහස් ගණනක් දරුවන් මෙම තාක්ෂණය මගින් මෙලොව එලිය දුටුව. සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් සාර්ථක ප්‍රතිඵල නැති වෙන විට මෙම ක්‍රමයට යොමු විය හැකියි. එක වරක් IVF ප්‍රතිකාරයට යොමු වීමෙන් දරු ඵල ලබා ගැනීමේ හැකියාව 35%ක් පමණ වෙනව.

    වයසත් සමග ඕනෑම කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙනව. ඒ වගේම IVF ක්‍රමයේ සාර්ථකත්වයත් වයස වැඩි වෙන විට ශීඝ්‍රයෙන් අඩු වෙනව. එම නිසා ඔබ IVF ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඉක්මනින් යොමු වුනොත් සාර්ථක ප්‍රතිළුලයකට ඇති හැකියාව වැඩියි.
    IVF ක්‍රියාවලියේ දී මුලින් ම සිදු කරන්නේ කාන්තාවට ඖෂධ ලබා දී ඇගේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කිරීම. ඉන් අනතුරුව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ වැඩි සංඛ්‍යාවක් එකවර මේරීමට ලක් කරනව. මේ සඳහා නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බකෝෂ උත්තේජනය කරනව. ඉන් අනතුරුව යෝනි මාර්ගය හරහා මෙම ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ.

    rYpIZSG.jpeg


    මෙම ක්‍රියා වලිය සඳහා විශේෂ පහසුකම් ඇති විද්‍යාගාරයක් සහ පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනව. දැනට රජයේ රෝහල් වල IVF පහසුකම නැති නමුත් පුද්ගලික අංශයේ ආයතන විශාල සංඛ්‍යාවක මෙම සේවා සපයනව. ඒවායේ ගුණාත්මක භාවය නියාමනය කිරීමක් රජයෙන් සිදු වෙන්නේ නැහැ. එම නිසා ඔබ IVF ප්‍රතිකාරය සඳහා යොමු වන ආයතනයේ ඒ සඳහා ඇති පහසුකම් ගැන කලින් ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් අසා දැන ගන්න.

    Dr. Chaminda Mathota Consultant Obstetrician & Gynaecologist

    Dr. Chaminda Mathota​

    MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)​

    Consultant Obstetrician and Gynaecologist
    Sugabi Clinic Ragama
    Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic - Ragama (+94716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
     
    • Like
    Reactions: craabeysinghe

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    අවුරුදු 2ක් එච්චර කාලයක් නෙවේ මචං. සමහරවිට wife ට PCOS වගේ ඇති. FB එකේ ගෘප් එකක් තියනවා "කිරි සිහිනයට ආදරෙන්" වගේ නමක් තියෙන. එකේ doc ල ගැන, ඔය වගේ සීන් තියෙන අයගේ අත්දැකීම් ගැන විස්තර තියේ. එකටත් ඇඩ් වෙල බලන්න. උඩ කෙනෙක් කියල තියෙනවා වගේ චමින්ද මාතොට doctor හොඳයි.. All the best !!!!!!!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    Treatment walata kalin wife ge ovulation dates hariyata hoyagana. Owata hariyata timing set wenna one
    මෙන්න මේක කරන්න ඉස්සෙල්ලම, අඩුම මාස 3ක්වත් මේක බලල ඉන්න.. බොරුවට ට්‍රිට්මන්ට් වලට යන්නේ නැතුව..
    අපි හිතන දවසට නෙවෙයි ඕවලුටේ වෙන්නේ..එක හරියටම බලාගන්න පුළුවන් මේ ස්ට්‍රිප්ස් ටිකක් අරගෙන චෙක් කරලා වැඩේ කරාම...

    මේකෙන් ගොඩ ගිය එකෙක් නිසා කියන්නේ...
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    api aurudu 8 k treatment kara. hodai kiyana godak VOG la gen. inbox msg ekak danna. wisthara dennam.
     
    • Like
    Reactions: craabeysinghe