ඒ කාලේ සරත් ෆොන්සේකායි කරන්නාගොඩයි අතරේ දාර වලියක් තිබුනා කියන එක රහසක් නෙවෙයිනේ. වලියට හේතුව උනේ නාවික හමුදා නිළධාරියෙකුයි යුධ හමුදා නිළධාරියෙකුයි අතරේ ඇති වෙච්ච වලියක දුර දිග යෑමක්. වලියේ ඇසින් දුටු සාක්ශි කරුවන්ගෙන් එක්කෙනෙක් වෙන්නේ වසන්ත කරන්නාගොඩ. මේ වලියෙදි සරත් ෆොනෙසේකාට ඕනේ වෙනවා අර යුධ හමුදා නිළධාරියාව වරදට අහු කරන්න. සරත් ෆොනේකා බලාපොරොත්තු වෙන්නේ කරන්නාගොඩ තමන්ගේ නාවික හමුදා නිළදාරියාව බේර ගැනීමේ අරමුනින් තමන්ගේ සාක්ශිය වෙනස් කරලා දෙයි කියලා. ඔය කාලේ ෆොන්සේකායි කරන්නාගොඩයි හොද යාලුවොත් නිසා (දෙන්නා ආනන්දේ එකට ඉගෙන ගෙන තිබ්බේ.) ෆොන්සේකා ෆුල් රෙඩි පිට ඉඳලා තියෙන්නේ අර හමුදා නිළධාරියාට කෙලවලා ජයපැන් බොන්න.
කොහොම උනත් සාක්ශි විභාගෙදි කරන්නාගොඩ සිද්ද වෙච්ච ඇත්ත සිදු වීම පරීක්ශණ මණ්ඩලේට කියලා තියෙනවා. පරීක්ෂණේට මොකද උනේ කියලා මට හරියට මතක නෑ. හැබැයි ෆොන්සේකා බලාපොරොත්තු වෙච්ච විදියට අර නිළධාරියාට කෙලවෙන් නෑ. ඒකට හේතුව වෙන්නේ කරන්නාගොඩගේ සාක්ශිය.
එච්චර දවසක් හොද යාළුවෝ විදියට හිටපු ෆොන්සේකා සහ කරන්නාගොඩ මේකෙන් විරසක වෙනවා. ඔය අස්සේ යුද්ධේ පටන් අරගෙන ඒකත් යනවා. දැන් ෆොන්සේකාට ඕනේ කොහොම හරි කරන්නාගොඩට කෙලවන්න. ෆොන්සේකා ඒ වෙනුවෙන් එක එක විදියේ ගේම් දෙන්න පටන් ගන්නවා.
සාමාන්‍යයෙන් නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට අවශ්‍යය සැපයුම් ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනැල්ලා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බාර දෙන එක යුධ හමුදාව කරනවා. ඒ වගේම යුධ හමුදාවට අවශ්‍යය සැපයුම් නාවික හමුදාවයි ගුවන් හමුදාවයිතුත් කරනවා. ෆොන්සේකා කරන්නේ මේවයින් නාවික හමුදාවට ලැබෙන සැපයුම් අඩාල කරන එක. විශේශයෙන් අවි ආයුද එහෙම.
මේ වැඩේ දිගින් දිගටම වෙනකොට මහින්දයි ගෝඨාභයයි මැදිහත් වෙලා සමහර සැපැයුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් ඉතින් ඕක කරන කොට දිගින් දිගටම ප්‍රමාද සිද්ද වෙනවා.
ඔය අතරේ සමහර ඒකාබද්ධ ප්‍රහාර වලදි කොටි කදවුරු වලට ගොඩබිම් ප්‍රහාර, ගුවන් ප්‍රහාර වගේම නාවික හමුදාව මුහුදේ ඉදලත් ප්‍රහාර එල්ල කරනවා. ඉතින් සැපැයුම් ප්‍රමාදය නිසා නාවික හමුදාවට අවස්ථා කීපයකදිම මේ ප්‍රහාර වලට උපරිම දායකත්වය ලබා දෙන්න බැරි වෙනවා. ඕන් ඕක අල්ලගෙන මාණ්ඩලික රැස්වීම් වලදි ෆොන්සේකා කරන්නාගොඩට බනිනවා හරියට සහයෝගය දෙන් නෑ කියලා. කරන්නාගොඩත් අනිත් පැත්තට බනිනවා යුධ හමුදාවෙන් සහයෝගය ලැබෙන් නෑ කියලා. ඔය කේස් අස්සේ ආරක්ශා සේවා ප්‍රධානි තනතුර යන්නේ දයා සඳගිරිට ඕකටත් ෆොන්සේකා ගේම ඉල්ලනවා ඒ තනතුර නාවික හමුදාවට අයිති තනතුරක් නෙවෙයි යුධ හමුදාවට අයිති තනතුරක් කියලා. කරන්නාගොඩත් ගෝඨාභයට කියලා තියෙනවා ෆොන්සේකා ඔතෙන්ට ආවොත් නම් යුද්ධෙ කරන්න අමාරු වෙයි කියලා. ඒ හින්දා දයා සඳගිරි මහත්තයා අයින් වෙනකොට ඒ තනතුර ආපහු ලැබෙන්නේ ගුවන් හමුදාවේ ඩොනල්ඩ් පෙරේරාට.
වලියේ උග්‍රම තත්වෙට ඇවිල්ලා තියෙද්දි නාවික හමුදාව හිර වෙනවා සැපැයුම් නැතුව. මොකද කෙලින්ම සරත් ෆොන්සේකා අණ කරලා තියෙනවා නාවික හමුදාවට කිසිම සැපැයුම් ලබා දීමක් කරන්න එපා කියලා. හැබැයි වෙලාවට ඔතන ඉන්න අනිත් හමුදා නිළධාරිනුත් කරන්නාගොඩ එක්ක ආනන්දේ ඉගෙන ගත්ත අය. කට්ටියට ෆොන්සේකාගෙයි කරන්නාගොඩගෙයි වලිය රහසකුත් නෙවෙයි. ඒ නිසා ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න වගේ අය නාවික හමුදාවට අදාල සැපයුම් කරනවා. "අනේ සර් ලොකු තැනට නම් මේවා ආරංචි වෙන්න දෙන්න එපා" කියලා කියන ගමන් තමා කට්ටිය සපෝට් එක දෙන්නේ. නාවික හමුදාව පැත්තෙන් සෝමතිලක දිසානායක වගේ අය වැඩේට සම්භන්ධ වෙනවා.
මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න කරන්නාගොඩ නාවික හමුදාවේ සෙබළුන් ගොඩබිම් මෙහයුම් වලටත් යොදා ගන්නවා. නාවික හමුදාවට ක්‍රිට්කල් පොයින්ට් වල තියෙන කොටි බේස් වලට නාවික හමුදාවෙන් එක සැරේ පහර දෙනවා ගොඩ බිමිනුයි මුහුදෙනුයි.ගුවන් හමුදාවත් සපෝට් එක දීලා තියෙනවා. මේ වගේ ක්‍රිට්කල් බේසස් ටිකක් ඇල්ලුවාම නාවික හමුදාවේ සැපයුම් ප්‍රශ්නේ විසදෙනවා.
හැබැයි ඉතින් ෆොන්සේකා මේකට කැමති වෙන් නෑ. ෆොන්සේකා යුධ හමුදාවට අණ කරනවා යටත් කරගත්ත සියලු කොටි කදවුරු යුධ හමුදා බාරයට ගන්න කියලා. මේක ඉතින් ප්‍රායෝගික නෑ. මොකද එච්චර හමුදා භට පිරිසක් කදවුරු වලට ගාල් කලාම යුද්ධ කරන්න ඉන්නෙ සීමිත භට පිරිසක් නිසා. හැබැයි ඉතින් කමාන්ඩින් ඔෆිසර්ගේ අණට අකීකරු වෙන්න බැරි නිසා ඔය කදවුරු බාර ගන්න කට්ටිය ඩිප්ලොයි වෙනවා. ගුවන් හමුදාව නම් එහෙම ඉල්ලපු ගමන් අදාල කදවුරු යුධ හමුදාවට බාර දුන්නාට නාවික හමුදාව එහෙම බාර දෙන් නෑ. ඔය අතරේ යාපනේ තියෙන කදවුරක් ෆොන්සේකා කියනවා යුධ හමුදාවට බාර දෙන්න කියලා. හැබැයි නාවික හමුදාවේ නිළධාරින් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒත් එක්කම යුධ හමුදාවේ කැප්ටන් කෙනෙක් එක්ක ටීම් එකක් එවනවා මේ කදවුර නාවික හමුදාව බාර දෙන් නැත්තන් යටත් කරගන්න කියලා. මේ ටීම් එකට යුද්ධ ටැංකියකුත් ඈදලා එවනවා නාවික හමුදාව සටන් කලොත් වැඩේ ලේසි කරගන්න කියලා.
කදවුරේ නාවික හමුදා නිළධාරින් මේ ගැන කරන්නාගොඩට දැනුම් දුන්නාම කරන්නාගොඩ අදාල යුධ හමුදා කැප්ටන්ට කතා කරලා මේක විසඳ ගන්න බලනවා. කැප්ටන් මේක පිළිගත්තත් කැප්ටන් කියන්නේ තමන්ට හමුදාපතිගේ නියෝගයකට අවනත නොවී බෑ කියලයි. කරන්නගොඩගේ ඊළඟ කෝල් එක යන්නේ ගෝඨාභයට. ගෝඨාභයත් සැනින් අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා පසු බහින්න කියලා. විනාඩි දහයක් ඇතුලත මහින්ද රාජපක්ශ අදාල කැප්ටන් වරයාට කතා කරලා කියනවා සේනාධිනායක වශයෙන් තමන්ගේ අණ පිළිපැදලා කදවුර නාවික හමුදාවට දීලා පසු බහින්න කියලා.
මහින්දගේ ඊළඟ කෝල් එක යන්නේ සරත් ෆොන්සේකාට. කිව්වේ මොනවාද කියලා දන්නේ නැතත් සරත් ෆොන්සේකා අවුරුදු ගානකින් අම්මා මෝ නැතුව මහින්දගෙන් අහගත්තා කියලා නම් දන්නවා.
------ Post added on Jun 9, 2026 at 1:38 AM