ඒ මොකක් නැතත් මේව වීරකම් විදියට මිනිස්සු පෙන්නුවොත් දිගටම ඕව සමාජගත වෙනව, ඊට පස්සෙ කිසිම ඉස්කෝලෙක Award ceremony එකක් කරන්න හම්බවෙන එකක් නෑ ඔක්කොම ඔය වගේ මයික් අරගෙන මම සුදුස්සා, මෙයා සුදුසු නෑ ඔය වගේ කියවන්න පටන්ගනියි. ඊට පස්සෙ කිසිම ඉස්කෝලෙක Rehearsal එකක් කරන්න වෙන එකක් නෑ, ඇයි ඒවට ආවෙ නෑ කියල සම්මාන නොදී ඉන්න බෑ නේ, ඊට පස්සෙ මේ වගේ ස්ටේජ් උඩ නැගල කෑ ගහයි.
නරක පූර්වාදර්ශ කියන්නෙ ඒකයි. මේක ලංකාව නේ ඕනම දෙයක් ට්‍රෙන්ඩ් එකට යන්න ගන්නෙ එක නිමේෂයයි. මම දැනටමත් FB post බර ගානක් දැක්ක එක එක කෙනා කොලිෆිකේෂන් දාල මට හරි එක හම්බඋනේ නෑ කිය කිය පෝස්ට් දාල තියෙනව. මේ වගේම මයික් අරං කෑ ගහන සිද්දි දෙක තුනක්වත් ඉස්සරහ ඉවෙන්ට් වල නොවුනොත් පුදුමයි.
අනිත් එක මම කිරියෙ දැක්ක කට්ටිය කියල තියෙනව මේ වගේ අය කම්පැනි එකකට ගන්නෙත් නෑ කියල. ඒකත් ඇත්ත ඉතිං, කම්පැනි එකකින් කැමති වෙන්නෙ නෑ සිස්ටම් අවුල් කරන, කම්පැනි Spoil කරන කෙනෙක් වැඩට ගන්න.
අනිත් එක මෙහෙම දේවල් රැල්ලට මිනිස්සු දවස් 7ක් විතර කරේ තියාගෙන ගියාට, ඊට පස්සෙ එන ප්‍රශ්න වලට ජීවිත කාලෙම මුහුන දෙන්න වෙන්නෙ මේ ලමයට. මතකනේ අරගල කාලෙ හෙම පොලිස් කාරයෙක් හෙල්මට් එක පොළවෙ ගහල අරගලේට ජොයින් උනේ ජොබ් එකෙන් අයින් වෙලා, අර දුලිත් තට්ටය හෙම එදා Tweet එකකුත් දැම්මෙ මැනේජර් පෝස්ට් එකකට වැඩට ගන්නම් කියල, අනිතිමේදි රැල්ල ඉවර උන ගමන් ඌ ගැන බල්ලෙක්වත් බලන්නෙ නෑ. දැන් ජොබ් එකත් නැතුව ගෙදරට වෙලා ඇති. ඒ නිසා ආවේගශීලීව ප්‍රශ්න විසඳන්න බෑ කියන එක ළමයෙක් නෙමෙයි ඕනම වයසක කෙනෙක් ඉගෙන ගන්න ඕන දෙයක්. මෙතැනත් වෙන්නෙ එන ආවේගය පාලනය කරගන්න බැරුව මෝඩකමට කරන දෙයක් මිසක් මේ කොන්ද පන ඇතිකම නෙමෙයි. මට පුදුම මෙච්චර ස්පෝට් කරපු කෙනෙක් වෙලත් ඉවසීම, පරාජය දරා ගන්න බැරි උනේ කොහොමද කියල.