Australia වල මාසෙකට ඉතුරු කරන්න පුළුවන් ගාන

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,647
    1
    14,792
    113
    Dan oyalata ganak ithuru karaganna puluwanda?

    awruddata 50000k ekathu kala, eth apita visa wala 30000k giya (failed Global talent attemp eka), surgery ekakata, pregnancy ewath ekka thawa 30000k withara giya, etc, den beluwama 40000 thamai average awuruddata. ape family income 12000AUD wela oka.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,268
    113
    ආශ්චර්යමත් රටක
    awruddata 50000k ekathu kala, eth apita visa wala 30000k giya (failed Global talent attemp eka), surgery ekakata, pregnancy ewath ekka thawa 30000k withara giya, etc, den beluwama 40000 thamai average awuruddata. ape family income 12000AUD wela oka.

    Global talent apply karanna giye mokatada ban wena PR danne nathuwa? Employer sponsored PR or 189,190 ganna baluwe nadda?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,647
    1
    14,792
    113
    Global talent apply karanna giye mokatada ban wena PR danne nathuwa? Employer sponsored PR or 189,190 ganna baluwe nadda?
    IT Software walin 189/190 PR impossible, 100 wath points one. mata PTE 79+ ganna bari una parama listening down. passe sponsor 186 visa dagatta. global talent try kale okkotama kalin. mage salary threshold eka tibba nisa eth skill assessment fail una. international awards, published articles onalu.
     
    Last edited:
    • Like
    Reactions: shenat

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    50
    41
    18
    Average Salary එක
    5000 AUD
    දෙන්නටම ඒ ගාන හම්බෙනව කියල උපකල්පනය කලොත්
    10000AUD (Software කරන නිසා ඕක 12000AUD වෙන්නත් පුළුවන්)

    Rent එක - (1 Bed room Apartment එකකට යන්න ගෙවල් ගන්න යන්න එපා ) 500-550AUD Per week
    2200AUD per month.

    බිල්
    වතුර 20-50AUD
    Apartment වල Gas Free
    Entertainment (Subscriptions) - 50AUD
    Electricity - 150-200 AUD ( Gas Free Apartment වල වතුර රත් වෙන්නෙ Electricity එකෙන්)
    වහානයක් ගත්තොත් , තෙල් මාසෙට 150-200AUD
    Registration -800-1000 AUD per year
    Vehicle Insurance - 150AUD
    අමතර හදිසි වියදම් - 1000AUD
    කෑම/Grocery - 1000AUD
    ~ 1850AUD , තව 150 දාල රව්ම් කරන්න 2000

    වහානෙ Lease නොකර ගන්න, Lease කලොත් Expenses වලට තව 800-1000ක් එනව

    2000+2200 = 4200

    තව ඕව ඉතුරු කරන් ගියාට පස්සෙ කුට්ටි පිටින් වියදම් වෙනව PR දාන්න නැත්තම් Citizen දාන්න, ලංකාවට යන්න, ඒ නිසා ඕක 5000ට රව්ම් කරගන්න

    5000ක් ඉතුරුයි මාසෙට 10,000ක් ගන්නවනම්. (වහාන Lease නැතුව)

    ඊට වඩා අඩු වෙන්න පුළුවන් Lifestyle එක අනුව.

    5000/ month savings - Mee tax adu kalata passe savings da?
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    awruddata 50000k ekathu kala, eth apita visa wala 30000k giya (failed Global talent attemp eka), surgery ekakata, pregnancy ewath ekka thawa 30000k withara giya, etc, den beluwama 40000 thamai average awuruddata. ape family income 12000AUD wela oka.
    මචං 40k save කරන්න පුළුවන් mortage එකක් නැතුවද? Rent එකට ගෙයක් අරගෙනද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,647
    1
    14,792
    113
    මචං 40k save කරන්න පුළුවන් mortage එකක් නැතුවද? Rent එකට ගෙයක් අරගෙනද?
    Apartment එකක Rent එක. Mortgage එකක් තියනවනම් 2000ක් වගේ ඉතුරු කරන්න පුළුවන් ඒකත් Practical නෑ. Mortgage repayment 4500 ආවට තව අමතර වියදම් එනව
     
