කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා
_දීපිකා ප්‍රියදර්ශනී_
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ.....

නන්දා මාලනී ගුරුතුමී

කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා
_දීපිකා ප්‍රියදර්ශනී_


අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ.....
නන්දා මාලනී ගුරුතුමී![]()


පාවෙලා නිල්වළාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනහවේ කැලුම් සැඟවුණාදෝ
පාවෙලා නිල්වළාවේ
දියඹ සැලෙන දරුණු හෙලක අතරමංවෙලා
පාළු නිල්දියේ තනිවෙලා
සොයන රුව ඔබේ අප්සරාවියේ
සොයන රුව ඔබේ අප්සරාවියේ
පාවෙලා නිල්වළාවේ
තුරුණු සිතක පැතුම් වැලක ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ
පතන රුව ඔබේ අප්සරාවියේ
පාවෙලා නිල්වළාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනහවේ කැලුම් සැඟවුණාදෝ
පාවෙලා නිල්වළාවේ..........
╗ පණ්ඩිත් අමරදේව ╔




මේ අමරදේව මහත්තයගෙ සින්දුව හරිම සංවේදී
ඒක මේ වගේ නේද?
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණෙ
නිල්‍වන් දෙනෙතේ කාන්‍ති
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන් සද ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන් සද ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමණලයිනි ඇයි හැඩුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණෙ
නිල්‍වන් දෙනෙතේ කාන්‍ති
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකට ද මුතු පන්තී
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකට ද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැතිවිටදී
ඕනෑ නෑ දියමන්‍ති
ඕනෑ නෑ දියමන්‍ති
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණෙ
නිල්‍වන් දෙනෙතේ කාන්‍ති
පායා ඇයි හිනැහෙන්නේ
එච් ආර් ජෝතිපාල මහතා
කිසිවෙක් මා හට ගී ගයයි...
මම නිදමී...මම නිදමී...
සසර සයුර මත
සිහින නැවක් තුල
දුක සැප රැළි මත නගිමින්...බසිමින්...
ගලාබසී...
-දයාන් විතාරණ-


ඇය යන්න ගියා මැකිලා
වල සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා//
පිණි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුන වසා...
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා...
-අමරසිරි පීරිස්-

කිරුළ මුතු ලෙහී සර සර හඬින් වැගිරෙනා
සුළුමැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
දිළිසෙනා සේම කරළිය දිළෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
සකියෙනි ගිරෙන් ගිරට පැනයන්නට ජීවිතෙන් බැරී
සකියෙනි ගිරෙන් ගිරට පැනයන්නට ජීවිතෙන් බැරී
කිරුළ මුතු ලෙහී...
වැඳ බිමෙන් බහිනවිට ගෙයි සන්තකව ඇතී
නළල්පට මාල හත්පට සින්නවී ඇතී
සකියෙනි රිදී කාසි සොළවන්නට බෙර පදය මදී
සකියෙනි රිදී කාසි සොළවන්නට බෙර පදය මදී
කිරුළ මුතු ලෙහී සර සර හඬින් වැගිරෙනා
සුළුමැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා......
╗ ජානක වික්‍රමසිංහ ╔

