සිදී වියැළෙන දියපොදක් නොව
ගලා බසිනා උල්පතක් වෙමු
හැඟුම් මත ජීවිතය නොතබා
බුද්ධියේ නැණ පහන් දල්වමු
ඉඩක් නොතබමු කඳුළු බිදකට
සිනා තවරමු රිදුම් දෙන හද
අරාජිත සුසුමක හඩක් නොව
දහස් සුවහස් ජය හඩක් වෙමු
නැගී සිටිමු අපි අප වෙනුවෙන්
දිළි නැගෙන හිරු කිරණ ලෙසින්
නැගී සිටිමු යළි යළි දිවියෙන්
හඹා ඇදෙමු හීසර විලසින්
KK
මං අහපෞ ලංකාවෙ සිංදුවලින් හොඳම ලිරික්ස් තියෙන සිංදුවක් :යැප්:





