මඩකළපුවේ හාමුදුරුවෝ හැසිරෙන විදියත් එක්ක ඒක විහිළුවක් වගේ පෙනුනට උන්වහන්සේගේ ඉල්ලීම ඇත්තටම සාධාරණයි කියලා මට නම් හිතෙන්නේ..online Banking එපා කියලා බැංකු පොත විතරක් අරන් ඇවිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ. Thrid Party එකකින් Online Banking හදලා හාමුදුරුවන්ගෙන් OTP එක අරගෙන Account එකේ තිබ්බ සල්ලී ඔක්කොම සුද්ධ කරලා. හාමුදුරුවන්ගේ ඉල්ලීම හාමුදුරුවො online Banking එපා කීවා නම් කොහොමද සල්ලී වෙන කෙනෙක් ගත්තේ ඒකට සාධාරණයක් ඕනේ කියලා. මේ වගේ සීන් එකකදී බැංකුවට වගකීමක් ගන්නේ නැතුව ඉන්නත් බෑනේ තමන්ගේ කස්ටමර් Online එපා කියනවනම් ඒ එකවුන්ට් වල සල්ලි Online System එකට Merge නොවී තියා ගන්න බැංකුව දැනගන්න ඕනේ. ගොඩක් වයසක අසරණ අයට ඔය සීන් එක නිසා පාඩු විදින්න වෙලා තියෙනවා. හාමුදුරුවෝ ගේමේ ඉන්න නිසා මේක අත අරින එකක් නෑ. OTP එක දුන්නනම් කරන්න දෙයක් නෑ කියලා අතපිහදගන්න බෑ බැංකුවට. අපට OTP එක තේරුනාට මේ රටේ OTP එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ලක්ෂ ගානක් බැංකු එක්ක වැඩ කරනවා..එයාලා දන්නේ බැංකු පොත විතරයි ඒ විස්වාසෙන් මිනිස්සු බැංකුවට එන්නේ. හිතන්නකෝ අවුරුදු 75-80 ක කෙනෙක් ගේ මාසෙක විශ්‍රාම වැටුපට මෙහෙම උනොත් බෙහෙත් ටිකක් ගන්නවත් නැතුව මැරිලා යන්න වෙන්නේ...🫠