    • Like
    Reactions: simonAppu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,871
    11,909
    113
    passport එක විතරය් වටින්නේ, එකත් ලංකාවේ එකේ දියුණු රටක විස එකක් ගහ ගන්න බැරි තරම් ලංකාවේ අනාථයෙක් නම් තම..
     
    • Like
    Reactions: cstasy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,458
    113
    ලංකාවට අඩුවෙන්ම සල්ලි එන රටක් ඔසී... හැබැයි ලංකාවේ විකුන්න තියෙන ඉඩම් වල විස්තර එහෙ add යනවා. කොහොමද උන්ඩියල් ultra pro max
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,688
    73,117
    113
    mehema inna puluwanda ban? geyak dorak? podi trip ekak?
    රට යන්නෙ විඳින්න නෙවී බන්, විඳවලා ලමයින්ට අනාගතේ හදන්න(ලු)

    සුපිරිම ජොබ් 2ක් කරන කපල් එකක්නම් පලයන්, නැත්තන් විනාසයි. ඔය ඔක්කෝටම වඩා ආතල් එක සෙට් වෙන්නෙ හොඳට ඉන්න යාලුවො එක්ක mix වෙන්න ගත්තාම. එතකොට උඹේ ජීවිතේ faliure එකක් කියලා දැනිලා තවත් stress වෙනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,777
    3,237
    113
    Developed කියන ලෙවල් එකේ රටකට ජීවත්වෙන්න යනවා නම් ඉස්සෙල්ලම බලපං මොකටද උඹ එහේ යන්නෙ කියලා. උඹට එහේ හම්බෙන පඩිය ඩොලර් වලින් රුපියල් වලට කන්වර්ට් කලාම කීයද, ඒක ලංකාවෙදි කොයි තරම් වටිනවද කියන එක හිතලා යනව නම් ගොඩක් උන් අමාරුවෙ වැටෙනවා.

    ඔසී වගේ රටක පහල කම්කරුවගෙ ලයිෆ් එක ලංකාවෙ පහල කකම්කරුවගෙ ලයිෆ් එකට වඩා හොඳයි. කාර් එකක් අරන්, මස් කෑල්ලක් එක්ක බත් ටිකක්, චීස්, පලතුරු ටිකක්, ඉඳල හිටලා පීස එකක් වගේ කන්න පුළුවන්. සරලවම කිව්වොත් මූලික පරිභෝජන අවශ්‍යත ගොඩක් සපුරගන්න පුළුවන් ලංකාවෙ කම්කරුවෙක්ට වඩා. කොටින්ම කිව්වොත් කම්කරුවෙක් නොවුනත්, ලංකාවේ ඩීඕ රස්සාවක් කරන එකෙක්, කොටින්ම කිව්වොත් පවුලක් කන ගමන් ලක්ෂ 1.5ට වඩා අඩු පඩියක් නම් පවුලේ ආදායම කාර් කට්ටක් අරන් මම ඔය කියපු විදියට කාලා ඇඳලා ඉන්න ටිකක් අමාරුයි නෙ. අන්න එහෙම එකෙක්ට රට යන්න හොඳයි. එතකොට මෙන්න මේ දේවල් ලංකාවෙ ගන්න අමාරු මිනිහෙක් නම්, දේපල උකස් තියලා හරි රට පලයං. කටු කෑවත් හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්.

    ඉතිරිය ගත්තොත් නම් ඔසී වගේ රටවල ඉතුරු කරන්න බෑ. මගේ අත්දැකීමෙන් කියන්නේ දියුණු වෙලා ඉවර, සමාජේ විෂමතා අඩු රටවල වැඩිපුර සල්ලි හම්බුවෙන්නෙ නෑ මිනිස්සුන්ට. සරලව ගත්තොත් මාසෙට ටැක්ස් කැපුණම ඩොලර් 6900ක් එන ඉන්ජිනියර් කෙනෙක් ඉන්නව කියල හිතමු. හෝටලේ කිචන් හෑන්ඩ් කරන එකාට ඒ අතරේ පඩිය ඩොලර් 3300ක් වෙනව ටැක්ස් වලට පස්සේ. ඔය රස්සාවල් දෙකේ පඩියෙ වෙනස දෙගුණයක් වගේ. ඔහොම තැනක කෑම එකක් වෙනවා ඩොලර් 20ක් වගේ. එතකොට වැඩිපුර හම්බුකලත් ලොකු ඉතිරියක් නෑ. ඒ නිසා යනව නම් ජීවත් වෙන්න බලන් යන්න.

    දුප්පත් පෝසට්ජ් භේදය තියන රටකට ගියොත් හෝටලේ උයන කෝකියටම ගෙවන්නේ ඩොලර් 700ක් විතර වෙන්න පුළුවන්. ඒ අතරේ ලොකු පඩි තියන රස්සාව කරන මිනිහට ඩොලර් 5000ක් විතර හම්බෙනව වෙන්න පුළුවන්. ඔහොම තැනක කෑම එක ගන්න පුළුවන් වේවි ඩොලර් 3-5කට විතර. ඔහොම තැනක ලොකු පඩි ගන්න මිනිහට ගොඩක් ඉතුරුයි. පොඩි පඩි ගන්න මිනිහටත් ගොඩාක් ලාභෙට ජීවත් වෙන්න පුළුවන් විකල්ප ක්‍රම මෙහෙම තැන් වල තියනවා.. අනික පොඩි පඩිය අරන් ජීවත් වෙන මිනිහටත් සාමාන්‍ය ගානක් ඉතුරු කරන්න පුලුවන්. පොඩි රස්සාව කරන මිනිහටත් expectations වල ලෙවල් එකට දේවල් කරගන්න සල්ලි ඉතුරු වෙනවා. ඒ කියන්නෙ පොඩියට ලංකාවෙ ගෙයක් හදාගන්න වගේ.

    ඔතනදි ප්‍රශ්නයක් වුනොත් වෙන්නේ උඹේ expectation එක සහ උඹ ලංකාවෙ ඉඳපු ලෙවල් එක කම්පෙයා වෙන්න ගත්තමයි. අපි හැමෝම සැපට ලොකුකමට ආස මිනිස්සු( එහෙම නෑ කියනව නම් ඌ තවම කන්න නැති ජෙප්පෙක්). එතකොට ඉතින් අනිවා කම්පෙයා වෙනවා. ඕක නවත්තන්න බෑ. එතකොට උඹ පිටරටදි සතුටින්ද ඉන්නෙ කියන එක තීරණය වෙනවා.

    කන්සල්ටන්ට්ලා, රට.ගිහින් ගේමක්.ගහනව කියන පොසිටිව් පකයලා කියන බයිලා අහලා යන්නෙපා. උඹට ස්ටේබල් ලයිෆ් එකක් දැනටමත් ලංකාවෙ තියනවා නම් හරියටම ප්ලෑන් කරලා කටු නොකා සැපට ජීවත් වෙන්න බලාගෙන රටකට පලයන්. එහෙම බැරිනම් ලංකාවට වෙලා ඉඳපං. මොකද ආයෙ ලංකාවට ඇවිත් ගොඩනැගෙන්න විදියක් නැති නිසා ඔහේ පිටරටට වෙලා ඉන්නව කියන්නෙ පට්ටම විඳවිල්ලක්.
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,296
    7,176
    113
    Chater rtak bn..mama dann un okkma kunala...kohewth ynne na..oka asse lagagena best country in the world gag innw
    බෙස්ට් රට නම් නෙමේ මචන් හැබයි ලකී කන්ට්රි, තමන් ඉපදිච්ච රට වගේ බෙස්ට් රටවල් වෙන නෑනෙ, ඔය ගොඩක් සෝශල් මීඩියා වල දගලන උන්ගේ ඇතුලත් ජීවිත ගොඩක් ෆේක් සහ හිස්.

    මගෙ යාලුවෙක් අලුතින් ආපු කපල් එකකට රූම් එකක් රෙන්ට් කලා, මුන්දෙන්නව එයාපෝට් එකෙන් අරන් ගෙදර ඇවිත් දොර ඇරලා ඇතුලට ගියාට මුන්දෙන්න ඇවිත් නෑ, ඇතුලට එන්න පරක්කු මොකද බලනකොට එලියේ ටික්ටොක් එකක් කරනවලු අලුතින් ගෙදරට එන එකට, ජොබක් නැති නිසා සුද්දයක් සෙට් කරලා දීලා, කෙල්ල ටයි කෝටි දාලා ගෙදරින් යනවලු, ෆබී එකේ දානවලු “Hard work paid off, my first job in laboratory as a researcher” කියල,ඇහුවම කිවුවලු ක්ලීන ගහනව කියල කාටවත් කියන්න එපා කියල…
    ඔන්න ඕකයි අපේ බහුතරේ සින්හලුන්ගෙ හැටි.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මම පහුගිය දවසක video ටිකක් දැක්කා Anu Thoradeniya කියන කෙනාගේ facebook එකේ.

    ඒ මනුස්සයා cleaning කරලා දැන් ඉන්න තැන බැලුවාම අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා. එහෙම හරි මහන්සි වෙලා ගොඩ යන්න පුළුවන් නේද?

     

    dillido

    Active member
  • Sep 17, 2025
    80
    105
    33
    මම පහුගිය දවසක video ටිකක් දැක්කා Anu Thoradeniya කියන කෙනාගේ facebook එකේ.

    ඒ මනුස්සයා cleaning කරලා දැන් ඉන්න තැන බැලුවාම අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා. එහෙම හරි මහන්සි වෙලා ගොඩ යන්න පුළුවන් නේද?


    social media motivation දෙන අමු බොරු කාරයො බන්.. තමන්ට පහසු විධියට ජීවත් වේයන් නැත්නම් ජිවිතේ රහක් නෑ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,631
    5,173
    113
    මම පහුගිය දවසක video ටිකක් දැක්කා Anu Thoradeniya කියන කෙනාගේ facebook එකේ.

    ඒ මනුස්සයා cleaning කරලා දැන් ඉන්න තැන බැලුවාම අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා. එහෙම හරි මහන්සි වෙලා ගොඩ යන්න පුළුවන් නේද?


    මුගේ ටෝක්ස් විස්වාස කරනවා කියන්නේ උඹ ගැන හිතාගන්න පුළුවං සුදු මහත්තයෝ..

    දන්න කියන අයගෙං අහලා හොඳට හොයලා බලලා එන්න.

    ජයවේවා!
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,647
    1
    14,792
    113
    මම පහුගිය දවසක video ටිකක් දැක්කා Anu Thoradeniya කියන කෙනාගේ facebook එකේ.

    ඒ මනුස්සයා cleaning කරලා දැන් ඉන්න තැන බැලුවාම අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා. එහෙම හරි මහන්සි වෙලා ගොඩ යන්න පුළුවන් නේද?


    ඔව් පුළුවන්. 1% කට. කාලය, වාසනාව, පරිසරය ඔක්කොම හරියට සෙට් උනොත්. කීයක් ඉන්නවද Cleaning Company පටන් අරන් රෝල ගහන. වැඩි දෙනෙක් රෝල ගහන්නෙ.
     
    • Like
    Reactions: Satan_at_Hell