කඩවල් වල බං තෙල් එහෙම සෑහෙන්න පවිච්චි කරල කරල කලු වෙච්චගෙන් හොදි වර්ග හදනව ආය විසි කරන්නෙ නෑ. තනිකර ලාබ අන්න. ස්ටොක් පවුඩර් අරව මේවා දාල තමයි රස ගන්නෙ, ගෙවල් වල හදනකොට අපි ස්ටොක් පවුඩර් දන්නේ නෑනේ කොත්තුවක් හැදුවත්. බදින්න තියෙන චිකන් ටික තම්බලා ඒකේ වතුර ටික ලුනුටිකක් දලනෙ ස්ටොක් එහෙම හදාගන්නෙ. අනික එලවලු. මම කලිනුත් මේකේ කියල තියෙනව දවසක් මම කොත්තුවක් ගත්තා කරන්ට් එක එහෙම කපන කලේ. ගෙදර ගෙනල්ල කනකොට ලූනු කෑල්ලක්වත් හැපෙන්නෙ නෑ එලියත් අඩු නිසා ෆෝන් එක ගහල බැලුවාම කඩේ උන් කරල තියෙන්නෙ අර කොත්තු හදන රොටී තියෙන්නෙ ඒවා ඩයි දාල වෙනම හදලා. ගෝවා පාට එන්න කොල පාට දාල හදල. කැරට් පාට එන්න තැබිලි පාට. ඒකර හීනියට කපල අර පිටි එකටම එකතු කරල කොත්තුව ගහල තියෙන්නෙ. ඒදවස්වල ඒ ෆුල් කොත්තුව 350ක් උනා සාමණ්‍ය ඒ දවස්වල කොත්තුවක් 250ක් 300ක් වෙන්නෙ. අන්තිමට එලවලුත් නෑ කරපිංචා කොල විතරයි. ස්ටොක් පවුඩරුයි. මටනම් කඩ කෑම එපා උනා. ජරාව නැති කඩ තියෙන්නෙ එහෙමත් එකක් තමයි බං. බලපන් වෙන රටවල කෑම දාන බාජන වලට උනත් නියාමනයක් තියෙනව. මෙහෙ කෑම දාන ප්ලස්ටික් බඩු බලහන් ගිනි රස්නෙට දාලා මිනිස්සු ගැන හිතන්නෙ නෑ තනිකර පිලිකා කාරක. පොල් සම්බෝලයක් බතක් හදන් කාහන් පුලුවන්නම් කඩේ ජරාවල්නම් කන්න එපා. ආය කේක් බලපන් දැන් බටර් බිත්තර දාන්නේ නෑ කියනව. බරට් වලට එසන්ස් එකක් දන්නේ බටර් සුවඳ එන්නෙ. වාසනා කේක් වලට බිත්තර දාන්නෙත් නැති කතාවක් කියනවා.ගෙදර හදන වියදමට වඩා අඩුද බන් කඩෙන් ගද්දි Overall? ඔව් පිරිසිදුකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ගෙදර හදනවා වගේ පිරිසිදුවට කඩෙන් ගන්න පුලුවන් වෙයිද කියන එක