Sirimavo Colours Night ekey mokakda case eka??

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Sirimavo School ekey mokak hari case ekak gihilllada??

    Principal kellekta award eka denne nathuwa anthimedi mike eka langata gihin banapu case ekak....

    video eka thiyanwada kawuru harin langa??
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,169
    113
    Tokyo, Japan
    1wq.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    ස්කොෂ් නම් ඒ කාලේ ඉදන් මුන් ගේ ඉස්කෝලේ ඉන්න උන්ම තමයි ජාතික ශුරියෝ . :rofl:

    එක්කෝ උන් විතරයි ගහන්නේ :unsure:
    Meki Commonwealth gihillat gold gatta kiynw

    Award walata pereetha kama... dunne neththam kata wahan paduwe inna thiyenne... epaa nisane nodunne... iskola menia eka nam saapayak
    Ai e katawahan inne?
    ------ Post added on Dec 21, 2025 at 2:05 AM
     
    • Like
    Reactions: wawula

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,081
    164,178
    113
    එකමත් එක රටක
    VsXTYxC.jpeg

    Meki Commonwealth gihillat gold gatta kiynw
    නෑ මම කිව්වේ මීට අවුරුදු ගානකට කලින් අපි ඉස්කෝලේ යද්දිත් මුන්ගේ ඉස්කෝලේ කෙල්ලෝ තමයි ස්කොෂ් ජාතික මට්ටමේ සෙල්ලම් කරේ ..
    ------ Post added on Dec 21, 2025 at 2:18 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    Meki Commonwealth gihillat gold gatta kiynw

    Ai e katawahan inne?
    ------ Post added on Dec 21, 2025 at 2:05 AM

    දෙන්න කැමති නැති දෙයක් නේ..

    මං කියන්නේ ලමයගේ ජයග්‍රහණ හෑල්ලූ කරනව එහෙම් නෙමෙයි හොඳේ,

    සුමේධා කලින් හිටියේ SPM එකේ නේ,

    මෙයාගෙ කේස් ගොඩක් මාට්ටු වෙලා නිසා ඒ ඉස්කොලෙන් අයින් උනා
    ------ Post added on Dec 21, 2025 at 2:19 AM
     
    • Like
    Reactions: wawula and ozykolla

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Terrible attitude

    මෙහෙම හැසිරීමක් තියෙන කෙනෙක්ට මේක නොදුන්න එකමයි හොඳ. නිකං ගෙදර ගිනි පිටට දෙනව වගේ, ප්‍රශ්න රටට ලෝකෙට පෙන්නල ඔහොම විසඳන්න බෑ නේ. මේ තරම් ස්පෝට්ස් කරලත් ඉවසීම හැදිල නැති එක පුදුමයි
    හරිම පහත් හැසිරීමක්
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,622
    4,324
    113
    විනය නැතිනම්, මොන සම්මාන, හැකියා තිබුණත් වැඩක් නැහැ. ගිය ගිය තැන පිරිහෙනවා. මේ දරුවාට මේ තරම් කාලයක් සම්මාන දීල, අවස්ථාව දීල, අගය කරල අවසානයේ පාසැලම අපහසුතාවකට පත් කරනවා.
    පාසැලක විනය තමා කොඳුනාරටිය. හමුදාවක වගේ. ඒක නැති වුන ගමන් Z නෙමෙයි, Z+ වුනත් පාසැල් ඉවරයි. පාසැල් විතරක් නෙමෙයි, ඔිනෑම ආයතනයක් ඉවරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,081
    164,178
    113
    එකමත් එක රටක
    Terrible attitude

    මෙහෙම හැසිරීමක් තියෙන කෙනෙක්ට මේක නොදුන්න එකමයි හොඳ. නිකං ගෙදර ගිනි පිටට දෙනව වගේ, ප්‍රශ්න රටට ලෝකෙට පෙන්නල ඔහොම විසඳන්න බෑ නේ. මේ තරම් ස්පෝට්ස් කරලත් ඉවසීම හැදිල නැති එක පුදුමයි
    හරිම පහත් හැසිරීමක්
    පිස්සුද බන් . . පට්ට මේ කෙල්ල නම්
    අසාධාරණ වැඩ කරද්දී ඔහොම කතා කරන්න පුලුවන් උන් කොහෙද ඉන්නේ .
    විනය නිසා නෙවෙයි අනිත් උන් කට වහගෙන ඉන්නේ . මේ වගේ කතා කරන්න බැරි නිසා !
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    පිස්සුද බන් . . පට්ට මේ කෙල්ල නම්
    අසාධාරණ වැඩ කරද්දී ඔහොම කතා කරන්න පුලුවන් උන් කොහෙද ඉන්නේ .
    විනය නිසා නෙවෙයි අනිත් උන් කට වහගෙන ඉන්නේ . මේ වගේ කතා කරන්න බැරි නිසා !
    නෑ මචං. මම නම් එකඟ නෑ ඒ කතාවට. මට හිතෙන්නෙ මේ විනයක් නැතිකම. පෞර්ශත්වය, පිට කොන්ද කියන්නෙ වෙනම දෙයක්. කිසිම හැදියාවක් නැති, වාචාල, ගොඩේ ගෑණියෙකුටත් 1000ක් ඉස්සරහ උනත් ඔහොම කතා කරන්න පුලුවන් කිසි ලැජ්ජාවක් නැති නිසා. නිකමට හිතපං පියුමි හංසමාලි වගේ කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් උනත් ඔයිට වඩා ලොකු Audience එකක් ඉස්සරහ ඔය විදියට කතා කරයි, ඒ ඒකිගෙ කොන්ද පණ තියෙනකම නෙමෙයි වාචාලකම නේ. අන්න එහෙම දෙයක්

