මේ ෆිල්ම් එක ඇවිල්ලත් දැන් මාස 3කටත් වඩා වැඩියි. මාත් මේක මුලදි බැලුවා. මේ මාසේ 9 වෙනිදා තමයි අන්තිම ෂෝ එක. ඒ නිවුස් එක දැක්කට පස්සේ ආයෙත් සැරයක් බැලුව නම් හොදයි කියලා හිතුනා සිම්හලයෝ.
ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ගහපු ට්‍රේල එකේ ප්‍රියසාද් පවුලේ උන් ඉන්නවා කියලා බැනලා තිබුනත්, උන් හිටියා කියලා ෆිල්ම් එකට හානියක් වෙලා තිබුනේ නෑ. සිංදු ටික නම් හොදට හදලා තිබුනා. කතාවත් අවුලක් නෑ. ඩොකියුමන්ටරිය වගේ වෙන්න ඇති කියලා මුලින් හිතාගෙන ගියේ. ඒත් හොද රොමෑන්ටික් ෆිල්ම් එකක්. පොඩි උනුත් සෑහෙන ෆිල්ම් එක බලනවා. යූටියුබ් එකෙත් ෆිල්ම් එකේ සිංදු තියනවා. හැබැයි ෆිල්ම් හෝල් එකේදි ෆිල්ම් එක බලන ගමන් ඒ සිංදුව අහද්දි පට්ට හැගීමක් එනවා. (හැබැයි ඉතින් හොද ෆිල්ම් හෝල් එකකින් බලපන්.)මාත් අන්තිම දවස් දෙකෙන් එකක ආයෙත් ෆිල්ම් එක බලන්න කියලා හිතුවා. බලන උන් ගිහින් බලපල්ලා. බැලුවට පාඩු නැහැ. යන්න කලින් සීට් බුක් කරලා පලයන්. අද උදේ බලද්දිත් සමහර හෝල්වල සීට් සෑහෙන ප්‍රමාණයක් බුක් වෙලා ඉවරයි