Developed කියන ලෙවල් එකේ රටකට ජීවත්වෙන්න යනවා නම් ඉස්සෙල්ලම බලපං මොකටද උඹ එහේ යන්නෙ කියලා. උඹට එහේ හම්බෙන පඩිය ඩොලර් වලින් රුපියල් වලට කන්වර්ට් කලාම කීයද, ඒක ලංකාවෙදි කොයි තරම් වටිනවද කියන එක හිතලා යනව නම් ගොඩක් උන් අමාරුවෙ වැටෙනවා.
ඔසී වගේ රටක පහල කම්කරුවගෙ ලයිෆ් එක ලංකාවෙ පහල කකම්කරුවගෙ ලයිෆ් එකට වඩා හොඳයි. කාර් එකක් අරන්, මස් කෑල්ලක් එක්ක බත් ටිකක්, චීස්, පලතුරු ටිකක්, ඉඳල හිටලා පීස එකක් වගේ කන්න පුළුවන්. සරලවම කිව්වොත් මූලික පරිභෝජන අවශ්‍යත ගොඩක් සපුරගන්න පුළුවන් ලංකාවෙ කම්කරුවෙක්ට වඩා. කොටින්ම කිව්වොත් කම්කරුවෙක් නොවුනත්, ලංකාවේ ඩීඕ රස්සාවක් කරන එකෙක්, කොටින්ම කිව්වොත් පවුලක් කන ගමන් ලක්ෂ 1.5ට වඩා අඩු පඩියක් නම් පවුලේ ආදායම කාර් කට්ටක් අරන් මම ඔය කියපු විදියට කාලා ඇඳලා ඉන්න ටිකක් අමාරුයි නෙ. අන්න එහෙම එකෙක්ට රට යන්න හොඳයි. එතකොට මෙන්න මේ දේවල් ලංකාවෙ ගන්න අමාරු මිනිහෙක් නම්, දේපල උකස් තියලා හරි රට පලයං. කටු කෑවත් හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්.
ඉතිරිය ගත්තොත් නම් ඔසී වගේ රටවල ඉතුරු කරන්න බෑ. මගේ අත්දැකීමෙන් කියන්නේ දියුණු වෙලා ඉවර, සමාජේ විෂමතා අඩු රටවල වැඩිපුර සල්ලි හම්බුවෙන්නෙ නෑ මිනිස්සුන්ට. සරලව ගත්තොත් මාසෙට ටැක්ස් කැපුණම ඩොලර් 6900ක් එන ඉන්ජිනියර් කෙනෙක් ඉන්නව කියල හිතමු. හෝටලේ කිචන් හෑන්ඩ් කරන එකාට ඒ අතරේ පඩිය ඩොලර් 3300ක් වෙනව ටැක්ස් වලට පස්සේ. ඔය රස්සාවල් දෙකේ පඩියෙ වෙනස දෙගුණයක් වගේ. ඔහොම තැනක කෑම එකක් වෙනවා ඩොලර් 20ක් වගේ. එතකොට වැඩිපුර හම්බුකලත් ලොකු ඉතිරියක් නෑ. ඒ නිසා යනව නම් ජීවත් වෙන්න බලන් යන්න.
දුප්පත් පෝසට්ජ් භේදය තියන රටකට ගියොත් හෝටලේ උයන කෝකියටම ගෙවන්නේ ඩොලර් 700ක් විතර වෙන්න පුළුවන්. ඒ අතරේ ලොකු පඩි තියන රස්සාව කරන මිනිහට ඩොලර් 5000ක් විතර හම්බෙනව වෙන්න පුළුවන්. ඔහොම තැනක කෑම එක ගන්න පුළුවන් වේවි ඩොලර් 3-5කට විතර. ඔහොම තැනක ලොකු පඩි ගන්න මිනිහට ගොඩක් ඉතුරුයි. පොඩි පඩි ගන්න මිනිහටත් ගොඩාක් ලාභෙට ජීවත් වෙන්න පුළුවන් විකල්ප ක්‍රම මෙහෙම තැන් වල තියනවා.. අනික පොඩි පඩිය අරන් ජීවත් වෙන මිනිහටත් සාමාන්‍ය ගානක් ඉතුරු කරන්න පුලුවන්. පොඩි රස්සාව කරන මිනිහටත් expectations වල ලෙවල් එකට දේවල් කරගන්න සල්ලි ඉතුරු වෙනවා. ඒ කියන්නෙ පොඩියට ලංකාවෙ ගෙයක් හදාගන්න වගේ.
ඔතනදි ප්‍රශ්නයක් වුනොත් වෙන්නේ උඹේ expectation එක සහ උඹ ලංකාවෙ ඉඳපු ලෙවල් එක කම්පෙයා වෙන්න ගත්තමයි. අපි හැමෝම සැපට ලොකුකමට ආස මිනිස්සු( එහෙම නෑ කියනව නම් ඌ තවම කන්න නැති ජෙප්පෙක්). එතකොට ඉතින් අනිවා කම්පෙයා වෙනවා. ඕක නවත්තන්න බෑ. එතකොට උඹ පිටරටදි සතුටින්ද ඉන්නෙ කියන එක තීරණය වෙනවා.
කන්සල්ටන්ට්ලා, රට.ගිහින් ගේමක්.ගහනව කියන පොසිටිව් පකයලා කියන බයිලා අහලා යන්නෙපා. උඹට ස්ටේබල් ලයිෆ් එකක් දැනටමත් ලංකාවෙ තියනවා නම් හරියටම ප්ලෑන් කරලා කටු නොකා සැපට ජීවත් වෙන්න බලාගෙන රටකට පලයන්. එහෙම බැරිනම් ලංකාවට වෙලා ඉඳපං. මොකද ආයෙ ලංකාවට ඇවිත් ගොඩනැගෙන්න විදියක් නැති නිසා ඔහේ පිටරටට වෙලා ඉන්නව කියන්නෙ පට්ටම විඳවිල්ලක්.