    දැන් මෙතැනම බලපං අර සම්මානය ගන්න අනිත් ළමය කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියල, ප්‍රින්සිපල්ට වඩා ඒ ලමයට නේ ලැජ්ජාව. රෙද්දක් ඇඳගෙන ඒ මනුස්සයට ඒක ගන්න බෑ නේ. ඒ තමන්ගෙම වයසෙ ළමයෙක්ට නේ ගැහුවෙ. එතකොට මේ කේස් එකේ අගක් මුලක් දන්නෙ නෑ. ඇත්තටම මොනවහරි ප්‍රශ්නයක් නිසාද මේ Award එක වෙන කෙනෙක්ට ගියේ, මොකද කතාවෙ එක පැත්තක් විතරයි නේ දකින්නෙ අපි. ඒ නැතත් ඒ ප්‍රශ්නෙ විසඳන තැනක් නෙමෙයි නේ මේක.

    මේ වගේම කේස් එකක් උනා මතකද කොළඹ යුනිවසිටි එකේද කොහෙද උපකුලපතිගෙ අතින් උපාධිය ගන්නෙ නැතුව පහත් විදියට ගියේ, ඒවත් ඉතිං ප්‍රාථමික ගති පෙන්නන දේවල්. ලාමක වැඩ.

    විනය නැතිනම්, මොන සම්මාන, හැකියා තිබුණත් වැඩක් නැහැ. ගිය ගිය තැන පිරිහෙනවා. මේ දරුවාට මේ තරම් කාලයක් සම්මාන දීල, අවස්ථාව දීල, අගය කරල අවසානයේ පාසැලම අපහසුතාවකට පත් කරනවා.
    පාසැලක විනය තමා කොඳුනාරටිය. හමුදාවක වගේ. ඒක නැති වුන ගමන් Z නෙමෙයි, Z+ වුනත් පාසැල් ඉවරයි. පාසැල් විතරක් නෙමෙයි, ඔිනෑම ආයතනයක් ඉවරයි.
    මාත් මේකම තමයි කියන්නෙ, මේ තනිකරම විනය නැතිකම. නිකං පාසලෙ නම කැත කරනව.
    ------ Post added on Dec 21, 2025 at 3:18 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,081
    164,178
    113
    එකමත් එක රටක
    නෑ මචං. මම නම් එකඟ නෑ ඒ කතාවට. මට හිතෙන්නෙ මේ විනයක් නැතිකම. පෞර්ශත්වය, පිට කොන්ද කියන්නෙ වෙනම දෙයක්. කිසිම හැදියාවක් නැති, වාචාල, ගොඩේ ගෑණියෙකුටත් 1000ක් ඉස්සරහ උනත් ඔහොම කතා කරන්න පුලුවන් කිසි ලැජ්ජාවක් නැති නිසා. නිකමට හිතපං පියුමි හංසමාලි වගේ කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් උනත් ඔයිට වඩා ලොකු Audience එකක් ඉස්සරහ ඔය විදියට කතා කරයි, ඒ ඒකිගෙ කොන්ද පණ තියෙනකම නෙමෙයි වාචාලකම නේ. අන්න එහෙම දෙයක්

    දැන් මෙතැනම බලපං අර සම්මානය ගන්න අනිත් ළමය කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියල, ප්‍රින්සිපල්ට වඩා ඒ ලමයට නේ ලැජ්ජාව. රෙද්දක් ඇඳගෙන ඒ මනුස්සයට ඒක ගන්න බෑ නේ. ඒ තමන්ගෙම වයසෙ ළමයෙක්ට නේ ගැහුවෙ. එතකොට මේ කේස් එකේ අගක් මුලක් දන්නෙ නෑ. ඇත්තටම මොනවහරි ප්‍රශ්නයක් නිසාද මේ Award එක වෙන කෙනෙක්ට ගියේ, මොකද කතාවෙ එක පැත්තක් විතරයි නේ දකින්නෙ අපි. ඒ නැතත් ඒ ප්‍රශ්නෙ විසඳන තැනක් නෙමෙයි නේ මේක.

    මේ වගේම කේස් එකක් උනා මතකද කොළඹ යුනිවසිටි එකේද කොහෙද උපකුලපතිගෙ අතින් උපාධිය ගන්නෙ නැතුව පහත් විදියට ගියේ, ඒවත් ඉතිං ප්‍රාථමික ගති පෙන්නන දේවල්. ලාමක වැඩ.
    පියුමි වගේ උන් කතා කරන වාචාල විදියට නෙවෙයි මේ කෙල්ල කතා කරේ බන් .
    මේ කෙල්ල සිරාවට ඉස්කෝලෙට ත් ගෞරවේ දීලා කතා කරා හරියටම වැරදි දේ මොකද්ද කියලා පැහැදිලි කරල .
    සම්මානය දෙන්න ඉදල තියනවනම් අන්තිම වෙනකන් , ඉතින් වෙන කෙන්ක්ට කොහොමත් ඒකට අයිතියක් නෑ , ඒ ළමයට ත් ලැජ්ජාවක් නේ බොරුවට සම්මානයක් දෙන්න ගියාම ලැබෙන්න ඕන කෙනාගෙන් ගැලවලා .
    උබ කැමති ද උබට ලැබෙන්න නැතුව වෙන එකෙක්ට ලැබෙන්න තිබ්බ එකක් අන්තිම මොහොතේ මේ වගේ අසාදහරන විදියට ඒ කෙනාගෙන් ගලවල උබට දෙද්දී ?? මොකද්ද බන් එහෙම අරන් තියන සම්මාන වලින් ඇති වැඩේ . .